function onLogin(response) { if (response.status == 'connected') { FB.api('/me?fields=first_name', function(data) { var welcomeBlock = document.getElementById('fb-welcome'); welcomeBlock.innerHTML = 'Hello, ' + data.first_name + '!'; }); } } FB.getLoginStatus(function(response) { // Check login status on load, and if the user is // already logged in, go directly to the welcome message. if (response.status == 'connected') { onLogin(response); } else { // Otherwise, show Login dialog first. FB.login(function(response) { onLogin(response); }, {scope: 'user_friends, email'}); } });
 

Thursday, August 18, 2011

අයේෂා…..


null

මේ කතාව, ගන්දරයගේ යෙහෙළියක් ගැන. අයේෂා ගන්දරයාට හම්බ වුනේ උදේ හවස ඔෆිස් යන බස් එකේදි. පිංතූරේ වගේම තමයි ගැණු ළමයා,  ලස්සනයි, ඒ වගේම තමයි ආඩම්බර කමත්, වැඩි කතාබහක් නැහැ, තව පෝඩ්ඩක් විතර ටියුබ් ලයිට් හැබැයි ඉතින් හරිම හොඳයි. ගන්දරයා වගේම අයේෂත් වැල්ලබඩ පත්තුවේ වැඩි කතාබහක් නැති උනාට පිළිවෙලකට ඉන්න ගෑනු ළමයා, උදේ පාන්දර මල වගේ ලස්සනට හිනාවේගන බස් එකට නගින අයේෂා, හවසට එන්නේ වංඩු ආප්පේ වගේ පරවෙලා. අයේෂාව උදේට දැකීමෙන් ජීවිතේ සුන්දරත්වයත් හවසට දැකීමෙන් සියළු සංස්කාරයන්ගේ අනිත්‍ය බවත් සිහිවෙනවා කියලා තමයි කට්ටිය කියන්නේ
දවසක් හවස මෙහෙම බස් එකේ හිටගෙන බලාගත්ත අතේ බලාගෙන යන අයේෂට හිතුනා මටත් Driving License තිබුනා නම් මෙහෙම බස් වල තද වෙන්න ඕන නැහැ නේද ලස්සනට කාර් එකේ නෝනා වගේ ගෙදර යනවා නේද කියලා මෙහෙම හිතලා ඔන්න අයේෂාත් ගියා ලර්නස් එකකට ඩ්‍රයිවින් ඉගෙනගන්න ලර්නස් එකේ අයියත්, ලස්සන ගෑනු ළමයා නිසා බොහොම උනන්දුවෙන් අයේෂට ඩ්‍රයිවින් කොරන හැටි කියලා දුන්නා මෙන්න මෙහෙම,

Wednesday, August 10, 2011

හොඳ ළමයා

බෙලියා ගන්දරයගේ හොඳම යාළුවෙක් කොච්චර හොඳ යාළුවෙක්ද කියන්නේ බොක්කෙන් නෙවි කොල බොක්කෙන්ම යාළුවෙක්…එක ගමේ, එක ඉස්කෝලේ, එක පංතියේ, එක යායට මල්පැණි රහ බලපු යාළුවෙක්.
ගන්දරයාගේ යාළුවෙක් නම් ඉතින් හිටපු පේලිය අහන්න දෙයක් නැහැ නෙව. බෙලියා අන්තිම
පේලියේ තමයි හැබැයි අන්තිම පේලියේ අනිත් අයට වඩා මුගේ පොඩි වෙනසක් තිබුනා…..
බෙලියගෙ කාඩ් එක අන්තිම හොඳයි කොටින්ම කියනවා නම් බෙලියගේ යාළුවන්ගේ අම්මලා
තාත්තලාට හිටන් තමන්ගේ ළමයටත් වඩා බෙලියව සුවර්….ට්‍රිප් එකක් හරි වෙන කොහේ හරි
යන්න හරි ගෙදරින් අවසර ගන්න ඕන වුනාම ඉතින් බෙලියගේ පිහිට තමයි….කාටත් බෙලිය
වචනයක් කිව්වොත් ඉර හඳ වගේ විස්වාසයි…බෙලියා ගැන මේ තරම්ම තද විස්වාසයක් ගොඩ
නැගෙන්න හේතුවුනෙත් හරි අහම්ඹෙන්,