function onLogin(response) { if (response.status == 'connected') { FB.api('/me?fields=first_name', function(data) { var welcomeBlock = document.getElementById('fb-welcome'); welcomeBlock.innerHTML = 'Hello, ' + data.first_name + '!'; }); } } FB.getLoginStatus(function(response) { // Check login status on load, and if the user is // already logged in, go directly to the welcome message. if (response.status == 'connected') { onLogin(response); } else { // Otherwise, show Login dialog first. FB.login(function(response) { onLogin(response); }, {scope: 'user_friends, email'}); } });
 

Sunday, June 24, 2012

ශිල්ප දැක්වීම

මීදුමෙන් වැසුනු නුවර එළියෙ  කඳු පංති අතරේ, හිම තුහින වැටෙනෙ සීතලේ ග්‍රෙගරි වැව ඉස්මත්තේ මම එයාගේ අතින් අල්ලගෙන වාඩිවෙලා ඉන්නවා. අපි දෙන්නගේ ආදරේට මල් ඉහින්න වගේ වැටෙන පුංචි හිරිපොද වැස්සෙන් බේරෙන්න එයා තවත් ටිකක් මට ලංවුනා. ඔළුවේ ඉඳන් වැහෙන විදියට ඇඳගෙන හිටපු සීතල ඇඳුම නිසා මට එයාව පෙනුනේ පුංචි හිම වැලහින්නියෙක් වගේ. ආදරේ කියන දේ කොයිතරම් නම් සුන්දරද මොනතරම් නම් චමත්කාරජනකද.
අපි දෙන්නගේ ඒ චමත්කාරජනක ආදරය දැකගන්න වැවේ ඉන්න මාළු,  ජෝඩු ජෝඩු වතුරෙන් උඩට පනිනවා.  වතුරෙන් උඩ එන මාළු ජෝඩු අල්ලගන්න බලාගෙන, වැවට නැවුන අත්තක කොකෙක් බක තපස් රකිනවා. වැව මැද ගලක් උඩ ගෙම්බෙක් ගෙඹි පැටියට චක්කරේ පාඩම් කොරවනවා,

බක වරක් එක බක,
බක වරක් දෙක බක බක
බක වරක් තුන බක බක බක
බකවරක් හතර බක බක බක බක.

“මොකද  ළමයෝ මේ උදේ පාන්දර බක බක ගාන්නේ ඔල්මාදෙද”
මම ඇහැ ඇරුනේ අපේ අම්මගේ කටේ සද්දෙට. නුවර එළියේ ඉඳලා එකපාරට අපේ ගෙදර ඇඳ උඩ.
ෂිහ්ඃ එතකොට මෙච්චර වෙලා මම දැක්කේ හීනයක්ද?
මගේ හිත එහෙමම කඩාගෙන වැටුනා…
එක අතකට හීනෙන් හරි එයත් එක්ක ඔහොම ඉන්න තියනවා නම් කොයිතරම් දෙයක්ද…..
මේ “එයා” පිට කවුරුවත් එහෙම නෙවෙයි ගන්දරයාගේ ඇවැස්ස නෑනා… ඇවැස්ස නෑනා කිව්වට ඒකත් මේ අපේ තාත්තගේ අක්කගේ අඳුරන පුංචි අම්මගේ  ගෙට පිටිපස්සේ ඉන්න සුමනලතාගේ නංගි ගේ දුව වගේ මොකක්දෝ ටිකක් දුර නෑ කමක්, ඒත් ඉතින් නෑකම නෑනලු.  නෑකම ළඟ උනත් දුර උනත් මොකෝ නෑනා නෙව.
නෑනා ඉතින් ටිකක් හැඩකාරයි, ඇහැට කනට පේන දැරිවි. නම තනුජා.  නෑනව  දැක්කම ගන්දරයට මතක් වෙන්නේ පරණ කවියක්,
දුර එනකොට වැටකෙයියා මලක් වගෙයි
ලග එනකොට රිදියෙන් කල වැඩක් වගෙයි
ගෙට එනකොට ගෙයි ඇවිලෙන පහන වගෙයි
මගෙ නෑනා මට මානෙල් මලක් වගෙයි

ගන්දරයට ඔහොම හැඩකාර නෑනෙක් ඉන්නවයි කියලා මීට කලින් ගන්දරයවත් දැනගෙන හිටියෙ නැහැ. ගන්දරයත් ඔය නෑනව හා හා පුරා කියලා දැක්කේ පහුගිය දවසක තිබුණු මගුල් ගෙදරකදි. නෑනත් එහෙමයි ඉස් ඉස්සෙල්ලා ගන්දරයව දැක්කේ ඔතනදි.

අද කියන්න යන කතාවත් මේ මගුල් ගෙදර ගැන. මගුල් ගෙදර ගැන කිව්වට ඇත්තටම ඉතින් මගුල් ගෙදරදි  හමුවුනු මේ හැඩකාර නෑනව ගන්දරයා ඉම්ප්‍රෙස් කොරාපු හැටි තමයි කියන්න යන්නේ. ඔය නොදන්න කෙල්ලෝ කොල්ලා හොඳ අවධානයෙන් කියවහල්ලා. පෙලක් වෙලාවට ගෑණු ළමයෙක් ඉම්ප්‍රෙස් කොරන හැටි ආදර්ශෙට ගන්නත් බැරි වෙන එකක් නැහැ. ඊට කළින් සුපුරුදු ඩිස්ක්ලෙමර් එක හිනා නම් යන්නෙ නැහැ ගොයියො.

පහුගිය දවසක ගන්දරයගේ ඥාති සොහොයුරියකගේ විවාහ මංගල උත්සවය තිබුණා. ඔහොම දෙයක් උනාම ඉතින් වටේ පිටේ ඉන්න නෑදෑයෝ යාළුවෝ එහෙම කවුරුත් එකතු වෙනවා නෙව, ගන්දරයටත් ඉන්නවා අයියලා අක්කලා නංගිලා මල්ලිලා සෙට් එකක්ම ඔහොම වෙලාවට එකතු වෙන. කාලෙකින් හම්බ නොවිච්ච සෙට් එක බලන්නත් එක්ක ගන්දරයත් ගියා දවස් දෙක තුනකට කලින්ම මඟුල් ගෙදර.
මගුල් ගෙදර තිබුනේ හීතල පැත්තක, කඳු වලින් වටවුනු මීදුම් පිරුණු බොහොම ලස්සන තැනක. සොබාව සෞන්දර්යයෙන් මත්වෙලා මන්මත්වෙලා වල්මත් වෙන්න ඔන්න මෙන්න කියලා ඉන්න වෙලාවක තමයි සීතලට පිපුණු පින්න මලක් වගේ ගෑණු ළමයව ගන්දරයා දැක්කේ.

හප්පා මොනවද ඉතින් ගන්දරයත් ඉක්මනටම හොයලා බැළුවා ගෑණු ළමයා ගැන. නම තනුජාලු ටිකක් දුරින් නෑනා වෙන කෙනෙක්ලු. මේක දැනගත්ත ගමන් මගුල් ගෙදර අස්සේ ගන්දරයගේ අක්කලා නංගිලා ටික තව මඟුලක් ලැහැස්ති කොරන්න හදනවා. මොනවා උනත් තනුජාව දැක්ක ගමන් ගන්දරයටත් ටිකක් හිත ගියා. බලනකොට ගෑණු ළමයටත් ටිකක් හිත ගිහින් වගේ ගන්දරයට, ප්‍රතිචාර හොඳයි . ගන්දරය ඉතින් කෙල්ලව දැකපු වෙලාවෙ ඉඳන්ම ට්‍රයි එක ටිකක් කතාබහ කොරන්න.

ඕන්න අක්කලා සැට් එකට පිං සිද්ධ වෙන්න එදා හවස ගන්දරයට චෑන්ස් එක හම්බ උනා තනුජා එක්ක කතාකරන්න. මගුල් ගෙවල් වල තියනවානේ ඔය එක එක් වැඩ කේක් පෙට්ටි වලට දාන්න කේක් ඔතන්න වගේ, හවස අපි දෙන්නටත් බාර වුනා ඔය වගේ වැඩක්. දැන් ඉතින් පෙරුම් පුරාගෙන කතාකොරන්න බලාගෙන හිටියට මොනව ද කතා කරන්නේ.

දේශීය සංස්කෘතිය සභ්‍යත්වය හා භෞමික අඛන්ඩතාව පවත්වා ගැනීම උදෙසා නූතන වනිතාවගේ වගකීම ගැන කතා කොරන්නද නැතිනම් ආච්චිගේ රෙද්දද සීයගේ සරමද ඉක්මනට පරණ වෙන්නේ කියලා කතා කොරන්නද. එයා නම් කියනවා ඉක්මනට පරණ වෙන්නේ ආච්චිගේ රෙද්දලු. ආච්චිගේ රෙද්ද තමයි,  ඉක්මනට පරණ වෙන්නේ සීයගේ සරම. මොකද ආච්චි ඇඳන් නාන්න ගන්නේ සීයගේ සරම නෙව.

දෙන දෙයියෝ දෙනකොට දෙනවලු උඩ පැන පැන බලාගෙන යනකොට තනුජත් තෙලස්ටරෝව කියවනවලු. ඔය තියෙන්නේ දැන් ඉතින් මම ගන්දරයා බව දැනගත්තම කෙල්ල නිකම්ම ඉම්ප්‍රෙස් වෙලා සර්පරයිස් වෙලායයි නෙව නිකං ශාරුක් ඛාන් දැක්කා වගේ. මමත් ඉතින් කොලර් එක ටිකක් උස්සගෙන් කටහඬ එහෙම ටිකක් ගැඹුරු කරලා ඇහුවා

“ඔයා කාගේ කතාවලට ද නංගී වැඩියෙන්ම ආස”??

“ම්ම්ම්ම් ___ගේ කතා…. ඒවා හරිම ලස්සනයි නේද…….

“ඔව් නේද එතකොට තව කාගේ කතාද ඔයා කියවලා තියෙන්නේ…..”

ම්ම්ම්ම් bbb ccc ddd oo fff gggg ssss mmm jjjj llll vvvv zzz iii etc ……. ඔහොම දිගම නම් වැලක්ම කියාගෙන ගියා. ඔය ඉතින් මට මතක එයා කියපු නම් ලැයිස්තුවෙන් කොටසක් විතරයි.

එතකොට ඔයා ගන්දරයාගේ කතා කියවන්නේ නැද්ද….??

කවුද ගන්දරයා……… ම්ම්ම් මතක නෑ නේ……

අර ගන්දරයා… ගන්දරයා….. ඔයාට මතක නැද්ද

නැහැ අනේ එහෙම කෙනෙක් මතක නැහැ. කවුද ඔයා දන්න කෙනෙක්ද ඒ….?

මේ…. මේ…. මේ….  අපේ ගමේ හාදයෙක් වැඩි ඇඳුනුම්කමක් නම් නැහැ.

මැදෑ කොරා… මේකි ගන්දරයව දන්නේ නැහැලු නෙව අයියෝ සල්ලි. මමත් ගියා කෙල්ලව ඉම්ප්‍රෙස් කොරන්න.


තලගොයි මස් කෑවත් අපි බොහොම ධාර්මික මිනිස්සු නෙව. ඒක නිසාමද කොහෙද ඊළඟ දවසේ උදේ ආයෙත් දෙයියෝ මගේ මූණ බැළුවා. ගන්දරයාට සැට් වුනා තනුජත් එක්ක ගිහින් මල් වගයක් අරන් එන්න. ඔන්න පුතේ මේ පාරත් නියම බෝලයක් වැටෙන්න හදන්නේ අත දිග ඇරලා හයක් ගහන්න. අපි දෙන්නා උදෙන්ම ලෑස්ති උනා මල් ගේන්න යන්න.

ඔය අතරේ කුස්සිය පැත්තේ ඉඳන් ආපු අක්කා කියනවා මල් අරන් එන ගමන් තැඹිලි ගෙඩි විස්සක් විතරත් ගේන්නලු. ඔන්න ඉතිං ගන්දරයයි තනුජයි දෙන්නා මල් වැටුනු මල් පාරවල් දිගේ කාරෙකෙන් මල් ගේන්න යනවා. ඔය මල් ගන්න තැන් තිබුනේ ගෙදර ඉඳන් කිලෝමීටර් පහක් විතර එහායින් අපි දෙන්නා ඉතින් මෙහෙම ටික දුරක් යනකොට ඉස්සරහින් එනවා බයිසිකලේක තැඹිලි වලු දෙකක් එල්ල ගත්ත මිනිහෙක්. මේ මනුස්සයගෙන් තැඹිලි ටික ගත්ත නම් වැඩේ ලේසී නෙව ආයෙත් තැඹිලි හොය හොය බොරුවට රස්තියාදු වෙන්න ඕන නැහැ නේ කියලා ගන්දරයා හැදුවේ මේ මනුස්සයාගෙන් තැඹිලි ගන්න, එහෙම හිතලා කාරෙක නවත්වන්න හදනකොටම තනුජා කෑ ගහපි දැන් ඔය මනුස්සයගෙන් කාරෙක නවත්තලා ගනන් ඇහුවම දෙගුනයක් කියවි කියලා. බලාගෙනම ගියාම ඒ කතාවත් ඇත්ත.

අපිට තැඹිලි ඕනකම තියනවා කියලා දැනගත්තම මේ මිනිහා ගාන වැඩියෙන් කියාවි තමයි. ඒ මදිවට තනුජා හීනියට කින්ඩියකුත් දැම්මා “ගෑණුන්ගේ මොලේ හැඳි මිටේ කිව්වට පිරිමින්ට ඉතින් එච්චර වත් නෑ වගේ” ලු.

“ඒ ඉතින් අපිට තැඹිලි ඕන කියලා මිනිහා දැන ගත්තොත් නේ….. ඒවට ක්‍රම සහ විධි තියෙනවා නංගී ….. අපි නිකං අපිට තැඹිලි ගන්න ඕනකමකට නෙවෙයි නිකං ගාන ඇහුවා වගේ මිනිහට තේරෙන්න ගනන් අහන්න ඕන. ඔන්න බලාගන්නකෝ මම කරන වැඩේ”

ගන්දරයටත් දැන් ඕන කම තනුජට පේන්න අර මිනිහගෙන් ලාබෙට තැඹිලි ගන්න. ඔන්න ගන්දරයා හිතෙන්ම ගැහුවා ප්ලෑන් එකක්. ඒ වෙනකොට තැඹිලි බයිසිකල් කාරයා අපිව පහු කරලා අනෙත් පැත්තට ගිහින්. ගන්දරයත් යන්න ගිහිපු ගමන වෙනස් කොරලා ආපහු වාහනේ හරවගත්ත, ඒ හරවගෙන එන ටිකට මේ මිනිහට පල්ලමක් අහුවෙලාද කොහෙද සෑහෙන්න දුර ගිහින්. ගන්දරයත් වාහනේ ටිකක් සැර දාලා ගිහින් මිනිහව පහු කරා, පහු කරලා ටිකක් එහාට වෙන්න වාහනේ නවත්තගත්තා පාර අයිනේ.

පාර අයිනේ මෙහෙම වාහනේ නිකං නවත්තගෙන හිටියොත් මිනිහා හිතයි මිනිහා එනකම් නවත්තගෙන හිටියා කියලා, ඒක නිසා ගන්දරයා බොනට් එකත් ඇරලා ඒක අස්සෙ බෙල්ලත් ඔබාගත්තා. ම්හු මේ හරියේ කන්ද වගේ නිසා මිනිහා එන්නේ බොහොම හෙමින්. මේ මිනිහා මෙතැන පහු කරනකම් කරන්න වැඩකුත් තියෙන්න එපාය ඇතුලේ කාපට් ටිකත් අරන් එළියට ගැසුවා දුවිලි යන්න. ඕන්න යානත්ම් මිනිහා අපි ඉන්න තැනට කිට්ටු කරා. ඒත් ගන්දරයා කළබල උනේ නෑ මිනිහට ටිකක් අපිව පහු කරලා යන්න දුන්නා

දැන්නම් මිනිහට හොඳටම සුවර් ඇති අපි ඉන්නේ තැඹිලි ගන්න නෙවෙයි කියලා. මිනිහට ටිකක් දුර යන්න ඇරලා මම කතාකරා පොරට.

මේ ලොකු උන්නෑහේ……… ඔය තැඹිලි කීයෙයි…..”

මිනිහා ආපහු හැරිලා බයාදු හිනාවක් එහෙම දාලා කියපි…

මේවා විකුණන්න නෙවෙයි මහත්තයෝ….. “

මට තවමත් මතක් වෙන්නේ තනුජගේ මූණේ තිබුනු නෝන්ඩි හිනාව

අයියෝ සල්ලි………….!!!!!!!!


අන්තිම පේළියේ පළවූ කතාව