function onLogin(response) { if (response.status == 'connected') { FB.api('/me?fields=first_name', function(data) { var welcomeBlock = document.getElementById('fb-welcome'); welcomeBlock.innerHTML = 'Hello, ' + data.first_name + '!'; }); } } FB.getLoginStatus(function(response) { // Check login status on load, and if the user is // already logged in, go directly to the welcome message. if (response.status == 'connected') { onLogin(response); } else { // Otherwise, show Login dialog first. FB.login(function(response) { onLogin(response); }, {scope: 'user_friends, email'}); } });
 

Wednesday, November 28, 2012

සිහිනය දිගේ.... (9 කොටස )

  
"රුවන්,  අද දවල් මාව ගන්න එන්න ඉස්සෙල්ලා දොළහට විතර ආයෙත් අපේ ගෙදරට ගිහින් එන්න පුළුවන්ද"

දිල්මි ඇසුවේ, හර්ෂණ සමඟ පාසල් යන තෙවන දින උදයේ, පාසලවෙත යන අතරතුරදී.

Friday, November 16, 2012

අංකල් ද සොයිසා

පහුගිය දවසක ගමේ ගිය වෙලාවේ මට අපේ සොයිසා අංකල්ව හම්බවුනා. සොයිසා අංකලුත් කොම්පියුටරයක් අරගෙන. නිකං නෙවි ෆේස් බුක්නුත් තියන කොම්පියුටරයක්. අංකල්ව දැක්කම ගන්දරයටත් හිතුනා සොයිසා අංකල් වෙනුවෙන් යමක් කරන්න. ඉතින් මේක සොයිසා අංකල් වෙනුවෙන්, හිනා වෙන්න බලාගෙන එහෙම මේක කියවන්න එපා. වැඩිහිටියන්ට හිනාවෙන එක මහ පව්කාර වැඩක්.
සොයිසා අංකල් නැත්නම් අංකල් ද සොයිසා කියන්නේ අපේ ගමේ ඉන්න වයස අවුරුදු හැටක හැට පහක් විතර පරණ තැපැල් මහත්තයෙක්. හැබැයි මෙහෙම කියනවා සොයිසා අංකල්ට ඇහුනොත් හෙම ලුණු ඇඹුල් ඇතුව ඉංගිරිසියෙන් කුණු හරුප අහගන්ට පුළුවන්. සොයිසා අංකල් කියන විදියට එයා විශ්‍රාම ගිය තැපැල් මහත්තයෙක් නෙවි රිටර්යඩ් පෝස්ට් මාස්ටර් කෙනෙක්.
අන්කල් කියන විදියට තැපැල් මහත්තයා කියලා සිංහලෙන් කිව්වම ඒ වෘත්තියේ තියන ගරු ගාම්භීරබව මතුවෙන්නේ නැහැලු, ගාම්භීර බව පේන්න නම් පෝස්ට් මාස්ටර් කියලා ඉංගිරිසියෙන් කියන්න ඕනලු.
ඔය කතා කොහොම උනත් සොයිසා අංකල් හොඳ මනුස්සයා. පොඩි පරහකට තියෙන්නේ ඉතින් සොයිසා අංකල් එක්ක කොයි බාසාවෙන් කතා කරත් උත්තර හම්බ වෙන්නේ ඉංගිරිසියෙන් වෙච්ච එක විතරයි.
ලංකාවට සුද්දගෙන් නිදහස හම්බවෙලා අවුරුදු හැත්ත ගානක් උනත් උන්දෑ නම් තාමත් හිතාන ඉන්නේ රට කොරවන්නේ එංගලන්තේ මහ රැජිනිය කියලා.
හම ටිකක් කළු පාට එක ඇරුනම ආයේ ඉතිං අහන්ට බලන්ට දෙයක් නෑ සොයිසා අංකලුත් නියම සුද්දා වගේ තමයි. කොයිවෙලාවේ බැළුවත් අංකල් ඉන්නේ ටයි කෝට් ගහලා, තොප්පිය දාලා ෆුල් සූට් පිට.
ඉස්සර ගමේ ඉන්න ඉංගිරිසි නොදන්න මිනිස්සු කියන්නේ සොයිසා සර්, සිරිස් බිරිස් ගාලා ඉංගිරිස් කතා කොරද්දී සුද්දො දුවනවා කියලා. ඒ කතාව සම්පූර්ණ ඇත්ත, සොයිසා අංකල් කතා කරද්දී සුද්දෝ කොර. බොරු මොකටද මමත් ඇස් දෙකෙන්ම දැක්කා සොයිසා අංකල් සුද්දෝ දෙන්නෙකුට කතා කරා ඇට්ටි හැලෙන්ට. සොයිසා අංකල් ගිහිල්ලත් විනාඩි පහක් විතර යනකම් සුද්දෝ දෙන්නා හිටියේ හොල්මන් වෙලා. පස්සේ තමයි දැනගත්තේ සුද්දෝ දෙන්නට වචනයක් වත් තෙරුනේ නැහැලු සොයිසා අංකල් කියපු.
අපේ තාත්තලා කියන විදියට ඉස්සර මිනිස්සු මගුලක් මරණයක් වුනාම කාට නොකීවත් සොයිසා අංකල්ට නම් කියනවලු. ඒ දවස්වල මිනිස්සු හරි කැමතියිලු සොයිසා අංකල්ව ඔය වගේ අවස්ථාවකට ගෙන්නලා තමන්ගේ විවාහපත් ඥාතියා එහෙම නැතිනම් තමන්ගේ මලගිය ඥාතියා ගැන සොයිසා අංකල් ලව්ව ඉංගිරිසියෙන්ම කතාවක් පවත්වෝ ගන්න.
ඉංගිරිසි කතා කීරීමට අමතරව සොයිසා අංකල්ගේ අනෙක් විනෝදාංශය තමයි, පාරේ දකින දකින කොල්ලන්ට ඉංගිරිසි ඉගැන්වීම. විශේෂයෙන්ම හවස් වරුවේ සොයිසා අංකල් දෙකක් දාගෙන ඉන්න වෙලාවට එහෙම නං වැරදිලාවත් සොයිසා අංකල්ගේ ගෙවල් ඉස්සරහින් යන්න බෑ, පාර මැද්දේ හිටෝලා “කැට් ඩෝග්” උගන්නනවා.
සොයිසා අංකල් රැස්පැට්ට බල් මනුස්සයා හින්දා, ගොයියා ඔය ගමේ ගොඩේ දහජරාව කටේ තියන්නේ නෑ.
පැන්සන් දවසට අංකල් යනවා ටවුමෙ පොලට, ගෙදරට ඕන කරන එළවළු මාළු අඩුම කුඩුම ටික ගේන්න. එළවළු මල්ල අස්සේ ඇන්ටිට හොරෙන් හංගගෙන එන රට බාර්ලි බෝතල් දෙක තමයි මාසයක් පුරාවට සොයිසා අංකල් අරපිරිමැස්මෙන් පාවිච්චි කොරන්නේ.
දවසක් ඔහොම එළවළු මල්ල ඇතුලේ බෝතල් දෙක හංගගෙන ඇවිල්ලා කුස්සුයේ බිම තියන කොටම බොතල් දෙක එකට වැදිලා ආවලු අමුතු සද්දයක්. පොල් සම්බෝලෙකට පොල්ගගා හිටිය සොයිසා ඇන්ටිට යාංතමට වගේ වැඩේ මීටර්.
“මොනවද ඔය මල්ලේ තියෙන්නේ”
ඇන්ටි සැර දාලා ඇහුවම අංකල් ටිකක් හෙල්ලිලා ගියා.
සොයිසා අංකල් කොච්චර චන්ඩියා උනත් ඇන්ටි කොස් ගහක් පෙන්නලා දෙල් කිව්වොත් ඉතිං ඒක දෙල්ම තමයි.
“නෑ මේ හොඳ පලා ජාති ටිකක් හම්බවුනා අඩුවට…. නිවිති ගොටුකොල එහෙම ඔයාට ගුණයි නෙව… අනෙක මේ ඌස්න දවස්වල…”
අංකල් ලාවට බටර් පාරක් ගානවා ඇන්ටිට
හැබැයි ඉතිං ඇන්ටිත් එහෙම බටර් ගාලා අන්දන්න පුළුවන් ගෑණියෙක් නෙවෙයි.
“එතකොට කොහොමද ඔය පලා මල්ලෙන් යකඩ හෙලවෙනවා වගේ සද්දයක් ආවේ”
කෙලියා තාප්පෙටම, දැන් දීපල්ලකෝ උත්තර
ඒ වෙනකොටත් හීනියට මූඩියක සුවඳ බලලා හිටපු නිසාදෝ අංකල්ට ආවා ගණ දෙවි නුවණ.
“ඇයි නෝනා…. නෝනා අහලා නැද්ද නිවිතිවල යකඩ තියනවා කියලා. මල්ල බිම තියද්දී නිවිතිවල යකඩ හෙල්ලෙන්න ඇති.”
අංකල් ඇඟට පතට නොදැනි කිව්වම ඇන්ටි එහෙමම කට වහගත්තලු.
මහසෝනගේ වාහනේ ඌරා වගේ අපේ සොයිසා අංකල්ගේ වාහනේ අවුරුදු හතලිහක් විතර පරණ වාසනාවන්ත කාර් එකක්. වාසනාවන්ත කාර් එකක්ය කිව්වේ ඕක සොයිසා අංකල්ට ලැබිලා තියෙන්නේ එක්දහස් නවසිය හැත්තෑ ගනන් වල ගත්ත ස්වීප් ටිකට් එකක පළවෙනි දිනුම විදියට.
ඌරා ගැන කියලා මහසෝනා ගැන නොකිව්වොත් වැඩක් නැහැ වගේ සොයිසා අංකල් ගැන කියලා කාර් එක ගැන නොකීවොත් ඒකෙත් කිසි රහක් නැහැ.
ඔන්න දැන් උඹලා හිතනවා ඇති ගන්දරයට උපමාව වැරදුනා කියලා. නැහැ බොලව්, සොයිසා අංකල් ඔය කාරෙක පැද්දට වඩා සිද්ධ උනේ කාර් එක සොයිසා අංකල්ව පැද්ද එක.
සොයිසා අංකල්ට ටිකට් එකට ඇදුනේ ෆෝඩ් ෆැල්කන් කියන වර්ගයේ මහ බරසාර කාර් එකක්
(මේ තියෙන්නේ ඔන්න ඔය ජාතියේ කාර් එකක්)
ඕක දිව්වේ පෙට්ට්‍රල් වලින්. ටික කාලයක් ගිහිල්ලා පෙට්ට්‍රල් ගනන් යද්දී සොයිසා අංකල්ට හිතුනා මේකට ඩීසල් එංජිමක් තිබ්බා නම් ලාබෙට යාගන්න පුළුවන් නේද කියලා. ඔහොම කල්පනා කොරලා කාරෙකේ ආපු ඔරිජිනල් එන්ජිම අයින් කරලා තිව්වා ඩීසල් එන්ජිමක්.
දැන් මෙහෙම තව ටික කලක් යනකොට අංකල්ට හිතුනා මේ වාහනේ ලොකු වැඩියි, ටිකක් පොඩි වාහනයක් තිබුනා නම් පහසුවෙන් ගියා නේද කියලා. ඔහොම කල්පනා කරපු අපේ සොයිසා අංකල් එංජිම අයින් කරපු පරණ ෆෝඩ් කෝටිනා වර්ගයේ කාරෙකක් හොයාගෙන අර ඩීසල් එන්ජිම හයි කරා ඒකට.
(මේ තියෙන්නේ ඒ ජාතියේ කාර් එකක්)
කොහොමින් කොහොම හරි දැන් තියන කාර් එකේ අර ටිකට් එකට ඇදිච්ච කාර් එකේ යකඩ කෑල්ලක්වත් නැති වුනත් සොයිසා අංකල්නම් තවමත් බොහොම උජාරුවෙන් කියන්නේ මට ටිකට් එකට ඇදිච්ච වාසනාවන්ත වාහනේ කියලා.
සොයිසා අංකල් ඉන්නේ මෙහේ උනාට අංකල්ගේ නෑදෑයෝ ඔක්කොම ඉන්නේ එංගලන්තේ. ආයේ නිකනුත් රැජිනිගේ අර වැඩේ කරන්නේ අංකල්ගේ අහවලාගේ අහවලා, රැජිනිගේ මේ වැඩේ කරන්නේ ඒ අහවලාගේ අහවලා. ඔන්න ඔහොම එංගලන්තේ රැජිනිට අහවල් වැඩේ කොරන අහවල් නෑදෑයෝ රොත්තක්ම ඉන්නවා සොයිසා අංකල්ට. ඔය අතරින් ඉන්න ලොකුම නෑදෑයා තමයි සොයිසා අංකල්ගේ දුව බැඳපු මනුස්සයා, ඒ කියන්නේ සොයිසා අංකල්ගේ බෑනා.
සොයිසා අංකල්ගේ බෑනා පොලෝසියේ ලොකු ඇස් ඇස් පී මහත්තයෙක්. දුව බැන්ද දවස්වල සොයිසා අංකල්ට බෑනට වැඩිය කෙනෙක් නෑ. හම්බවෙන හම්බවෙන මනුස්සයා එක්ක ඉංගිරිසියෙන් කියවන්නේ බෑනගේ වරුණාව. ඒ දවස්වල සොයිසා අංකල් ඕනම දේකට කියන්නේ “ඕක සිම්පල් වැඩක් නේ මම බෑනට කියලා එක කෝල් එකෙන් කරලා දෙන්නම්” කියලා
පාරෙදී හම්බවෙන මනුස්සයෙක් ඉඩම් ආරවුලක් කිව්වොත් අංකල් කියන්නේ
“ඕක සිම්පල් වැඩක් නේ මම බෑනට කියලා එක කෝල් එකෙන් කරලා දෙන්නම්”
ළමයෙක් ඉස්කෝලේ දාන එකක් කිව්වොත්,
“ඕක සිම්පල් වැඩක් නේ මම බෑනට කියලා එක කෝල් එකෙන් කරලා දෙන්නම්”
ඔහොම පුරුද්දට ගිහිල්ලා ගිහිල්ලා දවසක් කත්තිරිනාලගේ දුව බැඳලා අවුරුද්දක් ගතවෙලත් තවම ළමයි නෑ කිව්වම සොයිසා අංකල් කිව්වලු
“ඕක සිම්පල් වැඩක් නේ මම බෑනට කියලා එක කෝල් එකෙන් කරලා දෙන්නම්”
එදානම් සොයිසා අංකල් ඉදල් පාර නොකා ගෙදර ඇවිත් තියෙන්නේ බොහොම අමාරුවෙන්.
දවසක්දා සොයිසා අංකල්ගේ අල්ලපු වැටේ ඉන්න මාළු ප්‍රේමරත්නගේ ලොකු කොල්ලට කවුදෝ කට්ටියක් පතබාලා. හවස්වරුවක මාළු ප්‍රේමරත්න කොල්ලවත් දක්කගෙන සොයිසා අංකල්ලගේ ගෙදර ආවේ පොලීසියේ බෑනට කියලා තඩිබාපූ එවුන්ට හොඳ සම්බුවක් දෙන්න හිතාගෙන.
මාළු ප්‍රේමරත්න ගෙනාපු බල මාළු කූරි දෙක එහෙම සොයිසා අංකල්ට දීලා කතන්දරේ කිව්වම සොයිසා අංකලුත් පැනලා වැඩේ බාරගත්තා.
මේ වගේ අවස්ථාවක් ආවහම ආයේ සොයිසා අංකලුත් අත අරින්නේ නෑ. බෑනට කතා කරන්න කලින් සොයිසා අංකල්, මාළු ප්‍රේමරත්නගේ කොල්ලට ඉංගිරිසියෙන් පොලිසියට කතාකරන හැටි ගැන ටියුෂන් පාරකුත් දුන්නා.
“පොලිසියේ ඉන්නේ ලොකු මහත්තුරු නේ… ඒ අය ඉංගිරිසියෙන් කතා කරන්නේ… අපි ඉස්සෙල්ලම කෝල් එක අරගෙන එහා පැත්තෙන් හෙලෝ කියන කම් ඉන්න ඕන…. ඊට පස්සේ කුඩ් අයි ස්පීක් ටූ මිස්ට කියලා කතා කරන කෙනාගේ නම කියන්න ඕන”
කොල්ලයි තාත්තයි දෙන්නම ඔළුව වැනුවේ හරියට තේරුණා වගේ
“මතකනේ කුඩ් අයි ස්පීක්”
තමන් කියලා දීපූ පාඩම ප්‍රැක්ටිකලි පෙන්නන්න හිතාගෙන සොයිසා අංකල් බොහොම ගරු ගාම්භීර විදියට ගත්තා කෝල් එක පොලිසීයට, එහා පැත්තෙ දුරකථනය නාද වෙන්න පටන් ගත්තම සොයිසා අංකල් රැල් බුරුල් ඇරලා හෙම සැරසුනේ තමන්ගේ බෑනාගේ ගාම්භීර වොයිස් එක අහන්න.
තමන් ඉදිරිපිට තියන දුරකථනය නාද වෙනකොට විමසිලිමත් වෙච්ච ඇස් ඇස් පී මහත්තතයා දැක්කා ඇමතුම එන්නේ තමන්ගේ මාමණ්ඩියගේ ගෙදරින් බව. ඉන්තේරුවටම ලෙඩක් බව දන්න බෑනා එතන හිටපු එදාම වැඩට ආපු තරුණ කොස්තාපල්වරියෙකුට කතා කරලා කිව්වා ෆෝන් එක ආන්සර් කරලා තමන් නැති බව කියන්න කියලා.
ඉතින් මේ ආධුනික කොස්තාපල්වරියත් තමන්ගේ ඉහල නිළධාරිය පවරපු රාජකාරිය අකුරට ඉටු කරන්න හිතාගෙන බොහෝම සියුමැළි හඬින් “හේලෝ……” කිව්වා
බෑනගේ ගාම්භීර වොයිස් එක අහන්න ලෑස්තිවෙලා හිටපු සොයිසා අංකල් මේ සියුමැලි වොයිස් එක ඇහුව ගමන් කරකවලා අතඇරියා වගේ
“කුඩ් අයි…… කුඩ් අයි….. කුඩයි… කුඩයි… කුඩයි…”
අපොයි සොයිසා අංකල්ට එතනින් එහා වචන එන්නේත් නැහැ… අංකල් එහෙමම කෝල් එක කට් කරා
එස් එස් පී මහත්තයා බලාගෙන ඉන්නවලු තමන්ගේ මාමණ්ඩිගෙන් ආපු කෝල් එක ආන්සර් කරලා මොකද මේ කෙල්ල ලැජ්ජාවෙන් ඇඹරෙන්නේ කියලා
“කාගෙන්ද පීසි කෝල් එක”
කොස්තාපල් කෙල්ල ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි කියනවලු
“අනේ මන්ද සර් කවුදෝ වයසක මිනිහෙක් කතා කරලා මට කුඩයි… කුඩයි… කියල තිව්වනේ”
ඇස් ඇස් පී බෑනා තවමත් කල්පනා කරනවලු මාමණ්ඩි එදා අර කෙල්ලට කුඩාවෙලා කියල කිව්වේ මොනවද කියලා.


අන්තිම පේළියේ පළවූ කතාව


Tuesday, November 13, 2012

සිහිනය දිගේ.... (8 කොටස )



දිල්මිව පාසලට ඇරලවීමෙන් පසුව හර්ෂණ කෙලින්ම ගියේ නගරයේ ත්‍රීරෝද රථ නැවතුම්පොල වෙත. ඒ ඊයේ සවස විමලසේන මුදලාලි ඔහුට හඳුන්වාදුන් ජෙරාඩ් ව හමුවීමට.

ජෙරාඩ් ත්‍රී රෝද රථ හිමියෙක්, ත්‍රීරෝද රථ ගාලේ පාලනය නොනිල ලෙස පැවතුනේ ජෙරාඩ්ගේ භාරයේ. නගරයේ කුලී රථ ධාවනය වන්නේත් නවතින්නේත් ඔහුගේ කැමැත්ත අකමැත්ත මත. ජෙරාඩ් හර්ෂණව පිළිගත්තේ බොහෝ ලෙංගතුව.

"මල්ලිලා......,  මේ අපේ විමලෙ මුදලාලි මහත්තයගේ වාහනේ, මේ මල්ලි තමයි අද ඉඳන් මේකේ වැඩ කරන්නේ"

ජෙරාඩ් කීවේ අනෙකුත් අයට හර්ෂණව හඳුන්වාදෙමින්

අනතුරුව ඔහු තම සගයකුට ඇමතුවේය

 

Sunday, November 11, 2012

සිහිනය දිගේ.... (7 කොටස )



ර්ෂණ පසුවදා පාන්දරින්ම විමලසේන මුදලාලිගේ නිවසට ගියේය. උදෑසන සීතලද නොතකමින් මගට බට ඔහු දෙස විරාජ් බලා සිටියේ එතරම් කැමැත්තකින් නොවේ. මොනවා කීවත් හර්ෂණ තම තීරණ වෙනස් නොකරන බව ඔහු අත්දැකීමෙන් දනී. ඒ නිසා කළයුතු හොඳම දෙය ඔහුට අවශ්‍ය පරිදි ක්‍රියාකිරීමය. උදෙන්ම මේ ගැන මාරතැන්න මහතාට දැනුම්දීමට විරාජ් සිතාගත්තේය. 

හර්ෂණ පැමිනෙනෙ විට දිල්මී සිටියේ සූදානම්වෙමිනි. විමලසේන ඔහුව මෙතරම් උදෑසනින් බලාපොරොත්තු වූයේ නැත. උදෑසනම පැමිණි හර්ෂණ දුටු විමලසේනට ඔහුගේ උනන්දුව ගැන දැනුනේ සතුටක්.

Monday, November 5, 2012

සිහිනය දිගේ.... (6 කොටස )

ඩ නින්දේ සිටි හර්ෂණට ඇහැ ඇරුනේ කඩය තුල යම් කිසිවෙක් කතාකරන හඬින්. කථා කරන්නේ විමලසේන මුදලාලී බව හඳුනාගත් පසු හර්ෂණ කථාව අසා සිටියේ අවධානයෙන්. විමලසේන මුදලාලී, මාලීනී සමඟ කතා කරමින් සිටියේ හර්ෂණ ගැන, ඔහුව තම ත්රීන රෝද රියේ සේවයට යොදාගැනීම ගැන අදහස විමලසේන මුදලාලී මාලිනීට කිව්වේ මේ වෙලාවේ.

"මාලිනී... කොල්ලාට මම රස්සාවක් දෙන්නම්. අර චන්දනය ගියාට පස්සේ මගේ වීල් එක ගෙදර නිකං තියෙන්නේ... කොල්ලට කියපං ඒකේ වැඩ කොරන්ට කියලා"