function onLogin(response) { if (response.status == 'connected') { FB.api('/me?fields=first_name', function(data) { var welcomeBlock = document.getElementById('fb-welcome'); welcomeBlock.innerHTML = 'Hello, ' + data.first_name + '!'; }); } } FB.getLoginStatus(function(response) { // Check login status on load, and if the user is // already logged in, go directly to the welcome message. if (response.status == 'connected') { onLogin(response); } else { // Otherwise, show Login dialog first. FB.login(function(response) { onLogin(response); }, {scope: 'user_friends, email'}); } });
 

Monday, January 27, 2014

අලියා එපා



 හිච්චි එකා කාලේ ගන්දරයටත් හරි ආසාවක් තිබුනා ලොකු උනාම නළුවෙක් වෙන්න. ඒ කාලේ බලපු චිත්‍ර පටිවල සනත් ගුණතිලකලා, සසී විජේන්ද්‍රලා, ජීවන් කුමාරතුංගලා අතපය වනලා උඩපැනලා උඩදි දුස්ටයට ගහන හැටි දැක්කම ඉතිං ඕන කෙනෙකුට ඔහොම ආසාවක් එන එක අහන්නත් දෙයක්ය. හැබැයි ඉතිං හැකියාව තිබුනට හැකියාවට ගැලපෙන රැකියාවක් හොයාගන්න අතදෙන්න කවුරුවත් නැතිවෙච්චි නිසා කර දඬු උස්මහත් වෙද්දී ඒ ආසාවත් එහෙමම නැතිවෙලා ගියා.

Friday, January 24, 2014

හොරා පොලිස්





සිංහල බ්ලොග් ලිවිල්ල මේ වෙනකොට සෑහෙන්න ජනප්‍රියයි නේ. බ්ලොග් ලියන අයත් බොහොම ඉන්නවා. මේ බ්ලොග් ලියන හැමදෙනාටම වගේ තියන ලොකුම ප්‍රශ්නයක් තමයි තමන් බොහොම වෙහෙස මහන්සි වෙලා ලියන පෝස්ට් එකක් වෙනත් කෙනෙක් කිසිම මහන්සියක් නැතිව කොපි කරගෙන වෙනත් තැනක පලකිරීම. සරළව කිව්වොත් පෝස්ට් ඉස්සිල්ල.
තම තමන්ගේ බ්ලොග් ලියන බොහෝ දෙනෙක් මේකට විරුද්ධ උනත් විකල්පයක් නැතිනිසා බොහෝ දෙනෙක් කරබාගෙන ඉන්නවා. සමහරු නම් කොපි කරන එක නවත්වන්න බ්ලොග් එකේ රයිට් ක්ලික් නවත්වනවා වගේ උපක්‍රමත් පාවිච්චි කරලා තියෙනවා. නමුත් ඒවා ඒ තරම් සාර්ථක උපක්‍රම කියලා හඳුන්වන්න බැහැ. මොකද සුළු තාක්ෂණික දැනුමක් ඇති අයකුට වුනත් එම ක්‍රමය පහසුවෙන් වෙනස්කර කොපි කිරීම කරන්න පුළුවන් නිසා.