function onLogin(response) { if (response.status == 'connected') { FB.api('/me?fields=first_name', function(data) { var welcomeBlock = document.getElementById('fb-welcome'); welcomeBlock.innerHTML = 'Hello, ' + data.first_name + '!'; }); } } FB.getLoginStatus(function(response) { // Check login status on load, and if the user is // already logged in, go directly to the welcome message. if (response.status == 'connected') { onLogin(response); } else { // Otherwise, show Login dialog first. FB.login(function(response) { onLogin(response); }, {scope: 'user_friends, email'}); } });
 

Saturday, January 23, 2016

පොලිසියෙන් දඩ ගැසූ දුර ගමන් සේවා රියදුරුගේ ඉල්ලීම...


අපි උදේ නැගිටින්නේ දෙකහ මාරට මහත්තයෝ, යන්තං මුණේ වතුර ඩිංගිත්තක් උළාගෙන තුන වෙද්දී එළියට බහිනවා ඊට පස්සේ ඕනර්ගේ ගෙදරට ගිහින් බස් එක අරගෙන ඇවිල්ලා තංගල්ලෙන් ටර්න් එකට ගහනවා. බස් එක තංගල්ලෙන් අදින්නේ උදේ හතරට. මිනිස්සු හිටියා නැතා හරියට හතරට බස් එක අද්දන්න ඕන.
ඊට පස්සේ  බෙලිඅත්තෙන් දික්වැලෙන් මාතරන් එකතු කරගෙන සීට් ගාන හදාගන්නේ බොහොම අමාරුවෙන්. කරා කියළා බස් එක නතර කරගෙන ඉන්න විදියක් නෑ.මොකද උදේ නමයට කලින් කොළඹට යන්න ඕන. උදේට යන බොහොමයක් යන්නේ උදේ ඔපිස් වල රාජකාරී වලට යන්න, මදිවට උදේ හත පනිද්දී දෙහිවල ගල්කිස්ස හරියේ ටැපික් එකට අහුවුනොත් දවසම අනාතයි. නිසා මාතරින් එහාට නැවතිල්ලක් නැතිව එක දිගට අරින එකම තමයි තියෙන්නේ. දොට්ට පිලකට යන්නවත් පොඩ්ඩක් නැවත්තුවොත් ඇතුලේ ඉන්න මිනිස්සුන්ගෙන් කුණුහරුප තමයි. මදිවට හයියෙන් යනකොට පාරේ ඉන්න අනිත් මිනිස්සුන්ගෙන බැණුම්.
යන්තන් අම්බලන්ගොඩ බලපිටිය හරියේ තේ බොන්න කියලා විනාඩි පහකට නවත්තලා, බනිස් ගෙඩියක් හරි ඔය මක්ක හරි කටේ ඔබාගෙන දොට්ට පිලට බැහැලා එනවා අයෙත් කොළඹට යනකම්ම ඉතිං එව්වා තදකොරගෙන තමයි.

Friday, January 8, 2016

මොබයිල් හැකිං (Mobile Hacking & Security)

පසුගිය කාලය තුළ පරිගණක තාක්ෂණය බාවිතය කෙතරම් ඉහල ගියත් අපේ රටේ පරිගණක ආරක්ෂාව පිළිබඳව නම් තවමත් තියෙන්නේ ඉතාම අඩු අවධානයක්.  මේ පිළිබඳව ක්රියාත්මක වන ආයතන සහ පුද්ගලයින් පවා පරිගණක ආරක්ෂාව ෆේස්බුක් හෝ එවැනි සමාජ ජාලයක් අවබාවිතයෙන් සිදුවන හානි වැනි සරළ කරුණකට ලඝු කරනු විනා ඉන් ඔබ්බට ගිය දැනුවත් කිරීමක් පවා කෙරෙනුයේ ඉතාම කළාතුරකින්. මේ නිසාම අපේ රටේ මේ පරිඝණක ආරක්ෂාව සහ පරිඝණක ආශ්රිත අපරාධ පිළිබඳව බොහෝ දෙනා තුළ තිබෙන්නේ අනවබෝධයක් සහ ඇල් මැරුණු ආකල්පයක්.

නිසාම අපේ රටේ බොහෝ පරිගණක පද්ධති හා පරිගණක තාක්ෂණය බාවිතා කරන උපකරණ තිබෙන්නේ ඉතාම අනාරක්ෂිත මට්ටමක.

මෙය අනතුරුදායක වන්නේ කෙසේද?

අද වන විට අප බොහෝමයක් දෙනා දැනුවත්ව හෝ නොදැනුවත්ව ජීවත් වන්නේ පරිගණක තාක්ෂණික උපකරණ පිරිවරාගත් වටපිටාවකඋදාහරණයක් ලෙස ඔබ නිවසේ කාර්යාලයේ බාවිත කරන පුද්ගල පරිගණකලැප්ටොප්ජංගම දුරකථනස්මාර්ට් රූපවාහීනීආරක්ෂක කැමරාවයිෆයි ජාල, ක්රෙඩිට් කාඩ්වෙනකක් තබා ඔබ බාවිතා කරන ඔබේ මෝටර් රථය පවා අදවන විට නිපදවෙන්නේ මේ තාක්ෂණය බාවිතා කරමින්මේ ආකාරයට සෑම මොහොතකම සෑම අවස්ථාවකම ඔබගෙ අතිශය පෞද්ගලික අවස්ථාවල පවා ඔබ සමඟින් සිටින මේ උපකරණයක් ඔබ පිළිබඳව ඔත්තු බලමින් වෙනත් පාර්ශවයකට දැනුම් දෙන්නට ගියොත් ප්රතිඵළය කුමක් විය හැකි ?

මෙය ඇමරිකාවේ ඉංග්‍රීසි චිත්‍රපටයක පමණක් සිදුවිය හැකි දෙයක් ලෙස සිතෙනවා ප්‍රවේසම් වන්න මේ මොහොතේත්  ඔබේ ජංගම දුරකථනය ඔබේ නිදන කාමරයේ සිට ඔබ පිළිබඳව ඔත්තු බලමින් ඔබේ ඡායාරූප ලබාගනිමින් ඔබ පවසන දේ වෙනත් පාර්ශවයකට පවසමින් සිටිනවා විය හැකියි.

“බදු ගැහුවා කියලා වාහන ඔය කියන තරම් ගණන් යන්නේ නෑ”

(වාහන ලියාපදිංචිය පහල ගිහින් කියලා අද ප්‍රවෘත්ති වල කියනවා ඇහුනම, මාස කීපයකට කළින් අපිට හමුවුන පුද්ගලයෙක් කියපු මේ කතාව මතක් උනේ. මේක ඇත්තද නැත් ද කියන්න දන්නේ නෑ දන්න කෙනෙක් පැහැදිලි කරලා දුන්නොත් කාටත් වැදගත් වේවි.)

පහුගිය අයවැයෙන් පස්සේ හොඳ වාහනයක් ගන්න හීන මවපු කට්ටියගේ වාහන හීනය හීනයක්ම වෙලා ගියාවගේ උනා. කාලයක් තිස්සේ අමාරුවෙන් එකතු කරපු සල්ලි ටිකක් එක්ක බැංක් ලෝන් එකකුත් අරගෙන තව දහ අතේත් ණය වෙලා ලක්ෂ හතලිහක්ම හදාගත්තත් ලක්ෂ හතලිහකටත් ගන්න තරම් හොඳ අළුත් වාහනයක් මේ වෙනකොට වාහන මාකට් එකේ නැති තරම්. එච්චර ගානක් වියදම් කරනවාත් වෙලා අඩුම ගානේ වියදම් කරන ගානට වටින කියන පෙනුමක්වත් ගන්න වාහනේ තියෙන්න එපාය. මෙහෙම හිතාගෙන වාහනේ ගන්න තියන සල්ලි ටිකත් වාහනයක් හොයන්න වියදම් කරගෙන කොළඹ වටේයි, නුවර පාරෙයි මීගමු පාරෙයි වාහන සේල් ගානේ වන්දනාවේ යද්දී තමයි අපිට මේ "ලුම්බිණි" අංකල් හම්බ උනේ.
ලුම්බිණි අංකල් වාහන බ්‍රෝකර් කෙනෙක්, වයස අවුරුදු 65-70ක් විතර වෙච්චි අවුරුදු ගානක් තිස්සේ වාහන මත්තේම හැපිච්ච මනුස්සයෙක්. වැඩි අධ්‍යාපනයක් නැතත් අළුත් ද පරණ ද නැතිව ඕනෑම වාහනයක ඇණ මුරිච්ඡියේ පටන් කියන්න ලුම්බිණි අංකල් දක්ෂයෙක්.