function onLogin(response) { if (response.status == 'connected') { FB.api('/me?fields=first_name', function(data) { var welcomeBlock = document.getElementById('fb-welcome'); welcomeBlock.innerHTML = 'Hello, ' + data.first_name + '!'; }); } } FB.getLoginStatus(function(response) { // Check login status on load, and if the user is // already logged in, go directly to the welcome message. if (response.status == 'connected') { onLogin(response); } else { // Otherwise, show Login dialog first. FB.login(function(response) { onLogin(response); }, {scope: 'user_friends, email'}); } });
 

Wednesday, April 6, 2016

මැදියම් රැයේ තරුණියගේ කාමරයට පැමිණි අදිසි මිනිසා


මනෝ වෛද්‍ය විශේෂඥ්ඥ සුදත් රාමනායක මහතා තවත් වරක් තමා ඉදිරිපිට වූ තරුණිය දෙස විමසිල්ලෙන් බැළුවේය. ඇය සිටින්නේ යම්කිසි දෙයකට බියවී බව පළපුරුදු වෛද්‍යවරයකු වූ ඔහුට හඳුනාගැනීම අපහසු නැත. රෝගීන් පරීක්ෂාකරන කාමරයේ මධ්‍යයේ තබා තිබූ පුටුවක වාඩිවී සිටින ඇය වාඩිවී සිටින්නේ දකුණත වම් උරහිස මත ද වම් අත දකුණු උරහිස මත ද තබා දෑත සිරුර හරහා කතිරයක් සේ සෑදෙන ආකාරයට තබාගෙන තරමක වකුටු වූ ස්වරූපයකිනි. වරින්වර දෑස් විශාල කරමින් තමා අසළ සිටින මව සහ පියා දෙස ද රාමනායක මහතා දෙස ද ඇය බලන්නේ සැකයෙනි. එනමුදු ඇය බියවී සිටින්නේ ඉදිරිපිට සිටින තමන්ට නොව සිතින් මවාගත් නොපෙනෙන කිසිවකටයයි  රාමනායක මහතා අනුමාන කළේ  දෙපස වූ බිත්ති දෙස ද වරින් වර පිටුපස හැරෙමින් පිටුපස වූ දොර දෙස ද ඇය බලන බැල්මෙනි. නොනවත්වා මේ ආකාරයෙන් හාත්පස විමසිලිමත් ව නිරීක්ෂණය කරමින් සිටි ඇය ඒ සෑම වාරයකදීම පුටුව මත තවතවත් වකුටු වෙමින් සිටියාය. එකවරම නොපෙනුනද බියෙන් තැතිගෙන සිටින ඇය ඇඳුම් කිහිපයක් එක මත එක කිසිදු පිළිවෙලකින් තොරව ඇඳ සිටින බව රාමනායක මහතාගේ තියුණු දෑසින් ගිළිහී ගියේ නැත.


"දුවට සීතල දැ" යි ඔහු ඇගෙන් අසුවේ ඇය ඇඳ සිටි ආකාරයත් වාඩිවී සිටී ඉරියව්වත් නිසා ය.
තරුණිය හිස පමණක් වනා එයට "නැහැ" යි පිළිතුරක් දුන්න ද ඇගෙන් දිස්වූ නොසන්සුන්කම එයින් පහව ගියේ නැත. අසළ සිටගෙන සිටි ඇගේ මව දියණියගේ හිස ආදරයෙන් අතගෑවාය.
"එහෙමනම් ඇයි දුව මේ බයවෙලා ඉන්නේ...."
පෙර පිළිතුරෙන් පසුබට නොවූ රාමනායක මහතා නැවත වරක් ඇගෙන් විමසුවේ ය.
මොහොතකට ඇය පෙරටත් වඩා නොසන්සුන් වූවාය විමසිල්ලෙන් කාමරය පුරාම නෙත් හෙළු ඇය
"ඌ ඉන්නවා.... ඌ ඉන්නවා මෙතනත් ඌ ඉන්නවා... අපි කාටත් පේන්නේ නැතිවෙන්න, මගේ ඇඟ දිහා බලාගෙන ඌ ඉන්නවා... " යි
 කියමින් කෑ ගසමින් හඬන්නට පටන් ගත්තේ අසළ වූ මවගේ සිරුරට දැඩිව වාරුවෙමිනි.
                                    *********************************
එරන්දී තක්ෂිලා, පෞද්ගලික ආයතනයක ලිපිකාරිනියක ලෙස සේවය කළ විසි පස් හැවිරිදි තරුණියකි. සාමාන්‍ය මධ්‍යම පාංතික දෙමව්පිය යුවළකට දාව උපත ලද ඇය පවුලේ එකම දරුවා වූ බැවින් කුඩා කාළයේ සිටම හැදී වැඩුනේ දෙමව්පියන්ගේ දැඩි ආදර රැකවල් මතය. දෙමව්පියන් ඇසුරේම තරමකට නිවසට කොටුවූ පරිසරයක් තුළ හැදී වැඩුණු බැවින් දෝ ඇය නිහඬ චරිතයක් වූවාය. මවත් පියාත් ඇරෙන්නට ඇයට වෙනත් සුවිශේෂී මිතුරෙක් හෝ මිතුරියක් සිටියේ නැත. පාසල් සමයේ හෝ අධ්‍යාපනය අවසන්ව රැකියාවට යද්දී හෝ ඇයට පෙම්වතකු සිටියේ නැත. නිවසට ලැදිව මවටත් පියාටත් කීකරුව හැදී වැඩුනු එරන්දී ඔවුන්ගේ අනුදැනුමකින් තොරව පෙම්වතකු ඇසුරු කිරීම පාපයක් සේ සැළකූ නිසාදෝ තරුණයින් කිහිප දෙනෙකුගෙන්ම ලැබුණු යෝජනා ඇය ප්‍රතික්ෂේප කළාය.  ස්වභාවයෙන්ම තරුණයන් ප්‍රතික්ෂේප කරන ආකාරයේ ස්වභාවයක් ඇගේ හැසිරීමේ ද දක්නට වූ බැවින් "බොරු ආඩම්බරකාරියකයයි" හැඟීම පහළ කරගත් තරුණයන් බොහෝ දෙනෙක් ඒ නිසාම ඇයට ලංවන්නට උත්සාහ කළේ ද නැත.
මිතුරු ඇසුරකින් හෝ අන් බාහිර ක්‍රියාකාරකමකින් තොර නිහඬ තරුණියක වූ ඇගේ දිවිය ගෙවී ගියේ නිවසත් කාර්යාලයත් අතරය. උදෑසන හතට පමණ නිවසින් පිටව යන ඇය යළිත් සවස හය පමණ වන විට නිවසට පැමිණෙයි. අනතුරුව රාත්‍රී ආහාරය සැකසීම සඳහා මවට සහය වන ඇය එය අවසන් වීමෙන් පසු තම කාමරයට වී තනිවම සිටිමට වඩා ප්‍රිය කළාය.
ඒකාකාරී ලෙස ගෙවී ගිය ඇගේ මේ ජීවිතය හදිසියේම වෙනස් වී ගියේ මීට සතියකට පමණ ඉහත දිනයකය. තම දියණිය එදින නිවසට පැමිණියේ කාර්යාලයේ යම් ප්‍රශ්ණයක් හේතුවෙන් කළබලයෙන් බව ඇගේ මවට හොඳින් මතකය. දියණියගෙන් යන්තම් අසා දැනගත් පරිදි ඇගේ අතින් වෙනත් කාර්යාලයකට යවන ලද ලිපියක යම් වැරැද්දක් සිදුව තිබීම හේතුවෙන් ඇගේ ඉහළ නිළධාරියා එදින ඇයට බැන වැදී තිබුණි. නිවසට පැමිනි පසුත් ඇය බොහෝ වේලාවක් යනතුරුම කාමරය තුළට වී එම ලිපිය නැවත සැකසුවාය.
පසුදින උදෑසන ද ඇය සිටියේ එතරම් හොඳ මුහුණකින් නොවේ. රාත්‍රිය පුරාම නිදි වර්ජිතව ගත කළ බව මෙන්ම තැතිගත් බව ද පළවූ ඒ මුහුණ දුටු පියා දියණියගේ වෙනස කෙරෙහි එවේලේත් විමසිලිමත් වූ ආකාරය එරන්දිගේ මවට මතකය. නමුත් කාර්යාලයේ ගැටළුව හේතුවෙන් දියණිය මෙසේ සිටින බව සිතූ හෙයින් මව හෝ පියා ඇගෙන් ඒ පිළිබඳව වැඩිදුර අසන්නට ගියේ නැත. සවස ගෙදර පැමිණි පසු ද ඉක්මනින්ම කාමරයට වැදී දොර වසාගත්තා මිස ඇය කිසිවකුටත් කිසිවක් පැවසුවේ නැත. තත්වය උග්‍ර අතට හැරුනේ පසුදින උදෑසනය.
වෙනදා උදෑසන හය වන විට පිබිදෙන දියණිය එදින හයයි තිහ වන විටත් කාමරයෙන් එළියට නොපැමිණි බැවින් තේ කෝප්පයත් රැගෙන එරන්දිගේ මව කාමරයට ගියාය. එරන්දි ඇඳමත වාඩීවී හිස දෙදන මත තබාගෙන සිටියාය. ඇගේ දිගු කොණ්ඩය අවුල්වී මුහුණ හරහා වැටී තිබුණි. පෙරදා සවස ඇඳගෙන ගිය සාය ඇඳ අසළ බිමත් බ්ලවුසය ඊට මදක් එහාට වන්නටත් වැටී තිබුණි. ඇඳරෙද්දෙන් පමණක් විළි වසාගෙන සිටින දියණිය දුටු මවට කෑගසුනේ ඉබේටමය. මවගේ කෑ ගැසීම ඇසුණු පියාද වහා කාමරයට දිව ආවේය. නමුත් තක්ෂිලා කතා කළේ නැත. ඒ වෙනුවට උමතුවෙන් මෙන්
"ඌ ආවා.... ඌ මගේ කාමරයටම ආවා... මාව විනාශ කළා... යි
කියමින් කෑ ගසමින් හඬන්නට පටන්ගත්තා මිස වෙනස් කිසිවක් ඇගේ මුවින් පිටවූයේ නැත.
එරන්දි සිටියේ පියවි සිහියෙන් නොවේ. අඩසිහියෙන් යුතුව උමතු ලෙසින් ඇය කෑ ගසමින් පුන පුනා කියා සිටියේ එකම දෙයකි. ඒ යම් අදිසි පුද්ගලයෙක් රාත්‍රියේ තම කාමරයට පැමිණි බවත් ඔහුගේ කාම අග්නිය නිවා ගැනීම සඳහා ඔහු තමාව බාවිතා කළ බවත් පමණකි. නමුත් ඇය කියන්නාක් සේ ඇගේ කාමරයට කිසිවෙක් පැමිණි බවක් හෝ ඇයට එවන් ආකාරයේ දෙයක් සිදුවූ බවට හෝ කිසිදු සාක්ෂියක් නිවස තුළ තිබුණේ නැත. පෙරදින රාත්‍රියේ වසා තිබුණු ජනේලය එසේම තිබුණි. කාමරයේ හෝ නිවසේ වෙනත් ස්ථානයක කිසිදු පිටස්තර පුද්ගලයෙකු පැමිණි බවට සළකුණකුදු හෝ සොයා ගැනීමට නොවීය. නමුත් ඇගේ සිරුරේ පිළිස්සුමක හැඩය ගත් යම් අසාමාන්‍ය තුවාල කිහිපයක සළකුණු නම් පෙනෙන්නට තිබුණි.
සැකයකින් තොරවම මේ නම් කළු කුමාර දිෂ්ඨිය බව එරන්දිගේ මව වහා වටහා ගත්තාය. නිතිපතා ආශ්‍රමයකට සමබන්ධව කටයුතු කරන භක්තිමත් උපාසිකාවක් වූ ඇයට මෙවැනි දෑ එක අතකට අරුමයක් නොවේ. උදෑසනම ආශ්‍රමයට දිවගිය ඇය එහි ප්‍රධාන භික්ෂුව වූ මාර්ගඵළ ලාභී තෙරුන් වහන්සේ නමත්, විශ්ව ශක්තිය අනුහසින් රෝග සුවකරන චාලට් මහත්මියත් ගෙදරට කැඳවාගෙන ආවාය. එරන්දිගේ මව ආශ්‍රමයේ භක්තිමත් උපාසිකාවක් බැවින්ම ආවා මිස නැතිනම් මේ තෙරුන් වහන්සේ වත්  චාලට් මහත්මියත් එසේ ගෙවල් ගානේ යන අය නොවේ.  
එරන්දිව පරීක්ෂා කිරීමෙන් අනතුරුව මේ කළු කුමාර අවතාරයම බව ඔවුන් දෙදෙනාම තහවුරු කළේය. කළු කුමාර අවතාරය, එරන්දිගේ සිරුරට ආශා වී ඇති බවත් පූජාවක් පවත්වා කළු කුමාර අවතාරය ගෙන්වා ඔහුට ධර්මය වටහා දී ඔහුව ඉවත් කළ යුතු බවත් තෙරුන් වහන්සේ එරන්දිගේ මවට කරුණු පැහැදිළි කළේය. එතෙක් ඇය වෙනුවෙන් ආරක්ෂාව සඳහා ඇප නූලක් චාලට් මහත්මිය විසින් එරන්දිගේ අතේ ගැටගසන්නට යෙදුනි.
ඇප නූල ගැට ගැසීමෙන් පසු යම් ගුණයක් එරන්දි කෙරෙන් දිස්වුවද ඇය වෛද්‍යවරයකු වෙත රැගෙන ගියේ එරන්දිගේ පියාගේ දැඩි ඕනෑකම නිසාමය. පැය ගණනාවක් පරීක්ෂා කළ ද වෛද්‍යවරුනට කිසිදු කායික රෝගයක් සොයාගන්නට හෝ ඇය යම් බලහත්කාරකමකට යටවූ බවක් හෝ සොයාගැනීමට හැකි වූයේ නැත. ඇගේ ශර්‍රිරයේ වූ අසාමාන්‍ය තුවාලය යම් උණුසුම් දෙයක් ශරීරයේ ස්පර්ෂ වීම නිසා ඇතිවූ සුළු පිළිස්සුමකියි ඔවුන්ගේ නිගමනය විය. කිසිදු කායික රෝගයක් සොයාගැනීමට අපහසු වූ බැවින්ද ඇය යම් උමතු බාවයක් පෙන්නුම් කළ හෙයින්ද අවසානයේ වෛද්‍යවරුන් විසින් එරන්දිව මනෝ වෛද්‍ය සුදත් රාමනායක මහතා වෙත යොමු කරවන ලදී.
රාමනායක මහතාට එරන්දිගේ දෙමව්පියන්ගෙන් දැනගත හැකිවූ කතාව එපමණකි. කෙසේ වුවත් එයින් ඔහු යමක් වටහා ගත්තේය. කළබල වී සිටි එරන්දිව සන්සුන් කිරීමට ද තවත් බෙහෙත් වර්ග කීපයක් ද ඔහුගේ නියමයෙන් ඇයට ලබාදෙන ලදී. එහි ප්‍රතිඵළයක් ලෙස ඇය බොහෝ වේලාවක් නිදාගත්තාය. නැවත පිබිදෙන විට එරන්දි යම් පමණක සුවයක් ලබා තිබිණි. ඇය අපහසුවෙන් තමාට සිදුවූ දෑ කියන්නට පටන් ගත්තාය.
බ්‍රහස්පතින්දා දිනයේ ආරම්භයම එරන්දිට සුභ වූයේ නැත. හැමදාම උදෑසන කාර්යාලයට යන බස් රථය මග හැරුණු හෙයින් එදින ඇයට යන්නට සිදුවූයේ වෙනත් බස් රථයකය. මගීන් අතර තැලි පොඩිවී ඇය කාර්යාලය අසළින් බැස ගන්නා විටත් බොහෝ ප්‍රමාද වී තිබුණි. එදින ඇයට තිබුණේ යම් මිල දී ගැනීමක් සම්බන්ධව අදාල  ආයතනය වෙත අවශ්‍ය දෑ දන්වා  මිලදී ගැනීමේ වවුචරයක් සකසා යැවීමටය. කිසි දිනක නොවූ ආකාරයට එදින ඇයට එම වවුචරය බොහෝ සේ වැරදී තිබුණි. දුඹුරු පැහැ නූල් වෙනුවට සුදු පැහැ නූල් ද සුදු බොත්තම් වෙනුවට දුඹුරු බොත්තම් ද අවශ්‍ය ලෙස ඇය සකසා තිබුණු ලියවිල්ලේ විය.
ප්‍රධාන ලිපිකරු තාරක බොහෝ සෙයින් ඇයට දොස් කීවේය. තමා බැණුම් ඇසුවේ වැරද්දේ තරමට නොවන බවට ඇයට නොසිතුනා නොවේ. අනෙක් අතට තමා ලිපියේ ඉල්ලුවේ සුදු බොත්තම් බව ඇයට මතකය නමුත් ලිපිය අවසානයේ තාරක අතට පත්වීමෙන් පසු එය දුඹුරු බොත්තම් වීම ඇයට සිතාගත නොහැක. කාර්යාලය නිමවන තුරු ද ලිපිය හරියාකාරව සකසා ඉවර කරගත නොහැකිවූ බැවින් ඇය බස් රථයේ නිවසට එන අතර තුර ද දුරකථනයෙන් කතා කළ තාරක ඇයට දොස් කීවාය. නිවසට පැමිණි ඇය ඇඳ සිටි ඇඳුම් පවා මාරු කිරීමකින් තොරව පරිගණකයෙන් තාරකගේ උපදෙස් පරදි ලිපිය නැවත සකස් කළාය.
සකස්කර අවසන්ව එය තාරකට විද්‍යුත් තැපෑල ඔස්සේ යවා අවසන් වන විට වේලාව රාත්‍රී හතයි තිහට ආසන්න වී තිබුණි. ඒ වන විටත් ඇය සිටියේ අධික විඩාවෙනි. ඇඳගෙන සිටි කෙටි සායත් බ්ලව්සයත් ගලවා දැමූ ඇය යට ඇඳුම් පිටින්ම ඇඳේ වැතිරුනේ ඒ විඩාව මඳකට තුනීකරගන්නා අදහසිනි. විනාඩි පහළොවකට පමණ පසු ඇඳෙන් නැගිට ගත් ඇය නාන කාමරයට වැදී හොඳ හැටි නාගත්තාය. සීතළ වතුර ඇගේ විඩාව මඳක් තුනී කර දැමීමට සමත්විය. නා පිරිසිදු වීමෙන් පසු ඇය තුවායෙන් වසා ගත් සිරුරින් යුතුව කාමරයට පැමිණියේ දවසේ වූ සියල්ල අමතක කර දමා නැවුම් සිතකිනි. කණ්නාඩිය ඉදිරිපිට දී තුවාය ගලවා දැමූ ඇය රෝස පැහැති දුහුල් නයිටියෙන් ඇගේ නිරුවත් සිරුර වසාගත්තාය. නමුත් කෙටි දුහුල් ඇඳුමක් වූ එය මතුව ඉලිප්පී තිබූ ඇගේ සිරුරේ තාරුණ්‍යයේ හැඩතල සම්පූර්ණයෙන් වසා ලන්නට කිසිසේත් සමත්ව තිබුණේ නැත. ඇඳමත වාඩිවූ ඇය ඇගේ දුහුල් නයිටිය මඳක් ඉහලට කොට නිරුවත් වූ දෙපාවල යම් ක්‍රීම් වර්ගයක් ගල්වන්නට පටන් ගත්තාය.
මඳක් එහායින් වූ ජංගම දුරකථනය නාද වූයේ මේ අතරය. එරන්දි එහෙමම ඉඳ මඳක් එහාට නැමී දුරකථනය අතට ගත්තාය. එහිවූයේ නොදන්නා අංකයකි. කවුරුන් විය හැකිදැයි සිතමින් ඇය ඇමතුම සක්‍රිය කොට දුරකථනය ගෙන කනේ තබා ගත්තාය.
"හෙලෝ"
"ඔහොම ඉන්න කොට ඔයාගේ කකුල් දෙක හරිම ලස්සනයි..."
අනෙක් පසින් කීවේ කුමක්දැයි එකවරම එරන්දිට වටහා ගැනීමට හැකිවූයේ නැත. එහෙයින් නැවත් වරක් ඇය "හෙලෝ.." යි පැවසුවාය.
"ඔය රෝසපාට නයිටිය ඔයාට හරි ලස්සනට ගැලපෙනවා..."
අනෙක් පසින් ඇසෙන්නේ මිනිස් කටහඬකට වඩා යම් සත්වයකුගේ බඳු හඬකි.  ඒ හඬින් ඔහු කියන්නේ තමා ඇඳ සිටින ඇඳුම ගැනය. එක්වරම ඇයට බියක් දැනුනේය.
"කවුද මේ....? තමුසේ කොහොමද දන්නේ මම ඇඳගෙන ඉන්නේ මොකක් ද කියලා..?
"උඹට මාව නොපෙනුනාට මම ඉන්නේ උඹ දිහා බලාගෙන කෙල්ලේ.... උඹ කැමති නමක් මට කියාපන්... ඒත් එක දෙයක් අද ඉඳන් උඹට ඉන්න ආදරවන්තයා මම... උඹ උඹේ මේ ආදරවන්තයට ආදරෙන් සළකන්න ඕන... අද ඉඳන් උඹ ඉන්න ඕන මම කියන විදියට."
ඒ බියකරු හඬ කියාගෙන ගියේය.
ඇඳ මත වූ ඇඳ ඇතිරිල්ල තම උකුල මතට ඇදගත් එරන්දි කෙටි නයිටිය හේතුවෙන් නිරුවත් ව තිබූ ඇගේ දෙපා වහා වසාගහත්තාය.
"ඔය ලස්සන කකුල් මගේ වහගන්න ඕනේ නෑ... මම උඹේ ඇඟේ ලස්සන තැන් හැම දෙයක්ම දැක්කා දැන් ටිකකට කළින් සුදුපාට තුවාය ඇඳගෙන නාලා එද්දී..."
එරන්දි කියාගත නොහැකි තරමට බියගත්තාය. ඇයට එක්වරම කතා කරගත හැකිවූයේ නැත. කවුරු උනත් මේ පුද්ගලයා ඉන්නේ තමා දෙස බලාගෙනය. නමුත් ඒ කෙසේ දැයි ඇයට සිතාගත නොහැකිය. ඇය කාමරයේ ජනේලයත් දොරත් නැවත වරක් බැළුවාය. නමුත් ඒවා හොඳින් අගුළුලා තිබුණි.
"උඹ කවුද....? උඹට මොනවද ඕනා....." ඇය කෑ ගැසුවාය.
නමුත් ඔහුගෙන් නිසි පිළිතුරක් ලැබුනේ නැත. ඒ වෙනුවට බියකරු සිනාවක් නැගූ ඔහු,
"මම උඹේ ආදරවන්තයා.... මම ඉන්නේ උඹේ කාමරේ ඇතුළේ... උඹ දිහා බලාගෙන... ඒ නිසා උඹ අද ඉඳන් මම කියන විදියට ඉඳපං...."
උඹට විශ්වාස නැතිනම් බලාපන් උඹේ ඊමේල් එක, ඒකට ඇවිල්ලා ඇති උඹේ ලස්සන පිංතූර ටිකක්. උඹ මම කියන විදියට හිටියේ නැතිනම් හරි මේ කෝල් එක ගැන කාට හරි කියලා තිබුනොත් හරි ඒ මොහොතේම උඹේ මේ ලස්සන පිංතූර ටික ලෝකේ හැම තැනකම හැම කම්පියුටරේකම තියේවි...."
එරන්දි කෙතරම් බියවී සිටියේ දැයි කියතොත් ඇයට කතාකර ගැනීමට පවා නොහැකි ලෙස ඇගේ මුව ගොළුවී ගියාය.
තමා මින්සුළු මොහොතකට පෙර ඇඳුම් උනා දමා යට ඇඳුමෙන් පමණක් සැරසී ඇඳමත දිගාවී සිටි අවස්ථාවේ ලබාගත් ඡායාරූප කිහිපයක් ඊමේල් පණිවුඩය සමඟ අමුණා තිබුණි. කාමරය තිබුනේ අගුළු දමාය. ජනේලයකින් හෝ කවුළුවකින් යමකුට දුර සිට හෝ කැමරාවක් එල්ල කිරීමේ හැකියාවක් නැති බව ඇයට ඉඳුරාම විශ්වාසය. එසේ වුවද තම ඇඳ ඉස්මත්තේ සිටම අයෙක් තමාගේ අඩනිරුවත් ඡායාරූප ලබාගෙන ඇත. ඡායාරූපයේ පෙනෙන ආකාරයට ඇඳ ඉස්මත්තේ සැඟවුණු කැමරාවක් තිබිය නොහැක ඊට එපිටින් ඇත්තේ තාත්තාගේ කාමරයත් තමාගේ කාමරයත් වෙන් කරන බිත්තියයි. මේ කිසි තැනක කැමරාවක් සවිකර තිබීමට කිසිදු ඉඩක් නැත. එසේ නම් ඔහු තමාට නොපෙනී තම ඇඳ ඉස්මත්තේ බලා සිටියාවත් දැයි ඇගේ මනසට ඇතුළුවූයේ නිරායාසයෙනි. කෙසේ වුවද ඔහු තමාගේ අඩ නිරුවත් සහ නිරුවත් ඡායාරූප බොහෝ ප්‍රමාණයක් ලබාගෙන ඇත. ඒවා අන්තර්ජාලය පුරා පැතිර ගියහොත් තමාට වන්නේ දිවි නසා ගැනීමටය. මේ පිංතූර තමා නොදැනුවත්ව ගත්තේ යැයි කිසිවෙකුත් විශ්වාස නොකරනු ඇත. එහෙයින් ඔහු කියන දෙයකට එකඟ වී මේ පිංතූර අන්තර්ජාලයට මුසුවීම වලක්වා ගන්නවා හැරෙන්නට කළ යුතු අන් යමක් නැතැයි අත්දැකීම් විරල වූ ඇගේ සිත ක්ෂණිකව තීරණය කළාය. එහෙයින් මේ කිසිවක් ඇය මවට, පියාට හෝ අන් කිසිවෙකුටවත් දැන ගන්නට හැරියේ නැත.
දැඩි මානසික ආතතියකින් යුතුව නිදි වර්ජිත රාත්‍රියක් ගෙවා දැමූ ඇය පසුදින කාර්යාලයට ගියේ ද යා යුතු නිසාම මිස කැමැත්තකින් නොවේ. බොහෝ අපහසුවෙන් යුතුව ඇය දවස ගෙවා දැමුවාය. සවස ගෙදර එද්දී ඇයට තාරකගෙන් නැවතත් ඇමතුමක් ලැබුණි.
"එරන්දී... ගෙදර ගිය ගමන් අර මිස්ටර් සමන්ට යවපු ඊමේල් එකේ කොපියක් මට ෆෝවර්ඩ් කරනව ද?"
ඇය ඊට එකඟ වූවාය. තාරක රැකියාවටම ඇළුණු රැකියාව ජීවිතයම කරගත් පුද්ගලයෙකි. වයස අවුරුදු හතලිහ ඉක්මවා ඇතත් තවමත් විවාහ ජීවිතයට පවා ඇතුළත් වීමට නොහැකි වි ඇත්තේ ඔහු රැකියාව කෙරෙහි දක්වන මේ ඇල්ම නිසා බව පවසමින් කාර්යාලයේ බොහෝ දෙනා තාරකට විහිළු කරනු එරන්දිට නොයෙක් වර ඇසී තිබේ. එහෙයින් තාරක යමක් කරන්නයි කී විට එය ඒ මොහොතේම කළ යුතුය. නැතහොත් ඔහුට කේන්ති යයි. මේ බව කාර්යාලයේ ඔහු යටතේ සේවය කරන ලිපිකරුවන් බොහෝ දෙනෙක් හොඳින් දන්නා කරුණකි.
එහෙයින් නිවසට ගිය සැනින් ඇය ඔහු එවන්නැයි කී ඊමේල් පණිවුඩය ඔහු වෙත යැව්වාය. අනතුරුව තේ කෝප්පයත් ගෙන ඇය ඇඳ මත වාඩිවූයේ දවසේ විඩාව මඳක් තුනී කර ගන්නටය. විනාඩි දයක් පමණ නිසොල්මනේ ගතව ගියේය. එක්වරම නොදන්නා අංකයකින් ඇගේ ජංගම දුරකථනය නාද වන්නට විය. වෙව්ලන අතින් ඇය දුරකථනය ගෙන කනේ තබා ගත්තාය.
"උඹ ඔය අළු පාට කොට සායට හරිම ලස්සනයි එරන්දී....!!"
අනෙක් පසින් අර බියකරු හඬ ගලා ආවේය.
ඇය වහා ඉඳ සිටි ඉරියව්ව වෙනස් කොට තම සාය හදාගත්තාය. කෙසේදයි සිතාගත නොහැකි වුවත් ඔහුට තමාව හොඳින්ම පෙනෙන බව ඇයට විශ්වාසය.
"උඹ ඔය තේ බොනව ද?.... උඹේ ආදරවන්තයාට නැතිව.... ?"
අනතුරුව ඔහු ඇසුවේ කෝපයට පත්වූ විලසිනි.
"හොඳ ආදරවන්තියක් එහෙම කරන්නේ නැහැ .... ඒක.... වැරැද්දක්... උඹට ඒ වැරැද්දට දඬුවමක් දෙන්න ඕන...."
ඇය බියට පත්ව සිටියාය.
"හලා ගනින් ඔය තේ කෝප්පේ උඹේ සාය උඩට...."
ඇය තව තවත් බියපත්ව බලා සිටියා මිස ඔහු කියන්නක් කළේ නැත.
"මම කිව්ව දේ කරපං..... නැතිනම් උඹ දන්නවා නේ වෙන දේ....?"
තම අණ ඇය ක්‍රියාත්මක නොකලෙන් ඔහු වඩාත් කෝපයෙන් ඇයට කෑ ගසුවාය. ඇය තවත් සිතුවේ නැත, අත තිබූ තේ කෝප්පය ඇය එහෙමම ඇල කළාය. තරමක උණුසුම්ව තිබූ තේ ඇගේ ඇඳුම් අතරින් ගලා ගොස් කලවා ප්‍රදේශය පුළුස්සාලන වේදනාව ඇය නිහඬවම උසුලාගත්තේ ඔහුගේ සිනාහඬ අතරිනි.
"අන්න එහෙම මම කියන දේ කරපං... දැන් ගලවපං ඔය සාය..."
ඇය තවදුරටත් කිසිවක් කියන්නට ගියේ නැත. ඔහු පවසනා ඕනෑම දෙයකට ඇය විරෝධයක් නොපා එකඟ වූවාය. එහෙයින් එතැන් සිට මුළු රාත්‍රිය පුරාවටම ඔහුගේ විකෘති ආශාවන්ට ඉඩ දෙමින් ඔහු කියනා කියනා දෑ කරමින්, තම නිවසේ, තම කාමරය තුළදීම එරන්දි බොහෝ වාර ගණනාවක් ඔහුගේ දෑසින් ද වචනයෙන්ද දූෂණයට ලක්වූවාය. කිසි දිනයක පෙම්වතකුගේ ප්‍රේමණීය ස්පර්ෂයක් හෝ නොලද ඇගේ බොළඳ සිතට මේ අතවරය දරා ගත හැකිවූයේ නැත. අවසානයේ මධ්‍යම රාත්‍රියත් පසුවී හෝරාවකට පමණ පසු මේ කාමශක්ත වූ පෙම්වතා එරන්දිගේ කාමරයෙන් නික්මගියේ ඇය අඩ සිහියට හෝ සිහි විසඥ්ඥතාවයට පත්වීමෙන් අනතුරුවය.
එරන්දි හඬමින් ගොත ගසමින් තමන්ට සිදුවූ දේ කියාගෙන ගියාය. ඇගේ මවත්, පියාත්, රාමනායක මහතාත් මේ කතාව අසා සිටියේ කුතුහලයටත් වඩා සිත තුළ කෑකෑරෙමින් නැග ආ කෝපයත් සමඟය.
"ඇයි ළමයෝ මෙච්චර දෙයක් වෙලත් අපිට නොකිව්වේ....?"
අවසානයේ ඇගෙ පියා ඇසුවේ කෝපයටත් වඩා ශෝකයෙනි.
"මට බය හිතුනා තාත්තේ... මම මේක කිව්වොත් මගේ ෆොටෝ ඒ මිනිහා හැමෝටම පේන්න ඉන්ටර්නෙට් එකේ දාවි කියලා...."
එරන්දි හඬාවැටුනාය.
"ඒත් කොහොමද මහත්තයෝ ඒ මිනිහා අපේ දුවගේ කාමරයට එන්නේ අපි කාටත් හොරෙන්"
එරන්දිගේ මවගේ ඒ පැනයට කිසිවකුටත් පිළිතුරක් තිබුණේ නැත. කෙසේ වුවත් දැන් කළයුතු හොඳම දෙය "මේ ගැන පොළීසියට කීමය" යි යෝජනා කළේ රාමනායක මහතාය. මේ නොපෙනී යා හැකි මිනිසාට තරමක් බිය වූයෙන් මුලදී එරන්දිත්, එරන්දිගේ දෙමව්පියනුත් අකමැති වුව ද වෙන කළයුතු දෙයක් සිතාගත නොහැකි වූයෙන් පසුවිය එයට එකඟ විය. ඒ අනුව රාමනායක මහතා විසින් සිද්ධිය පොලිසියට දැනුම් දෙනු ලැබීය.
පොලීසිය පරීක්ෂණය බාර ගත්තේය. කෙසේ වුවද විශ්වාස කිරීමට පවා අපහසු මෙම සිදුවීම පොළිස් නිළධාරීන් තුළ පවා ඇති කළේ පුදුමාකාර කුතුහළයකි. ඒ නිසාම පොළිස් නිළධාරීන් අතරද පවා කතාව පැතිර ගියේ ලැව් ගින්නක් ලෙසය. පොලිස් පරීක්ෂක ඉන්ද්‍රකුමාර මහතාටම මෙම පරීක්ෂණය බාරවූයේ මෙවැනි දෑ පිළිබඳව ඔහුට තිබූ පළපුරුද්ද නිසාමය. සැකකරු ඊමේල් ලිපිනයක් මගින් එරන්දි වෙත ඡායාරූප එවා තිබූ බැවින් ඊමේල් ලිපිනය හරහා සැකකරු පිළිබඳ හෝඩුවාවක් සොයාගැනීමේ බලාපොරොත්තුවෙන් මෘදුකාංග ඉංජිනේරුවකු වූ ධනුෂ්ක ද පොලිස් පිරිස හා එක්වී තිබිණි.
ඉන්ද්‍රකුමාර මහතාත් තවත් පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකුත් එරන්දිගේ නිවසත්, වටපිටාවත් මුලින්ම පරීක්ෂාවට ලක්කළේ මේ  අදිසි මිනිසා පිළිබඳව හෝඩුවාවක් සොයාගැනීමේ අපේක්ෂාවෙනි. ඔවුන් හමුවේ තිබුණු විශාලම ගැටළුව ආවරණය වූ කාමරයක් තුළ සිටින එරන්දිව ඔහුට පෙනෙන්නේ කෙසේදැයි සිතාගැනීමට නොහැකි වීමය. ධනුෂ්ක සැකකරු එවා තිබූ ඡායාරූප එකින් එක හොඳින් පරීක්ෂා කළේය. ඔහු ඡායාරූප හයක් එවා තිබිණි. ඉන් හතරක්ම එරන්දි ඇඳමත සිටින ඡායාරූප විය. ඒ ඡායාරූප අනුව ඒ මොහොතේ කැමරාව තිබී ඇත්තේ ඇගේ ඇඳ ඉස්මත්තේය. අනෙකුත් ඡායාරූප ඇය දුහුල් ඇඳුමකින් සැරසී කණ්නාඩිය ඉදිරිපිට සිටියදීය. එවිට කැමරාව තිබී ඇත්තේ ඇගේ පිටුපසිනි. මේ අවස්ථා දෙකේම කැමරාව එල්ලවී ඇත්තේ නිවසේ ඇතුළු බිත්ති දෙසින් මිස නිවසට පිටින් නොවේ.
මේ කිසි තැනක සැඟවුණු කැමරාවක් තිබීමට කිසිදු හැකියාවක් නැති බව ප්‍රත්‍යක්ෂය. එසේ නම් මේ පුද්ගලයා මෙසේ එරන්දිගේ ඡායාරූප ගන්නේ කෙසේ ද? පිරිස පත්වූයේ උභතෝකෝටික ගැටළුවකටය. කාමරයේ තවත් වටයක් හොඳින් කරකැවුනු ධනුෂ්ක
"මේ නම් මනුස්සයෙක් කරන දෙයක් වෙන්න බෑ... මේක අමුනුස්ස වැඩක් වෙන්න ඕන" යි පැවසූවේ ඇත්තටමය.
එයින් ඉන්ද්‍රකුමාර මහතාගේත් එරන්දිගේ දෙමව්පියන්ගේත් මුහුණු අඳුරු වී ගියද ධනුෂ්ක පුදුමයකට මෙන් ඒ මතයේම එල්ලී සිටිමින්,
"තවත් පරීක්ෂා කිරීම තේරුමක් නැතැයි" සියළු දෙනාටම ඇසෙන ලෙස හඬ නගා පැවසුවේ කාමරයෙන් ඉවත්වෙමිනි.
සෙස්සෝද ඔහු අනුව කාමරයෙන් එළියට පැමිණියහ. සියළු දෙනාම කාමරයෙන් එළියට එන තෙක් බලා සිටි ධනුෂ්ක කාමරයේ දොර පිටතින් වසා දැමීය.
"ඌ මේ දැනුත් අපි කරන දේවල් බලාගෙන ඉන්නේ..."
අනතුරුව ධනුෂ්ක සෙමෙන් පැවසුවේ සියළු දෙනාම පුදුම කරවිමිනි.
"ඒ කොහොමද ඒ...?"
සෑම දෙනාගේම සිත් තුළ වූ ගැටළුව එය විය.
"ඒ තමයි එරන්දිගේ ලැප්ටොප් එකේ කැමරාව....."
විස්මයේන් දෑස් විශාල වූයේ එරන්දිගේ පමණක් නොවේ.
"මම ඒක පැහැදිළි කරන්නම්... මොනවාහරි ක්‍රමයකින් මේ මිනිහා එරන්දිගේ ලැප්ටොප් එකට ඔත්තු බලන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරලා තියෙනවා. ඒ සොෆ්ට්වෙයාර් එක එරන්දිගේ ලැප්ටොප් එක ඔන් වෙලා තියෙන හැම වෙලාවකම ලැප්ටොප් එකේ කැමරාවෙන් කාටත් හොරෙන් වීඩියෝස් අරගෙන මේ මිනිහට යවනවා. එහෙම තමයි කාමරයේ දොර ජනෙල් වහලා තිබුනත් මිනිහට එරන්දිව පේන්නේ. ඒ වගේම අර පළවෙනි ෆොටෝස් ටික ගන්න වෙලාවේ ලැප්ටොප් එක තියෙන්න ඇත්තේ එරන්දිගේ ඇඳ උඩ... අනෙත් ෆොටෝස් ටික ගනිද්දී ලප්ටොප් එක කණ්නාඩිය ඉස්සරහ තියෙන මේසේ උඩ...."
ධනුෂ්ක දීර්ඝ විස්තරයක් කියාගෙන ගියේය. තාරකට ලිපිය යවා අවසන්ව තමා ඇඳ මත හාන්සි වෙද්දී ලැප්ටොප් පරිගණකය තිබුණේ තම හිස අසළ ඇඳ මත බව ඇයට හොඳින් මතකය. ධනුෂ්කගේ විස්තරය නිවරදියයි එරන්දිගේ සිත තුළ ද විශ්වාසයක් ඇතිවිය. එහෙයින්  තව දුරටත් මේ අදිසි මිනිසා ඇයට පුදුමයක් නොවේ. දැන් කළ යුතුව ඇත්තේ මේ අපරාධය කළ පුද්ගලයා සොයා ගැනීම පමණි.

පොලීසිය සතුව තිබුණේ අපරාධකරු එරන්දිට කතා කළ දුරකථන අංක කිහිපයක් සහ ඡායාරූප එවූ invisiblemanx@gmail.com යන නමින් වූ ඊමේල් ලිපිනය පමණි. ඊමේල් ලිපිනය නොමිලේ ඕනෑම අයකුට ඊමේල් ගිණුමක් සැකසිය හැකි gmail වර්ගයේ ගිණුමක් වූ බැවින් එය සෙවීම කළ නොහැකි දෙයකයි සිතූ පොලීසිය එම හෝඩුවාව ඉවත දමා දුරකථන අංක පිළිබඳව සොයා බැළුහ. නමුත් දුරකථන  අංක සියල්ලම මහ මග වූ කාසි දමන දුරකථන වලින් ලබාගෙන තිබුණු බැවින් ඒ ඔස්සේ ද වැඩි දුරක් යාමට පොලීසියට හැකියාව ලැබුණේ නැත. අපරාධකරු මනා සැළසුමකින් යුතුව මේ අපරාධය සිදුකර තිබිණි. තාක්ෂණය බාවිතා කරමින් මහා අපරාධයක් සිදුකළ අපරාධකරු තාක්ෂණය තුළම සැඟව ගොස් තිබුණි.
නමුත් තාක්ෂණය තුළ කිසි දිනක කිසිවෙකුටත් සැඟවෙන්නට හැකියයි ධනුෂ්ක විශ්වාස කළේ නැත. "තාක්ෂණය තුළ  ඇය නිරාවරණය වුයේ නම් ඇය හා සම්බන්ධ වූ ඔහුට සැඟවිය නොහැකිය" බොහෝ දෙනෙකුමෙන් මේ අපරාධකරු ද නොමිලේ ලබාගත හැකි ඊමේල් ලිපිනයක් බාවිතා කරන්නේ තමන්ගේ අනන්‍යතාව සඟවාලන්නටය. නමුත් ඒතුළම ඔහු තමාව සොයා ඒමට අවස්ථා එකකට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කර තිබූ බව අපරාධකරු දැන සිටියේ නැත.
තම උපක්‍රමය හෙළිවූයේයැයි නොදැන සිටි අපරාධකරු එදින රාත්‍රියේත් නැවතත් එරන්දිව ගොදුරු කරගැනීමේ අටියෙන් ඇයට ඇමතුවේය. ධනුෂ්කගේ උපදෙස් පරිදි එරන්දි වෙනසක් පෙන්නුවේ නැත. මෙවර අපරාධකරුට අවශ්‍යව තිබුණේ එරන්දිගේ තවත් නිරුවත් පින්තූර කිහිපයක් ලබාගැනීමටය. මුලින් අදිමදි කළ ඇය ඔහුගේ තර්ජනත් සමඟ ඡායාරූප කිහිපයක් ඔහුගේ ඊමේල් ලිපිනයට එවීමට එකඟවූවාය.
අන්තර්ජාලයේන් සුරතල් සතුන්ගේ ඡායාරූප කීහිපයක් ලබාගත් ධනුෂ්ක එය නව ඊමේල් පණිවුඩයකට එකතු කළේය. ඔහු විසින් ලියන ලද කුඩා පරිගණක වැඩසටහනක් ද එයට ඇමිණූ ධනුෂ්ක, අනතුරුව එරන්දිගේ ඊමේල් ලිපිනයෙන් එය අපරාධකරු බාවිතා කළ ඊමේල් ලිපිනය වෙත යැවීය.
මේ කිසිවක් නොදත් අපරාධකරු ඔහුගේ ඊමේල් ගිණුමට පිවිසියේ එරන්දිගේ නිරුවත් ඡායාරූප රස විඳීමේ අදහස ඇතිවය. ඔහු රහස්පදය ඇතුළු කර ඊමේල් ගිණුම වෙත පිවිසුනා පමණි. එරන්දිගේ ඊමේල් පණිවුඩය හා අමුණා තිබූ ධනුෂ්ක ගේ කුඩා මෘදුකාංගය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වී හොර රහසේම අපරාධකරුගේ IP ලිපිනය ධනුෂ්කගේ පරිගණකය වෙත ලබා දුන්නේ ය.
පොලීසිය සිටියේ සූදානමිනි. IP ලිපිනය මගින් අපරාධකරුගේ නිවසේ ලිපිනය සොයාගැනීමට ඔවුන්ට වැඩි වේලාවක් ගියේ නැත. පොලීසිය නිවසට යන විටත් කිසිවක් නොදත් අපරාධකරු සිටියේ එරන්දි නිරුවත් ඡායාරූප ලබා නොදීම පිළිබඳව කෝපයෙන් යුතුව ඇගෙන් පළිගැනීම සඳහා ඇගේ පෙර ඡායාරූප කීපයක් අන්තර්ජාලය හා එක්කිරීමට සැරසෙමිනි.
සාක්ෂි සහිතවම අපරාධකරු පොලීසියට කොටුවිය. දෑත් විලංගුලා පොලිස් සිර මැදිරිය තුළ රඳවා සිටින තාරක දෙස එරන්දි බලා සිටියේ විශ්මයෙනි. අදිසි මිනිසා පැමිණීමට ප්‍රථම සෑම විටම තාරක දුරකථනයෙන් අමතා කුමක් හෝ බොරු රාජකාරියක් තමා වෙත පවරන්නේ තම පරිගණක ය ක්‍රියාත්මක කරවීමේ අරමුණෙන් බව දැන් ඇයට සිතා ගැනීමට අපහසු නැත. තමා අසළම සිටිමින් තමාව මෙතරම් අපහසුතාවකට පත්කළ මොහු පිළිබඳව එරන්දිගේ සිතේ නැග ආවේ පාලනය කරගත නොහැකි තරමේ කෝපයකි. පය පැළඳි සපත්තුව ගලවාගත් ඇය කෝපයෙන් වෙව්ලමින් විලංගු ලා සිටින තාරක අසළට ඇවිද ගියාය.

සුනෙත් කොග්ගලහේවා
4/6/2016
#Cybercrime

12 comments:

  1. Replies
    1. නැහැ මේක ප්‍රබන්දයක් පමණයි

      Delete
  2. ඇත්ත කතාවක් වගේ ලස්සනට ලියලා...

    ReplyDelete
  3. ගොඩක් වෙලාවට තමන් කියන දේ පිලිනොගනි කියන යටි හිතේ තියන හැඟිම ජිවිත අවුල් කරනවා.. ඇත්තටමත් මේ හා සමාන සිදුවිම් සමාජයේ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් මානසිකව එතරම් ශක්තිමත් නොවන කෙනෙකුට ඒ දේ වෙන්න පුළුවන්

      Delete
  4. වෙබ් කැම් එක ඔන් කරද්දී ලයිට් එකක් පත්තු වෙනවනනේ.. ඒක ලේසියෙන් නිවන්න බැහැ..

    ඔයා වගේ මානසික අසහනකාරයෝ ඉන්නවා ඕන තරම්..

    (බ්ලොග් එකේ ටෙම්පුව වෙනස් කරා නම් හරි වගේ. උඩ කෝර්ඩ් කෑල්ලක් පැනලා.)

    ReplyDelete
    Replies
    1. මේ කතාවේ කියවෙන්නේ ලැප්ටොප් එකේ ඉස්සර තියෙන කැමරාව ගැන. ඒක ඕන් වෙද්දී කිසිම ඉන්ඩිකේටර් ලයිට් එකක් නැති ඒවා ඕන තරම්. ඒ වගේම ස්පයි වෙයර් එකකින් කැමරාව ඔන් කරද්දී මොන ලයිට් ද :)

      Delete
  5. අම්මෝ ඇඟත් සීතල වෙනවා මේවා ඇහුවම

    ReplyDelete
    Replies
    1. පරිස්සම් වීම ඇඟට ගුණයි

      Delete