ගන්දරයට එක එක ජාතියේ යාහළුවන් ඉන්නවා. උස මොට්ටයෝ, මිටි කට්ටයෝ ඒ ඇරුනම
මහත තට්ටයෝ, ඔය කොයි කොයි සුට්ටයත් ගන්දරයගේ හොඳ මිත්තරයො තමයි.
රුහුණේ මොන මොන දේ තිබුනත් හොඳම දේ කිරිපැණි වගේ, කොයි කොයි යාළුවො හිටියත්, ගන්දරයගේ හොඳම යාළුවා තමයි අයේශා.
අයේශා හරි හොඳ කෙල්ල. වැඩි කතාබහක් නැතිව ඔය කාගේ හරී ඕපදූපයක් හොයාගෙන
කාටවත් කරදරයක් නැතිව තමන්ගේ පාඩුවේ ඉන්න තමයි අයේශා වැඩිපුරම කැමති. ඒ
වගේම තමයි ඉතින් හැඩරුවත්, බලහත්කාරෙන් කෙලින් කොරාපු කොන්ඩේ පීරලා
පිළිවෙලකට ගවුමක් කාරිය අන්දලා ගත්තනම් එහෙම ඉතින් ආයේ මේ ගෙන්දගම් පොළවටම
හොයන්න නැහැ එහෙම ලස්සන කෙල්ලෙක්
අපේ අයේශට ඉන්නවා හරි අපූරු යාළුවෙක්, වෙන කවුරුවත් එහෙම නෙවෙයි අයේශලගෙ
ගෙදරට අල්ලපු ගෙදර ඉන්න පොඩි එකා. පොඩි එකා තවම ඉන්නේ බාලාංස පන්තියේ,
වයසින් පොඩි උනාට මූ මහ ඇම්ඩන් කොල්ලා. හැබැයි ඉතින් අයේශට හරිම ආදරෙයි.
කොච්චරවත් “නැන්දී… නැන්දී….” කියාගෙන ඇවිත් ඇඟේ එල්ලෙන එක තමයි කොල්ලගෙ
වැඩේ. වෙලාවකට ලෝකම ඇනයක් තමයි ඒත් ඉතින් හදිස්සියකට කඩේකටවත් යවාගන්න ඉන්න
කොල්ල නේද කියලා අයේශත් ඉවසලා ඉන්නවා.
අයේශගේ මූන දිහා බැළුවම කොල්ලට නම් මතක් වෙන්නේ මොන්ටිසෝරියේ දි ඉගෙන ගත්ත තේරවිලි කවියක්.