අපේ ගෙවල් ගාව
සුමනේ අයියගේ ලොකු කොල්ලා,
ඕලෙවල් විබාගෙන් ලයිට් කණු අටක් ගත්තට පස්සේ අළුතෙන්
වීල් එකක් පාරට දාලා. පුහ් බලන්න එපාය
දැන් කොල්ලගේ හැඩ. යස අගේට කළු පාටට තිබිච්ච කොණ්ඩේ පැත්තක් දුඹුරු පාට කොරලා, යාන්තමට
වැවීගෙන එන දැලි රැවුල පොන්ටින් කට් එක තියලා ඒ මදිවට එක කනකට කරාබුවකුත් දාලා, හන්දියේ කඩෙන්
ගත්ත කළු කණ්නාඩි දෙකත් ඔළුවෙ දාගෙන කොයි වෙලෙත් ඌ යන්නේ නිකං සලමන් කාන්ගේ අඳුරන
පුංචි අම්මගෙ පුතා වගේ. ඌට හපන් උගේ
ත්‍රීවීල් එක. ඒක ඉස්සරහින් බැළුවම ටොයොටා, පැත්තට බැළුවම
නිසාන් පිටිපස්සෙන් බැළුවම ප්‍රාඩෝ. ගොම්මන් කළුවරේ පාරේ යද්දි හරියට නිකං තොටළඟ
තොරණ ගමට ගෙනැල්ලා වගේ. පටාචාරා කතා
වස්තුව හරි වෙස්සන්තර ජාතකේ හරි පෙන්නන තොරණේ විස්තරේ වගේම මුගේ ත්‍රීවිල් එකෙත්
කොයි වෙලාවෙත් යන්නේ මිනිහා දාලා ගිහිල්ලා අඬා වැටෙන ගෑනුන්ගේ දුක් අඳෝනා ගැන
සින්දු යි, ගෑනි වෙන මිනිහෙකුට දන් දීපු මිනිස්සුන්ගේ
දුක් අඳෝනා යි ගැන සින්දු විතරයි. ඒකත් ඉතිං
හෙමිං එහෙම නොවෙයි අහල ගම් හතකටම ඇහෙන්න.
Showing posts with label ගන්දරයගේ කතා. Show all posts
Showing posts with label ගන්දරයගේ කතා. Show all posts
Friday, March 31, 2017
Wednesday, June 18, 2014
පතිවත රැකීම
ගිය සතියේ සඳුදා, උදේ පාන්දර
ඔෆිස් එකට යද්දී, අපේ විදුර මහත්තයගේ සෙකට්‍රි වරුණී,
තවත් ගෑණු ටිකක් වටකරගෙන බර කතාවක්. ගන්දරයා ඔය ගෑණුන්ගේ ඕප දූප
අහන් ඉන්න වැඩි මනාපයක් නැති වුනත් පොඩ්ඩක් කණ තියලා බැළුවේ වරුණි කියන්නේ කතා සාගරයක්
නිසා.
දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ කිව්වලු විදුර මහත්තයා වරුණිට "අයුතු යෝජනාවක්" කරලලු. වරුණි මේ උදේ පාන්දරම අනෙත් කට්ටියත් එකතු කරගෙන විස්සෝපෙන් කතා කරන්නේ "අයුතු යෝජනාව" ගැන. අනෙත් ගෑණු ටිකත් කම්මුලේ අත තියාගෙන අහං ඉන්නවා වරුණිගේ කතාව.

Tuesday, April 8, 2014
ගැංග්නම් ස්ටයිල්
කාලෙකට පස්සේ අද නිවාඩු. කමැමැලිකමේ ඉන්න
නිසාත් කාලෙකින් මොකුත් නොලිව්ව නිසාත්, කොම්පියුටරේ ළඟ වාඩිවුනේ මොනවාහරි
ලියන්න හිතාගෙන. ඒත් ඉතිං ලියනවා කියලත් මොනවා ලියන්නද, මොකෝ ගමරාල දිව්යනලෝකේ ගිය හැටි ලියන්නද නැතිනම් ගම හාමිනේ සිල්ගත්ත හැටි ලියන්නද.
අපේ අල්ලපු ගෙදර ඉන්න ප්රි යා අක්කනම් කියනවා එයා ගැන මොනවහරි ලියන්න ලු. ඒ අදහසත් නරකම නෑ. එහෙමවත් කරනවා කියලා හිතාගෙන මම ගියා උදෙන්ම අක්කව හම්බවෙලා එයා කරපු කියපු දෙයක් අහගන්න. ප්රි්යා අක්කත් මාව බොහොම ආදරෙන් පිළි අරගෙන තේ එකක් එහෙම දීලා වැඩේට ලෑස්ති උනා. ඔන්න මමත් දැන් ලියන්න දෙයක් හොයාගන්න හිතාගෙන ප්රිෙයා අක්කගෙන් ප්රේශ්ණ අහනවා

Sunday, March 9, 2014
ෆේස්බුක් තහනම් කල යුතුය
මේ ෆේස්බුක් කියන්නේ නම් අපේ රටට ආපු
මහාම මහ පිල්ලුවක්. ඔය ඇමරිකාව වගේ අධිරාජ්‍යවාදී රටවල් අපේ වගේ පුංචි රටවල්
අල්ලගෙන ඒවායේ සදාචාරය, සංස්කෘතිය විනාස කරලා දාලා බටහිර
සංස්කෘතිය වපුරවන්න හදපු නව යටත් විජිත වාදී උගුලක් ඕක. මම නම් කියන්නේ කවුරු
කොහොම විරුද්ධ උනත් ඔය මඟුල මේ දැන්මම තහනම් කරලා දාන්න ඕන.
Saturday, February 1, 2014
ගැලපීම
උදේ
පාන්දරම ටීවී එක
දැම්ම ගමන්ම ඒකේ යනවා දේශාභිමානි ගීතයක් "උතුරු කොනින් එන්න" සිංදුව. ඕක
ඉතිං අපේ මහින්ද මහත්තයගේ තේමා ගීතය නෙව. වාඩිවෙලා ඕක බලාගෙන ඉන්නකොට මට මතක් උනා
පරණ කතන්දරයක්.
උදේ පාන්දරම ටීවී එක දැම්ම ගමන්ම ඒකේ යනවා දේශාභිමානි ගීතයක් "උතුරු කොනින් එන්න" සිංදුව. ඕක ඉතිං අපේ මහින්ද මහත්තයගේ තේමා ගීතය නෙව. වාඩිවෙලා ඕක බලාගෙන ඉන්නකොට මට මතක් උනා පරණ කතන්දරයක්.
Monday, January 27, 2014
අලියා එපා
හිච්චි එකා කාලේ ගන්දරයටත් හරි ආසාවක්
තිබුනා ලොකු උනාම නළුවෙක් වෙන්න. ඒ කාලේ බලපු චිත්‍ර පටිවල සනත්
ගුණතිලකලා, සසී විජේන්ද්‍රලා, ජීවන් කුමාරතුංගලා අතපය වනලා උඩපැනලා
උඩදි දුස්ටයට ගහන හැටි දැක්කම ඉතිං ඕන කෙනෙකුට ඔහොම ආසාවක් එන එක අහන්නත් දෙයක්ය.
හැබැයි
ඉතිං හැකියාව තිබුනට හැකියාවට ගැලපෙන රැකියාවක් හොයාගන්න අතදෙන්න කවුරුවත්
නැතිවෙච්චි නිසා කර දඬු උස්මහත් වෙද්දී ඒ ආසාවත් එහෙමම නැතිවෙලා
ගියා.
Friday, January 11, 2013
රස්සගේ වස කතා...
ගන්දරය
කවදත් පිනට දහමට ලැදි, හතර පෝයට සිල් ගන්න, කුරා
කූඹියෙකුටවත් හිංසාවක්
පීඩාවක් නැති, පිනට
ප්‍රිය, පවට
බය, ඇල්වතුරත්
නිවලා බොන තරම්
දැහැමි උපාසකයෙක් කියලා උඹලා දන්නවානෙව. ඉතින් දෙයියනේ කියලා
යන තැනකට වැඩක්
කර ගන්නත් එක්ක ගන්දරයා පහුගිය දොහේ ගියා කතරගම වන්දනාවක.
තංගල්ල අම්බලන්තොට එහෙම පහු කොරාන හම්බන්තොටට කිට්ටු වෙනකොට බලන්ඩ එපාය ආයුබෝවංඩ, ඒ පැත්තේ සංවර්ධොනේ. එහෙං ගුවං පාලං ගහනවා මෙහෙන් පාරවල පලල් කොරනවා, එක පැත්තකින් වරායවල් හදනවා අනෙක් පැත්තෙන් ගුවං තොටුපොලවල් හදනවා. පුහ් අන්න සංවර්ධනේ. අපිට උනත් කොයිතරං නං ආඩම්බරයක්ද. එහෙං රූං ගාලා අහස් යාත්තරා ඇවිත් වරායට බානවා මෙහෙං නැව් ඇවිත් ගුවන් තොටුපොලේ නවත්තනවා.

Friday, November 16, 2012
අංකල් ද සොයිසා
පහුගිය දවසක ගමේ ගිය වෙලාවේ මට අපේ සොයිසා අංකල්ව හම්බවුනා. සොයිසා
අංකලුත් කොම්පියුටරයක් අරගෙන. නිකං නෙවි ෆේස් බුක්නුත් තියන කොම්පියුටරයක්.
අංකල්ව දැක්කම ගන්දරයටත් හිතුනා සොයිසා අංකල් වෙනුවෙන් යමක් කරන්න. ඉතින්
මේක සොයිසා අංකල් වෙනුවෙන්, හිනා වෙන්න බලාගෙන එහෙම මේක කියවන්න එපා.
වැඩිහිටියන්ට හිනාවෙන එක මහ පව්කාර වැඩක්.
සොයිසා අංකල් නැත්නම් අංකල් ද සොයිසා කියන්නේ අපේ ගමේ ඉන්න වයස අවුරුදු
හැටක හැට පහක් විතර පරණ තැපැල් මහත්තයෙක්. හැබැයි මෙහෙම කියනවා සොයිසා
අංකල්ට ඇහුනොත් හෙම ලුණු ඇඹුල් ඇතුව ඉංගිරිසියෙන් කුණු හරුප අහගන්ට
පුළුවන්. සොයිසා අංකල් කියන විදියට එයා විශ්‍රාම ගිය තැපැල් මහත්තයෙක් නෙවි
රිටර්යඩ් පෝස්ට් මාස්ටර් කෙනෙක්.
අන්කල් කියන විදියට තැපැල් මහත්තයා කියලා සිංහලෙන් කිව්වම ඒ වෘත්තියේ
තියන ගරු ගාම්භීරබව මතුවෙන්නේ නැහැලු, ගාම්භීර බව පේන්න නම් පෝස්ට් මාස්ටර්
කියලා ඉංගිරිසියෙන් කියන්න ඕනලු.
ඔය කතා කොහොම උනත් සොයිසා අංකල් හොඳ මනුස්සයා. පොඩි පරහකට තියෙන්නේ
ඉතින් සොයිසා අංකල් එක්ක කොයි බාසාවෙන් කතා කරත් උත්තර හම්බ වෙන්නේ
ඉංගිරිසියෙන් වෙච්ච එක විතරයි.
ලංකාවට සුද්දගෙන් නිදහස හම්බවෙලා අවුරුදු හැත්ත ගානක් උනත් උන්දෑ නම් තාමත් හිතාන ඉන්නේ රට කොරවන්නේ එංගලන්තේ මහ රැජිනිය කියලා.
හම ටිකක් කළු පාට එක ඇරුනම ආයේ ඉතිං අහන්ට බලන්ට දෙයක් නෑ සොයිසා
අංකලුත් නියම සුද්දා වගේ තමයි. කොයිවෙලාවේ බැළුවත් අංකල් ඉන්නේ ටයි කෝට්
ගහලා, තොප්පිය දාලා ෆුල් සූට් පිට.
ඉස්සර ගමේ ඉන්න ඉංගිරිසි නොදන්න මිනිස්සු කියන්නේ සොයිසා සර්, සිරිස්
බිරිස් ගාලා ඉංගිරිස් කතා කොරද්දී සුද්දො දුවනවා කියලා. ඒ කතාව සම්පූර්ණ
ඇත්ත, සොයිසා අංකල් කතා කරද්දී සුද්දෝ කොර. බොරු මොකටද මමත් ඇස් දෙකෙන්ම
දැක්කා සොයිසා අංකල් සුද්දෝ දෙන්නෙකුට කතා කරා ඇට්ටි හැලෙන්ට. සොයිසා අංකල්
ගිහිල්ලත් විනාඩි පහක් විතර යනකම් සුද්දෝ දෙන්නා හිටියේ හොල්මන් වෙලා.
පස්සේ තමයි දැනගත්තේ සුද්දෝ දෙන්නට වචනයක් වත් තෙරුනේ නැහැලු සොයිසා අංකල්
කියපු.
අපේ තාත්තලා කියන විදියට ඉස්සර මිනිස්සු මගුලක් මරණයක් වුනාම කාට
නොකීවත් සොයිසා අංකල්ට නම් කියනවලු. ඒ දවස්වල මිනිස්සු හරි කැමතියිලු
සොයිසා අංකල්ව ඔය වගේ අවස්ථාවකට ගෙන්නලා තමන්ගේ විවාහපත් ඥාතියා එහෙම
නැතිනම් තමන්ගේ මලගිය ඥාතියා ගැන සොයිසා අංකල් ලව්ව ඉංගිරිසියෙන්ම කතාවක්
පවත්වෝ ගන්න.
ඉංගිරිසි කතා කීරීමට අමතරව සොයිසා අංකල්ගේ අනෙක් විනෝදාංශය තමයි, පාරේ
දකින දකින කොල්ලන්ට ඉංගිරිසි ඉගැන්වීම. විශේෂයෙන්ම හවස් වරුවේ සොයිසා අංකල්
දෙකක් දාගෙන ඉන්න වෙලාවට එහෙම නං වැරදිලාවත් සොයිසා අංකල්ගේ ගෙවල්
ඉස්සරහින් යන්න බෑ, පාර මැද්දේ හිටෝලා “කැට් ඩෝග්” උගන්නනවා.
සොයිසා අංකල් රැස්පැට්ට බල් මනුස්සයා හින්දා, ගොයියා ඔය ගමේ ගොඩේ දහජරාව කටේ තියන්නේ නෑ.
පැන්සන් දවසට අංකල් යනවා ටවුමෙ පොලට, ගෙදරට ඕන කරන එළවළු මාළු අඩුම
කුඩුම ටික ගේන්න. එළවළු මල්ල අස්සේ ඇන්ටිට හොරෙන් හංගගෙන එන රට බාර්ලි
බෝතල් දෙක තමයි මාසයක් පුරාවට සොයිසා අංකල් අරපිරිමැස්මෙන් පාවිච්චි
කොරන්නේ.
දවසක් ඔහොම එළවළු මල්ල ඇතුලේ බෝතල් දෙක හංගගෙන ඇවිල්ලා කුස්සුයේ බිම
තියන කොටම බොතල් දෙක එකට වැදිලා ආවලු අමුතු සද්දයක්. පොල් සම්බෝලෙකට
පොල්ගගා හිටිය සොයිසා ඇන්ටිට යාංතමට වගේ වැඩේ මීටර්.
“මොනවද ඔය මල්ලේ තියෙන්නේ”
ඇන්ටි සැර දාලා ඇහුවම අංකල් ටිකක් හෙල්ලිලා ගියා.
සොයිසා අංකල් කොච්චර චන්ඩියා උනත් ඇන්ටි කොස් ගහක් පෙන්නලා දෙල් කිව්වොත් ඉතිං ඒක දෙල්ම තමයි.
“නෑ මේ හොඳ පලා ජාති ටිකක් හම්බවුනා අඩුවට…. නිවිති ගොටුකොල එහෙම ඔයාට ගුණයි නෙව… අනෙක මේ ඌස්න දවස්වල…”
අංකල් ලාවට බටර් පාරක් ගානවා ඇන්ටිට
හැබැයි ඉතිං ඇන්ටිත් එහෙම බටර් ගාලා අන්දන්න පුළුවන් ගෑණියෙක් නෙවෙයි.
“එතකොට කොහොමද ඔය පලා මල්ලෙන් යකඩ හෙලවෙනවා වගේ සද්දයක් ආවේ”
කෙලියා තාප්පෙටම, දැන් දීපල්ලකෝ උත්තර
ඒ වෙනකොටත් හීනියට මූඩියක සුවඳ බලලා හිටපු නිසාදෝ අංකල්ට ආවා ගණ දෙවි නුවණ.
“ඇයි නෝනා…. නෝනා අහලා නැද්ද නිවිතිවල යකඩ තියනවා කියලා. මල්ල බිම තියද්දී නිවිතිවල යකඩ හෙල්ලෙන්න ඇති.”
අංකල් ඇඟට පතට නොදැනි කිව්වම ඇන්ටි එහෙමම කට වහගත්තලු.
මහසෝනගේ වාහනේ ඌරා වගේ අපේ සොයිසා අංකල්ගේ වාහනේ අවුරුදු හතලිහක් විතර
පරණ වාසනාවන්ත කාර් එකක්. වාසනාවන්ත කාර් එකක්ය කිව්වේ ඕක සොයිසා අංකල්ට
ලැබිලා තියෙන්නේ එක්දහස් නවසිය හැත්තෑ ගනන් වල ගත්ත ස්වීප් ටිකට් එකක
පළවෙනි දිනුම විදියට.
ඌරා ගැන කියලා මහසෝනා ගැන නොකිව්වොත් වැඩක් නැහැ වගේ සොයිසා අංකල් ගැන කියලා කාර් එක ගැන නොකීවොත් ඒකෙත් කිසි රහක් නැහැ.
ඔන්න දැන් උඹලා හිතනවා ඇති ගන්දරයට උපමාව වැරදුනා කියලා. නැහැ බොලව්,
සොයිසා අංකල් ඔය කාරෙක පැද්දට වඩා සිද්ධ උනේ කාර් එක සොයිසා අංකල්ව පැද්ද
එක.
සොයිසා අංකල්ට ටිකට් එකට ඇදුනේ ෆෝඩ් ෆැල්කන් කියන වර්ගයේ මහ බරසාර කාර් එකක්
(මේ තියෙන්නේ ඔන්න ඔය ජාතියේ කාර් එකක්)
ඕක දිව්වේ පෙට්ට්‍රල් වලින්. ටික කාලයක් ගිහිල්ලා පෙට්ට්‍රල් ගනන් යද්දී
සොයිසා අංකල්ට හිතුනා මේකට ඩීසල් එංජිමක් තිබ්බා නම් ලාබෙට යාගන්න පුළුවන්
නේද කියලා. ඔහොම කල්පනා කොරලා කාරෙකේ ආපු ඔරිජිනල් එන්ජිම අයින් කරලා
තිව්වා ඩීසල් එන්ජිමක්.
දැන් මෙහෙම තව ටික කලක් යනකොට අංකල්ට හිතුනා මේ වාහනේ ලොකු වැඩියි,
ටිකක් පොඩි වාහනයක් තිබුනා නම් පහසුවෙන් ගියා නේද කියලා. ඔහොම කල්පනා කරපු
අපේ සොයිසා අංකල් එංජිම අයින් කරපු පරණ ෆෝඩ් කෝටිනා වර්ගයේ කාරෙකක් හොයාගෙන
අර ඩීසල් එන්ජිම හයි කරා ඒකට.
(මේ තියෙන්නේ ඒ ජාතියේ කාර් එකක්)
කොහොමින් කොහොම හරි දැන් තියන කාර් එකේ අර ටිකට් එකට ඇදිච්ච කාර් එකේ
යකඩ කෑල්ලක්වත් නැති වුනත් සොයිසා අංකල්නම් තවමත් බොහොම උජාරුවෙන් කියන්නේ
මට ටිකට් එකට ඇදිච්ච වාසනාවන්ත වාහනේ කියලා.
සොයිසා අංකල් ඉන්නේ මෙහේ උනාට අංකල්ගේ නෑදෑයෝ ඔක්කොම ඉන්නේ එංගලන්තේ.
ආයේ නිකනුත් රැජිනිගේ අර වැඩේ කරන්නේ අංකල්ගේ අහවලාගේ අහවලා, රැජිනිගේ මේ
වැඩේ කරන්නේ ඒ අහවලාගේ අහවලා. ඔන්න ඔහොම එංගලන්තේ රැජිනිට අහවල් වැඩේ කොරන
අහවල් නෑදෑයෝ රොත්තක්ම ඉන්නවා සොයිසා අංකල්ට. ඔය අතරින් ඉන්න ලොකුම නෑදෑයා
තමයි සොයිසා අංකල්ගේ දුව බැඳපු මනුස්සයා, ඒ කියන්නේ සොයිසා අංකල්ගේ බෑනා.
සොයිසා අංකල්ගේ බෑනා පොලෝසියේ ලොකු ඇස් ඇස් පී මහත්තයෙක්. දුව බැන්ද
දවස්වල සොයිසා අංකල්ට බෑනට වැඩිය කෙනෙක් නෑ. හම්බවෙන හම්බවෙන මනුස්සයා එක්ක
ඉංගිරිසියෙන් කියවන්නේ බෑනගේ වරුණාව. ඒ දවස්වල සොයිසා අංකල් ඕනම දේකට
කියන්නේ “ඕක සිම්පල් වැඩක් නේ මම බෑනට කියලා එක කෝල් එකෙන් කරලා දෙන්නම්”
කියලා
පාරෙදී හම්බවෙන මනුස්සයෙක් ඉඩම් ආරවුලක් කිව්වොත් අංකල් කියන්නේ
“ඕක සිම්පල් වැඩක් නේ මම බෑනට කියලා එක කෝල් එකෙන් කරලා දෙන්නම්”
ළමයෙක් ඉස්කෝලේ දාන එකක් කිව්වොත්,
“ඕක සිම්පල් වැඩක් නේ මම බෑනට කියලා එක කෝල් එකෙන් කරලා දෙන්නම්”
ඔහොම පුරුද්දට ගිහිල්ලා ගිහිල්ලා දවසක් කත්තිරිනාලගේ දුව බැඳලා අවුරුද්දක් ගතවෙලත් තවම ළමයි නෑ කිව්වම සොයිසා අංකල් කිව්වලු
“ඕක සිම්පල් වැඩක් නේ මම බෑනට කියලා එක කෝල් එකෙන් කරලා දෙන්නම්”
එදානම් සොයිසා අංකල් ඉදල් පාර නොකා ගෙදර ඇවිත් තියෙන්නේ බොහොම අමාරුවෙන්.
දවසක්දා සොයිසා අංකල්ගේ අල්ලපු වැටේ ඉන්න මාළු ප්‍රේමරත්නගේ ලොකු කොල්ලට
කවුදෝ කට්ටියක් පතබාලා. හවස්වරුවක මාළු ප්‍රේමරත්න කොල්ලවත් දක්කගෙන
සොයිසා අංකල්ලගේ ගෙදර ආවේ පොලීසියේ බෑනට කියලා තඩිබාපූ එවුන්ට හොඳ සම්බුවක්
දෙන්න හිතාගෙන.
මාළු ප්‍රේමරත්න ගෙනාපු බල මාළු කූරි දෙක එහෙම සොයිසා අංකල්ට දීලා කතන්දරේ කිව්වම සොයිසා අංකලුත් පැනලා වැඩේ බාරගත්තා.
මේ වගේ අවස්ථාවක් ආවහම ආයේ සොයිසා අංකලුත් අත අරින්නේ නෑ. බෑනට කතා
කරන්න කලින් සොයිසා අංකල්, මාළු ප්‍රේමරත්නගේ කොල්ලට ඉංගිරිසියෙන් පොලිසියට
කතාකරන හැටි ගැන ටියුෂන් පාරකුත් දුන්නා.
“පොලිසියේ ඉන්නේ ලොකු මහත්තුරු නේ… ඒ අය ඉංගිරිසියෙන් කතා කරන්නේ… අපි
ඉස්සෙල්ලම කෝල් එක අරගෙන එහා පැත්තෙන් හෙලෝ කියන කම් ඉන්න ඕන…. ඊට පස්සේ
කුඩ් අයි ස්පීක් ටූ මිස්ට කියලා කතා කරන කෙනාගේ නම කියන්න ඕන”
කොල්ලයි තාත්තයි දෙන්නම ඔළුව වැනුවේ හරියට තේරුණා වගේ
“මතකනේ කුඩ් අයි ස්පීක්”
තමන් කියලා දීපූ පාඩම ප්‍රැක්ටිකලි පෙන්නන්න හිතාගෙන සොයිසා අංකල් බොහොම
ගරු ගාම්භීර විදියට ගත්තා කෝල් එක පොලිසීයට, එහා පැත්තෙ දුරකථනය නාද වෙන්න
පටන් ගත්තම සොයිසා අංකල් රැල් බුරුල් ඇරලා හෙම සැරසුනේ තමන්ගේ බෑනාගේ
ගාම්භීර වොයිස් එක අහන්න.
තමන් ඉදිරිපිට තියන දුරකථනය නාද වෙනකොට විමසිලිමත් වෙච්ච ඇස් ඇස් පී
මහත්තතයා දැක්කා ඇමතුම එන්නේ තමන්ගේ මාමණ්ඩියගේ ගෙදරින් බව. ඉන්තේරුවටම
ලෙඩක් බව දන්න බෑනා එතන හිටපු එදාම වැඩට ආපු තරුණ කොස්තාපල්වරියෙකුට කතා
කරලා කිව්වා ෆෝන් එක ආන්සර් කරලා තමන් නැති බව කියන්න කියලා.
ඉතින් මේ ආධුනික කොස්තාපල්වරියත් තමන්ගේ ඉහල නිළධාරිය පවරපු රාජකාරිය අකුරට ඉටු කරන්න හිතාගෙන බොහෝම සියුමැළි හඬින් “හේලෝ……” කිව්වා
බෑනගේ ගාම්භීර වොයිස් එක අහන්න ලෑස්තිවෙලා හිටපු සොයිසා අංකල් මේ සියුමැලි වොයිස් එක ඇහුව ගමන් කරකවලා අතඇරියා වගේ
“කුඩ් අයි…… කුඩ් අයි….. කුඩයි… කුඩයි… කුඩයි…”
අපොයි සොයිසා අංකල්ට එතනින් එහා වචන එන්නේත් නැහැ… අංකල් එහෙමම කෝල් එක කට් කරා
එස් එස් පී මහත්තයා බලාගෙන ඉන්නවලු තමන්ගේ මාමණ්ඩිගෙන් ආපු කෝල් එක ආන්සර් කරලා මොකද මේ කෙල්ල ලැජ්ජාවෙන් ඇඹරෙන්නේ කියලා
“කාගෙන්ද පීසි කෝල් එක”
කොස්තාපල් කෙල්ල ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි කියනවලු
“අනේ මන්ද සර් කවුදෝ වයසක මිනිහෙක් කතා කරලා මට කුඩයි… කුඩයි… කියල තිව්වනේ”
ඇස් ඇස් පී බෑනා තවමත් කල්පනා කරනවලු මාමණ්ඩි එදා අර කෙල්ලට කුඩාවෙලා කියල කිව්වේ මොනවද කියලා.
අන්තිම පේළියේ පළවූ කතාව
Sunday, June 24, 2012
ශිල්ප දැක්වීම
මීදුමෙන් වැසුනු නුවර එළියෙ කඳු පංති අතරේ, හිම තුහින වැටෙනෙ සීතලේ
ග්‍රෙගරි වැව ඉස්මත්තේ මම එයාගේ අතින් අල්ලගෙන වාඩිවෙලා ඉන්නවා. අපි
දෙන්නගේ ආදරේට මල් ඉහින්න වගේ වැටෙන පුංචි හිරිපොද වැස්සෙන් බේරෙන්න එයා
තවත් ටිකක් මට ලංවුනා. ඔළුවේ ඉඳන් වැහෙන විදියට ඇඳගෙන හිටපු සීතල ඇඳුම නිසා
මට එයාව පෙනුනේ පුංචි හිම වැලහින්නියෙක් වගේ. ආදරේ කියන දේ කොයිතරම් නම්
සුන්දරද මොනතරම් නම් චමත්කාරජනකද.
අපි දෙන්නගේ ඒ චමත්කාරජනක ආදරය දැකගන්න වැවේ ඉන්න මාළු, ජෝඩු ජෝඩු වතුරෙන් උඩට පනිනවා. වතුරෙන් උඩ එන මාළු ජෝඩු අල්ලගන්න බලාගෙන, වැවට නැවුන අත්තක කොකෙක් බක තපස් රකිනවා. වැව මැද ගලක් උඩ ගෙම්බෙක් ගෙඹි පැටියට චක්කරේ පාඩම් කොරවනවා,
බක වරක් එක බක,
බක වරක් දෙක බක බක
බක වරක් තුන බක බක බක
බකවරක් හතර බක බක බක බක.
“මොකද ළමයෝ මේ උදේ පාන්දර බක බක ගාන්නේ ඔල්මාදෙද”
මම ඇහැ ඇරුනේ අපේ අම්මගේ කටේ සද්දෙට. නුවර එළියේ ඉඳලා එකපාරට අපේ ගෙදර ඇඳ උඩ.
ෂිහ්ඃ එතකොට මෙච්චර වෙලා මම දැක්කේ හීනයක්ද?
මගේ හිත එහෙමම කඩාගෙන වැටුනා…
එක අතකට හීනෙන් හරි එයත් එක්ක ඔහොම ඉන්න තියනවා නම් කොයිතරම් දෙයක්ද…..
මේ “එයා” පිට කවුරුවත් එහෙම නෙවෙයි ගන්දරයාගේ ඇවැස්ස නෑනා… ඇවැස්ස නෑනා කිව්වට ඒකත් මේ අපේ තාත්තගේ අක්කගේ අඳුරන පුංචි අම්මගේ ගෙට පිටිපස්සේ ඉන්න සුමනලතාගේ නංගි ගේ දුව වගේ මොකක්දෝ ටිකක් දුර නෑ කමක්, ඒත් ඉතින් නෑකම නෑනලු. නෑකම ළඟ උනත් දුර උනත් මොකෝ නෑනා නෙව.
නෑනා ඉතින් ටිකක් හැඩකාරයි, ඇහැට කනට පේන දැරිවි. නම තනුජා. නෑනව දැක්කම ගන්දරයට මතක් වෙන්නේ පරණ කවියක්,
දුර එනකොට වැටකෙයියා මලක් වගෙයි
ලග එනකොට රිදියෙන් කල වැඩක් වගෙයි
ගෙට එනකොට ගෙයි ඇවිලෙන පහන වගෙයි
මගෙ නෑනා මට මානෙල් මලක් වගෙයි
ගන්දරයට ඔහොම හැඩකාර නෑනෙක් ඉන්නවයි කියලා මීට කලින් ගන්දරයවත් දැනගෙන හිටියෙ නැහැ. ගන්දරයත් ඔය නෑනව හා හා පුරා කියලා දැක්කේ පහුගිය දවසක තිබුණු මගුල් ගෙදරකදි. නෑනත් එහෙමයි ඉස් ඉස්සෙල්ලා ගන්දරයව දැක්කේ ඔතනදි.
අද කියන්න යන කතාවත් මේ මගුල් ගෙදර ගැන. මගුල් ගෙදර ගැන කිව්වට ඇත්තටම ඉතින් මගුල් ගෙදරදි හමුවුනු මේ හැඩකාර නෑනව ගන්දරයා ඉම්ප්‍රෙස් කොරාපු හැටි තමයි කියන්න යන්නේ. ඔය නොදන්න කෙල්ලෝ කොල්ලා හොඳ අවධානයෙන් කියවහල්ලා. පෙලක් වෙලාවට ගෑණු ළමයෙක් ඉම්ප්‍රෙස් කොරන හැටි ආදර්ශෙට ගන්නත් බැරි වෙන එකක් නැහැ. ඊට කළින් සුපුරුදු ඩිස්ක්ලෙමර් එක හිනා නම් යන්නෙ නැහැ ගොයියො.
පහුගිය දවසක ගන්දරයගේ ඥාති සොහොයුරියකගේ විවාහ මංගල උත්සවය තිබුණා. ඔහොම දෙයක් උනාම ඉතින් වටේ පිටේ ඉන්න නෑදෑයෝ යාළුවෝ එහෙම කවුරුත් එකතු වෙනවා නෙව, ගන්දරයටත් ඉන්නවා අයියලා අක්කලා නංගිලා මල්ලිලා සෙට් එකක්ම ඔහොම වෙලාවට එකතු වෙන. කාලෙකින් හම්බ නොවිච්ච සෙට් එක බලන්නත් එක්ක ගන්දරයත් ගියා දවස් දෙක තුනකට කලින්ම මඟුල් ගෙදර.
මගුල් ගෙදර තිබුනේ හීතල පැත්තක, කඳු වලින් වටවුනු මීදුම් පිරුණු බොහොම ලස්සන තැනක. සොබාව සෞන්දර්යයෙන් මත්වෙලා මන්මත්වෙලා වල්මත් වෙන්න ඔන්න මෙන්න කියලා ඉන්න වෙලාවක තමයි සීතලට පිපුණු පින්න මලක් වගේ ගෑණු ළමයව ගන්දරයා දැක්කේ.
හප්පා මොනවද ඉතින් ගන්දරයත් ඉක්මනටම හොයලා බැළුවා ගෑණු ළමයා ගැන. නම තනුජාලු ටිකක් දුරින් නෑනා වෙන කෙනෙක්ලු. මේක දැනගත්ත ගමන් මගුල් ගෙදර අස්සේ ගන්දරයගේ අක්කලා නංගිලා ටික තව මඟුලක් ලැහැස්ති කොරන්න හදනවා. මොනවා උනත් තනුජාව දැක්ක ගමන් ගන්දරයටත් ටිකක් හිත ගියා. බලනකොට ගෑණු ළමයටත් ටිකක් හිත ගිහින් වගේ ගන්දරයට, ප්‍රතිචාර හොඳයි . ගන්දරය ඉතින් කෙල්ලව දැකපු වෙලාවෙ ඉඳන්ම ට්‍රයි එක ටිකක් කතාබහ කොරන්න.
ඕන්න අක්කලා සැට් එකට පිං සිද්ධ වෙන්න එදා හවස ගන්දරයට චෑන්ස් එක හම්බ උනා තනුජා එක්ක කතාකරන්න. මගුල් ගෙවල් වල තියනවානේ ඔය එක එක් වැඩ කේක් පෙට්ටි වලට දාන්න කේක් ඔතන්න වගේ, හවස අපි දෙන්නටත් බාර වුනා ඔය වගේ වැඩක්. දැන් ඉතින් පෙරුම් පුරාගෙන කතාකොරන්න බලාගෙන හිටියට මොනව ද කතා කරන්නේ.
දේශීය සංස්කෘතිය සභ්‍යත්වය හා භෞමික අඛන්ඩතාව පවත්වා ගැනීම උදෙසා නූතන වනිතාවගේ වගකීම ගැන කතා කොරන්නද නැතිනම් ආච්චිගේ රෙද්දද සීයගේ සරමද ඉක්මනට පරණ වෙන්නේ කියලා කතා කොරන්නද. එයා නම් කියනවා ඉක්මනට පරණ වෙන්නේ ආච්චිගේ රෙද්දලු. ආච්චිගේ රෙද්ද තමයි, ඉක්මනට පරණ වෙන්නේ සීයගේ සරම. මොකද ආච්චි ඇඳන් නාන්න ගන්නේ සීයගේ සරම නෙව.
දෙන දෙයියෝ දෙනකොට දෙනවලු උඩ පැන පැන බලාගෙන යනකොට තනුජත් තෙලස්ටරෝව කියවනවලු. ඔය තියෙන්නේ දැන් ඉතින් මම ගන්දරයා බව දැනගත්තම කෙල්ල නිකම්ම ඉම්ප්‍රෙස් වෙලා සර්පරයිස් වෙලායයි නෙව නිකං ශාරුක් ඛාන් දැක්කා වගේ. මමත් ඉතින් කොලර් එක ටිකක් උස්සගෙන් කටහඬ එහෙම ටිකක් ගැඹුරු කරලා ඇහුවා
“ඔයා කාගේ කතාවලට ද නංගී වැඩියෙන්ම ආස”??
“ම්ම්ම්ම් ___ගේ කතා…. ඒවා හරිම ලස්සනයි නේද…….
“ඔව් නේද එතකොට තව කාගේ කතාද ඔයා කියවලා තියෙන්නේ…..”
ම්ම්ම්ම් bbb ccc ddd oo fff gggg ssss mmm jjjj llll vvvv zzz iii etc ……. ඔහොම දිගම නම් වැලක්ම කියාගෙන ගියා. ඔය ඉතින් මට මතක එයා කියපු නම් ලැයිස්තුවෙන් කොටසක් විතරයි.
එතකොට ඔයා ගන්දරයාගේ කතා කියවන්නේ නැද්ද….??
කවුද ගන්දරයා……… ම්ම්ම් මතක නෑ නේ……
අර ගන්දරයා… ගන්දරයා….. ඔයාට මතක නැද්ද
නැහැ අනේ එහෙම කෙනෙක් මතක නැහැ. කවුද ඔයා දන්න කෙනෙක්ද ඒ….?
මේ…. මේ…. මේ…. අපේ ගමේ හාදයෙක් වැඩි ඇඳුනුම්කමක් නම් නැහැ.
මැදෑ කොරා… මේකි ගන්දරයව දන්නේ නැහැලු නෙව අයියෝ සල්ලි. මමත් ගියා කෙල්ලව ඉම්ප්‍රෙස් කොරන්න.
තලගොයි මස් කෑවත් අපි බොහොම ධාර්මික මිනිස්සු නෙව. ඒක නිසාමද කොහෙද ඊළඟ දවසේ උදේ ආයෙත් දෙයියෝ මගේ මූණ බැළුවා. ගන්දරයාට සැට් වුනා තනුජත් එක්ක ගිහින් මල් වගයක් අරන් එන්න. ඔන්න පුතේ මේ පාරත් නියම බෝලයක් වැටෙන්න හදන්නේ අත දිග ඇරලා හයක් ගහන්න. අපි දෙන්නා උදෙන්ම ලෑස්ති උනා මල් ගේන්න යන්න.
ඔය අතරේ කුස්සිය පැත්තේ ඉඳන් ආපු අක්කා කියනවා මල් අරන් එන ගමන් තැඹිලි ගෙඩි විස්සක් විතරත් ගේන්නලු. ඔන්න ඉතිං ගන්දරයයි තනුජයි දෙන්නා මල් වැටුනු මල් පාරවල් දිගේ කාරෙකෙන් මල් ගේන්න යනවා. ඔය මල් ගන්න තැන් තිබුනේ ගෙදර ඉඳන් කිලෝමීටර් පහක් විතර එහායින් අපි දෙන්නා ඉතින් මෙහෙම ටික දුරක් යනකොට ඉස්සරහින් එනවා බයිසිකලේක තැඹිලි වලු දෙකක් එල්ල ගත්ත මිනිහෙක්. මේ මනුස්සයගෙන් තැඹිලි ටික ගත්ත නම් වැඩේ ලේසී නෙව ආයෙත් තැඹිලි හොය හොය බොරුවට රස්තියාදු වෙන්න ඕන නැහැ නේ කියලා ගන්දරයා හැදුවේ මේ මනුස්සයාගෙන් තැඹිලි ගන්න, එහෙම හිතලා කාරෙක නවත්වන්න හදනකොටම තනුජා කෑ ගහපි දැන් ඔය මනුස්සයගෙන් කාරෙක නවත්තලා ගනන් ඇහුවම දෙගුනයක් කියවි කියලා. බලාගෙනම ගියාම ඒ කතාවත් ඇත්ත.
අපිට තැඹිලි ඕනකම තියනවා කියලා දැනගත්තම මේ මිනිහා ගාන වැඩියෙන් කියාවි තමයි. ඒ මදිවට තනුජා හීනියට කින්ඩියකුත් දැම්මා “ගෑණුන්ගේ මොලේ හැඳි මිටේ කිව්වට පිරිමින්ට ඉතින් එච්චර වත් නෑ වගේ” ලු.
“ඒ ඉතින් අපිට තැඹිලි ඕන කියලා මිනිහා දැන ගත්තොත් නේ….. ඒවට ක්‍රම සහ විධි තියෙනවා නංගී ….. අපි නිකං අපිට තැඹිලි ගන්න ඕනකමකට නෙවෙයි නිකං ගාන ඇහුවා වගේ මිනිහට තේරෙන්න ගනන් අහන්න ඕන. ඔන්න බලාගන්නකෝ මම කරන වැඩේ”
ගන්දරයටත් දැන් ඕන කම තනුජට පේන්න අර මිනිහගෙන් ලාබෙට තැඹිලි ගන්න. ඔන්න ගන්දරයා හිතෙන්ම ගැහුවා ප්ලෑන් එකක්. ඒ වෙනකොට තැඹිලි බයිසිකල් කාරයා අපිව පහු කරලා අනෙත් පැත්තට ගිහින්. ගන්දරයත් යන්න ගිහිපු ගමන වෙනස් කොරලා ආපහු වාහනේ හරවගත්ත, ඒ හරවගෙන එන ටිකට මේ මිනිහට පල්ලමක් අහුවෙලාද කොහෙද සෑහෙන්න දුර ගිහින්. ගන්දරයත් වාහනේ ටිකක් සැර දාලා ගිහින් මිනිහව පහු කරා, පහු කරලා ටිකක් එහාට වෙන්න වාහනේ නවත්තගත්තා පාර අයිනේ.
පාර අයිනේ මෙහෙම වාහනේ නිකං නවත්තගෙන හිටියොත් මිනිහා හිතයි මිනිහා එනකම් නවත්තගෙන හිටියා කියලා, ඒක නිසා ගන්දරයා බොනට් එකත් ඇරලා ඒක අස්සෙ බෙල්ලත් ඔබාගත්තා. ම්හු මේ හරියේ කන්ද වගේ නිසා මිනිහා එන්නේ බොහොම හෙමින්. මේ මිනිහා මෙතැන පහු කරනකම් කරන්න වැඩකුත් තියෙන්න එපාය ඇතුලේ කාපට් ටිකත් අරන් එළියට ගැසුවා දුවිලි යන්න. ඕන්න යානත්ම් මිනිහා අපි ඉන්න තැනට කිට්ටු කරා. ඒත් ගන්දරයා කළබල උනේ නෑ මිනිහට ටිකක් අපිව පහු කරලා යන්න දුන්නා
දැන්නම් මිනිහට හොඳටම සුවර් ඇති අපි ඉන්නේ තැඹිලි ගන්න නෙවෙයි කියලා. මිනිහට ටිකක් දුර යන්න ඇරලා මම කතාකරා පොරට.
“මේ ලොකු උන්නෑහේ……… ඔය තැඹිලි කීයෙයි…..”
මිනිහා ආපහු හැරිලා බයාදු හිනාවක් එහෙම දාලා කියපි…
“මේවා විකුණන්න නෙවෙයි මහත්තයෝ….. “
මට තවමත් මතක් වෙන්නේ තනුජගේ මූණේ තිබුනු නෝන්ඩි හිනාව
අයියෝ සල්ලි………….!!!!!!!!

Friday, April 27, 2012
නැන්දා සහ පොඩි එකාගේ විත්ති
ගන්දරයට එක එක ජාතියේ යාහළුවන් ඉන්නවා. උස මොට්ටයෝ, මිටි කට්ටයෝ ඒ ඇරුනම
මහත තට්ටයෝ, ඔය කොයි කොයි සුට්ටයත් ගන්දරයගේ හොඳ මිත්තරයො තමයි.
රුහුණේ මොන මොන දේ තිබුනත් හොඳම දේ කිරිපැණි වගේ, කොයි කොයි යාළුවො හිටියත්, ගන්දරයගේ හොඳම යාළුවා තමයි අයේශා.
අයේශා හරි හොඳ කෙල්ල. වැඩි කතාබහක් නැතිව ඔය කාගේ හරී ඕපදූපයක් හොයාගෙන
කාටවත් කරදරයක් නැතිව තමන්ගේ පාඩුවේ ඉන්න තමයි අයේශා වැඩිපුරම කැමති. ඒ
වගේම තමයි ඉතින් හැඩරුවත්, බලහත්කාරෙන් කෙලින් කොරාපු කොන්ඩේ පීරලා
පිළිවෙලකට ගවුමක් කාරිය අන්දලා ගත්තනම් එහෙම ඉතින් ආයේ මේ ගෙන්දගම් පොළවටම
හොයන්න නැහැ එහෙම ලස්සන කෙල්ලෙක්
අපේ අයේශට ඉන්නවා හරි අපූරු යාළුවෙක්, වෙන කවුරුවත් එහෙම නෙවෙයි අයේශලගෙ
ගෙදරට අල්ලපු ගෙදර ඉන්න පොඩි එකා. පොඩි එකා තවම ඉන්නේ බාලාංස පන්තියේ,
වයසින් පොඩි උනාට මූ මහ ඇම්ඩන් කොල්ලා. හැබැයි ඉතින් අයේශට හරිම ආදරෙයි.
කොච්චරවත් “නැන්දී… නැන්දී….” කියාගෙන ඇවිත් ඇඟේ එල්ලෙන එක තමයි කොල්ලගෙ
වැඩේ. වෙලාවකට ලෝකම ඇනයක් තමයි ඒත් ඉතින් හදිස්සියකට කඩේකටවත් යවාගන්න ඉන්න
කොල්ල නේද කියලා අයේශත් ඉවසලා ඉන්නවා.
අයේශගේ මූන දිහා බැළුවම කොල්ලට නම් මතක් වෙන්නේ මොන්ටිසෝරියේ දි ඉගෙන ගත්ත තේරවිලි කවියක්.
Sunday, December 11, 2011
ස්ථානෝචිත ප්රඥ්ඥාව
මේ දවස්වල තද වැස්ස, ඒ මදිවට හුළඟ. කල්ප විනාසේ ලංවෙලා වගේ එක දිගට පැල්
බැඳගෙන වහිනවා කිසිම වැඩක් කොරන්න හිතෙන්නේ නෑ, ඒතරමට හීතල. කොරන්න
පුළුවන් එකම වැඩේ ඉහේ ඉඳන් පොරවගෙන නිදාගන්න එක.
උදේ හතට විතර නැගිටලා ඇඳෙන් බහින්න කම්මැලි කමට ආයෙත් පොරවගෙන අනෙත් ඇලේට හැරුනා.
“ඉසී ඉසී”, “ඉසී ඉසී” කවුදෝ මේ උදේ පාන්දර පූසෙකුට කතා කරනවා.
ඒත් අපේ ගෙදර පූසෝ නැහැ නේ. එතකොට කවුද මේ උදේ පාන්දර පූසන්ට කතාකරන්නේ,
කොයිකටත් කියලා මම ඇඳෙන් ඉස්සිල්ලා ජනේලෙන් බෙල්ල එළියට දාලා බැළුවා.
බලනකොට අපේ බලු තඩියා ඉන්නවා ජනේලේ ඉස්සරහ, සීතලට ගුලිවෙලා, අපේ මල්ලී
බල්ලට කතා කරනවා “ඉසී ඉසී” කිය කියා, බල්ලට වගේ වගක් නැහැ, වල්ගෙන් ඇස්දෙක
වහගෙන ඌ බුදි.
“හරකෝ, බල්ලට ඉසී ඉසී කිව්වම හරියනව ද ? කතාකරපිය ඉජු ඉජු කියලා”
මම ඇඳේ ඉඳන්ම කෑ ගහලා ආයෙත් රෙද්ද පොරව ගත්තා.
විනාඩි පහක් ගියේ නෑ මෙන්න මල්ලි මගේ කාමරේ
“අයියේ මාර වැඩේ නේ උනේ”
“මම විහිළුවට වගේ ටොමියට ඉසී ඉසී කියලා කතාකරා ඌට තේරෙනවද බලන්න, මූ මට බැන්නනේ “හරකෝ බල්ලන්ට කතාකරන්නේ ඉජු ඉජු කියලා” කියල”
Thursday, October 6, 2011
බොරුකාරී
බෙලියා මේ දවස්වල බොහොම හිතේ අමාරුවෙන් ඉන්නේ කියලා ආරංචියක් ආවා. මොනවා
උනත් ඉතින් එක පැදුරේ බත් කාපු, එක හැලියේ බුදියාපු, කොළ බොක්කේ යාළුවා
නෙව, ගන්දරයත් ගියා බෙලියගේ ගෙදර බෙලියව බලන්න. අනේ අම්මේ බෙලියා ඉන්නවා
කාමරේ ඇඳ උඩට වෙලා අස්සයා මැරිච්ච කවුද බෝයි වගේ, බලා ගත්ත අතේ බලාගෙන
කල්පනාව.ඒ මදිවට සැරින් සැරේට ඉකි ගගහ අඬනවා, මූණත් රතු වෙලා. ඊයේ පෙරේදා
දෙකේම හරියට කෑමක් බීමක් වත් නැහැලු, කෙප්ප හරකෙක් වගේ හිටිය බෙලියා
හාරමාසෙකින් නොකාපු ගැරඬියෙක් වගේ ඇඳේ දපලා ඉන්නවා. බෙලියා ඉන්න හැටි
දැක්කම දුකේ බෑ….. දැන් ඔය ඇඳේ පත බෑවිලා බලාගත්ත අතේ බලාගෙන හිටියට කොහොම
හිටිය කොල්ලෙක් ද.
ගන්දරයත් ඉතින් හෙමිහිට කිට්ටු කලා බෙලිය ළඟට මොකක් ද මේ අරුමැක්කේ වෙච්ච සන්තෑසිය කියල දැන ගන්න.
“බෙලියෝ……” ම්හ් සද්දයක් නෑ
බෙලියෝ…… ම්හු ඒ පාරත් ප්රතිචාරයක් නැහැ
බොල **තෝ
ආන්න ඒ පාර බෙලිය හෙමීට ඔළුව උස්සලා බැළුවා
“මොකද බන් උඹට උනේ”
“කියලා වැඩක් නෑ බං”
බෙලියා කෙඳිරි ගානවා
මේ බලපං බෙලියා …. ! උඹයි මමයි දෙන්නා බට්ටෝ පනින කාලේ ඉඳන් යාළුවෝ,
පිංචි කියලා පැන්නෙත් අපි, ඔට්ටු තියලා දිව්වේත් අපි, ඉතින් බොට මොකක්ද මට
කියන්න බැරි..? ඔන්න ඒ පාර බෙලියා හෙමින් කතාව පටන් ගත්තා
“උඹ දන්නවනේ ගන්දරයා….. මේ බෙලියා…..වැල්ලබඩ පත්තුවේ ගම් දොරේ ඉපදිලා,
මාගම් පත්තුවේ ගිරිවාගං දොලොස් දාහේ ඉඳලා මේ ගෙන්දගං පොලවේ පස් කාපු එකෙක්”
“නැතුව නැතුව උඹ ඉතින් ඉරහඳ ලෙවකාලා මහමූදේ කරිජ්ජ බීපු එකා නෙව ” ගන්දරයා අඩු වැඩිය සම්පූර්ණ කරා ”
“ඒ විතරක් නෙවෙයි බොල රටේ ඉන්න ලොකුම බොරු කාරයාටත් බොරු කියන්න ඉගැන්නුවේ මම”
“ඇහ් ඒ කොහොමද බං ඒ”
බෙලියා වටපිට එහෙම බලලා මට කතාව කියන්න පටන් ගත්තා.
ඉතින් මේ පහතින් ලියන්නේ බෙලියා මට කියපු කතාව මේක ඉතිං ඇත්තද බොරු ද
කියලා කියන්න නම් මම දන්නේ නෑ. මේකට හිනා යන්නෙත් නෑ, ගන්න කියලා කිසිම
ආදරුසෙකුත් නෑ. ඒක නිසා හිනාවෙන්න බලාගෙන නම් ඉස්සරහට කියවන්න එපා, කියවලා
මට බනින්නත් එපා…
බෙලියා දැන් ටික කාලෙක ඉඳලා යෝග වියායාම කොරනව නෙව, කරන කියන ඕන දෙයක්
කැපවීමෙන් උනන්දුවෙන් තිතටම කරන එක තමයි බෙලියගෙ විදිය. ඉතින් මෙහෙම
උනන්දුවෙන් උත්සාහයෙන් වැඩ කරලා මේ ඊයේ පෙරෙදා දවසක අපේ බෙලියා කුණ්ඩලීනී
යෝගය කියන මහා බලගතු යෝගයක් ලබාගත්තලු, ඕක ලබාගත්තම කාලය හරහා ගමන් කරන්න
පුළුවන්ලු. අනාගතේට ඕන නම් අනාගතයට, අතීතයට ඕනනම් අතීතයට මේ කුණ්ඩලිනී
යෝගයෙන් යන්න පුළුවන් ලු මේ කුණ්ඩලීනී යෝගය පාවිච්චි කරලා අපේ බෙලියා
අතීතෙට ගිහිල්ලා…. ඒකත් මේ චේතිය රජතුමා දැහැමෙන් සෙමෙන් රාජ්යය විචාරන
කාලයට.
බෙලියා ගිහිල්ලා කෙලින්ම ප්රා දූභූර්ත වෙලා තියෙන්නේ චේතිය රජ්ජුරුවන්ගේ
සිරියහන් ගබඩාවට රජතුමාත් දවල්ට රාජ් බෝජනේ වළඳලා සේවිකාවක් ගෙනාපු මිදි
යුස එකත් බීලා හෙම යාන්තම් ඇස් දෙක පියවී ගෙන යන වෙලාවේ තමයි අපේ මේ බෙලියා
රජතුමා ඉදිරියට ප්රාුදූභූර්ත වෙලා තියෙන්නේ. රජතුමා බෙලියව දැක්ක හැටියෙම
ටිකක් හෙල්ලිලා හිටියලු. නැතුවයැ රුවන්වැලි සෑය ගාව තිබුනු වාමන රූපේට
කොහොම පණ ආවාද කියලා එතුමට හිතාගන්න බැරිවෙන්න ඇති. කොහොම උනත් අපේ බෙලියා
වැඩ කාරයා නෙව යාන්තම් කියලා කියලා රජතුමාට තේරුම් කරලා දුන්නලු තමන් මේ
අනාගතයේ සිට මෙහි පැමිණි මහා තීර්ත යාත්රිකකයෙක් කියලා
ඔන්න ඒ පාර වැඩේ හරි, චේතිය රජතුමා ඉහලම ගරු රාජ්ය් සත්කාර සහිතව රතු
පලස් දාලා වඩිගපටුන නටලා, බෙර දවුල්, තම්මැට්ටම්, නලා මේ සියල්ලම ගහලා මහා
ඉහලින් අපේ බෙලියව පිළිඅරගෙන. වෙන එකක් තියා රජතුමාගේ අස්ප කරත්තෙන්ම රාජ
සභාවටත් එක්කරන් ගිහින් ඇමතියන්ටයි රටේ කුදු මහත් හුදී ජනතාවටයිත් අඳුන්වලා
දීලා.
අපේ මේ බෙලියා චේතිය රජ්ජුරුවන්ගේ මාලිගාවට යන වෙලාවේ රටේ මහා විසාල
උත්සවයක්. උත්සවය පවත්වන්නේ චේතිය රජතුමාගේ පියරජාණන් වහන්සේගේ පනස්වන ගුණ
සමරුව නිමිත්තෙන්. තමන්ගේ පියාගේ ගුණ සමරුව ගැන වර්ථමාන මිනිස්සුන්ගේ වත්
කිසි උනන්දුවක් නැති වෙලාවක, අනාගතෙන් කෙනෙක් ඒම රජතුමාට මාර
චිත්තප්රිසතියක් වෙන වැඩක් උනා කොහොමින් කොහොම හරි දවස් තුනක් පුරා පවත්වන්
මේ ගුණානුස්මරන උත්සවයේ පළවෙනි දවසේ ආරම්භක දේශනය කොරන්ට අපේ බෙලියට
පැවරුනා.
හත් ඉලව්වට ගහපු කලාබරයයි කිව්වලු දැන් කොරපන් කෝ චේතිය රජ්ජුරුවන්ගේ
තාත්තා ගැන කතාවක්. අපේ බෙලියා දැන් වල්ගේ හපාගෙන මේ පියරජා කියපු කොරපු
දේවල් හොයනවලු කතාව කොරන්න, සෙල්ලිපි කියවනවලු පුස්කොල පොත් පෙරෙලනවලු….
මොන මේ පියරජා කොරයි කියලා කියන්න තුත්තිරි ගහක දෙයක් නැහැලු, ජනතාවගෙන්
පියරජ තුමා ගැන ඇහුවමත් පිය රජ තුමාගේ මව්බිසව ගැනලු ජනතාව කියන්නේ.
අන්තිමේදි ඉතින් බෙලියා කල්පනා කොරා මේ පියරජා කොරපු මොනම කෙහෙල්
ගෙඩියක් වත් නැති එකේ තමන් දන්න දන්න දේවල් ටික දාලා කතාව කරලා කොහොම හරි
ජාමේ බේර ගන්නවා කියලා මෙහෙම හිතලා බෙලියා දැන කතාව හදාගත්තා මෙහෙම ” අපේ
මේ චේතිය රජතුමාගේ පියරජ තුමා එළාර එක්ක සටනට ගිහිල්ලා මේ රට නිදහස්
කරගත්තා, පරාක්රේම සමුද්රමය වගේ යෝධ වැව් හැදෙව්වා රුවන්වැලි සෑය වගේ යෝධ
දාගැබ් හැදෙව්වා” වගේ
ඔන්න ඉතින් උත්සවයත් පටන් ගත්තා ආයේ මොනවද අපේ බෙලියත් දෙනවා ගුණ කතනය
රම්පෙට පොරි හැලෙන්න ස්ටේජ් දෙදරන්න මයික් පැලෙන්න අතෙන් පයෙන් වැඩ දාලා
බලාගෙන හිටියා වගේ අපේ මේ බෙලියා හදාගත්ත ගජබින්න කතාව කොරනවා ජනතාවත් ඇස්
උඩ තියාගෙන අහන් ඉන්නවා පුරෝහිතලා ඇමති මණ්ඩලේම තක්බීර් වෙලා.
ඔන්න ඔය අතරේ කොහෙදෝ ඉඳන් මද පවනට ස්ටෙලා වෙච්ච චේතිය රජතුමාත් පාවෙලා
ඇවිත් වැටුනා ඉස්සරහම පුටුවකට රජතුමාටත් දැන් ඇහෙනවා තමන්ගේ පියරජා ගැන
ජීවිතේට අහලා නැති ජාති ටිකක් මේ අනාගතෙන් ආවය කියන ගොබිලා කියවනවා,
රජතුමාටත් මාර සන්තොසයි සුටුස් ගාලා ගත්ත කොලයක් මෙන්න ලියාගන්නවා මඳ පවනෙම
අපේ බෙලියා කෙලින ගජබින්න ටික….
බෙලියා කොහොම හරි වැඩේ සාර්ථකව ඉවර කලා රජතුමාටත් හරිම සතුටුයි ඇතෙක්
බරට තෑගි බෝග, කොකෙක් බරට රන් කාසි වෙන එකක් තියා රජතුමාගේ දූ කුමාරිත්
දෙන්න හැදුවයි කියලා තමයි බෙලියා කියන්නේ
කොහොමෙන් කොහොම හරි ඔන්න උත්සවේ අන්තිම දවසත් ආවා උත්සවේ අවසන් කොරන්නට
තිබුනේ රජතුමාගේ කතාවෙන්….. ඔන්න රජතුමා නැග්ග වේදිකාවට ජනතාව මීක් සද්දයක්
නැතුව කට ඇරගෙන බලාගෙන ඉන්නවා. රජතුමා බොහොම ගාම්භීරව තමන්ගේ ජනතාව දිහා
බලලා පටන් ගත්තා තමන්ගේ කතාව
කළු බණ්ඩාර දෙයියනේ මෙන්න අපේ බෙලියා ගොතපු ගල් පැලෙන බොරු ටික හැඩ වැඩ
දාලා අලංකාර එකතු කරලා රජතුමා දෙසා බානවා. “මාගේ පියරජතුමා රට දැය ආගම
වෙනුවෙන් කඩොල් ඇතා පිටේ ගොහින් එළාර එක්ක සටන් කොරා …. මම ඒකාලේ හිච්චි
එකා මමත් පිය රජතුමාගේ පිටිපස්සෙන් කඩොල් ඇතා පිටේ හිටියා එළාර එක්ක සටන
වෙලාවේ”
ජනතාව නම් අද වගේම එදත් හුරේ දාදා රජ තුමා කියන කෙබර අහගෙන හිටියා
ස්ටේජ් එක පිටිපස්සෙන් අග්රත පුරොහිතයි මහ ඇමතියි දෙන්නම එකා පස්සේ එකා
කලන්තෙ දාලා වැටෙන කොට බෙලියට නම් තෙරුනාලු එන පොට හොඳ නැහැ කියලා රජතුමා
කතාව ඉවර කොරන්න ඉස්සෙල්ලම බෙලියා හිටපු පුටුවටත් නොකියාම වර්ථමානෙට
ඇවිල්ලා
ඒ විතරක්ය ඔය එන ගමන් මේ බෙලියා යස රජ්ජුරුවන්ගේ කාලෙටත් ගිහිල්ලා, ඔය
සුභ කියන දොරටුපාල පෝරිසාදයාටත් කියලා දීලා ඇවිල්ලා තියෙනවානෙව රජ කම ගන්න
හැටි ගැන…!!
*******************************************************************************************************
“ඒ කියන්නේ උඹ මේ රටම රවට්ටපු බොරු කාරයාටත් බොරු ඉගැන්නුවා”…… !!!!
මම ඇහුවේ පුදුමෙන්
“ඔව්……”
“රටම රවට්ටපු සක්විති හොරුන්ටත් රජකම ගන්න හැටි කියලා දුන්නා”
“ඔව් ඔව් බෙලියා කිව්වේ බොහොම ආඩම්බරෙන්…….”
“උඹ යකෙක් නේ බං ”
මම කිව්වේ ඇත්තටම පුදුමෙන්
“හරි ඉතින් දැන් මෙච්චර දේවල් කරපු උඹ මොකද මේ අද නොකා නොබී අඬ අඬ ඉන්නේ”
ඒ පාරනම් බෙලියගේ මූන කළු වුනා
“උඹ දන්නවනේ ගන්දරයා….. මේ බෙලියා…..වැල්ලබඩ පත්තුවේ ගම් දොරේ
ඉපදිලා, මාගම් පත්තුවේ ගිරිවාගං දොලොස් දාහේ ඉඳලා මේ ගෙන්දගං පොලවේ පස්
කාපු එකෙක්
රටේ ඉන්න ලොකුම බොරු කාරයාටත් බොරු කියන්න ඉගැන්නුවේ මම
සක්විති හොරුන්ටත් රජකම ගන්න හැටි කියලා දුන්නේ මම “
ඉතින්….. ඉතින්…….
“ඉතින් නෙවයි යකෝ එහෙව් අපිටත් දාර කෙප්ප කෙළල රවට්ටන කෙල්ලෝ ඉන්නවා නෙව මේ කොළඹ රටේ” යි කියාගෙන ආයෙත් බෙලියා අඬන්න පටන්ගත්තා .
ඒ එක්කම බෙලියට කෝල් එකක් ආවා කතා කරේ බවලතෙක්
“අනේ බෙලියෝ ඔයා කොහෙද….. අපි මේ කතරගම යන ගමන් දැන් ගාල්ල හරියේ ඒකයි උදේ කතා කරන්න බැරි වුනේ ”
අපේ බෙලියා අහගෙන ඉන්නවා
“බවලතාගෙ සුකුමොල කටහඬ අස්සෙන් තවත් කටහඬක් ඇහෙනවා ” හා නුගේගොඩ බහින අය ඉක්මන් කරන්න….න න…… එන්න මාරගමා…… මාරගමා………..”
අන්තිම පේළියේ පළවූ කතාව
Monday, October 3, 2011
හොර කොටුව
“අපේ රටේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් කරපු එක මම නම් කියන්නේ සම්පූර්ණයෙන් වැරදියි”
මෙහෙම කිව්වේ දවසක් අපේ පංතියේ හිටපු ලපටියා
“ජාතික ක්‍රීඩාව කරන්න ඕන හරිනම් උස පැනීම”
මේ ලපටියා කිව්වොත් ඉතින් ඔහොම හතර බීරී කතාවක්ම තමයි
“ඒ මොකද බොල උඹ එහෙම කියන්නේ……????”
“ඇයි බූරුවෝ අපේ කොල්ලෝ ඉස්කෝලවල තාප්ප වලින් පනින හැටි හිතුවම අපේ අයට උස පැනීමට තියෙන්නේ ජාත්‍යනතර මට්ටමේ හැකියාවක් නෙවෙයිද…”
Monday, September 5, 2011
හොඳ ළමයා 2
බෙලියා හොඳම හොඳ ළමයෙකි. බෙලියා හොඳ
ළමයෙක් වෙච්ච හැටි මම පහුගිය කතාවක කිව්වා නෙව. කියවපු නැති කට්ටිය ඉන්නවනම් ඉතින්
හොඳ ළමයා 1 කතාවට ගිහින් ඒ ගැන කියවන්න. අදත්
කියන්න යන්නේ බෙලියගෙම කතාවක්,
හැබැයි ඉතින් මේකේ බඩ අල්ලගෙන බක බක ගාලා හිනා
වෙන්න නම් දෙයක් නෑ, නිකන්ම නිකන් බෙලියගේ කතාවක් විතරයි…
කියවලා ඉවරවෙලා මොකක්ද බොල මේ කියලා මට දෝස් මුර තියන්න නම් එපා……

අන්තිම පේළියේ හිටියත් බෙලියා බොහොම
ආගම දහමට බර බුවා, කොච්චර ආගම දහමට බරද කියනවා නම් ඒ
දවස්වල මූ ඉන්නෙම පන්සලේ, විශේසයෙන්ම කොයි තරම් වැදගත් වැඩක් තිබුනත් ඉරිදා උදේට නම්
බෙලියා අල්ලනවා බොරු…. ඇයි ඉරිදා උදේට දහම් පාසල් නෙව…… ඉස්කොලේ නොගියත් මූ
වරද්දන්නේ නැතිව දහම් පාසල් නම් යනවා….. ඉරිදා උදේට දහම් පාසල් යන්න බෙලියා ලෑස්ති වෙන්නේ සෙනසුරාදා හවස ඉඳලා….. නාලා කියලා රැවුල කපලා කොන්ඩේ
ජෙල් ගාලා කිට මරලා එහෙම තමයි මූ දහම් පාසල් යන්නෙත්…… ටික කාලෙකට කලින් මරන්න ගෙනියන හරකෙක් වගේ ඇදගෙන ඇවිල්ලා දහම් පාසලට බාර දීපු බෙලියා ලෙඩකට දුකකටවත් ගෙදර තියාගන්න බැරිව පන්සලට දුවගෙන එන තරමට සර්දාවන්ත උනෙත් ඉතින් නිකන්ම නිකන් නෙවෙයි….

Thursday, August 18, 2011
අයේෂා…..

මේ කතාව, ගන්දරයගේ යෙහෙළියක් ගැන. අයේෂා ගන්දරයාට හම්බ වුනේ උදේ හවස ඔෆිස් යන බස් එකේදි. පිංතූරේ වගේම තමයි ගැණු ළමයා, ලස්සනයි, ඒ වගේම තමයි ආඩම්බර කමත්, වැඩි කතාබහක් නැහැ, තව පෝඩ්ඩක් විතර ටියුබ් ලයිට් හැබැයි ඉතින් හරිම හොඳයි. ගන්දරයා වගේම අයේෂත් වැල්ලබඩ පත්තුවේ වැඩි කතාබහක් නැති උනාට පිළිවෙලකට ඉන්න ගෑනු ළමයා, උදේ පාන්දර මල වගේ ලස්සනට හිනාවේගන බස් එකට නගින අයේෂා, හවසට එන්නේ වංඩු ආප්පේ වගේ පරවෙලා. අයේෂාව උදේට දැකීමෙන් ජීවිතේ සුන්දරත්වයත් හවසට දැකීමෙන් සියළු සංස්කාරයන්ගේ අනිත්‍ය බවත් සිහිවෙනවා කියලා තමයි කට්ටිය කියන්නේ
දවසක් හවස මෙහෙම බස් එකේ හිටගෙන බලාගත්ත අතේ බලාගෙන යන අයේෂට හිතුනා මටත් Driving License තිබුනා නම් මෙහෙම බස් වල තද වෙන්න ඕන නැහැ නේද ලස්සනට කාර් එකේ නෝනා වගේ ගෙදර යනවා නේද කියලා මෙහෙම හිතලා ඔන්න අයේෂාත් ගියා ලර්නස් එකකට ඩ්‍රයිවින් ඉගෙනගන්න ලර්නස් එකේ අයියත්, ලස්සන ගෑනු ළමයා නිසා බොහොම උනන්දුවෙන් අයේෂට ඩ්‍රයිවින් කොරන හැටි කියලා දුන්නා මෙන්න මෙහෙම,
Wednesday, August 10, 2011
හොඳ ළමයා
බෙලියා ගන්දරයගේ හොඳම යාළුවෙක් කොච්චර හොඳ යාළුවෙක්ද කියන්නේ බොක්කෙන් නෙවි කොල බොක්කෙන්ම යාළුවෙක්…එක ගමේ, එක ඉස්කෝලේ, එක පංතියේ, එක යායට මල්පැණි රහ බලපු යාළුවෙක්.
ගන්දරයාගේ යාළුවෙක් නම් ඉතින් හිටපු පේලිය අහන්න දෙයක් නැහැ නෙව. බෙලියා අන්තිම
පේලියේ තමයි හැබැයි අන්තිම පේලියේ අනිත් අයට වඩා මුගේ පොඩි වෙනසක් තිබුනා…..
බෙලියගෙ කාඩ් එක අන්තිම හොඳයි කොටින්ම කියනවා නම් බෙලියගේ යාළුවන්ගේ අම්මලා
තාත්තලාට හිටන් තමන්ගේ ළමයටත් වඩා බෙලියව සුවර්….ට්‍රිප් එකක් හරි වෙන කොහේ හරි
යන්න හරි ගෙදරින් අවසර ගන්න ඕන වුනාම ඉතින් බෙලියගේ පිහිට තමයි….කාටත් බෙලිය
වචනයක් කිව්වොත් ඉර හඳ වගේ විස්වාසයි…බෙලියා ගැන මේ තරම්ම තද විස්වාසයක් ගොඩ
නැගෙන්න හේතුවුනෙත් හරි අහම්ඹෙන්,

Thursday, July 28, 2011
මිතුරා
ගන්දරයාටත් ගැහැණු ගැන කතාවක් ලියන්නට සිතුනි. කස්සා වගේම මමත් මේක
ලියන්නේ ගැහැණු ගැන පට්ට තරහිනි, ඒ නිසා මෙහි හිනාවෙන්නට දෙයක් නැත.
වසුන්දරාට ඕනෑනම් “ගන්දරයාට පිළිතුරක්” කියා පෝස්ට් එකක් වුවද දැමිය හැකිය,
ඒ ගැන ගන්දරයාගේ අමනාපයක් නැත. “ආලය කල මුත් පණට පණ සේ ස්ත්‍රි ජාතිය නෑ
විස්වාසේ යි” කියා කවුදෝ පුරාණ පඬියෙක් කියා ඇත. ඒ කතාව නම් සහතික ඇත්තය.
මනමේ කුමාරයාටත් උනේ ඒක ය.
ඒ කතාව එහෙමය, මගේ කතාව මෙහෙමය…..
දිනය : හරියටම මතක නැත
වේලාව : ඉර හැරෙන්නට දෙපැයකට පමන පෙර
ගන්දරයාට හදිසි අවශ්‍යතාවකට බොරැල්ලට යන්නට ඕනා විය. ගන්දරයා ඉන්නේ
හෝමාගමය, හොමාගම සිට බොරැල්ලට තනි බසයක් නැත. යායුතු වන්නේ කොට්ටාවට ගොස්
කොට්ටාවේ සිට වෙනත් බසයකය. බසයක් එනතුරු ගන්දරයා කඩයක් අයිනට වී කඩේ
මුදලාලි සමඟ කඩයක් දමාගෙන සිටී. පවනට බඳු වේගයෙන් පියඹා පැමිණි කළු පැහැති
ප්‍රාඩෝවක් කඩය අසල නැවතිනි. එයින් එලියට බැසගත් “අයියා” ඇසේ දමා සිටි කළු
කණ්නාඩිය් කූට්ටම ඔළුවට දමාගෙන කඩයට ගොඩ විය.
“මුදලාලී මට අයිස් ක්‍රීම් ලීටර් 4ක් දෙන්නකො”
“අයියා” මුදලාලිගෙන් අයිස් ක්‍රීම් ඉල්ලයි,
අරුමැකි……. ගන්දරයාට මේ “අයියා” නිකං දැකලා පුරුදුයි පුරුදුයි වගේය…
නමුත් කොහෙදී දැයි මතක නැත…. මේ අතර “අයියා” ද ගන්දරයා දෙස බලා අඳුරන
සිනාවක් පෑවේය
“මල්ලි කොහේ දී හරි දැකලා තියනවා වගේ”
හත්තිලව්වට ගහපු කලාබරයයි කිව්වලු මෙන්න “අයියත්” කියනවා ගන්දරයව දැකලා පුරුදුලු……
“මල්ලී කොහෙද මල්ලී”
“මම හෝමාගම අයියේ”
“මම පානදුරේ…..”
දෙන්නාටම, දෙන්නා හොඳින් දැකලා පුරුදුය…… නමුත් කොහෙදී දැයි දෙදෙනාටම
මතක නැත. ඒකට කමක් නැත “අයියා” යන්නේද බොරැල්ලටය, ගන්දරයත් දෙන දෙයියන්ට
පින් දෙමින් ප්‍රාඩෝවට ගොඩ විය.
“අයියා” ගේ නම රුවන්තය. වැඩ කරන්නේ අහවල් ඇමතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම්
ලෙසය, අහවල් ඇමති තුමා ද නම ගිය චන්ඩියෙකි, ඒ පිහිටෙන් රුවන්ත අයියා ද
චන්ඩියෙකි, යන ගමන් කතා කරන්නේද කර කී චන්ඩිකම් ගැනය, ගන්දරයාට ද මාර
හැපිය, ගන්දරයා අඳුරන්නේද එසේ මෙසේ පොරවල් නොවේය. නොදන්නවා උනාට ගන්දරයත්
වැදගත් පොරක් නෙව…….
හයිලෙවල් පාරේ ට්‍රැෆික් ය….
” ෂහ් අපිට කොට්ටාවෙන් හරවලා යන්න තිබුනා එහෙනම් ට්‍රැෆික් එකට
අහුවෙන්නෑ…… ඒත් මහරගම ස්ටුඩියෝ එකට යන්න ඕන නේ වෙඩින්ග් එකේ ඇල්බම් ටික
ගන්න”
රුවන්ත අයියා කියයි
“රුවන්ත අයියා ලඟදී ද මැරි කලේ”
ගන්දරයා අසයි
“ඔව් මල්ලී වෙඩින්ග් එක තිබුනේ ගිය සතියේ…. ඔය කැබිහෝල් එකේ Thank you කාඩ් ටිකක් ඇති”
ගන්දරයා එයින් එක් කාඩ්පතක් ගත්තේය…. එහි එක් පසක මනාල යුවල ආදරෙන් වෙලී සිටින පින්තූරයකි අනෙක් පස දෙදෙනාගේ නම් දෙකය
රුවන්ත – ජීවානී
මනාලියගේ නම ජීවානිය…. නම ටිකක් හුරුයි වගේ ය කොයිකටත් කියා පිංතූරය
දෙසද බැලීමි…. අරුමයක්මය….. මනාලියගේ මුහුණද හුරු පුරුදුය….. ගන්දරයා ඒ
මුහුණ ඔස්සේ වසර 5ක් පමණ අතීතයට ගියේය
* * * * * *
කැම්පස් යන්නට පටන්ගත් කාලයේ ගන්දරයා සිටියේ දෙහිවල පැත්තේ බෝඩිමකය,
බෝඩිමට අල්ලපු ගෙදර සිටියේ ගුරු යුවලකි ඔවුනගේ දියණිය ජීවානි ගන්දරයගේ
වයසේමය… ඇය ඒ දිනවල පෞද්ගලික බැංකුවක සේවයට ගියාය. ජීවානි ලස්සනය, කොල්ලෙක්
හිටියේ ද නැත….. වටේ පිටේ හැම කොල්ලාම ඇයට ට්‍රයි ය…. නොකිව්වාට ගන්දරයත්
ට්‍රයි ය. Try and Try one day you can fly යයි සුද්දා කියා ඇත. එය ආදර්ශයට
ගැනීමේන් ටික දිනකින් පියාඹන්නට බැරි උනත් ජීවානි ගේ හොඳම මිතුරා වීමට
ගන්දරයාට හැකිවිය.
ජීවානිට කරදර කරමින් කොල්ලෙක් ඇගේ පස්සෙන් වැටුනේ මෙන්න මේ කාලයේදීය. ඇය
උදේට බස් එකට නගිද්දී ඔහු එතනය, හවසට ආපසු එද්දීත් ඇගේ පසුපසය, කරදරය
ඉවරයක් නැත, බැරිම තැන ඈ ගන්දරයාගෙන් උදව්වක් ඉල්ලුවාය
“ඔයාට පුළුවන්ද ටික දවසකට මගේ Boy friend වගේ අර මිනිහට පේන්න එන්න”
ඉබ්බා දියට දාන්ට හදනකොට වතුරෙ ක්ලෝරීන් වැඩී කිව්වලු, හපොයි ගැනු
ලමයෙක් එහෙම උදව්වක් ඉල්ලුවම නොකර පුළුවනෑ…… ගන්දරයත් පැනලා වැඩේ
බාරගත්තා….. දැන් ගන්දරයා ජීවානිගේ Boy friend වී අර කොල්ලාට පෙනෙන්නට යයි,
ඌ දත් කූරු කමින් අප දෙස බලා සිටියි, ඒ අතර ජීවානිත් තොරතෝංචියක් නැතුව
අරූට බැනවදී
“හැටි විතරක් බූරුවාගේ… උලමා වගේ යන යන තැන මගේ පස්සෙන්…. ඕකව
බඳිනවට වඩා හොඳයි ගස් උඩ ඉන්න රිලවෙක් බඳිනවා….. ලොකේ ඉන්න එකම පිරිමියා ඔය
මිනිහා උනත් මම නම් කැමති වෙන්නේ නෑ නෑ නෑ මයි”
ජීවානී ඒ දවස්වල කියන්නේ එහෙමය දිනක් උදෑසන ඔහු මා ඉදිරිපිටම ජීවානි සමඟ
කතාකරන්නට උත්සාහ කලේය… ඒ වෙලාවේ අහල පහල මගේ මිතුරන් දෙදෙනෙකුත් වූ නිසා
අමාරුවෙන් පුරුස ධෛරිය උපදවා ගෙන ගන්දරයා කතා කලේය
“ජීවානි මගේ girl friend” ගන්දරයා නම් කිව්වේ ඇත්තටමය… “
ඌ මාදෙස තරහින් පිපිරෙමින් බලා සිටි බැල්ම මට තවමත් මතකය” නමුත් ඉන්පසු ඔහු ජීවානි පසු පස ආවේ නැත මාව අහුවුනොත් මගේ “හතර හන්දී කඩනවායි” ඔහු කියූ බවක් නම් මට පසුව ආරංචි විය.
ජීවානි ගන්දරයාට හා කිව්වේ ද නැත….. බෑ කිව්වේ ද නැත……. කෙසේ හෝ ටික
කලකින් ගන්දරයා අළුත් බෝඩිමකට ගියේය. ඉන්පසු ජීවානි ගැන අහන්න ලැබුනේ ද
නැත.
***************
එදා මගේ හතර හන්දී කඩනවායි කියූ එකා දැන් මා ලඟය දැන්නම් මට රුවන්ත
අයියා කව්දැයි හොඳින් මතකය. A/C එක ඇතුලේම ගන්දරයාට හීන් දාඩිය දමයි,
වාසනාවකට රුවන්ත අයියාට තවමත් මා කවුදැයි මත්ක් වී නැත.
“මේ මේ අයි… අයියේ පො… පො… ඩ්ඩ්ක් ඉස්සරහින් න…න..ත්තන්නකො… මේ හ…හදිසි මල…. ගෙ…ගෙ..යක්”
ගන්දරයා ගොත ගහයි. රුවන්ත අයියා පුදුමයෙන් බලා සිටියි, අඩියට දෙකට
ප්‍රාඩෝ වෙන් බිමට පැනගත් ගන්දරයා කකුල් දෙකට පින් දෙමින් දුවගොස් ආපසු යන
හෝමාගම බසයක එල්ලිනි……
“ආලය කල මුත් පණට පණ සේ ස්ත්‍රි ජාතිය නෑ විස්වාසේ “යි කියන්නේ කට කහනවට නොවන බව ගන්දරයා දැනගත්තේ එදා ය
අන්තිම පේළියේ පළවූ කතාව
අන්තිම පේළියේ පළවූ කතාව
Monday, July 18, 2011
තර්ක ශාස්ත්‍රය
යටගිය දවස වාතරාජධානිය නම් වූ එක්තරා
රාජධානියක් වන්නෙහිය. මේ මහා රාජධානියට අධිපතිව භවභෝග සම්පතින් ආඩ්‍යව, සිවු මහ බබුන්ගෙන් ලද විවරනයෙන් රටකරවන
වාතසේන නම් රජකු අර්ථයෙන් ධර්මයෙන් රාජ්‍යය
විචාරයි. අසූ කෙලක් වූ හුදී ජනතාවද රටට රජතුමාගේ ද , බඩට තම තමා ගේද පිහිටයැ යි සිතා රජතුමාගේ
පිහිටෙන් තමන්ගේ වියදමෙන් බඩ කට ගැටගහ ගනිති.

මෑතක සිට අප මේ වාතසේන මහ රජතුමාගේ හිත
හරිනැත, වෙලාවකට රාජභෝජනයවත් හරියකට වලඳන්නේ
නැත. වැලඳුවත් හරියකට දිරවන්නේද නැත වෙලාවකට බලාගත් අතේ බලාගෙන සිටී. තනියෙම සුසුම්ලයි කෑම බීම තබා බිසවුන් වහන්සේ ගැනවත් බලන්නේ නැත. වෙනකක් තබා අන්තඃපුරයට අළුතෙන් ආ කෝමලී ගැනවත් ආසාවක් නැතිය.

වාතසේන රජතුමාගේ මේ විස්සෝපය වනාහි රටේ
ජනතාව නිසා නොවේය. මල් අම්මාගේ දුව සුන්දර එතනා බලන්නට යන්නට
නොහැකි වීම හෝ දංකැලේ නාමලීට අලුත් චීත්ත රෙද්දක් අරන් දෙන්නට අතේ පිච්චියක්
නැතිවීම නිසාද නොවෙම්හ. මේ වනාහී ශාස්ත්‍ර ඥානය පිලිබඳ වූ ගැටළුවකි.
ජනතාව නිසා නොවේය. මල් අම්මාගේ දුව සුන්දර එතනා බලන්නට යන්නට
නොහැකි වීම හෝ දංකැලේ නාමලීට අලුත් චීත්ත රෙද්දක් අරන් දෙන්නට අතේ පිච්චියක්
නැතිවීම නිසාද නොවෙම්හ. මේ වනාහී ශාස්ත්‍ර ඥානය පිලිබඳ වූ ගැටළුවකි.
බරණැස්පුර, බ්‍රහ්මදත්ත නුවර සිට වාතරාජධානියට පැමිණි වර්ධනමාන නම් වූ පඬියෙක්
රාජසභාවෙහි මැති ඇමතියන්ට තර්කානුකූලව හිතීම හෙවත් Logical Thinking
නම් වූ මොකක්දෝ අටල් පහුරක් උගන්නා ඇත. දැන් හැම එකාගේම කටේ තියෙන්නේ ඕකය.
අනෙකුන්ට කෙසේ වුවත් රජතුමාට නම් මෙය ගිරික් වගේය. මෙලෝ මගුලක් තේරෙන්නෙ නැත. කාගෙන්වත් අහන්නටද ලැජ්ජය… පශ්චත්තාපය ඕකය.

රජු මෙසේ විස්සෝපයෙන් සුසුම් ලමින්
සිටින සඳ වාතරාජ්ධානියේ අග්‍රපුරෝහිත තැන දිනක, හිමිදිරියේ පිබිද සුවඳ පැනින් නා ජෙල් තලියක් හිස තවරා ප්‍රන්ස පුයරුද ඉතාලි සැන් ද
වත ගල්වා සූ සැට බරනින් සැදී රජු බැහැදකින්නට ගොස් වැඳ රාත්‍රී නිදිසුව විචාරා
එකත්පසව සිටී. මෙ සඳ වටපිට බලා පුරොහිත අමතන අප වාතසේන
රජ…..

“එබ්බා මචං පුරෝ… උඹ මේක කාගෙවත් කනේ
තියනවා එහෙම නෙවයි… මේක රාජකීය රහසක් “
තියනවා එහෙම නෙවයි… මේක රාජකීය රහසක් “
පුරෝහිත තෙමේ ද රජකීය රහසට සවන් දෙම්හ
සිතා කන් සතරම දික්කොට හොම්බ රජු ලඟට ලංකළහ.
සිතා කන් සතරම දික්කොට හොම්බ රජු ලඟට ලංකළහ.
රජු ද කියැම්හයි සිතා පුරොහිතගේ හොම්බට
තම හොම්බ ලංකොට කියන වග නම්
” මේකයි මචං පුරෝ මට ඔය ලොජිකල් තින්කිය කියන
අණ්ඩර දෙමලේ තේරෙන්නේ නැහැ නේ බාං”
තම හොම්බ ලංකොට කියන වග නම්
” මේකයි මචං පුරෝ මට ඔය ලොජිකල් තින්කිය කියන
අණ්ඩර දෙමලේ තේරෙන්නේ නැහැ නේ බාං”
“අයියෝ රජතුමා ඕකද මේ පුරස්නේ මම කියලා
දෙන්නම්කොයි” පවසා උදාහරණයක් ගෙන තර්ක සාස්තරය රජතුමාට පැහැදිලි කරන්නට වම්හ
ඒ කෙසේද යත්…
“රජතුමා… මාලිගාවේ මාළු ටැංකියක් තියනවද”
“හ්ම් තියනවා ඉතිං….”
දෙන්නම්කොයි” පවසා උදාහරණයක් ගෙන තර්ක සාස්තරය රජතුමාට පැහැදිලි කරන්නට වම්හ
ඒ කෙසේද යත්…
“රජතුමා… මාලිගාවේ මාළු ටැංකියක් තියනවද”
“හ්ම් තියනවා ඉතිං….”
“එකේ මාළු ඉන්නවද….?”
“ඔව් ඉන්නවා ඉතිං”…!
“ඒ කියන්නේ ඒ ටැංකියේ වතුර හා කෑම
තියනවා”පුරෝහිත කියනවා රජතුමා බොහොම අවධානෙන්
අහං ඉන්නවා…
“ඒ කියන්නේ මාළු ටික ට කෑම වතුර දාන්න
කෙනෙක් ඉන්නවා …….. බොහෝ විට කාන්තාවක්”
තියනවා”පුරෝහිත කියනවා රජතුමා බොහොම අවධානෙන්
අහං ඉන්නවා…
“ඒ කියන්නේ මාළු ටික ට කෑම වතුර දාන්න
කෙනෙක් ඉන්නවා …….. බොහෝ විට කාන්තාවක්”
“හරියට හරි…. හරියට හරි….. අපේ
දේවිය නොව ඕකුන්ට හැමදාම කන්ට දාන්නේ… උඹට කියන්න පුරෝ අපේ ඔය කුමාරයගේ ඕනකමටමයි
මං ඔය මාළු ටැංකිය ගෙනාවෙ… ” රජතුමා උඩ පැනලා අප්පුඩියකුත් ගැහුවා
” ඒ කියන්නේ ඔබතුමා විවාහකයි කුමාරයකුත්
ඉන්නවා…”
“හරි”
දේවිය නොව ඕකුන්ට හැමදාම කන්ට දාන්නේ… උඹට කියන්න පුරෝ අපේ ඔය කුමාරයගේ ඕනකමටමයි
මං ඔය මාළු ටැංකිය ගෙනාවෙ… ” රජතුමා උඩ පැනලා අප්පුඩියකුත් ගැහුවා
” ඒ කියන්නේ ඔබතුමා විවාහකයි කුමාරයකුත්
ඉන්නවා…”
“හරි”
” ඒ කියන්නේ ඔබවහන්සේ heterosexual ඒ කිව්වේ කාන්තාවන් ගැන ආකර්සනය තියන කෙනෙක්” “අන්න දැක්කද රජතුමා මාලිගාවේ මාළු
ටැංකිය ගැන තර්කානුකූලව හිතලා මම ඔබවහන්සේ heterosexual, කාන්තාවන් ගැන ආකර්සනය තියන කෙනෙක් කියලා කිව්වේ කොහොමද ?” ” ඔන්න ඕකට තමයි තර්ක සාස්තරේය කියන්නේ”
ටැංකිය ගැන තර්කානුකූලව හිතලා මම ඔබවහන්සේ heterosexual, කාන්තාවන් ගැන ආකර්සනය තියන කෙනෙක් කියලා කිව්වේ කොහොමද ?” ” ඔන්න ඕකට තමයි තර්ක සාස්තරේය කියන්නේ”
පුරොහිතය පාඩම ඉවර කොලහ.
රජතුමාට පාඩම ගැන මාර හැපිය.
පුරෝහිතටද ඇතෙක් බරට තෑගි ලැබුණි. තර්ක සෑස්තරය ගැන රජතුමා බොහො සේ පැහැදී උන්හ. මාළිගාවේ මාළු
ටැංකියට සාස්තරය දමා දැනගත් දෑ මාරය.
වාතසේන රජ මෙසේ චිත්තඃප්‍රිතියෙන් ප්‍රබෝධයෙන්
යුක්තව කල් ගෙවන සඳ දිනක් රාජතාන්තිරික සංචාරයක් සඳහා අසවල් රාජ්ජ්යේ රජු
වාතරාජධානියට සැපත් වම්හ. වාතසේන රජද ආගන්තුක සත්කාරයෙහි කෙළ පැමිණ ආගන්තුක රජුට
බත බුලතින්ද සුවඳ පැනින් ද සංඟ්‍රහ කොට
සාමීචියේ යෙදී සිටින්නේ හි තමා උගත් අති අනර්ඝ සෑස්තරය ගැන තම දැනුම
ආගන්තුක රජුට පෙන්වන්නට අප වාතසේන රජුට හිතක් පහල විය
ඔන්න අපේ වාතසේන රජතුමා තර්ක සෑස්තරේ ගැන බොහොම ලොකු වර්ණනාවක් කරා….. ආගන්තුක රජාත් කට ඇරගෙන ….
වාතසේන රජ්ජුරුවන්ට දැන් බොහොම ප්‍රීතියි

ආගන්තුක රජා පුදුම කරවන්න හිතාගෙන අපේ වාතසේන රජතුමා
තර්ක සෑස්තරෙන් උදාහර්ණෙකුත් ගත්තා….
තර්ක සෑස්තරෙන් උදාහර්ණෙකුත් ගත්තා….
වාතසේන රජ්ජුරුවෝ අහනවා ආගන්තුක රජාගෙන්
ඔබතුමා ගේ මාළිගාවේ මාළු ටැංකියක් තියනවා නේද…….?
අපොයි නැහැ නේ…………….!!!!
අපොයි නැහැ නේ…………….!!!!
හෑ…..හ්ඃ ඒ කියන්නෙ ඔබතුමා HomoSexual
@#$%^&**
@#$%^&**
අන්තිම පේළියේ පළවූ කතාව
Thursday, July 7, 2011
අමුඩය
සංජීව එහෙම නැත්නම් අපි කවුරුත් ආදරේට කියන්න වගේ සංජි අයියා කියන්නේ කවුරුත් බොහොම ආදරේ කරන හිත හොඳ
මනුස්සයෙක්. ගන්දරයට මේ හිත හොඳ මනුස්සයාව හම්බ වුනේ, ගන්දරයා හා හා පුරා කියලා රස්සාවට ගිය ආයතනයේදී. මේ ආයතනයේ පරිඝනක
අංශ ප්‍රධානියා සිංහලෙන් කියනවා නම් Head of IT වෙලා හිටියේ මේ සංජි අයියා. මුලින්ම කිව්වා වාගේ
සංජි අයියා කා අතරත් බොහොම ජනප්‍රිය ඉතාම නිහත්මානී තමන්ගෙ රාජකාරිය කවදත් අකුරට ඉටුකරන නිලධාරියෙක්. නමුත් මේ සංජි අයියට
එකපාරටම මේ ආයතනයෙන් ඉවත් වෙන්න සිදුවුනා.
ඒකට හේතු වුනේ බොහොම පොඩි සිද්ධියක්. ඉතින් මෙන්න මේ කතාන්දරය තමය් මම කියන්න
යන්නේ ඒක නිසා මේක හිනා යන කතාවක් නම් නෙවෙයි
මේ සිද්ධිය සිදුවෙද්දී ගන්දරයා පළවෙනි
රස්සාවට ගිහිල්ලා යන්තම් හයමාසයක් පිරුනා විතරයි. මේ කාලේ තමයි මේ ආයතනයේ ඉහලම අධ්‍යක්ෂක
මඩුල්ල තීරණය කලේ ආයතනයේ අංශ දෙකක සේවක සේවිකාවන් එක්දින පුහුණු වැඩමුළුවක් සඳහා
සහභාගී කරවන්නට. මේ සඳහා තෝරා ගෙන තිබුනේ පරිඝණක අංශය සහ පාලන අංශය පැහැදිලිව
කිව්වොත් IT හා Admin අයව
වැඩමුළුව තිබුනේ සෙනසුරාදා දවසක,
තරු පහේ හෝටලයක, වැඩමුළුවේ මාතෘකාව “පෙට්ටියෙන්
එලියට සිතීම” හෙවත් ” Thinking
out of the box” ඔන්න දැන් සංජි අයියා පෙරටු කොටගත් IT එකේ කට්ටිය රවුම් මේස වටේ
වාඩිවෙලා සිංහලෙන් කතාකොර කොර ඉන්නවා. Admin එකේ කොටට ඇඳපු ගෑනු ලමයි ටික ඉංග්‍රිසියෙන්
කතාකොර කොර ඉන්නවා , ගන්දරයත් දියෙන් ගොඩදාපු මාළුවාවගේ
ඉන්නනවා, ගන්දරයා ඔය තරු පහේ හෝටලයකට ගියාම නෙව.
වැඩමුළුව පටන්ගත්තා. එකේ ප්‍රධාන දේශක
වුනේ ජැක් කියලා මහත්තයෙක්,
වැඩේ යන්නේ ඉංගිරිසියෙන්
නම ජැක් උනාට මේ මහත්තයා උපතින් හොඳ
ආරිය සිංහලලු… ජැක් කියන්නේ හුරතලේටලු… මේ මහත්තයා පොඩි පොඩි ක්‍රියාකාරකම්
ගොඩක් එක්ක තමන්ගේ දේශනය කරගෙන ගියා කොහොමද “වෙනස් විදියට හිතන්නේ කියලා”
හැබැයි මේ ජැක් මහත්තයගේ දේශනය එතන
හිටපු ඉංග්‍රිසි පන්නේ කොටට ඇඳපු පොෂ් ගෑනු ළමයි දෙතුන් දෙනෙකුට ඇරෙන්න අනෙත්
කාටවත් වැඩිය ප්‍රියමනාප උනේ නම් නැහැ….
මොකද මේ ජැක් මහත්තයා පටන් ගත්ත තැන ඉඳන්ම වෙනස්
වෙනස් වෙන්න ඕන කිය කිය කෑ ගැහුවේ අපේ මේ ලංකාවේ අපි හොඳයි කියන සංස්කෘතිය….
අම්මට තාත්තට වදින එක පවා වැරදියි දෙයක් විදියට
මේ මහත්තයා පෙන්නලා දුන්නා… තව හාමුදුරුවන්ට විවාහ වීමේ අයිතිය දීම, ඉඳලා
හිටලා තමන්ගේ සහකරු / සහකාරිය මාරු කරගැනීම වගේ බොහොම බැරෑරුම් දේවලුත් මේ
ජැක් මහත්තයා
සරළව කියලා දුන්නා..
මේ දේශනා අතරේ දී ජැක් මහත්තයා හුඟක්
වෙලාවට මොනවාහරි දේකට උදාහරණයක් ඕන උනාම ගත්ත උදාහරණය තමයි “ගම්වල ඉන්න
අමුඩේ ගහපු මෝඩ ගොවියෝ”
ඊට අමතරව එතුමාගේ ක්‍රියාකාරකම් සමහරක්
සමාජ සම්මතයන්ට පටහැනි ලෙස පිළිගත් දේවල්…. ඒවා නම් බොහෝ දෙනාගේ දැඩි විරෝධය
නිසා නවතා දැමුනා..
කෙටියෙන්ම කිව්වොත් එදා අපි කෑවේ
ඉස්සෙල්ලම් අතුරුපස ඊළඟට බත් අන්තිමටම සුප්… අපි බයේ හිටියේ වෙනසකටත් එක්ක කටින්
නැතුව වෙන කොහෙන්වත් කන්න කියයි කියලා….. වාසනාවකට ජැක් මහත්තයට ඒවෙනස මතක් උනේ
නෑ…
කොහොමින් කොහොමහරි ඔන්න දැන් දවස
ගෙවිලා ගිහින් වැඩ්මුළුවේ සමාප්තියට ආවා අන්තිමටම තිබුනේ ස්තූති කතාව ඒක පැවරිලා
තිබුනේ Admin එක වෙනුවෙන් කොටට ඇඳපු ගෑනු ලමයෙකුට හා IT එක වෙනුවෙන් සංජි අයියට.
මුලින්ම අර ගෑනු ලමයා ගිහිල්ලා බොහොම
චතුර ඉංග්‍රිසියෙන් ජැක් මහත්තයට ස්තූති කළා නොදනා බොහෝ දෑ ඉගෙනගත් බවත් හෙට සිටම
එවා ක්‍රියත්මක කරන බවත් ඇය කියුවා “හෙට සිට නොවේ මේ දැන් සිටම” ජැක්
මහත්තයා පොඩි නිවරදි කිරීමකුත් කළා…
ඊළඟට අපේ සංජි අයියා… හෙමින් ඉස්සරහට
ගියා ගිහින් බොහොම පැහැදිලි සිංහලෙන්ම කතාව පටන් ගත්තා
“මේ වගේ තමන්ගේ වටිනා කාලයෙන් දවසක්ම
අපි වෙනුවෙන් කැපකරපු එකට ජැක් මහත්තයාට බොහොම ස්තූතියි ඒ වගේම මේ ජැක් මහත්තයගේ
දේශනය අහගෙන හිටියම මටත් මතක් උනා පොඩි කතාවක්….. වෙනසකටත් එක්ක මම මේ කතාව සිංහලෙන්ම
කියන්නම්… මේකත් අමුඩ ගැන කතාවක්”
මෙතන ඉන්න අය හුඟ දෙනෙක් අමුඩය කියන
ඇඳුම දැකලා ඇති නොදන්න කට්ටියටත් එක්ක මම ආයෙත් කියන්නම් ….. අමුඩෙට කොටස් දෙකක් තියනවා එකක් තමයි දිය ලනුව අනිත් කෑල්ල අමුඩ
ලේන්සුව… දිය ලනුව ඉන වටේ බැඳලා අමුඩ ලේන්සුව මැදින් එල්ලෙන්න දාලා තමයි අමුඩය
අඳින්නේ…..
දවසක් එක්තරා ගමක ඉන්න අමුඩේ ගහන මෝඩ
ගොවියෙකුට හිතුනළු හැමදාම එකම විදියට ඉන්න හොඳ නැහැ out of the box හිතලා ටිකක් වෙනස් විඩියට අමුඩේ ගහන්න ඕන
කියලා….
මෙහෙම හිතලා හැමදාම අඳින විධියට නැතුව
අමුඩ ලේන්සුව ඉන වටේ ගැට ගහලා දිය ලනුව දැම්මලු පහලට එල්ලෙන්න…
ඊට පස්සේ බොහොම ආඩම්බරෙන් තමන්ගේ
මායියා ගාවට ගිහින් අහනවලු කොහොමද වෙනස කියලා
මායියත් ටික වෙලාවක් බලගෙන ඉඳලා බොහොම
බැරෑරුම් විදියට කියනවලු
වෙනස නම් හොඳයි…… හැබැයි ගොයියෝ කූට්ටම නම් එළියේ……..
“ඒ වගේ… වෙනස් වීම හොඳයි හැබැයි කූට්ටම එලයේ දාගන්නේ නැතුව” සංජි අයියා කතාව ඉවර කලේ එහෙම කියලා
ජැක් මහත්තයාගේ විතරක් නෙවි අධ්‍යක්ෂක
මණ්ඩලේ කීප දෙනෙකුගෙම මූණූ හැකිලුනත් බොහෝ දෙනා ඒ වෙලාවේ ඒ කතාව අනුමත කළා සංජි අයියට විනය පරීක්ෂණ දෙක තුනක්ම තිබුනා
බොහොම කෙනෙහිලි කම් උනා අන්තිමේ දී සංජි අයියා මේ සිද්ධිය නිසාම ආයතනෙන් සමුගත්තා.
ඔන්න ඕකයි කතාව …..!!!
මෙහි සඳහන් නම් ගම් සියල්ල මනඃකල්පිත
බව කරුණාවෙන් සළකන්න.
මෙලෝ රහක් නැති කතා කියන්න ගිහින් මාත් කූට්ටම එලියේ දාගත්ත ද මන්දා…!
අන්තිම පේළියේ පළවූ කතාව
Tuesday, June 28, 2011
පැකේජ් එක
ගන්දරයගේ දෙවනි කථාව…. මේක ගන්දරයා අහපු කතාවක්… මේකට හිනා යයිද නැතිද
කියලා හරියටම නිච්චියක් නැති කමින් දාම් දෝ නොදාම් දෝ කියලා කල්පනා කර කර
හිටපු ගන්දරයා ඔන්න ඔහේ ඕන මගුලක් කියලා ලියලා දාන්න හිතා ගත්තා.. ඕන
මගුලක් කියන්නේ වෙන්න තියෙන ලොකුම නස්පැත්තිය ඉතින් මගුල නෙව… මාත් මගුලක්
කථා කරනවා… මෙන්න කතාව…..
මගුලක් කතා කරලා පටන් ගත්තට මේක අවමගුලක් ගැන කතාවක්… අපේ ගමේ ඉන්නවා
සරත් අයියා කියලා බොහොම ගුණයහපත් මනුස්සයෙක් මිනිහා ඉතින් කොච්චර ගුණයහපත්
කමද කියනව නම්… ඔය විස්කි බ්රැසන්ඩි වගේ සැර ජාතියක් කටේ තියන්නේත් බොහොම
කලාතුරකින්…….. ඉඳලා හිටලා…. ඒකත් නිකන් හම්බවුනොත්…. නැතිනම් අනෙත්
හැමදවසකම ඉතින් ඔරිජිනල් ගමේ බඩු තමයි…. පහුගිය දවසක රාත්තිරියේ අපේ සරත්
අයියට පොඩි කරදරයක් උනා… අවුරුදු 80 ක් ආයු වළඳපු සරත් අයියගේ නැන්දම්මා
පහුගිය දවසක රාත්තිරියේ හදිසියේම වැලිගම්පිටි ගියා පණපිටින් ඉන්න කාලේ මොන
සෝලි ඇල්ලුවත් මළාට පස්සේ මොකටද පරණ කෝන්තර කියලා සරත් අයියත් හිතාගත්තා
නැන්දම්මාගේ අවමඟුල ඉහලින්ම්ම කොරන්න… මෙහෙම හිතලා උදේ පාන්දරින්ම දෙකක්
දාගෙන සරත් අයියා ගියා ටවුමේ මල් ශාලාවට…සරත් අයියා යනකොට මල් ශාලාවේ
මුදලාලි උදේ පාන්දර දෙවියන්ට පහන තියනවා සරත් අයියව දැක්කා විතරයි
මුදලාලිගෙ කට කණේ..උදේ පාන්දරම කස්ටොමොර් කෙනෙක් නොව… මල් ශාලාවට ඇතුල්
වෙනකොටම එකේ හිටපු පොඩි කොලුවා ආවා සරත් අයියගෙ උදව්වට… සරත් අයියත් ඔන්න
තමන්ගෙ අවශ්යවතාව කිව්වා…දැන් කොල්ලා සරත් අයියට විස්තර කරලා දෙනවා… සර්..,
අපේ ගාව පැකේජස් තුනක්ම තියනවා. සර්ට කැමති එකක් තොරගන්න පුලුවන්…
පලවෙනිම් පැකේජ් එක තමයි සර් මේක… මේ පෙට්ටිය කොස් ලී වලින් හදලා තියෙන්නේ
මේක 50,000 වෙනවා සර් හැබැයි මේක එක්ක Accessories නම් මොකුත් හම්බවෙන්නේ
නෑ සර්… මොනවද මල්ලී මිනී පෙට්ටියේ Accessories ? සරත් අයියා මොල් වෙලා
ගිහින් ඇහුවා ඇයි සර් පහන, ඇත්දළ, ලයිට් වැල්…. දෙවනි පැකේජ් එක තමයි සර්
මේක, මේකත් පෙට්ටිය කොස් ලී වලින් හදලා තියෙන්නේ මේක 75,000 වෙනවා සර් මේක
එක්ක ඇත්දළ දෙක free හම්බවෙනවා හොඳම පැකේජ එක තමයි සර් තුන්වෙනි එක මේකෙත්
පෙට්ටිය කොස් සර්… මේකත් එක්ක ඇත්දළ දෙක පහන ලයිට් වැල් ඔක්කොම ෆ්රීි… ගාන
නම් සර් ලක්ෂයක් වෙනවා ලයිට් වැල නිවි නිවි පත්තු වෙන එකක් නම් තව රු 500ක්
වැඩී… කොල්ලා විස්තරේ කියවල ඉවරකරා….
සරත් අයියා ටික වෙලාවක් කල්පනා කරා……
එතකොට මල්ලී ඔය පෙට්ටි වල ගණන් කිව්වේ…. මිනිය අපි දාලද…
නැතිනම් ඕගොල්ලෝ දාලද…… ?????
Subscribe to:
Posts (Atom)