අපි උදේ නැගිටින්නේ දෙකහ මාරට මහත්තයෝ, යන්තං මුණේ වතුර ඩිංගිත්තක් උළාගෙන තුන වෙද්දී එළියට බහිනවා ඊට පස්සේ ඕනර්ගේ ගෙදරට ගිහින් බස් එක අරගෙන ඇවිල්ලා තංගල්ලෙන් ටර්න් එකට ගහනවා. බස් එක තංගල්ලෙන් අදින්නේ
උදේ හතරට. මිනිස්සු හිටියා නැතා හරියට හතරට බස් එක අද්දන්න ඕන.
ඊට පස්සේ
බෙලිඅත්තෙන් දික්වැලෙන් මාතරන්
එකතු කරගෙන සීට් ගාන හදාගන්නේ බොහොම අමාරුවෙන්. ඒ කරා කියළා බස් එක නතර කරගෙන ඉන්න විදියක් නෑ.මොකද උදේ නමයට කලින් කොළඹට යන්න ඕන. උදේට යන බොහොමයක් යන්නේ උදේ ඔපිස් වල රාජකාරී වලට යන්න, ඒ මදිවට උදේ හත පනිද්දී දෙහිවල ගල්කිස්ස හරියේ ටැපික් එකට අහුවුනොත් දවසම අනාතයි. ඒ නිසා මාතරින් එහාට නැවතිල්ලක් නැතිව එක දිගට අරින එකම තමයි තියෙන්නේ. දොට්ට පිලකට යන්නවත් පොඩ්ඩක් නැවත්තුවොත් ඇතුලේ ඉන්න මිනිස්සුන්ගෙන් කුණුහරුප තමයි. ඒ මදිවට හයියෙන් යනකොට පාරේ ඉන්න අනිත් මිනිස්සුන්ගෙන බැණුම්.
යන්තන් අම්බලන්ගොඩ බලපිටිය හරියේ තේ බොන්න කියලා විනාඩි පහකට නවත්තලා, බනිස් ගෙඩියක් හරි ඔය මක්ක හරි කටේ ඔබාගෙන දොට්ට පිලට බැහැලා එනවා අයෙත් කොළඹට යනකම්ම ඉතිං එව්වා තදකොරගෙන තමයි.
උදේ නවයට විතර කොළඹට ආවා කියලා වෙනසක් නෑ, පිටකොටුවේ හරියකට
කන්න බොන්න තැනක්වත් සරීර කෘත්යය කොරන්න වත් හරියාකාර තැනක් නෑ. කොහේ හරි කඩේකින් පරිප්පු හොද්දක් එක්ක පාං කෑල්ලක් තමයි අපේ උදේ කෑම. ඒ කරලා ඩිංගිතක් බස් එකේ ඇලවෙලා ඉන්නවා කොළඹ සමිතියේ බස් ටික ගිහින් ඉවර වෙනකං. ඊට පස්සේ ආයෙත් එකොලහයි හතලිස් පහ දොළහ වෙද්දී ටර්න් එක හම්බුවෙනවා.
ඔය වෙලාවට ටර්න් එක හම්බ උනාම ඉස්කෝලේ ටැපික් එකට කළින් කොළබින් පිට වෙන්න ඕන. නැතිනම් පැය එකහමාරක් දෙකක් කොළඹ ටැපික් එකට අහුවුනොත් තංගල්ලට ගියාම බර බරේ. දොළහට කොළඹින් ඇද්දොත් අපි කොහොම හරි විනාඩි 345 කින් තංගල්ලට යන්න ඕන. ඒ කියන්නේ පහයි හතලිස් පහ වෙද්දී තංගල්ලේ ඉන්න ඕන නැතිනම් ටර්න් එක කැපෙනවා ඒ මදිවට පිටිපස්සේ ඉන්න එකා මරාගන්න එනවා. එහෙම කියලත් අසූවට සීයයට යන්න බැහැ පොළිස් රාළහාමිලා මග දිගටම. දවල්ට කන්න උනත් අපිට පැය ගනන් නිවාඩු හම්බ වෙන්නේ නෑ. අම්බලන්ගොඩ හරියට ඇවිල්ලා තේ බොන්න නවත්තන විනාඩි දහයට තමයි අපි දවල් බත් පත කන්නේ, කඩේ හැමදාම හදන පරිප්පුවයි, මුරුංගා හොද්දයි, හින්නි කිතර මාළු කෑල්ලයි එක්ක මෙලෝ රහක් නැති කෑම එක විනාඩියට දෙකට ගිල දාන්නේ කිඹුල කිරි මැටි ගිලිනවා වගේ.
අන්තිමට කොහොම හරි කරලා පහමාර හය වෙද්දී තංගල්ලට ගියත් යුද්දේ අහවරක් නෑ. කිලෝමීටර් හාරසීයක් දුවපු වාහනේ ටයර් චෙක් කරලා ඔයිල් චෙක් කරලා වෙන අඩුපාඩුවක් තියේ නං එව්වා හදාගෙන ඊළඟ දවසෙත් කිලෝමීටර් හාරසීයක් යන්න වාහනේ සූදානම් කොරගෙන ඕනර්ගේ ගෙදරට යන්න ඕන.
එතනදි ටිකට් වල ගාන එකතු කරලා දවසේ කලෙක්ෂන් එක බලනවා. ඕනර්ට කොච්චර ගෙනිච්චත් මදි. මුණ ඇඹුල් කරගෙන සල්ලි ගනන් කරනකම් බලාගෙන ඉඳලා අන්තිමට කලෙක්ෂන් මදි කියලා කුණු බැණුම් අහන්නත් වෙනවා. අන්තිමට ඔය ඔක්කොම කතා අහගෙන දවසේ ආදායම විදියට අතට හම්බ වෙන එක්දාස් පන්සියත් අරගෙන ඒකෙන් ගෙදරට මක්ක හරිත් අරගෙන ගෙට ගොඩ වෙන්නේ රෑ අට හමාරට නවයට විතරට. ඒ ගොහිල්ලා ඉවර වෙලා තමයි හරියාකාරව දොට්ට පිළකටවත් යන්නේ.
අපිට නිළ ඇඳුම් එපා කියලා වැඩ වර්ජනේ කරලා ගෙදර ඉන්න බෑ මහත්තයෝ. එකෙනුත් නැතිවෙන්නේ අපේ ගතමනාව. අපිට ඉරිදා සෙනසුරාදා කියලා නිවාඩු , නෑ වෙන එකක් තියා ලෙඩ දුකක් උනත් ගෙදර නවතින්න බෑ මොකද දවසක් ගෙදර නැවතිලා බස් එක දුවලා ටෙම්පරිය කරපු එකා එදා දවසේ වැඩිපුර කලෙක්ෂන් ගෙනාවොත් පස්සෙන්දා ඉඳන් අපිට රස්සාව නෑ. රස්සාව නැති උනාම මගේ ගෑනිටයි ළමයටයි පොලිසියෙන් කන්න දෙන්නේ නැහැනේ මහත්තයෝ
නිළ ඇඳුම ඇඳගෙන හිටියේ නෑ කියලා රාළහාමි මට පන්සීයක් දඩකොළේ ලිව්වම බස් එකේ ඕනර් ඒක ගෙවන්නේ නෑ ඒ පන්සීය ගෙවන්න වෙන්නෙත් මම දවසම කඹුරළා ගන්න රුපියල් එක්දාස් පන්සීයෙන්
තමයි. රෑ නවයට ගෙදර ගිහින් පාන්දර දෙකට එන අපිට තියෙන එකම නිළ ඇඳුම දවසගානේ හෝද හෝද අඳින්න බෑ.
සති දෙකක් තිස්සේ එක දිගට ඇඳපු කමිසේ තුන්වෙනි සතියටත් නොහොදා අඳින්න බැරි නිසයි වෙන කමිසයක් ඇඳගෙන ආවේ.
අපි කොරන්නේත් රස්සාවක් උනාට එකෙන් මිනිස්සුන්ට සැළසෙන්නෙත් සේවයක්
තමයි මහත්තයෝ. අපිට හම්බවෙන තුට්ටු දෙකෙන් අළුතෙන් නිළ අඳුම් මහන්න බෑ මහත්තයෝ බස් එකේ යන මිනිස්සු අපිට සල්ලි එකතු කරළා නිල ඇඳුම් අරන් දෙන්නේ නැහැ නේ. ඒක නිසා
මහත්තයෝ අපි ආණ්ඩුවට කියන්නේ එක්කෝ අළුතෙන් නිළ අඳුමක් අපිට නොමිලේ ලබා දෙන්න නැතිනම් පොළීසියෙන් අපිව නොලිය ඉන්න.
මොනව කියන්නද මංද... කෝමත් පොලිස් මාමිලාට ඕන කීයක් හරි ගලවගන්න. ටයිමින් රුටින් හැදිල තියෙන්නෙත්ඒ ඕන විදියට. ආණුඩුවෙ නීතිත් එහෙමයි. කාට කියන්නදනෙහ්
ReplyDeleteEvery single story has two sides.
ReplyDeleteනීතිය එක එක්කෙනාට ඕන ඕන විදිහට ක්‍රියාත්මක වෙන දෙයක් වෙලානේ දැන්.
ReplyDeleteසල්ලි නෑ කියල මංකොල්ලකන්න බෑ නේද
ReplyDeleteඅපි කොරන්නේත් රස්සාවක් උනාට එකෙන් මිනිස්සුන්ට සැළසෙන්නෙත් සේවයක් ///// athha
ReplyDelete