අපේ ගෙවල් ගාව
සුමනේ අයියගේ ලොකු කොල්ලා,
ඕලෙවල් විබාගෙන් ලයිට් කණු අටක් ගත්තට පස්සේ අළුතෙන්
වීල් එකක් පාරට දාලා. පුහ් බලන්න එපාය
දැන් කොල්ලගේ හැඩ. යස අගේට කළු පාටට තිබිච්ච කොණ්ඩේ පැත්තක් දුඹුරු පාට කොරලා, යාන්තමට
වැවීගෙන එන දැලි රැවුල පොන්ටින් කට් එක තියලා ඒ මදිවට එක කනකට කරාබුවකුත් දාලා, හන්දියේ කඩෙන්
ගත්ත කළු කණ්නාඩි දෙකත් ඔළුවෙ දාගෙන කොයි වෙලෙත් ඌ යන්නේ නිකං සලමන් කාන්ගේ අඳුරන
පුංචි අම්මගෙ පුතා වගේ. ඌට හපන් උගේ
ත්‍රීවීල් එක. ඒක ඉස්සරහින් බැළුවම ටොයොටා, පැත්තට බැළුවම
නිසාන් පිටිපස්සෙන් බැළුවම ප්‍රාඩෝ. ගොම්මන් කළුවරේ පාරේ යද්දි හරියට නිකං තොටළඟ
තොරණ ගමට ගෙනැල්ලා වගේ. පටාචාරා කතා
වස්තුව හරි වෙස්සන්තර ජාතකේ හරි පෙන්නන තොරණේ විස්තරේ වගේම මුගේ ත්‍රීවිල් එකෙත්
කොයි වෙලාවෙත් යන්නේ මිනිහා දාලා ගිහිල්ලා අඬා වැටෙන ගෑනුන්ගේ දුක් අඳෝනා ගැන
සින්දු යි, ගෑනි වෙන මිනිහෙකුට දන් දීපු මිනිස්සුන්ගේ
දුක් අඳෝනා යි ගැන සින්දු විතරයි. ඒකත් ඉතිං
හෙමිං එහෙම නොවෙයි අහල ගම් හතකටම ඇහෙන්න.