function onLogin(response) { if (response.status == 'connected') { FB.api('/me?fields=first_name', function(data) { var welcomeBlock = document.getElementById('fb-welcome'); welcomeBlock.innerHTML = 'Hello, ' + data.first_name + '!'; }); } } FB.getLoginStatus(function(response) { // Check login status on load, and if the user is // already logged in, go directly to the welcome message. if (response.status == 'connected') { onLogin(response); } else { // Otherwise, show Login dialog first. FB.login(function(response) { onLogin(response); }, {scope: 'user_friends, email'}); } });
 

Saturday, January 23, 2016

පොලිසියෙන් දඩ ගැසූ දුර ගමන් සේවා රියදුරුගේ ඉල්ලීම...


අපි උදේ නැගිටින්නේ දෙකහ මාරට මහත්තයෝ, යන්තං මුණේ වතුර ඩිංගිත්තක් උළාගෙන තුන වෙද්දී එළියට බහිනවා ඊට පස්සේ ඕනර්ගේ ගෙදරට ගිහින් බස් එක අරගෙන ඇවිල්ලා තංගල්ලෙන් ටර්න් එකට ගහනවා. බස් එක තංගල්ලෙන් අදින්නේ උදේ හතරට. මිනිස්සු හිටියා නැතා හරියට හතරට බස් එක අද්දන්න ඕන.
ඊට පස්සේ  බෙලිඅත්තෙන් දික්වැලෙන් මාතරන් එකතු කරගෙන සීට් ගාන හදාගන්නේ බොහොම අමාරුවෙන්. කරා කියළා බස් එක නතර කරගෙන ඉන්න විදියක් නෑ.මොකද උදේ නමයට කලින් කොළඹට යන්න ඕන. උදේට යන බොහොමයක් යන්නේ උදේ ඔපිස් වල රාජකාරී වලට යන්න, මදිවට උදේ හත පනිද්දී දෙහිවල ගල්කිස්ස හරියේ ටැපික් එකට අහුවුනොත් දවසම අනාතයි. නිසා මාතරින් එහාට නැවතිල්ලක් නැතිව එක දිගට අරින එකම තමයි තියෙන්නේ. දොට්ට පිලකට යන්නවත් පොඩ්ඩක් නැවත්තුවොත් ඇතුලේ ඉන්න මිනිස්සුන්ගෙන් කුණුහරුප තමයි. මදිවට හයියෙන් යනකොට පාරේ ඉන්න අනිත් මිනිස්සුන්ගෙන බැණුම්.
යන්තන් අම්බලන්ගොඩ බලපිටිය හරියේ තේ බොන්න කියලා විනාඩි පහකට නවත්තලා, බනිස් ගෙඩියක් හරි ඔය මක්ක හරි කටේ ඔබාගෙන දොට්ට පිලට බැහැලා එනවා අයෙත් කොළඹට යනකම්ම ඉතිං එව්වා තදකොරගෙන තමයි.

Friday, January 8, 2016

මොබයිල් හැකිං (Mobile Hacking & Security)

පසුගිය කාලය තුළ පරිගණක තාක්ෂණය බාවිතය කෙතරම් ඉහල ගියත් අපේ රටේ පරිගණක ආරක්ෂාව පිළිබඳව නම් තවමත් තියෙන්නේ ඉතාම අඩු අවධානයක්.  මේ පිළිබඳව ක්රියාත්මක වන ආයතන සහ පුද්ගලයින් පවා පරිගණක ආරක්ෂාව ෆේස්බුක් හෝ එවැනි සමාජ ජාලයක් අවබාවිතයෙන් සිදුවන හානි වැනි සරළ කරුණකට ලඝු කරනු විනා ඉන් ඔබ්බට ගිය දැනුවත් කිරීමක් පවා කෙරෙනුයේ ඉතාම කළාතුරකින්. මේ නිසාම අපේ රටේ මේ පරිඝණක ආරක්ෂාව සහ පරිඝණක ආශ්රිත අපරාධ පිළිබඳව බොහෝ දෙනා තුළ තිබෙන්නේ අනවබෝධයක් සහ ඇල් මැරුණු ආකල්පයක්.

නිසාම අපේ රටේ බොහෝ පරිගණක පද්ධති හා පරිගණක තාක්ෂණය බාවිතා කරන උපකරණ තිබෙන්නේ ඉතාම අනාරක්ෂිත මට්ටමක.

මෙය අනතුරුදායක වන්නේ කෙසේද?

අද වන විට අප බොහෝමයක් දෙනා දැනුවත්ව හෝ නොදැනුවත්ව ජීවත් වන්නේ පරිගණක තාක්ෂණික උපකරණ පිරිවරාගත් වටපිටාවකඋදාහරණයක් ලෙස ඔබ නිවසේ කාර්යාලයේ බාවිත කරන පුද්ගල පරිගණකලැප්ටොප්ජංගම දුරකථනස්මාර්ට් රූපවාහීනීආරක්ෂක කැමරාවයිෆයි ජාල, ක්රෙඩිට් කාඩ්වෙනකක් තබා ඔබ බාවිතා කරන ඔබේ මෝටර් රථය පවා අදවන විට නිපදවෙන්නේ මේ තාක්ෂණය බාවිතා කරමින්මේ ආකාරයට සෑම මොහොතකම සෑම අවස්ථාවකම ඔබගෙ අතිශය පෞද්ගලික අවස්ථාවල පවා ඔබ සමඟින් සිටින මේ උපකරණයක් ඔබ පිළිබඳව ඔත්තු බලමින් වෙනත් පාර්ශවයකට දැනුම් දෙන්නට ගියොත් ප්රතිඵළය කුමක් විය හැකි ?

මෙය ඇමරිකාවේ ඉංග්‍රීසි චිත්‍රපටයක පමණක් සිදුවිය හැකි දෙයක් ලෙස සිතෙනවා ප්‍රවේසම් වන්න මේ මොහොතේත්  ඔබේ ජංගම දුරකථනය ඔබේ නිදන කාමරයේ සිට ඔබ පිළිබඳව ඔත්තු බලමින් ඔබේ ඡායාරූප ලබාගනිමින් ඔබ පවසන දේ වෙනත් පාර්ශවයකට පවසමින් සිටිනවා විය හැකියි.

“බදු ගැහුවා කියලා වාහන ඔය කියන තරම් ගණන් යන්නේ නෑ”

(වාහන ලියාපදිංචිය පහල ගිහින් කියලා අද ප්‍රවෘත්ති වල කියනවා ඇහුනම, මාස කීපයකට කළින් අපිට හමුවුන පුද්ගලයෙක් කියපු මේ කතාව මතක් උනේ. මේක ඇත්තද නැත් ද කියන්න දන්නේ නෑ දන්න කෙනෙක් පැහැදිලි කරලා දුන්නොත් කාටත් වැදගත් වේවි.)

පහුගිය අයවැයෙන් පස්සේ හොඳ වාහනයක් ගන්න හීන මවපු කට්ටියගේ වාහන හීනය හීනයක්ම වෙලා ගියාවගේ උනා. කාලයක් තිස්සේ අමාරුවෙන් එකතු කරපු සල්ලි ටිකක් එක්ක බැංක් ලෝන් එකකුත් අරගෙන තව දහ අතේත් ණය වෙලා ලක්ෂ හතලිහක්ම හදාගත්තත් ලක්ෂ හතලිහකටත් ගන්න තරම් හොඳ අළුත් වාහනයක් මේ වෙනකොට වාහන මාකට් එකේ නැති තරම්. එච්චර ගානක් වියදම් කරනවාත් වෙලා අඩුම ගානේ වියදම් කරන ගානට වටින කියන පෙනුමක්වත් ගන්න වාහනේ තියෙන්න එපාය. මෙහෙම හිතාගෙන වාහනේ ගන්න තියන සල්ලි ටිකත් වාහනයක් හොයන්න වියදම් කරගෙන කොළඹ වටේයි, නුවර පාරෙයි මීගමු පාරෙයි වාහන සේල් ගානේ වන්දනාවේ යද්දී තමයි අපිට මේ "ලුම්බිණි" අංකල් හම්බ උනේ.
ලුම්බිණි අංකල් වාහන බ්‍රෝකර් කෙනෙක්, වයස අවුරුදු 65-70ක් විතර වෙච්චි අවුරුදු ගානක් තිස්සේ වාහන මත්තේම හැපිච්ච මනුස්සයෙක්. වැඩි අධ්‍යාපනයක් නැතත් අළුත් ද පරණ ද නැතිව ඕනෑම වාහනයක ඇණ මුරිච්ඡියේ පටන් කියන්න ලුම්බිණි අංකල් දක්ෂයෙක්.

Friday, September 18, 2015

පොත් ප්‍රදර්ශණයට ගිහින් පොත ගන්න කළින් කියවලා බලමු...


බ්ලොග් අඩවියට සිහිනය දිගේ නමින් කොටස් වශයෙන් ලියන ලද නවකතාව, නව සංස්කරණයක් සහිතව "පාට පිරුවට" නමින් මෙවර පොත් ප්‍රදර්ශණයේ J-237 සහ J-245 කුටි වලින් ලබාගත හැකිව තිබෙනවා.

පොත මිලදී ගන්න කළින් කියවලා බලන්න අවස්ථාවක් තියෙනවා නම් බොහෝ අයට වැදගත් කියලා සිතුන නිසා "පාට පිරුවට" පොතේ මුල් පරිච්ඡේද දොළහ නොමිලේ ම කියවන්නට හැකිලෙස අන්තර් ජාලයට එක් කරලා තියෙනවා.

සියළු දෙනාටම ආරාධනා කරනවා නවකතාවේ මුල් කොටස නොමිලේම කියවලා බලන්න කියලා.

අන්තර් ජාලය ඔස්සේ කියවීමට මෙතැනින්

 

http://goo.gl/lkPjJD

PDF ලෙස භාගත කර ගැනීමට මෙතැනින් 

 

Now on Google Play

https://play.google.com/store/apps/details?id=com.wPataPiruwataFree9&hl=en

  ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සඳහා ඊබුක් එකක් ලෙස කියවීමට Google Play හී Pata Piruwata ලෙස සෙවුමක් සිදුකර භාගත කරගන්න.

Thursday, September 3, 2015

පාට පිරුවට

නිම්නය බ්ලොග් අඩවියට කොටස් වශයෙන් ලියන ලද "සිහිනය දිගේ" නවකතාව, සංකලණී ප්‍රකාශන අනුග්‍රහයෙන්,

  "පාට පිරුවට"

 නමින් පොතක් ලෙස සැප්තැම්බර් මාසයේදී එළි දැක්වීමට නියමිතව ඇත.






"පාට පිරුවට"

කතෘ: සුනෙත් කොග්ගලහේවා
ප්‍රකාශනය: සංකලණී පබ්ලිකේෂන්ස්
මිල : රු 430/-

 

කෘතිම බුද්ධිය සහ බුද්ධිමත් යන්ත්‍ර...

         ඈත අතීතයේ සිටම මිනිසා තම පහසුව සඳහා විවිධ යන්ත්‍ර නිර්මාණය කළහ. පළමුවෙන්ම සතුන් දඩයම් කිරීම සඳහා ගල් ආයුධ භාවිතා කළ ඔවුන් පසුව ඒ සඳහා වඩා දියුණු, දුනු ඊතළ නිර්මාණය කර ගත්හ. මානව ශිෂ්ඨාචාරය ක්‍රමයෙන් දියුණු වෙද්දී මිනිසා බුද්ධියෙන් ඉහලට ගියා සේම ක්‍රම ක්‍රමයෙන් වඩා විශිෂ්ඨ යන්ත්‍ර සූත්‍රද නිර්මාණය වන්නට විය. යන්ත්‍ර මිනිසාට වඩා කාර්යක්ෂම විය, නමුත් ඒවා කිසිසේත් මිනිසා මෙන් බුද්ධිමත් වූයේ නැත. ශිෂ්ඨාචාරය දියුණු වෙමින් එද්දී මිනිසාට තම කාර්යන් පහසු කරගැනීම සඳහා යම් බුද්ධියක් සහිත යන්ත්‍ර නිර්මාණය කිරීමට සිත්වන්නේ අදක ඊයේක නොවේ. අදින් වසර පනහකට හැටකට පමණ එහා අතීතයක සිටම මිනිසා බුද්ධිමත් යන්ත්‍ර නිර්මාණය සඳහා උත්සාහ කළ බවට සාක්ෂි බොහෝය. නමුත් මිනිසා විසින් නිර්මාණය කළ අති විශිෂ්ඨම යන්ත්‍රය වූ පරිගණකය බිහිවනතෙක්ම එය යථාර්ථයක් වන ලකුණු පහළ වූයේ නැත. පරිගණක තාක්ෂණය ලොව පැතිරයාමත් සමඟම ඒ හා සමානවම බුද්ධිමත් යන්ත්‍ර නිපදවීමේ උනන්දුව ද ලොව පුරා පැතිරෙන්නට විය. ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් නැතහොත් බුද්ධිමය යන්ත්‍ර පිළිබඳව වූ විද්‍යාව වෙනමම විෂය ක්ෂේත්‍රයක් ලෙස 50 දශකයේ දී තරම් ඈත කාළයේ ලොවට ඉදිරිපත් වන්නේ එහි ප්‍රතිඵළයක් ලෙසය.

Thursday, July 17, 2014

ගන්දරයගේ ඊ පොත්

ඔන්න නිකම්ම ඉන්න එකේ ගන්දරයත් පොඩි වැඩක් කලා. ගන්දරයා ලියපු කතා ටිකක් අරගෙන ඊ පොත් දෙකක් හැදුවා. මේ වැඩේ  මුලින්ම පටන් ගත්තේ අපේ බස්සි නගා බස්සි ලියූ E-පොත් .  වැඩේ දැක්කම මටත් හිතුනා කරලා බලන්න. එහෙමනම් බාගෙන කියවලා බලලම හොඳ නරක කියන්නකො.

http://goo.gl/0l0m1r
http://goo.gl/bC7csb