function onLogin(response) {
if (response.status == 'connected') {
FB.api('/me?fields=first_name', function(data) {
var welcomeBlock = document.getElementById('fb-welcome');
welcomeBlock.innerHTML = 'Hello, ' + data.first_name + '!';
});
}
}
FB.getLoginStatus(function(response) {
// Check login status on load, and if the user is
// already logged in, go directly to the welcome message.
if (response.status == 'connected') {
onLogin(response);
} else {
// Otherwise, show Login dialog first.
FB.login(function(response) {
onLogin(response);
}, {scope: 'user_friends, email'});
}
});
සිහිනය දිගේ.... (3 කොටස )
සීතල කඳුකරයට ඉර පායන්නේ පමා වීය. හර්ෂණට ඇහැ ඇරෙන විට පසුදා උදෑසන නවය පමණ වී තිබිණි. එක්වරම ඔහුට තමා මේ සිටින්නේ කොහේදැයි සිතාගත නොහැකිවිය. ඊයේ සිදුවූ සිදුවීම පෙළ ඔහුගේ මතකයට ගලා ආවේ සෙමිනි. ඒ සිතුවිලි අවසානයේ ඔහුගේ මුවින් සුසුමක් නැගුනේ තමා අද සිට හර්ෂණ නොවන බව මතක් වීමෙන්. ඔහු පොරවාගෙන සිටි රෙද්ද ඉවත් කරමින් නැගිට්ටේය. තමා පුටුව උඩ නින්දට වැටී සිටියදී කවුදෝ රෙද්දක් පොරවා ගොස් ඇත. බොහෝ විට ඒ තනුජා වන්නට ඇත.
"ආ කුමාරයා නැගිට්ටද... මම මේ අවදිකරන්න ආවේ..." යි කියමින් තනුජා කුස්සියේ සිට සාලයට ඇතුළු වුනේ ඒ මොහොතේ.
"දැන් ඉතින් මම කුමාරයා නෙවෙයි නේ" හර්ෂණ කිව්වේ උපහාසයෙන්.
"ආ... මේ තේ එක බොන්නකෝ..."
සීතල හර්ෂණගේ වතේ දැවටෙනින් තිබිණි, ඔහු උණුසුම් තේ කෝප්පය ගත්තේ සීතලේ වෙව්ලමින්.
උදෑසන කෑමෙන් පසු හර්ෂණට කරන්නට වැඩක් තිබුනේ නැත. තනුජා දහවලට උයන්නට සූදානම් උනු අතර මාලීනීත් විරාජ්නුත් සිටියේ කඩයේය. සීතලත් කරන්නට විශේෂ වැඩක් නැති කමිනුත්, හර්ෂණ සිටියේ කම්මැලි කමෙන්. තව කෙතරම් දිනක් මෙසේ සිටින්නද වේදැයි දන්නේ නැත. එක අතකට මෙය මහා පිස්සු වැඩකයි හර්ෂණට සිතේ. ගෙදරට වෙලා සිටියා නම් සිදුවන්නේ රිමාන්ඩ් ගත වීමටය. එක අතකටය එය හොඳය එසේ වූවත් මෙසේ කම්මැලි කමෙන් සිරවී සිටින්නට සිදුවන්නේ නැත.
ටික වේලාවක කුස්සියට වී තනුජා සමඟ කතාකරමින් සිටි හර්ෂණ කඩය පැත්තට යන්නට සිතුනේ දවසේ පුවත්පත් කියවන්න. කුස්සියේ සිට සාලයට ඇතුළු වන විටම මාලීනී කඩය තුල කිසිවෙක් සමඟ තමා පිළිබඳව කතා කරනු හර්ෂණට ඇසුනෙන් ඔහු සාලයේ නැවතුනේ ඔවුන්ගේ කතාබහට සවන් දෙන්න.
"බණ්ඩාරවෙල ඉන්න මලයගේ ලොකු කොල්ලා.... ඔය රස්සාවක් නැතිව එහේ මෙහේ ටැක් ගැහි ගැහි ඉන්නේ.... එහේ හිටියොත් කොළු නලේ වැටිලා ආයේ ඉතිං ගන්න දෙයක් නැති වෙනවා."
මාලිනී ගේ හඬ ඔහුට ඇසුනේ හෙමිහිට
"ඔව් ඔව් ඒක හැබෑව මෙහේ ඉතිං ඔය කඩේ තියන දෙයක් බලාගෙන ඉන්ට බැරිය"
අමුත්තා කිව්වේ මාලිනීගේ කතාව අනුමත කරමින්. හර්ෂණ කඩයට ඇතුළු වුනා. මාලිනී හිටියේ තේ සාදමින්. පසෙකින් සීනී කිරමින් සිටි විරාජ් දුටු හර්ෂණට සිනහ නැගුනි. අමුත්තා සිටියේ ඉදිරිපස පුටුවක වාඩිවී පුවත්පතක් කියවමින්. සුදු පැහැ සරමකින් හා සුදු සෆාරි කමිසයකින් සැරසී කමිසයට උඩින් තද නිල් පැහැ ජර්සියක් ඇඳ සිටි ඔහු අවුරුදු හැටක පමණ පුද්ගලයෙක්.
ඇඳ සිටි ඇඳුමත් අතෙහි තිබූ මැණික් ඔබ්බවන ලද මුදු දෙක සහ රන් ඔරලෝසුවත් නිසාවෙන් ඔහු නිසැකවම ව්යා්පාරිකයෙක් විය යුතුයැයි හර්ෂණට සිතුනේය.
"ආ මම මේ පුතා ගැන විමලසේන මුදලාලිට කිව්වා විතරයි"
මාලිනී කිව්වේ කඩයට ඇතුළු වුනු හර්ෂණව අමුත්තාට පෙන්වමින්.
විමලසේන මුදලාලි හර්ෂණ දෙස බැළුවේ උවමනාවෙන්. රස්සාවක් නැතිව එහේ මෙහේ ටැක් ගැහිච්ච දුප්පත් කොල්ලෙක්ය කිව්වට මූණ ඇඟපත් බැළුවම නම් එහෙම පෙනුමක් නැහැ, හොඳ සැපට හැදිච්ච කොල්ලෙක් වගේයි විමලසේනට සිතුණි. සාත්තු සප්පායම් නොකෙරුවත් බණ්ඩාරවෙල සීතලට කැරට් යස අගේට හැදෙනාවායි ඔහු කියා ගත්තේ සිතින්.
"මොකක්ද මේ ළමයගේ නම කිව්වේ.... "
විමලසේන මුදලාලි ඇසුවේ මාලිනී දෙස බලාගෙන, මාලිනීට එක්වරම හර්ෂණට යොදාගෙන තිබූ ව්යා ජ නම මතකයට නැගුනේ නැහැ
"රුවන් "
හර්ෂණ ඒ වෙනුවට පිළිතුරු දුන්නා
" රුවන් ළමයා කලින් මොකුත් රස්සාවක් එහෙම කරල තියනවද...?"
විමලසේන මුදලාලි ඇහුවේ හර්ෂණට සිනාවකින් සංග්රහහ කරන ගමන්
"ඔව් මුදලාලි මම කොළඹ සර් කෙනෙකුගේ වාහනයක් එළෙව්වා, පස්සේ ඒ සර් රට ගියා"
හර්ෂණ කිව්වේ කලින් සූදානම් කරගෙන හිටපු පිළිතුරක්
"හ්ම්ම් දැන් ඉතින් මෙහෙට වෙලා මේ කඩේ වැඩට උදව් වෙලා හිටියට නරක නැහැ... වෙළඳාම හරියට ඉගෙන ගත්තනං ආයේ අපතේ යන දෙයක්ය... කවදහරි තමන්ටය කියලා කඩ කෑල්ලක් වත් දාගන්ට බැරිය"
විමලසේන මුදලාලි කිව්වේ දැනමුතු කමක් දෙන විලාසෙන්
හර්ෂණ කිසිවක් නොකියාම පුවත් පතක් පෙරළා ගත්තා
"පුතාටත් කහට කෝප්පයක් දෙන්නද..."
මාලීනී ඇසුවේ හර්ෂණගෙන්
"දැන් එපා නැන්දේ"
සෑම පුවත්පතකම පාහේ මුල් පිටුවේම
ඊයේ සිදුවූ සිද්ධිය සෑම පුවත් පතකම වාගේ මුල් පිටුවේම පලවී තිබුනි. බොහෝ පුවත් පත් සිද්ධිය වාර්තා කර තිබුනේ විජේසේකර ඇමති වැරදිකරු කරමින්. හර්ෂණගේ නම සිද්ධියට ඈඳී තිබුනත් හර්ෂණ මෙතෙක් ප්ර සිද්ධ දේශපාලනයට යොමුව නොසිටි බැවින් දෝ සෑම පුවත් පතක්ම වාර්ථා කර තිබුනේ විජේසේකර ඇමතිවරයා සහ ඔහූගේ පුතා ලෙස, හර්ෂණ විජේසේකර නම ඒ කිසිවක පළවී තිබුනේ නැත.
"විජේසේකර ඇමතිට මෙදා පොටේ නං වැඩ වරදී වගේ...."
විමලසේන මුදලාලි කිව්වේ පත්තරේටම මුහුණ තියාගෙන.
"තාත්තටයි පුතාටයි දෙන්නටම මහ උළු ගෙදර යන්ට වෙයි වගේ"
මාලීනීත් විරාජ්නුත් හර්ෂණත් තිදෙනාගේම සිත් තුල තිගැස්මක් ඇති වූයෙන් තිදෙනාම පිළිතුරක් දුන්නේ නැහැ.
"එක අතකට ඉතිං ඔය නීති තියෙන්නෙත් උඹලා අපි වගේ මේ පොඩි මිනිස්සුන්ට විතරයි. මෙලහටත් ඔය ඇමති, පවුල පිටින්ම ඇමරිකාවේ හරි එංගලන්තේ හරි ලොකු හෝටලේක ඇති."
කිසිවෙකුගෙන් පිළිතුරක් නොලැබුනු තැන ඔහු ආයෙමත් පැවසුවේ පත්තරය අකුලන ගමන්
"ඔව්වා කතා කරලා වැඩක් නැහැ මුදලාලි, මොන ආංඩු ආවත් අපේ අත හෙල්ලුනොත් කට හොල්ලගන්න පුළුවං "
මාලීනී කිව්වේ ඒ ගැන වැඩි උනන්දුවක් නැතිබව පෙන්වමින්.
"මිනිහා තමයි මේ පැත්තට ඉන්න දළ කාරයා " විරාජ් හර්ෂණට කිව්වේ විමලසේන මුදලාලි නික්ම ගිය පසු
"මිනිහට මොනවද තියෙන බිස්නස්"
"ටිකක් ලොකු බිස්නස් කාරයෙක්, දකුණේ ඉඳන් මෙහේ ආපු කෙනෙක් නෝනගේ ගම මෙහේ, ටවුන් එකේ ලොකු කඩයක් තියෙනවා රෙදි එහෙම තියෙන තව ලොරි එහෙමත් තියනවා"
විරාජ් විමලසේන මුදලාලි පිළිබඳව සම්පූර්ණ විස්තරයක් කියන්නට පටන් ගත්තේය.
“මිනිහා ඉස්සර කොළඹ ඉඳලා තියෙන්නේ පස්සේ තමයි මෙහේ ඇවිත් මෙහේ පදිංචි වෙලා තියෙන්නේ, ලොකු දුවලා තුන් දෙනෙක් ඉන්නවා. ලොකු දුව බැඳලා, අනෙක් දෙන්නම ගෙදර, දෙවැනි දුව නං කටුස්සි වගේ අන්න ඒකට බාලම දුව.... හතර මායිමක නැහැ එහෙම ලස්සන කෙනෙක්.”
විරාජ් ගේ කතාවට හර්ෂණටත් මාලිනීටත් දෙදෙනාටම සිනහ ගියා
"ඒ කියන්නේ උඹ මෙහෙට ඇවිත් කරේ හතර මායිමේ කෙල්ලන්ගේ ලස්සන බලන එකද..."
හර්ෂණ ඇහුවේ විහිළුවට
"දුව කොච්චර ලස්සන උනත් මට වැඩක් නැහැ බං.... මුදලාලියා ගැන කියපං.... "
"මිනිහා හොඳ මිනිහා, හොඳට හොඳයි නරකට නරකයි ජාතියේ මිනිහෙක්... සල්ලි තියනවා එච්චරයි.
අග කියෝලා මුල කියවන එකෙත් ගතියක් තියෙනවා..
ReplyDeleteබලමු ඊලග කෑල්ල...
කොහෙන් හරි ඉන්නවා නේ හෙන ලස්සන කෙල්ලෙක්...... ;)
ReplyDeleteඅන්න කතාව නව මාවතකට හැරුණා
ReplyDelete