function onLogin(response) { if (response.status == 'connected') { FB.api('/me?fields=first_name', function(data) { var welcomeBlock = document.getElementById('fb-welcome'); welcomeBlock.innerHTML = 'Hello, ' + data.first_name + '!'; }); } } FB.getLoginStatus(function(response) { // Check login status on load, and if the user is // already logged in, go directly to the welcome message. if (response.status == 'connected') { onLogin(response); } else { // Otherwise, show Login dialog first. FB.login(function(response) { onLogin(response); }, {scope: 'user_friends, email'}); } });
 

Sunday, November 11, 2012

සිහිනය දිගේ.... (7 කොටස )



ර්ෂණ පසුවදා පාන්දරින්ම විමලසේන මුදලාලිගේ නිවසට ගියේය. උදෑසන සීතලද නොතකමින් මගට බට ඔහු දෙස විරාජ් බලා සිටියේ එතරම් කැමැත්තකින් නොවේ. මොනවා කීවත් හර්ෂණ තම තීරණ වෙනස් නොකරන බව ඔහු අත්දැකීමෙන් දනී. ඒ නිසා කළයුතු හොඳම දෙය ඔහුට අවශ්‍ය පරිදි ක්‍රියාකිරීමය. උදෙන්ම මේ ගැන මාරතැන්න මහතාට දැනුම්දීමට විරාජ් සිතාගත්තේය. 

හර්ෂණ පැමිනෙනෙ විට දිල්මී සිටියේ සූදානම්වෙමිනි. විමලසේන ඔහුව මෙතරම් උදෑසනින් බලාපොරොත්තු වූයේ නැත. උදෑසනම පැමිණි හර්ෂණ දුටු විමලසේනට ඔහුගේ උනන්දුව ගැන දැනුනේ සතුටක්.

 

"අහ් ඉලන්දාරියා උදෙන්ම නැගිටලා තියෙන්නේ"       

 විමලසේන කීවේ සතුටින්

උදෑසනම පිබිදී තමා කරන කියන දෙයට කැපවී සේවය කරන මෙවන් තරුණයන්ට විමලසේන කැමතිය.

හර්ෂණ පැමිණි විගසම ත්‍රීවිලරය ගෙන පණ ගන්වා ගමනට සූදානම් කලේය.

 

"හඳුන්කූරක් එහෙම පත්තු කරලාම වැඩේ පටන් ගන්න ළමයෝ" විමලසේන මුදලාලි කීවේ කරුණාවෙන්

 

මෙවන් වතාවත් පිළිබඳව වැඩි සැලකීමක් නැතත් හර්ෂණ ඔහුගේ වචනය අනුව යමින් හඳුන්කූරු කිහිපයක් දැල්වූවේය. උදෑසන සීතල මකන්නට එය අසමත් වුවත් හඳුන්කුරු සුවඳ පරිසරයට එක්කලේ නැවුම් බවක්.

දිල්මි සූදානම්වී පැමිණියේ හර්ෂණ පැමින පැය භාගයකට පමණ පසුවය. රෝස පැහැති සාරියකින් සැරසී පොත් මිටියත් තුරුළු කරගෙන සීතලේ ගැහෙමින් සිටිනා යුවතිය දෙස හර්ෂණ බලාසිටියේ කිවනොහැකි තරම් ආශාවකින්, ඇගේ මේ සුන්දර සිනහව ඔහුගේ සිතේ ඇතිකලේ සැනකෙළි දහසක චමත්කාරයක්.

දිල්මි මවටත් පියාටත් වැඳ පැමිණ ත්‍රීවිලයට නැගුනේ හර්ෂණට සුන්දර සිනහවකින් සංග්‍රහ කරමින්.

"එහෙනම් පරිස්සමට යන්න" යි විමලසේන අවසර දුන්නේ හර්ෂණගේ පිටටද තට්ටුවක් දමමින්.

හර්ෂණ සෙමෙන් රථය පාරට ගත්තේය, තවමත් උදෑසන මීදුම පහවගොස් නැත, කඳුකර මාර්ගය ඔස්සේ ඔහු රථය සෙමෙන් ඉදිරියට පැදෙව්වේය. මඳ දුරක් යනතෙක්ම දෙදෙනාම කතාබහ කලේ නැත. හර්ෂණ සිටියේ කොතනින් කථාව අරඹන්නදැයි සිත සිතාය. ජීවිතයේ ප්‍රථම වරට කෙනෙක් සමඟ කතාව අපහසු වී ඇති සෙයක් ඔහුට දැනින. ඔහු නොදන්නවාට දිල්මි සිටියේත් එසේමය, ඇයටත් ඔහු සමඟ කතා කරන්නට අපහසුවක් දැනෙමින් තිබුනි.

පිටුපස අසුනේ සිට ඇය බලා සිටියේ ඔහුගේ හැඩ නිලය. කොණ්ඩය හොඳින් පීරා පිළිවෙලට ඇඳ පැළැඳ සිටින ඔහුගෙන් දිස්වන්නේ අපූරු නැවුම් බවකි. ඔහුගේ ඇඳුම් පැළඳුම් පවා අළුත්ය. ඇයට මින් පෙර ත්‍රීවිලරය පැදවූ චන්දන සිහිපත් විය. ඔහු සිහින්ය කෙට්ටුය, ඇඳුම් පැළඳුම් වුවත් අපිළිවෙලය. බොහෝ විට ඔහු සිටියේ දණ හිස දක්වා වු බාච්චු කොට කලිසමක් හැඳගෙනය. ඔහු සමඟ සසඳද්දී මොහු එයට වඩා බොහෝ පිළිවෙල පාටය. මොහු රියදුරක් වශයෙන් කොළඹ රැකියාවක් කල බව තාත්තා පැවසූ  බව ඇගේ මතකයේ තිබින. සමහරවිට මේ ජේත්තුකාරබව එයින් ලද පළපුරුද්ද නිසා වන්නට ඇත.

පැති කණ්නාඩියෙන් ඔහු තමා දෙස බලනු ඇයට පෙනුනි. ඒ දෙනෙත් එකිනෙක ගැටුනු කල දෙදෙනාම මුවට මඳහසක් නැගුනි.

 

"රුවන් ඉස්සර හිටියේ කොළඹලු නේද"

කතාව පටන් ගත්තේ දිල්මිය

 

"ඔව් මිස් කොළඹ මහත්තයෙකුගේ වාහනයක වැඩකරේ"

රුවන්ට කියන්නට ඇත්තේ හදාගත් කතාවකි

"ඒත් ත්‍රීවිල් එකක්මද...?"

"නැහැ මිස් කාර් එකක්"

 

"හ්ම්ම්ම් එහෙනම් හොඳයි නේ... ඉතින් ඇයි රුවන් ආපහු ගමේ ආවේ"

"ඒ මහත්තයා පවුල පිටින්ම රට ගියා මිස්"

හර්ෂණ කටේ තොලේ නොගැවී අමූලික බොරු ඇදබායි. මේ කියන්නේ පට්ටපල් බොරුයැයි දිල්මිට නිකමටවත් සිතුනේ නැත. ඇය ඔහුගේ කතාව අසා සිටියේ අනුකම්පාවෙනි.

"මිස් හිටියෙත් කොළඹලු නේද"

හර්ෂණ කතාව වෙනස් කලේය

 

"ඔව් රුවන් මම ඉස්කෝලේ ගියේයි කැම්පස් ගියේයි කොළඹ"

 

විමලසේන පවුල, දිල්මි තරමක් ලොකු වෙනතෙක්ම පදිංචිව සිටියේ මහරගමය. ඔවුන් කොළඹ අතහැර විමලසේනගේ මහගෙදර පදිංචියට ආවේ දිල්මි අටේ පන්තියේ සිටියදීය. එදා පටන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය නිමවන තෙක්ම දිල්මි සිටියේ බෝඩිම් වලය.

"මිස් ගියේ කොළඹ කැම්පස් එකටද"

"ඔව් රුවන්, රුවන් දන්නවද එකේ කාවහරි"

"අපෝ නැහැ මිස්... පාරේ යත්දි දැකලා නම් තියනවා"

 

දෙදෙනාම එකවර සිනාසුනෝය.

"එතකොට දැන් මිස් උගන්නන්නේ මොන විෂයයන්ද"

"ඒ ලෙවල් පංතිවලට බයලොජි"

"ජීව විද්‍යාව"

"රුවන් ඒ ලෙවල කරාද...???"

"අපෝ නැහැ මිස්... මම ඕලෙවල් විභහගේ විතරයි කලේ"

"අපරාදේ නේ ඉතින් ඇයි ඊට පස්සේ නැවතුනේ"

දිල්මි ඇසුවේ කණගාටුවෙන්

"ඒ කාලේ තමයි මිස් අපේ තාත්තා නැති වුනේ... ඉතිං ඊට පස්සේ මම ඉස්කෝලේ යන එකත් නතර වුනා"

කතාව අතරින්ම ඔවුන් දිල්මිගේ පාසලට ළඟාවී තිබුණි. දිල්මිගේ හිතවත් මිතුරියක වූ වරුණි ඔවුන්ට මුණ ගැසුනේ පාසල ආසන්නයේ දී. වරුණිත් රථයට නැගුනෙන් දිල්මිගේත් හර්ෂණගේත් කතාව නැවතුනි.

 

"එහෙනම් රුවන් ඉස්කෝලේ ඇරෙන වෙලාව වෙද්දී ආපහු ඇවිල්ලා ඉන්න"

 

දිල්මි පාසල අසලින් බැසගත්තේ එසේ කියමිනි. හර්ෂණ දිල්මි පාසල තුලට යනතෙක්ම ඇයදෙස බලාසිටියේය.

"කවුද දිල්මි ඒ"

වරුණි ඇසුවේ පාසල් ගේට්ටුවෙන් ඇතුළුවුනු පසුව

 

"අපි අඳුරන කෙනෙක්.. අද ඉඳන් අපේ ත්‍රීවිල් එකේ වැඩ"

දිල්මි පිළිතුරු දුන්නේ සැහැල්ලුවෙන්

 

"ත්‍රී වීල් එකේ වැඩ කරන එකාද..... නළුවාවගේ සෙන්ට් පවුඩර් එහෙම දාලා ඉන්න කොට…. , මම හිතුවේ උඹව බඳින්න ඉන්න කෙනා කියලා

දෙදෙනාම හිනහෙමින් තම තමන්ගේ පංති කාමර කරා ගියෝය.

2 comments:

  1. හ්ම්....... ලස්සනයි. :)

    ReplyDelete
  2. ඕක තමා කියන්නේ ඇඳුමෙන් මිනිස්සු මනින්න බෑ කියලා

    ReplyDelete