function onLogin(response) { if (response.status == 'connected') { FB.api('/me?fields=first_name', function(data) { var welcomeBlock = document.getElementById('fb-welcome'); welcomeBlock.innerHTML = 'Hello, ' + data.first_name + '!'; }); } } FB.getLoginStatus(function(response) { // Check login status on load, and if the user is // already logged in, go directly to the welcome message. if (response.status == 'connected') { onLogin(response); } else { // Otherwise, show Login dialog first. FB.login(function(response) { onLogin(response); }, {scope: 'user_friends, email'}); } });
 

Wednesday, June 18, 2014

පතිවත රැකීම



ගිය සතියේ සඳුදා, උදේ පාන්දර ඔෆිස් එකට යද්දී, අපේ විදුර මහත්තයගේ සෙකට්‍රි වරුණී, තවත් ගෑණු ටිකක් වටකරගෙන බර කතාවක්. ගන්දරයා ඔය ගෑණුන්ගේ ඕප දූප අහන් ඉන්න වැඩි මනාපයක් නැති වුනත් පොඩ්ඩක් කණ තියලා බැළුවේ වරුණි කියන්නේ කතා සාගරයක් නිසා.

දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ කිව්වලු විදුර මහත්තයා වරුණිට "අයුතු යෝජනාවක්" කරලලු. වරුණි මේ උදේ පාන්දරම අනෙත් කට්ටියත් එකතු කරගෙන විස්සෝපෙන් කතා කරන්නේ "අයුතු යෝජනාව" ගැන. අනෙත් ගෑණු ටිකත් කම්මුලේ අත තියාගෙන අහං ඉන්නවා වරුණිගේ කතාව.


"මම මේ ඔෆිස් එකට ආපු දවස්වලමයි මට ඔය මිනිහගේ හැටි තේරුණේ"
වරුණි කිව්වේ වැඩේ ආරම්භ වෙච්ච කාලේ මතක් කරමින්.

"රියලී.... ඒ කියන්නේ මිනිහා අවුරුද්දක විතර ඉඳන්ම ඔය ගැන හිතාගෙන ඉඳලා තියෙන්නේ...."
කාංචනා අඩු වැඩිය සපයනවා...

"ඔව් ඔව් ආපු මුල්ම දවස්වල හැමදාම උදේට හවසට කෝල්ස් දිදී මම ආවද ගෙදර ගියාද හොයනවා"

"ඊට පස්සේ ටික දවසක් යද්දී මෙයා මට පොඩි පොඩි තෑගි අරන් දෙන්න පටන් ගත්තා.... මම කොහොමද අනේ දන්නේ මේ මිනිහ ගැන දන්නේ.... පස්සේ පස්සේ ලොකු ලොකු තෑගිත් අරන් දෙන්න ගත්තා.... හොඳ මනිපූරි සාරිම දහයකට වඩා මට දීලා තියනවා... ඔය මිනිහා"

වරුණි ඒ ටික කිව්වේ රහසින් වගේ

"අනේ බලන්නකෝ මිනිස්සු නේද..."

ඒක අහන් හිටපු සඳමාලී කාංචනාට කිව්වේ හරිම විස්සෝපෙන්

"ඊට පස්සේ සමහර දවසට මේ මිනිහා ලන්ච් වලට කියලා මාව එක එක රෙස්ට් හවුස් වලටත් එක්ක ගියා අනේ.... පස්සේ පස්සේ මිනිහා මට ඩිනර් වලටත් යන්න ඉන්වයිට් කරා... මම හස්බන්ඩ්ටත් බොරු කියලා අනේ ඒවට ගියේ"

"ඉතිං ඔහොම ගියාම මිනිහා වැරදි වැඩකට එහෙම ඇවිත් නැතිද"

කාංචනා ඇහුවේ වැඩි විස්වාසෙට

"හහ් ඒවා කොහෙද මාත් එක්ක වැඩිම උනොත් ඔය අතින් අල්ලගෙන ඉන්නවා විතරයි... එකම එක දවසක් කාරෙකේ යන අතරේ මට කිස් එකක් දුන්නා..."

"දෙන්න එපාය අත දිග ඇරලා හොඳ කනේ පාරක්"

සඳමාලි කිව්වේ තරහෙන්.

"කව්ද අනේ දන්නේ ඔහොම එකකට කියලා මම හිතුවේ යාළු කමට කියලනේ"

වරුණි කිව්වේ කට උල් කරලා බොහොම කණගාටුවෙන්.

"ඉතිං දැන් මොකක්ද වෙලා තියෙන්නේ...."

කාංචනා ඇහුවේ කතාවේ ඉතිරි ටික අහගන්න නොඉවසිල්ලෙන්

"අපේ ඩ්‍රයිවර් සමන්ත දැකලා ඔය මිනිහා ගිය සතියේ අර අකවුන්ට් එකේ රෝෂිනීත් එක්ක ලැවිනියා හොටෙල් එකට රිංගනවා.... "

"බලන්න අනේ මිනිස්සුන්ගේ හැටි නේද....." සඳමාලියි කාංචනායි පුදුම උනේ එකටම

"මිනිහා ලෑස්තිවුනේ මටත් ඔය ටිකම කරන්න නේ.... මිනිහා දන්නේ නෑ මේ වරුණි කවුද කියලා... රටක් වටින මනුස්සයෙක් මට ඉන්නවා මම කවදාවත් ඒ මනුස්සයට ද්‍රෝහි වෙන්නේ නෑ..."

ඒ ටික කියද්දී නම් වරුණිගේ ඇස්වලට කඳුළුත් ආවා

පතිවත රැකි පතිනියකගේ කඳුළු කතාව ඇහුවම, ගන්දරයට හද්ද පරණ විහිළු කතාවක් මතක් උනා.

අපේ ගමේ හිටපු සයිමන් අයියයි මාටින් අයියයි දෙන්න දවසක්දා රෑ සොපි අක්කගේ කඩපිළට රිංගලා දෙකක් දාගෙන ඕං ආපහු ගෙවල් වලට යන්න කියලා හිතාගෙන බැස්සලු පාරට. දෙන්න එක්ක පරණ සීපදයක් එහෙම කියාගෙන පාර දිගේ යන කොට අපේ සයිමන් අයියා හඳ එළියට දැක්කලු පාරේ තිබිච්ච ජරා ගොඩක්

"ඔන්න මාටිං මල්ලි බලාගෙන.... පාරේ බල්ලෙක් කැත කරලා"
සයිමන් අයියා එහෙම කිව්වම මාටිං මල්ලිත් හොඳට බැළුවා ජරා ගොඩ දිහා

"චැහ්... සයිමන් අයියට වැරදිලා.... මේක මේ බළලෙක් කැත කොරපු එකක් නේ"
මාටිං කිව්වේ හයියෙන් හිනාවෙලා

එහෙම කිව්වම සයිමන් අයියටත් සුවර් නෑ.... සයිමන් අයියා ජරා ගොඩ ළඟ ඇන තියාගෙන හොඳට කිට්ටු වෙලා බැළුවා

"නැහ්.... මාටිං මල්ලි මේක බල්ලෙකුගේ"

මාටිං අයියත් පාත්වෙලා බිම ඇන තියාගෙන හොඳට ළංවෙලා නීරීක්සනය කරා

"මක්ක කියනවද සයිමන් අයියා මේක බළලෙකුගේ"

සයිමන් අයියට ඒත් විස්වාස නැහැ කොයිකටත් කියලා ජරා ගොඩෙන් ටිකක් ඇඟිල්ලට අරන් නහයට ලං කරලා සුවඳ බැළුවා...

"මාටිං මල්ලි මගුලක් කතා කොරනවා නෙව.... මේක මේ බල්ලෙකුගේ"


මාටිං අයියත් ඇඟිල්ලට ටිකක් අරන් සුවඳ බැළුවා

"මමය... සයිමන් අයියනේ මේ මගුලක් කතාකොරන්නේ මේක මේ බළලෙකුගේ….. මේ බළල් ගඳ හොඳට තියෙන්නේ"


මාටිං අයියා කොහොම කිව්වත් සයිමන් අයියා පිළිගන්නේම නැහැ ඇඟිල්ලට ගත්ත ටික දිවේ ගාලා රස බැළුවා

"මේක බල්ලෙකුගේ බං.... මේ බලපං රහ"

මාටිං අයියත් ටිකක් අරගෙන කටේ තියාගත්තා

"හැබෑට බොලේ මේක බල්ලෙකුගේ නේන්නං.... සයිමන් අයියා හරි මට වැරදුනා….හොඳ වෙලාවට සයිමන් අයියා ජරා ගොඩ දැක්කේ.... නැතිනං එහෙම තව ඩිංගෙන් මට පෑගෙනවා...."

"පරිස්සමට පාගන් නැතුව අයින් වෙලා යමං මලේ...."

කියාපු සයිමන් අයියයි මාටින් අයියයි දෙන්න සීරුවට අයින් වෙලා සංතෝසෙන් ගෙවල් වලට යන්න ගියාලු.

ප. ලි.
දැන් මම මේ කතාව උඹලට කිව්වේ කාටවත් අපහාස කරන්නවත්, සමහර ගෑනුන්ගේ පතිවත රැකීම මෙහෙමයි කියන්නවත් එහෙම නෙවෙයි මට මේ හද්ද පරණ විහිළු කතාවක් මතක් වෙචච නිසා විතරයි.

1 comment:

  1. හෙහ් හෙහ්.. උපමා කතාවෙන් කියන්න ඕන ටික හොදටම කියවෙනවා.. ඊට වඩා මුකුත් නොකියමි..

    ReplyDelete