අපි උදේ නැගිටින්නේ දෙකහ මාරට මහත්තයෝ, යන්තං මුණේ වතුර ඩිංගිත්තක් උළාගෙන තුන වෙද්දී එළියට බහිනවා ඊට පස්සේ ඕනර්ගේ ගෙදරට ගිහින් බස් එක අරගෙන ඇවිල්ලා තංගල්ලෙන් ටර්න් එකට ගහනවා. බස් එක තංගල්ලෙන් අදින්නේ
උදේ හතරට. මිනිස්සු හිටියා නැතා හරියට හතරට බස් එක අද්දන්න ඕන.
ඊට පස්සේ
බෙලිඅත්තෙන් දික්වැලෙන් මාතරන්
එකතු කරගෙන සීට් ගාන හදාගන්නේ බොහොම අමාරුවෙන්. ඒ කරා කියළා බස් එක නතර කරගෙන ඉන්න විදියක් නෑ.මොකද උදේ නමයට කලින් කොළඹට යන්න ඕන. උදේට යන බොහොමයක් යන්නේ උදේ ඔපිස් වල රාජකාරී වලට යන්න, ඒ මදිවට උදේ හත පනිද්දී දෙහිවල ගල්කිස්ස හරියේ ටැපික් එකට අහුවුනොත් දවසම අනාතයි. ඒ නිසා මාතරින් එහාට නැවතිල්ලක් නැතිව එක දිගට අරින එකම තමයි තියෙන්නේ. දොට්ට පිලකට යන්නවත් පොඩ්ඩක් නැවත්තුවොත් ඇතුලේ ඉන්න මිනිස්සුන්ගෙන් කුණුහරුප තමයි. ඒ මදිවට හයියෙන් යනකොට පාරේ ඉන්න අනිත් මිනිස්සුන්ගෙන බැණුම්.
යන්තන් අම්බලන්ගොඩ බලපිටිය හරියේ තේ බොන්න කියලා විනාඩි පහකට නවත්තලා, බනිස් ගෙඩියක් හරි ඔය මක්ක හරි කටේ ඔබාගෙන දොට්ට පිලට බැහැලා එනවා අයෙත් කොළඹට යනකම්ම ඉතිං එව්වා තදකොරගෙන තමයි.