Monday, October 15, 2012
Wednesday, July 18, 2012
ගෑනුත් දැක්කා…… මේ වගේ ගෑනු නොදැක්කා (අවසාන කොටස)
ගෑනුත් දැක්කා…… මේ වගේ ගෑනු නොදැක්කා 2
පසුවදා උදෑසන සමරසිංහ වෙනදට වැඩි වෙලාවක් කණ්නාඩිය ඉදිරිපිට රැඳුනා. අද
දවසේ මොකක්දෝ සියුම් සතුටක් සමරසිංහගේ සිතට දැනෙනවා. ඒ සතුටට හේතුව උඩු
සිතින් හොයාගන්න බැරි වුනත්, යටි සිතින් ඒ වරුණි නිසා බව සමරසිංහ දන්නවා.
අද ඉඳන් වරුණි, සමරසිංහගේ කාමරේ. ඒ නිසා අද ඉඳන් ඇගේ ඇසුර වෙනදට වඩා ලබන්නට
පුළුවන්. මේ ගැන මතක් වෙද්දිත් සමරසිංහට ඇතිවෙන්නේ සතුටක්.
ඔහු කාර්යාලයට යද්දී අනෙක් අය කවුරුවත් ඇවිත් සිටියේ නැහැ. වරුණි ආවේ
ඔහු ගිහින් පැය භාගයකට විතර පස්සේ. ඈතදිම වරුණිව දැක්ක ගමන් සමරසිංහට
හිතුනේ වරුණි අද වෙනදටත් වඩා ලස්සනයි කියලා. ඔළුව දෙපැත්තෙන් නිදහසේ
කඩාහැලෙන කොණ්ඩේ, නිල්පාට ඇස්, රතුපැහැ සායම් තවරපු දෙතොල්, ඇඟට හිරවුණු
සුදු හැට්ටය, එයටම ගැලපෙන කළු කෙටි සාය. වරුණි ලස්සන හිනාවකින් සමරසිංහට
සංග්‍රහ කරමින්ම ඇවිත් ඇගේ අළුත් ස්ථානයේ වාඩිවුනා. සමරසිංහ ඈත ඉඳන්ම
බලාගෙන හිටියේ දන හිසට වඩා අඟල් දෙක තුනක් කොට සාය අතරින් පෙනෙන ඇගේ දෙපා
දිහා. වාඩි වෙද්දි සාය තවත් අඟල කීපයක් ඉහලට ඇදුනු නිසා සමරසිංහ ඇගේ දෙපා
වලින් දෑස් ඉවතට ගත්තේ ආයාසයෙන්.
“Good Morning සර් “
“Good Morning වරුණි “
“කොහොමද වරුණි… දැන් ප්‍රශ්ණයක් නැහැ නේද”
“අනේ ඔව් සර්, සර්ට ගොඩාක් පිං මේ කරපු උදව්වට”
වරුණි අද ඉන්නේ සතුටිනි, ඒ නිසා සමරසිංහටද සතුටුය, සමරසිංහට කාර්යාලයේ
අනෙක් අය පේන්නේ ද සතුටින් ඉන්නා සේය. උදෑසන තේ එක වූවද අද වෙනදාට වඩා රසය,
සමහර විට ඒ වරුණි හදපු නිසා වන්නට ඇත.
“කවින්ද එහෙම ආයේ කතාවට ආවේ නැද්ද වරුණි” සමරසිංහ හවස වරුණිගෙන් ඇහුවේ නිකමට වගේ
“ඒ මිනිහා නම් මහ ලැජ්ජ නැති මිනිහෙක් සර්, ඊයේ හවස මාත් එක්ක කතාකරන්නද
කොහෙදො බලාගෙනම ඉඳලා මම නැගපු බස් එකටම නැග්ගා….. මම නොදැක්කා වගේ සද්ද
නැතුව හිටියා”
“ඒ කියන්නේ මේ මිනිහා තාමත් ඔයා පස්සේ එන එක අත ඇරලා නෑ එහෙනම්”
සමරසිංහ මඳක් කල්පනා කරා
“ඒ කියන්නේ මිනිහා අදත් ඔයාගේ පස්සෙන් එන්න පුළුවන්…… ඔයා හවසට බස් වල යන්න ඕන නෑ මම ඔයාව මගේ වාහනේ ගිහින් දාන්නම්”
වරුණි මුවින් කිසිවක් නොකීවත් සමරසිංහගේ ඒ යෝජනාව බාර ගත්තේ බොහොම කැමැත්තෙන්.
හවස, සමරසිංහට කලින් වරුණි එළියට ගියේ, සමරසිංහ එනකම් එළියේ රැඳී ඉන්න
බලාපොරොත්තුවෙන්. දෙදෙනාම එකවර එළියට යාම කටකතා පතුරවන්නන්ට හොඳ ආරංචියක්
විය හැකිය. එම නිසා දෙදෙනාම එකවර එළියට යාම හොඳ නැත. වරුණි ගිහින් විනාඩි
දහයකට විතර පස්සේ සමරසිංහ එළියට ආවා. වාහන අංගනයෙන තමන්ගේ වාහනේ එළියට ගත්
ඔහු කාර්යාලයට නුදුරින් ඉඩ ඇති තැනක නවතා වරුණිට කෙටි පණිවිඩයක් යැව්වා.
“Im near the bank, come quickly”
මොහොතකින් වරුණි ඔහුගේ සුවපහසු රථයේ ඉදිරි අසුන මත.
වරුණි අසුනේ සිටින්නේ බොහොම සුවපහසු ඉරියව්වකින්, ඇය සිටින මේ ඉරියව්වට
නිසා ඇගේ දෙපා අඩකටත් වඩා නිරාවරනය වෙලා, ඇඳ සිටින කොට සාය බඳට තද වීමෙන්
ඇගේ උකුල් ප්‍රදේශය වඩාත් ඉස්මතු වෙලා. ඇගේ දෙපා මත අත තබන්නට ඇතිවූ ආශාව
සමරසිං මැඩගත්තේ බොහොම අසීරුවෙන්. නමුත් ඇගේ දෙපා මත අසංවරව දුවන තම ඇස්
ඇගෙන් සඟවා ගන්න නම් සමරසිංහ සමත් වුනේ නෑ.
ඉන්පසු එළබුනු බොහෝ දිනවල සවස වරුණි නිවසට ගියේ සමරසිංහගේ මෝටර් රථයෙන්.
බොහෝ විට සමරසිංහට පෙර කාර්යාලයෙන් පිටවන වරුණි ඔහු එනතෙක් රැඳි සිටී.
සමරසිංහ ඊට ටික වේලාවකට පසු පැමිණ, මෝටර් රථය නිදහස් තැනක නවතා තමා සිටින
ස්ථානය කියා ඇයට කෙටි පණිවුඩයක් යවයි. ඒ අනුව රථයට ගොඩවන වරුණි නිවසට
යනතෙක්ම නොනවත්වා මොන මොනවා හෝ කියවයි. වරුණි මොනවා කියෙව්වද ඒ කියවිල්ල
අසා සිටින්නට සමරසිංහ ආසය. නිවසේදී තම බිරිඳ වචනයක් කතා කරන විට කේන්තියන
සමරසිංහ වරුණිගේ මේ කියවිල්ල ඉවසන්නේ සන්තෝෂයෙනි. සැමදාම සවසට වරුණි තමා
සමඟ නිවසට යන්නට ඒමද, ඔහුට ආඩම්බරයකි. ඊටත් වඩා ඇගේ මේ කෙටි ඇඳුම් විලාසිතා
දැකීමමද ඔහුට ප්‍රීතියකි.
වරුණි බොහෝ විට කාර්යාලයට ඇන්දේ ඇඟට හිරවුනු, සිරුරේ සියළු හැඩයන්
උලුප්පා පෙන්වන කෙටි ඇඳුම් මේ ඇඳුම් පැලඳුම් මෙන්ම විටෙක ඇගේ ඉරියව් තුලින්
ද පිළිඹිඹු වුනේ අනුරාගය උතුරායන ශරීරයක්. දිනක් සමරසිංහ තම කාමරයට ඇතුළු
වෙද්දී වරුණි සිටියේ මේසයට බරදී යමක් කියවමින්. වඩාත් හොඳින් කියන්නේ නම්
මේසය අසල සිටගෙන ඒ දෙසට මඳක් නැමී වැලමිට මේසයට තබා අත්ල කම්මුල මත
තබාගෙනය. ඇඳ සිටී කෙටි ඇඳුම නිසා ඇය කෙරෙන් දිස්වුනේ අනුරාගී පෙනුමක්.
සමරසිංහ කාමරයට ඇතුළුවනු දුටුවත් ඇය තමා සිටි ඉරියව්ව වෙනස් කලේ නැහැ.
වරුණි දැන සිටියා සමරසිංහ, තමාව මෙසේ දකින්නට ආසකරනා බව. සැබවින්ම සමරසිංහ
ඇගේ දෙස බලා සිටියේ ආසාවෙන්. තම ජංගම දුරකතනයෙන් ඇගේ ඡායාරූපයක් ගන්නත්
සමරසිංහ ඒ වෙලාවේ අමතක කලේ නෑ.
වැඩි දිනක් යන්නට මත්තෙන් සවස එක්ක යන්නට පමණක් නෙවෙයි උදෑසන වරුණි
කාර්යාලයට එක්ක එන්නට ද සමරසිංහ පුරුදු වුනා. කෙමෙන් කෙමෙන් මේ දෙදෙනා අතර
ඇතිවුනේ ලබැඳි මිතුරු ඇසුරක්, බොහෝ විට සමරසිංහගේ ජංගම දුරකථනය කාර්යාලය
තුලදී භාවිතා කලේත් වරුණි. වෙනකක් තබා ඇය අඳින ඇඳුම් පැළඳුම් තීරණය වුනේත්
සමරසිංහගේ රුචි අරුචිකම් අනුව.
බොහෝ දිනවල උදෑසන සමරසිංහ වරුණිට දුරකථන ඇමතුම් දෙන්නේ ඇයව වාහනයට නංවා ගන්න.
වරුණි”
සර්”
ඔයා ලෑස්තිවෙලාද ඉන්නේ”
ම්ම්ම් මම මේ ලෑස්ති වෙන ගමන්, සර් කියන්න මොකක්ද මම අද අඳින්න ඕන”
ඇය අසන්නේ සුරතල් හඬින්
“ම්ම්ම් ඔයා අද අඳින්න අර ඔයාගේ දුඹුරු කොට සායයි බ්ලව්ස් එකයි”
“ඒක ගොඩක් කොටයි නේ සර්” වරුණි කියන්නේ බොරු අකමැත්තක් පෙන්වමින්
“කමක් නැහැ ඉතින් මම ආසයි නේ ඔයා ඔහොම ඇඳලා ඉන්නවා බලන්න”
“අනේ මට බෑ…… ඒක කොට වැඩියි”
සංවාදය යන්නේ ඔහොමය. ඇය මේ අදි මදි කරන්නේ බොරුවට බව සමරසිංහ දනී. කොතරම අදිමදි කරත් ඇය තමා කියන ඇඳුම ඇඳින බව ඔහු දනී.
උදේ හවස මෙසේ යන එන අතරතුර අතර මග ජනප්‍රිය අවන්හලක කෝපි බොන්නට වරුණි
මෙන්ම සමරසිංහද බොහෝ කැමතිය. වරුණි සමඟ ගතවන එවන් සැන්දෑවක් වුවද බොහෝ
සුන්දර ලෙස සමරසිංහට දැනේ. මෙවන් එක් දිනක වරුණිගේ කෙටි සායෙන් වැසුනු
දෙපාමත සමරසිංහගේ අත අහඹුවෙන් ගැටුනි. සමරසිංහ ඇගේ මුහුණ බැළුවේය, ඇය
සිනාසී ඉවත බලාගත්තා පමණි.
*******************************************************************************
ඒ සෙනසුරාදා, නිවාඩු දිනයක්. සමරසිංහ හැන්දෑවේ නිවසින් එළියට බැස්සේ, තම
පැරණි මිතුරකුගේ නිවසට යාමට සිතාගෙන. සරල සැහැල්ලු කමිසයකින් හා කලිසමකින්
සැරසී සිටි සමරසිංහගෙන් දිස්වුනේ වයසට වඩා තරුණ පෙනුමක්. කොහොමත් දැන් ටික
දවසක සිට සමරසිංහ ඇඳුම් පැලඳුම් ගැන වෙනදාට වඩා උනන්දුය.
සමරසිංහ ගේ මිතුරා තනිකඩයෙක්. එසේම ඔහු පීට්සා කන්නටද රුසියෙක්. සමරසිංහ
පීට්සා අවන්හලකට ගොඩ වැදුනේ තම මිතුරාට පීට්සා කීපයක් අරගෙන යන්න හිතාගෙන.
පීට්සා ඕඩර් කරපු සමරසිංහ වටපිට බැළුවේ නිකමට. ඒත් එක්වරම ඔහුගේ දෙනෙත්
නතර වුනේ දන්න කියන මුහුණක් මත.
“කවින්ද”
සමරසිංහ හොඳින් බැලුවා
ඔව් ඒ කවින්දම තමයි. ඔහු තවත් කෙල්ලක් සමග ටිකක් එහායින් මේසයක. සමරසිංහ කවින්ද සමඟ සිටි කෙල්ලව දැක්කේ නිමේෂයකින්.
අඩි උස සපත්තු, කොට සාය, ඇඟට හිරවුනු හැට්ටය
“වරුණි……………..”
කවින්ද අතක් ඇගේ බඳවටා ඔතාගෙන තුරුළු කරගෙන, ඒ අතරේ වරුණි කවින්දට
පීට්සා කවනවා. දෙදෙනා වරින් වර සිප ගන්නේ අවට ගැන කිසිම තැකීමක් නැතිව.
සමරසිංහට එක නිමේෂයකදී දහසක් දේ සිහිවුනා. මීට ටික දිනකට පෙර කවින්ද
අතින් ඇල්ලුවාය, තමාට කරදර කරනවාය කියමින් හඬාවැටෙමින් මහා කලබැගෑනියක් කල
වරුණි……
ඒ නිමේෂයේ වරුණිගේත් සමරසිංහගේත් දෙනෙත් එකිනෙක මත හමුවුනා. වරුණි
සමරසිංහවත්, සමරසිංහ වරුණිවත් හොඳිනම දුටුවා. සමරසිංහට අවශ්‍යය වුනේ වරුණි
සමඟ කතා කරන්න. නමුත් ඔහු පීට්සා ඕඩරය ලබාගෙන පැමිණෙන විටත් වරුණි කාවින්ද
සමඟ අතුරුදන් වී අවසන්. ඒ මොහොතේ සමරසිංහ ඇගේ ජංගම දුරකතනයට ඇමතුවද එයද
ක්‍රියාවිරහිතකොට තිබුනා.
ඉරිදා දවසම සමරසිංහ සිටියේ නොසන්සුන්කමින්. ඔහු දත්මිටි කමින් කල්පනා
කලේ වරුණි වන් ජරා ගැහැණියකට දියයුතු දඬුවම. කීප වරක්ම වරුණිට අමතන්නට
උත්සාහ කලත් ඉරිදා දවසේත් ඇගේ දුරකතනය තිබුනේ ක්‍රියා විරහිතව.
සඳුදා උදෑසනම සමරසිංහ කාර්යාලයට ගියේ උදෙන්ම වරුණිව හමුවන්න සිතාගෙන.
ඔහු එනවිටත් වරුණි කාර්යාලයට පැමිණ ඇති බව දැනගත්තේ ඇගේ මේසය මත තිබුණු අත්
බෑගය නිසා. නමුත් වරුණි නම් පේන්න හිටියේ නැහැ.
කාර්යාලයට පැමිණ ස්වල්ප මොහොතකින් සමරසිංහට ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂකගෙන් ඇමතුමක් ලැබුනා ඒ වහාම පැමිණ තමාව හමුවන ලෙස දන්වමින්.
සමරසිංහ කළමණාකරන අධ්‍යක්ෂක හමුවන්නට ගියේ කුතුහලයෙන්. ඔහුගේ කාමරයේ දොරින් ඇතුළ් වෙද්දීම දුටු දෙයින් ඔහුගේ කුතුහලය තවත් වැඩිවුනා
“වරුණි…… මෙතන”
ඇය අද බොහෝ වෙනස්. වෙනදා අඳින කොට සාය හැට්ට වෙනුවට ඇය අද ඇඳ සිටින්නේ
කලිසමක් හා චාම් හැට්ටයක්, මුහුණ පුරාම ඇත්තේ සති ගානක් හඬා වැටුනු
කෙනෙකුගේ බඳු වේදනාවක්. තවමත් ඇගේ කම්මුල් දිගේ ගලාගෙන යන්නේ මොරගෙඩි තරම්
ලොකු කඳුළු කැට.
අධ්‍යක්ෂවරයා සමරසිංහ දිහා බලන් හිටියේ යක්ෂාරූඪයෙන්.
“මොනවද අයිසේ තමුසේ මේ කරන ජරා වැඩ”
සමරසිංහ දුටු විගසම ඔහු කඩා පැන්නා.
“මො.. මොනවද සර්”
“තමුසෙට විරුද්ධව ලොකු චෝදනාවක් තියනවා සමරසිංහ තමුසේ මේ වරුණිට අයුතු බලපෑම් කරනවා කියලා”
“මො…මොනවා සර් මේ මම…… මේ වල් ගෑණි”
සමරසිංහට කියලා ඉවරකරන්න හම්බවුනේ නෑ, වරුණි සමරසිංහ දිහා බැළුවේ ගිණි පිටවෙන දෑසින්.
“වල් ගෑණි…., වල් ගෑණි… මේ මිනිහා… මේ මිනිහා… මේ බලන්න සර් හැමදාම හවස
මට එක එක තැන්වලට එන්න කිය කිය මේ මිනිහා මට එවපු sms මේ බලන්න සර් කීයක් ද
කියලා”
ඇය හඬා වැටෙන්න පටන් ගත්තේ සමරසිංහ බොහො දිනවල සවස ඇයව මෝටර් රථයට නංවා ගැනීමට එවූ කෙටි පණිවුඩ පෙන්වමින්.
“ඒ මදිවට මේ බලන්න සර් මේ ම්නිහා මම කැමති දෙයක් අඳින්නවත් දෙන්නේ නෑ මේ
බලන්න මට කොට සායක් ඇඳන් එන්න කිය කිය මේ මිනිහා වද දෙන හැටි”
වරුණි තම ජංගම දුරකථනයෙන් පටිගත කල දුරකතන සංවාදයක් ඔවුනට ඇසෙන්නට සැලැස්සුවා.
එක් උදෑසනක වරුණි, සමරසිංහගෙන් අඳින්න කැමති ඇඳුම් අසද්දී සමරසිංහ ඇයට
දුන් පිළිතුරු එහි පටිහතව තිබුනා. එහි ඇගේ බොරු විරෝධතාව, සංවාදයේ මැද සිට
අසන්නෙකුට හැඟෙන්නෙ ඇගේ විරෝධයක් ලෙස
සමරසිංහ සිටියේ උත්තර දීගත නොහැකිව, තමා බෙල්ල මුලටම සිරවී ඇති බව ඔහුට දැනුනා.
“ඒ විතරක් නෙවි සර් බලන්න මේ මිනිහගේ ෆෝන් එකේන් ගත්ත මගේ ෆොටෝස්”
එහි මුලින්ම තිබුනේ දිනක් වරුණි මේසයට අත ඔබාගෙන අනුරාගී ඉරියව්වකින් සිටින් පිංතූරය
“මට බොහොම කණගාටුයි සමරසිංහ තමුසෙට තියන චෝදනාව බොහොම බරපතලයි ඊටත් වඩා
මෙච්චර සාක්ෂිත් එක්ක…. තමුසෙ දන්නවා නේ මේ ආයතනයේ නීතිය….. මේ වගේ වෙලාවක”
අධ්‍යක්ෂකවරයා කිව්වේ සමරසිංහගේ තාවකාලික වැඩ තහනම් කිරීමේ නියෝගයට අත්සන තබන ගමන්
සමරසිංහ එළියට ආවේ තොන්තුවාවෙන්
“මම එහෙම කෙනෙක් නෙවි සර්… හැමදාම උදේට මේ එහා පැත්තේ තියන පන්සලට
ගිහින් මල් පූජ කරලා බුදුන් වැඳලයි මම ඔෆිස් එකට එන්නේ. එහෙව් මම එහෙම
කරන්නෙ නෑ සර්.”
වරුණි ඇඬුම්බර හඬින් අධ්‍යක්ෂවරයාට පවසනු සමරසිංහට යන්තමින් ඇසුනා.
අන්තිම පේළියේ පළවූ කතාව
Sunday, July 15, 2012
ගෑනුත් දැක්කා.... මේවගේ ගෑනු නොදැක්කා 2
සඳුදා උදේ සමරසිංහ ඔෆිස් ආවේ ටිකක් පරක්කු වෙලා. ඒ වෙන කොටත් අනෙත්
හැමෝම ඇවිල්ලා. සමරසිංහ ආපු ගමන්ම බැළුවේ වරුණි දිහා. ඔහුගේ කාමරය තිබුනේ
අනෙක් සේවකයන් හැම දෙනාම බොහොම හොඳින් පේන තැනක. වරුණි පරිඝණකයේ තිරය දිහා
බලාගෙන ලොකු කල්පනාවක්. ඇය කල්පනා කරන්නේ කුමක්දැයි දැන ගන්න වගේ සමරසිංහ
ඇගේ මුණ දිහා බලාගෙන හිටියා. හිස දෙපැත්තෙන් කඩා වැටෙන කැරලි ගැසුණු මුදු
මුදු කොණ්ඩය, නිල් පැහැති ඇස්, තදින් පියවුනු රෝස පැහැ දෙතොල්. මේ මූණ
දිහා බැළුවම නම්, දිසානායක වරුණි ගැන කියපු කතාව පිළිගන්න, සමරසිංහට
කොහොමටවත් හිත් දෙන්නේ නෑ. ඒත් ඉතින් වරුණි කාවින්ද එක්ක හෝටලයට රිංගනවා
දැක්ක කියලා බොරුවක් ගොතන්න තරම් අවශ්‍යතාවකුත් දිසානායකට තියෙන්න බැහැ නේ.
ඇස් දෙකෙන් දකින හැම දේමත් ඇත්ත නෙවෙයි නේ, හොඳින් ඉර පායලා තියන මහ
දවල් තමයි මිරිඟු පේන්නෙත්. සමරසිංහ හිටියේ මේ ගැන වරුණිගෙන් අහන්දෝ නැද්දෝ
කියලා දෙගිඩියාවෙන්. මේ දෙගිඩියාව නිසාම උදේ ඉඳන්ම කිසිම වැඩක් කරන්නවත්
හිත එකඟ කරගන්න සමරසිංහට පුළුවන්වුනේ නැහැ. මෙහෙම ඉඳලා ඉඳලා අන්තිමේ ඔහු
තීරණය කලා වරුණිට මේ ගැන හිමින් ඇඟවෙන්න ඇරලා ඇගේ ප්‍රතිචාර බලන්න.
Sunday, June 24, 2012
ශිල්ප දැක්වීම
මීදුමෙන් වැසුනු නුවර එළියෙ කඳු පංති අතරේ, හිම තුහින වැටෙනෙ සීතලේ
ග්‍රෙගරි වැව ඉස්මත්තේ මම එයාගේ අතින් අල්ලගෙන වාඩිවෙලා ඉන්නවා. අපි
දෙන්නගේ ආදරේට මල් ඉහින්න වගේ වැටෙන පුංචි හිරිපොද වැස්සෙන් බේරෙන්න එයා
තවත් ටිකක් මට ලංවුනා. ඔළුවේ ඉඳන් වැහෙන විදියට ඇඳගෙන හිටපු සීතල ඇඳුම නිසා
මට එයාව පෙනුනේ පුංචි හිම වැලහින්නියෙක් වගේ. ආදරේ කියන දේ කොයිතරම් නම්
සුන්දරද මොනතරම් නම් චමත්කාරජනකද.
අපි දෙන්නගේ ඒ චමත්කාරජනක ආදරය දැකගන්න වැවේ ඉන්න මාළු, ජෝඩු ජෝඩු වතුරෙන් උඩට පනිනවා. වතුරෙන් උඩ එන මාළු ජෝඩු අල්ලගන්න බලාගෙන, වැවට නැවුන අත්තක කොකෙක් බක තපස් රකිනවා. වැව මැද ගලක් උඩ ගෙම්බෙක් ගෙඹි පැටියට චක්කරේ පාඩම් කොරවනවා,
බක වරක් එක බක,
බක වරක් දෙක බක බක
බක වරක් තුන බක බක බක
බකවරක් හතර බක බක බක බක.
“මොකද ළමයෝ මේ උදේ පාන්දර බක බක ගාන්නේ ඔල්මාදෙද”
මම ඇහැ ඇරුනේ අපේ අම්මගේ කටේ සද්දෙට. නුවර එළියේ ඉඳලා එකපාරට අපේ ගෙදර ඇඳ උඩ.
ෂිහ්ඃ එතකොට මෙච්චර වෙලා මම දැක්කේ හීනයක්ද?
මගේ හිත එහෙමම කඩාගෙන වැටුනා…
එක අතකට හීනෙන් හරි එයත් එක්ක ඔහොම ඉන්න තියනවා නම් කොයිතරම් දෙයක්ද…..
මේ “එයා” පිට කවුරුවත් එහෙම නෙවෙයි ගන්දරයාගේ ඇවැස්ස නෑනා… ඇවැස්ස නෑනා කිව්වට ඒකත් මේ අපේ තාත්තගේ අක්කගේ අඳුරන පුංචි අම්මගේ ගෙට පිටිපස්සේ ඉන්න සුමනලතාගේ නංගි ගේ දුව වගේ මොකක්දෝ ටිකක් දුර නෑ කමක්, ඒත් ඉතින් නෑකම නෑනලු. නෑකම ළඟ උනත් දුර උනත් මොකෝ නෑනා නෙව.
නෑනා ඉතින් ටිකක් හැඩකාරයි, ඇහැට කනට පේන දැරිවි. නම තනුජා. නෑනව දැක්කම ගන්දරයට මතක් වෙන්නේ පරණ කවියක්,
දුර එනකොට වැටකෙයියා මලක් වගෙයි
ලග එනකොට රිදියෙන් කල වැඩක් වගෙයි
ගෙට එනකොට ගෙයි ඇවිලෙන පහන වගෙයි
මගෙ නෑනා මට මානෙල් මලක් වගෙයි
ගන්දරයට ඔහොම හැඩකාර නෑනෙක් ඉන්නවයි කියලා මීට කලින් ගන්දරයවත් දැනගෙන හිටියෙ නැහැ. ගන්දරයත් ඔය නෑනව හා හා පුරා කියලා දැක්කේ පහුගිය දවසක තිබුණු මගුල් ගෙදරකදි. නෑනත් එහෙමයි ඉස් ඉස්සෙල්ලා ගන්දරයව දැක්කේ ඔතනදි.
අද කියන්න යන කතාවත් මේ මගුල් ගෙදර ගැන. මගුල් ගෙදර ගැන කිව්වට ඇත්තටම ඉතින් මගුල් ගෙදරදි හමුවුනු මේ හැඩකාර නෑනව ගන්දරයා ඉම්ප්‍රෙස් කොරාපු හැටි තමයි කියන්න යන්නේ. ඔය නොදන්න කෙල්ලෝ කොල්ලා හොඳ අවධානයෙන් කියවහල්ලා. පෙලක් වෙලාවට ගෑණු ළමයෙක් ඉම්ප්‍රෙස් කොරන හැටි ආදර්ශෙට ගන්නත් බැරි වෙන එකක් නැහැ. ඊට කළින් සුපුරුදු ඩිස්ක්ලෙමර් එක හිනා නම් යන්නෙ නැහැ ගොයියො.
පහුගිය දවසක ගන්දරයගේ ඥාති සොහොයුරියකගේ විවාහ මංගල උත්සවය තිබුණා. ඔහොම දෙයක් උනාම ඉතින් වටේ පිටේ ඉන්න නෑදෑයෝ යාළුවෝ එහෙම කවුරුත් එකතු වෙනවා නෙව, ගන්දරයටත් ඉන්නවා අයියලා අක්කලා නංගිලා මල්ලිලා සෙට් එකක්ම ඔහොම වෙලාවට එකතු වෙන. කාලෙකින් හම්බ නොවිච්ච සෙට් එක බලන්නත් එක්ක ගන්දරයත් ගියා දවස් දෙක තුනකට කලින්ම මඟුල් ගෙදර.
මගුල් ගෙදර තිබුනේ හීතල පැත්තක, කඳු වලින් වටවුනු මීදුම් පිරුණු බොහොම ලස්සන තැනක. සොබාව සෞන්දර්යයෙන් මත්වෙලා මන්මත්වෙලා වල්මත් වෙන්න ඔන්න මෙන්න කියලා ඉන්න වෙලාවක තමයි සීතලට පිපුණු පින්න මලක් වගේ ගෑණු ළමයව ගන්දරයා දැක්කේ.
හප්පා මොනවද ඉතින් ගන්දරයත් ඉක්මනටම හොයලා බැළුවා ගෑණු ළමයා ගැන. නම තනුජාලු ටිකක් දුරින් නෑනා වෙන කෙනෙක්ලු. මේක දැනගත්ත ගමන් මගුල් ගෙදර අස්සේ ගන්දරයගේ අක්කලා නංගිලා ටික තව මඟුලක් ලැහැස්ති කොරන්න හදනවා. මොනවා උනත් තනුජාව දැක්ක ගමන් ගන්දරයටත් ටිකක් හිත ගියා. බලනකොට ගෑණු ළමයටත් ටිකක් හිත ගිහින් වගේ ගන්දරයට, ප්‍රතිචාර හොඳයි . ගන්දරය ඉතින් කෙල්ලව දැකපු වෙලාවෙ ඉඳන්ම ට්‍රයි එක ටිකක් කතාබහ කොරන්න.
ඕන්න අක්කලා සැට් එකට පිං සිද්ධ වෙන්න එදා හවස ගන්දරයට චෑන්ස් එක හම්බ උනා තනුජා එක්ක කතාකරන්න. මගුල් ගෙවල් වල තියනවානේ ඔය එක එක් වැඩ කේක් පෙට්ටි වලට දාන්න කේක් ඔතන්න වගේ, හවස අපි දෙන්නටත් බාර වුනා ඔය වගේ වැඩක්. දැන් ඉතින් පෙරුම් පුරාගෙන කතාකොරන්න බලාගෙන හිටියට මොනව ද කතා කරන්නේ.
දේශීය සංස්කෘතිය සභ්‍යත්වය හා භෞමික අඛන්ඩතාව පවත්වා ගැනීම උදෙසා නූතන වනිතාවගේ වගකීම ගැන කතා කොරන්නද නැතිනම් ආච්චිගේ රෙද්දද සීයගේ සරමද ඉක්මනට පරණ වෙන්නේ කියලා කතා කොරන්නද. එයා නම් කියනවා ඉක්මනට පරණ වෙන්නේ ආච්චිගේ රෙද්දලු. ආච්චිගේ රෙද්ද තමයි, ඉක්මනට පරණ වෙන්නේ සීයගේ සරම. මොකද ආච්චි ඇඳන් නාන්න ගන්නේ සීයගේ සරම නෙව.
දෙන දෙයියෝ දෙනකොට දෙනවලු උඩ පැන පැන බලාගෙන යනකොට තනුජත් තෙලස්ටරෝව කියවනවලු. ඔය තියෙන්නේ දැන් ඉතින් මම ගන්දරයා බව දැනගත්තම කෙල්ල නිකම්ම ඉම්ප්‍රෙස් වෙලා සර්පරයිස් වෙලායයි නෙව නිකං ශාරුක් ඛාන් දැක්කා වගේ. මමත් ඉතින් කොලර් එක ටිකක් උස්සගෙන් කටහඬ එහෙම ටිකක් ගැඹුරු කරලා ඇහුවා
“ඔයා කාගේ කතාවලට ද නංගී වැඩියෙන්ම ආස”??
“ම්ම්ම්ම් ___ගේ කතා…. ඒවා හරිම ලස්සනයි නේද…….
“ඔව් නේද එතකොට තව කාගේ කතාද ඔයා කියවලා තියෙන්නේ…..”
ම්ම්ම්ම් bbb ccc ddd oo fff gggg ssss mmm jjjj llll vvvv zzz iii etc ……. ඔහොම දිගම නම් වැලක්ම කියාගෙන ගියා. ඔය ඉතින් මට මතක එයා කියපු නම් ලැයිස්තුවෙන් කොටසක් විතරයි.
එතකොට ඔයා ගන්දරයාගේ කතා කියවන්නේ නැද්ද….??
කවුද ගන්දරයා……… ම්ම්ම් මතක නෑ නේ……
අර ගන්දරයා… ගන්දරයා….. ඔයාට මතක නැද්ද
නැහැ අනේ එහෙම කෙනෙක් මතක නැහැ. කවුද ඔයා දන්න කෙනෙක්ද ඒ….?
මේ…. මේ…. මේ…. අපේ ගමේ හාදයෙක් වැඩි ඇඳුනුම්කමක් නම් නැහැ.
මැදෑ කොරා… මේකි ගන්දරයව දන්නේ නැහැලු නෙව අයියෝ සල්ලි. මමත් ගියා කෙල්ලව ඉම්ප්‍රෙස් කොරන්න.
තලගොයි මස් කෑවත් අපි බොහොම ධාර්මික මිනිස්සු නෙව. ඒක නිසාමද කොහෙද ඊළඟ දවසේ උදේ ආයෙත් දෙයියෝ මගේ මූණ බැළුවා. ගන්දරයාට සැට් වුනා තනුජත් එක්ක ගිහින් මල් වගයක් අරන් එන්න. ඔන්න පුතේ මේ පාරත් නියම බෝලයක් වැටෙන්න හදන්නේ අත දිග ඇරලා හයක් ගහන්න. අපි දෙන්නා උදෙන්ම ලෑස්ති උනා මල් ගේන්න යන්න.
ඔය අතරේ කුස්සිය පැත්තේ ඉඳන් ආපු අක්කා කියනවා මල් අරන් එන ගමන් තැඹිලි ගෙඩි විස්සක් විතරත් ගේන්නලු. ඔන්න ඉතිං ගන්දරයයි තනුජයි දෙන්නා මල් වැටුනු මල් පාරවල් දිගේ කාරෙකෙන් මල් ගේන්න යනවා. ඔය මල් ගන්න තැන් තිබුනේ ගෙදර ඉඳන් කිලෝමීටර් පහක් විතර එහායින් අපි දෙන්නා ඉතින් මෙහෙම ටික දුරක් යනකොට ඉස්සරහින් එනවා බයිසිකලේක තැඹිලි වලු දෙකක් එල්ල ගත්ත මිනිහෙක්. මේ මනුස්සයගෙන් තැඹිලි ටික ගත්ත නම් වැඩේ ලේසී නෙව ආයෙත් තැඹිලි හොය හොය බොරුවට රස්තියාදු වෙන්න ඕන නැහැ නේ කියලා ගන්දරයා හැදුවේ මේ මනුස්සයාගෙන් තැඹිලි ගන්න, එහෙම හිතලා කාරෙක නවත්වන්න හදනකොටම තනුජා කෑ ගහපි දැන් ඔය මනුස්සයගෙන් කාරෙක නවත්තලා ගනන් ඇහුවම දෙගුනයක් කියවි කියලා. බලාගෙනම ගියාම ඒ කතාවත් ඇත්ත.
අපිට තැඹිලි ඕනකම තියනවා කියලා දැනගත්තම මේ මිනිහා ගාන වැඩියෙන් කියාවි තමයි. ඒ මදිවට තනුජා හීනියට කින්ඩියකුත් දැම්මා “ගෑණුන්ගේ මොලේ හැඳි මිටේ කිව්වට පිරිමින්ට ඉතින් එච්චර වත් නෑ වගේ” ලු.
“ඒ ඉතින් අපිට තැඹිලි ඕන කියලා මිනිහා දැන ගත්තොත් නේ….. ඒවට ක්‍රම සහ විධි තියෙනවා නංගී ….. අපි නිකං අපිට තැඹිලි ගන්න ඕනකමකට නෙවෙයි නිකං ගාන ඇහුවා වගේ මිනිහට තේරෙන්න ගනන් අහන්න ඕන. ඔන්න බලාගන්නකෝ මම කරන වැඩේ”
ගන්දරයටත් දැන් ඕන කම තනුජට පේන්න අර මිනිහගෙන් ලාබෙට තැඹිලි ගන්න. ඔන්න ගන්දරයා හිතෙන්ම ගැහුවා ප්ලෑන් එකක්. ඒ වෙනකොට තැඹිලි බයිසිකල් කාරයා අපිව පහු කරලා අනෙත් පැත්තට ගිහින්. ගන්දරයත් යන්න ගිහිපු ගමන වෙනස් කොරලා ආපහු වාහනේ හරවගත්ත, ඒ හරවගෙන එන ටිකට මේ මිනිහට පල්ලමක් අහුවෙලාද කොහෙද සෑහෙන්න දුර ගිහින්. ගන්දරයත් වාහනේ ටිකක් සැර දාලා ගිහින් මිනිහව පහු කරා, පහු කරලා ටිකක් එහාට වෙන්න වාහනේ නවත්තගත්තා පාර අයිනේ.
පාර අයිනේ මෙහෙම වාහනේ නිකං නවත්තගෙන හිටියොත් මිනිහා හිතයි මිනිහා එනකම් නවත්තගෙන හිටියා කියලා, ඒක නිසා ගන්දරයා බොනට් එකත් ඇරලා ඒක අස්සෙ බෙල්ලත් ඔබාගත්තා. ම්හු මේ හරියේ කන්ද වගේ නිසා මිනිහා එන්නේ බොහොම හෙමින්. මේ මිනිහා මෙතැන පහු කරනකම් කරන්න වැඩකුත් තියෙන්න එපාය ඇතුලේ කාපට් ටිකත් අරන් එළියට ගැසුවා දුවිලි යන්න. ඕන්න යානත්ම් මිනිහා අපි ඉන්න තැනට කිට්ටු කරා. ඒත් ගන්දරයා කළබල උනේ නෑ මිනිහට ටිකක් අපිව පහු කරලා යන්න දුන්නා
දැන්නම් මිනිහට හොඳටම සුවර් ඇති අපි ඉන්නේ තැඹිලි ගන්න නෙවෙයි කියලා. මිනිහට ටිකක් දුර යන්න ඇරලා මම කතාකරා පොරට.
“මේ ලොකු උන්නෑහේ……… ඔය තැඹිලි කීයෙයි…..”
මිනිහා ආපහු හැරිලා බයාදු හිනාවක් එහෙම දාලා කියපි…
“මේවා විකුණන්න නෙවෙයි මහත්තයෝ….. “
මට තවමත් මතක් වෙන්නේ තනුජගේ මූණේ තිබුනු නෝන්ඩි හිනාව
අයියෝ සල්ලි………….!!!!!!!!

Friday, April 27, 2012
නැන්දා සහ පොඩි එකාගේ විත්ති
ගන්දරයට එක එක ජාතියේ යාහළුවන් ඉන්නවා. උස මොට්ටයෝ, මිටි කට්ටයෝ ඒ ඇරුනම
මහත තට්ටයෝ, ඔය කොයි කොයි සුට්ටයත් ගන්දරයගේ හොඳ මිත්තරයො තමයි.
රුහුණේ මොන මොන දේ තිබුනත් හොඳම දේ කිරිපැණි වගේ, කොයි කොයි යාළුවො හිටියත්, ගන්දරයගේ හොඳම යාළුවා තමයි අයේශා.
අයේශා හරි හොඳ කෙල්ල. වැඩි කතාබහක් නැතිව ඔය කාගේ හරී ඕපදූපයක් හොයාගෙන
කාටවත් කරදරයක් නැතිව තමන්ගේ පාඩුවේ ඉන්න තමයි අයේශා වැඩිපුරම කැමති. ඒ
වගේම තමයි ඉතින් හැඩරුවත්, බලහත්කාරෙන් කෙලින් කොරාපු කොන්ඩේ පීරලා
පිළිවෙලකට ගවුමක් කාරිය අන්දලා ගත්තනම් එහෙම ඉතින් ආයේ මේ ගෙන්දගම් පොළවටම
හොයන්න නැහැ එහෙම ලස්සන කෙල්ලෙක්
අපේ අයේශට ඉන්නවා හරි අපූරු යාළුවෙක්, වෙන කවුරුවත් එහෙම නෙවෙයි අයේශලගෙ
ගෙදරට අල්ලපු ගෙදර ඉන්න පොඩි එකා. පොඩි එකා තවම ඉන්නේ බාලාංස පන්තියේ,
වයසින් පොඩි උනාට මූ මහ ඇම්ඩන් කොල්ලා. හැබැයි ඉතින් අයේශට හරිම ආදරෙයි.
කොච්චරවත් “නැන්දී… නැන්දී….” කියාගෙන ඇවිත් ඇඟේ එල්ලෙන එක තමයි කොල්ලගෙ
වැඩේ. වෙලාවකට ලෝකම ඇනයක් තමයි ඒත් ඉතින් හදිස්සියකට කඩේකටවත් යවාගන්න ඉන්න
කොල්ල නේද කියලා අයේශත් ඉවසලා ඉන්නවා.
අයේශගේ මූන දිහා බැළුවම කොල්ලට නම් මතක් වෙන්නේ මොන්ටිසෝරියේ දි ඉගෙන ගත්ත තේරවිලි කවියක්.
Sunday, April 15, 2012
ගෑනුත් දැක්කා.... මේවගේ ගෑනු නොදැක්කා
සමරසිංහ මහත්තයා කියවමින් සිටි ලිපියෙන් ඇස් ඉවතට ගත්තේ කාමරේ දොර ඇරුන
සද්දෙට. ඔළුව උස්සසලා බලද්දි වරුණි සමරසිංහ මහත්තයගේ මේසේ ළඟ. කණ්නාඩි දෙක
ඇස් වලින් උඩට කරගත්ත සමරසිංහ, වරුණි දිහා බැළුවේ ඇයි කියලා අහන්න වගේ.
“සර් මට හාෆ් ඩේ ලීව් එකක් ගන්න පුළුවන් ද?” වරුණි ඇහුවේ ටිකක් කලබලෙන්
ඒක ඇහුවම නම් සමරසිංහ මහත්තයත් ටිකක් කළබල වුනා.
කාර්යාලයේ වැඩ කල අට දෙනාගෙන් තුන් දෙනෙක්ම අද නිවාඩු. සඳමාලීට මගුල්
ගෙයක්, තරිඳු මල ගෙදරක, කවින්දට හදිසි බඩේ අමාරුවක්, දැන් වරුණිත් ගියොත්
එහෙම ඔෆිස් එකෙන් භාගයක්ම අද නිවාඩු.
“බබාට ටිකක් සනීප නැහැ වගේ සර්” වරුණි කිව්වේ සමරසිංහ මහත්තයට වැඩිය හිතන්න වෙලාවක් නොතියම.
Sunday, December 11, 2011
ස්ථානෝචිත ප්රඥ්ඥාව
මේ දවස්වල තද වැස්ස, ඒ මදිවට හුළඟ. කල්ප විනාසේ ලංවෙලා වගේ එක දිගට පැල්
බැඳගෙන වහිනවා කිසිම වැඩක් කොරන්න හිතෙන්නේ නෑ, ඒතරමට හීතල. කොරන්න
පුළුවන් එකම වැඩේ ඉහේ ඉඳන් පොරවගෙන නිදාගන්න එක.
උදේ හතට විතර නැගිටලා ඇඳෙන් බහින්න කම්මැලි කමට ආයෙත් පොරවගෙන අනෙත් ඇලේට හැරුනා.
“ඉසී ඉසී”, “ඉසී ඉසී” කවුදෝ මේ උදේ පාන්දර පූසෙකුට කතා කරනවා.
ඒත් අපේ ගෙදර පූසෝ නැහැ නේ. එතකොට කවුද මේ උදේ පාන්දර පූසන්ට කතාකරන්නේ,
කොයිකටත් කියලා මම ඇඳෙන් ඉස්සිල්ලා ජනේලෙන් බෙල්ල එළියට දාලා බැළුවා.
බලනකොට අපේ බලු තඩියා ඉන්නවා ජනේලේ ඉස්සරහ, සීතලට ගුලිවෙලා, අපේ මල්ලී
බල්ලට කතා කරනවා “ඉසී ඉසී” කිය කියා, බල්ලට වගේ වගක් නැහැ, වල්ගෙන් ඇස්දෙක
වහගෙන ඌ බුදි.
“හරකෝ, බල්ලට ඉසී ඉසී කිව්වම හරියනව ද ? කතාකරපිය ඉජු ඉජු කියලා”
මම ඇඳේ ඉඳන්ම කෑ ගහලා ආයෙත් රෙද්ද පොරව ගත්තා.
විනාඩි පහක් ගියේ නෑ මෙන්න මල්ලි මගේ කාමරේ
“අයියේ මාර වැඩේ නේ උනේ”
“මම විහිළුවට වගේ ටොමියට ඉසී ඉසී කියලා කතාකරා ඌට තේරෙනවද බලන්න, මූ මට බැන්නනේ “හරකෝ බල්ලන්ට කතාකරන්නේ ඉජු ඉජු කියලා” කියල”
Subscribe to:
Posts (Atom)