Friday, September 18, 2015
Thursday, September 3, 2015
පාට පිරුවට
නිම්නය බ්ලොග් අඩවියට කොටස් වශයෙන් ලියන ලද "සිහිනය දිගේ" නවකතාව, සංකලණී ප්රකාශන අනුග්රහයෙන්,
"පාට පිරුවට"
නමින් පොතක් ලෙස සැප්තැම්බර් මාසයේදී එළි දැක්වීමට නියමිතව ඇත.
"පාට පිරුවට"
කතෘ: සුනෙත් කොග්ගලහේවා
ප්රකාශනය: සංකලණී පබ්ලිකේෂන්ස්
මිල : රු 430/-
කෘතිම බුද්ධිය සහ බුද්ධිමත් යන්ත්ර...
ඈත අතීතයේ සිටම මිනිසා තම පහසුව සඳහා විවිධ යන්ත්ර නිර්මාණය කළහ. පළමුවෙන්ම සතුන් දඩයම් කිරීම සඳහා ගල් ආයුධ භාවිතා කළ ඔවුන් පසුව ඒ සඳහා වඩා දියුණු, දුනු ඊතළ නිර්මාණය කර ගත්හ. මානව ශිෂ්ඨාචාරය ක්රමයෙන් දියුණු වෙද්දී මිනිසා බුද්ධියෙන් ඉහලට ගියා සේම ක්රම ක්රමයෙන් වඩා විශිෂ්ඨ යන්ත්ර සූත්රද නිර්මාණය වන්නට විය. යන්ත්ර මිනිසාට වඩා කාර්යක්ෂම විය, නමුත් ඒවා කිසිසේත් මිනිසා මෙන් බුද්ධිමත් වූයේ නැත. ශිෂ්ඨාචාරය දියුණු වෙමින් එද්දී මිනිසාට තම කාර්යන් පහසු කරගැනීම සඳහා යම් බුද්ධියක් සහිත යන්ත්ර නිර්මාණය කිරීමට සිත්වන්නේ අදක ඊයේක නොවේ. අදින් වසර පනහකට හැටකට පමණ එහා අතීතයක සිටම මිනිසා බුද්ධිමත් යන්ත්ර නිර්මාණය සඳහා උත්සාහ කළ බවට සාක්ෂි බොහෝය. නමුත් මිනිසා විසින් නිර්මාණය කළ අති විශිෂ්ඨම යන්ත්රය වූ පරිගණකය බිහිවනතෙක්ම එය යථාර්ථයක් වන ලකුණු පහළ වූයේ නැත. පරිගණක තාක්ෂණය ලොව පැතිරයාමත් සමඟම ඒ හා සමානවම බුද්ධිමත් යන්ත්ර නිපදවීමේ උනන්දුව ද ලොව පුරා පැතිරෙන්නට විය. ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් නැතහොත් බුද්ධිමය යන්ත්ර පිළිබඳව වූ විද්යාව වෙනමම විෂය ක්ෂේත්රයක් ලෙස 50 දශකයේ දී තරම් ඈත කාළයේ ලොවට ඉදිරිපත් වන්නේ එහි ප්රතිඵළයක් ලෙසය.
Thursday, July 17, 2014
ගන්දරයගේ ඊ පොත්
ඔන්න නිකම්ම ඉන්න එකේ ගන්දරයත් පොඩි වැඩක් කලා. ගන්දරයා ලියපු කතා ටිකක් අරගෙන ඊ පොත් දෙකක් හැදුවා. මේ වැඩේ මුලින්ම පටන් ගත්තේ අපේ බස්සි නගා බස්සි ලියූ E-පොත් . වැඩේ දැක්කම මටත් හිතුනා කරලා බලන්න. එහෙමනම් බාගෙන කියවලා බලලම හොඳ නරක කියන්නකො.
Wednesday, June 18, 2014
පතිවත රැකීම
ගිය සතියේ සඳුදා, උදේ පාන්දර
ඔෆිස් එකට යද්දී, අපේ විදුර මහත්තයගේ සෙකට්රි වරුණී,
තවත් ගෑණු ටිකක් වටකරගෙන බර කතාවක්. ගන්දරයා ඔය ගෑණුන්ගේ ඕප දූප
අහන් ඉන්න වැඩි මනාපයක් නැති වුනත් පොඩ්ඩක් කණ තියලා බැළුවේ වරුණි කියන්නේ කතා සාගරයක්
නිසා.
දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ කිව්වලු විදුර මහත්තයා වරුණිට "අයුතු යෝජනාවක්" කරලලු. වරුණි මේ උදේ පාන්දරම අනෙත් කට්ටියත් එකතු කරගෙන විස්සෝපෙන් කතා කරන්නේ "අයුතු යෝජනාව" ගැන. අනෙත් ගෑණු ටිකත් කම්මුලේ අත තියාගෙන අහං ඉන්නවා වරුණිගේ කතාව.

Tuesday, April 8, 2014
ගැංග්නම් ස්ටයිල්
කාලෙකට පස්සේ අද නිවාඩු. කමැමැලිකමේ ඉන්න
නිසාත් කාලෙකින් මොකුත් නොලිව්ව නිසාත්, කොම්පියුටරේ ළඟ වාඩිවුනේ මොනවාහරි
ලියන්න හිතාගෙන. ඒත් ඉතිං ලියනවා කියලත් මොනවා ලියන්නද, මොකෝ ගමරාල දිව්යනලෝකේ ගිය හැටි ලියන්නද නැතිනම් ගම හාමිනේ සිල්ගත්ත හැටි ලියන්නද.
අපේ අල්ලපු ගෙදර ඉන්න ප්රි යා අක්කනම් කියනවා එයා ගැන මොනවහරි ලියන්න ලු. ඒ අදහසත් නරකම නෑ. එහෙමවත් කරනවා කියලා හිතාගෙන මම ගියා උදෙන්ම අක්කව හම්බවෙලා එයා කරපු කියපු දෙයක් අහගන්න. ප්රි්යා අක්කත් මාව බොහොම ආදරෙන් පිළි අරගෙන තේ එකක් එහෙම දීලා වැඩේට ලෑස්ති උනා. ඔන්න මමත් දැන් ලියන්න දෙයක් හොයාගන්න හිතාගෙන ප්රිෙයා අක්කගෙන් ප්රේශ්ණ අහනවා

Sunday, March 9, 2014
ෆේස්බුක් තහනම් කල යුතුය
මේ ෆේස්බුක් කියන්නේ නම් අපේ රටට ආපු
මහාම මහ පිල්ලුවක්. ඔය ඇමරිකාව වගේ අධිරාජ්යවාදී රටවල් අපේ වගේ පුංචි රටවල්
අල්ලගෙන ඒවායේ සදාචාරය, සංස්කෘතිය විනාස කරලා දාලා බටහිර
සංස්කෘතිය වපුරවන්න හදපු නව යටත් විජිත වාදී උගුලක් ඕක. මම නම් කියන්නේ කවුරු
කොහොම විරුද්ධ උනත් ඔය මඟුල මේ දැන්මම තහනම් කරලා දාන්න ඕන.
Subscribe to:
Posts (Atom)