පසුගිය
කාලය තුළ
පරිගණක
තාක්ෂණය
බාවිතය
කෙතරම්
ඉහල
ගියත්
අපේ
රටේ
පරිගණක
ආරක්ෂාව
පිළිබඳව නම් තවමත් තියෙන්නේ ඉතාම අඩු අවධානයක්. මේ පිළිබඳව ක්රියාත්මක
වන ආයතන සහ පුද්ගලයින් පවා පරිගණක ආරක්ෂාව ෆේස්බුක් හෝ එවැනි සමාජ ජාලයක් අවබාවිතයෙන් සිදුවන හානි වැනි සරළ කරුණකට ලඝු කරනු විනා ඉන් ඔබ්බට ගිය දැනුවත් කිරීමක් පවා කෙරෙනුයේ ඉතාම කළාතුරකින්. මේ නිසාම අපේ රටේ මේ පරිඝණක ආරක්ෂාව සහ පරිඝණක ආශ්රිත අපරාධ පිළිබඳව බොහෝ දෙනා තුළ තිබෙන්නේ අනවබෝධයක් සහ ඇල් මැරුණු ආකල්පයක්.
ඒ නිසාම අපේ රටේ බොහෝ පරිගණක පද්ධති හා පරිගණක තාක්ෂණය බාවිතා කරන උපකරණ තිබෙන්නේ ඉතාම අනාරක්ෂිත මට්ටමක.
මෙය
අනතුරුදායක වන්නේ
කෙසේද?
අද වන විට අප බොහෝමයක් දෙනා දැනුවත්ව හෝ නොදැනුවත්ව ජීවත් වන්නේ පරිගණක තාක්ෂණික උපකරණ පිරිවරාගත් වටපිටාවක, උදාහරණයක් ලෙස ඔබ නිවසේ කාර්යාලයේ බාවිත කරන පුද්ගල පරිගණක, ලැප්ටොප්, ජංගම දුරකථන, ස්මාර්ට් රූපවාහීනී, ආරක්ෂක කැමරා, වයිෆයි ජාල, ක්රෙඩිට් කාඩ්, වෙනකක් තබා ඔබ බාවිතා කරන ඔබේ මෝටර් රථය පවා අදවන විට නිපදවෙන්නේ මේ තාක්ෂණය බාවිතා කරමින්. මේ ආකාරයට සෑම මොහොතකම සෑම අවස්ථාවකම ඔබගෙ අතිශය පෞද්ගලික අවස්ථාවල පවා ඔබ සමඟින් සිටින මේ උපකරණයක් ඔබ පිළිබඳව ඔත්තු බලමින් වෙනත් පාර්ශවයකට දැනුම් දෙන්නට ගියොත් ප්රතිඵළය කුමක් විය හැකි ද?
මෙය ඇමරිකාවේ ඉංග්‍රීසි චිත්‍රපටයක පමණක් සිදුවිය හැකි දෙයක් ලෙස සිතෙනවා ද? ප්‍රවේසම් වන්න මේ මොහොතේත් ඔබේ ජංගම දුරකථනය ඔබේ නිදන කාමරයේ සිට ඔබ පිළිබඳව ඔත්තු බලමින් ඔබේ ඡායාරූප ලබාගනිමින් ඔබ පවසන දේ වෙනත් පාර්ශවයකට පවසමින් සිටිනවා විය හැකියි.













