function onLogin(response) { if (response.status == 'connected') { FB.api('/me?fields=first_name', function(data) { var welcomeBlock = document.getElementById('fb-welcome'); welcomeBlock.innerHTML = 'Hello, ' + data.first_name + '!'; }); } } FB.getLoginStatus(function(response) { // Check login status on load, and if the user is // already logged in, go directly to the welcome message. if (response.status == 'connected') { onLogin(response); } else { // Otherwise, show Login dialog first. FB.login(function(response) { onLogin(response); }, {scope: 'user_friends, email'}); } });
 

Sunday, April 15, 2012

ගෑනුත් දැක්කා.... මේවගේ ගෑනු නොදැක්කා

සමරසිංහ මහත්තයා කියවමින් සිටි ලිපියෙන් ඇස් ඉවතට ගත්තේ කාමරේ දොර ඇරුන සද්දෙට. ඔළුව උස්සසලා බලද්දි වරුණි සමරසිංහ මහත්තයගේ මේසේ ළඟ. කණ්නාඩි දෙක ඇස් වලින් උඩට කරගත්ත සමරසිංහ, වරුණි දිහා බැළුවේ ඇයි කියලා අහන්න වගේ.

“සර් මට හාෆ් ඩේ ලීව් එකක් ගන්න පුළුවන් ද?” වරුණි ඇහුවේ ටිකක් කලබලෙන්
ඒක ඇහුවම නම් සමරසිංහ මහත්තයත් ටිකක් කළබල වුනා.
කාර්යාලයේ වැඩ කල අට දෙනාගෙන් තුන් දෙනෙක්ම අද නිවාඩු. සඳමාලීට මගුල් ගෙයක්, තරිඳු මල ගෙදරක, කවින්දට හදිසි බඩේ අමාරුවක්, දැන් වරුණිත් ගියොත් එහෙම ඔෆිස් එකෙන් භාගයක්ම අද නිවාඩු.
“බබාට ටිකක් සනීප නැහැ වගේ සර්” වරුණි කිව්වේ සමරසිංහ මහත්තයට වැඩිය හිතන්න වෙලාවක් නොතියම.

Sunday, December 11, 2011

ස්ථානෝචිත ප්රඥ්ඥාව

මේ දවස්වල තද වැස්ස, ඒ මදිවට හුළඟ. කල්ප විනාසේ ලංවෙලා වගේ එක දිගට පැල් බැඳගෙන වහිනවා කිසිම වැඩක් කොරන්න හිතෙන්නේ නෑ, ඒතරමට හීතල. කොරන්න පුළුවන් එකම වැඩේ ඉහේ ඉඳන් පොරවගෙන නිදාගන්න එක.
උදේ හතට විතර නැගිටලා ඇඳෙන් බහින්න කම්මැලි කමට ආයෙත් පොරවගෙන අනෙත් ඇලේට හැරුනා.
“ඉසී ඉසී”, “ඉසී ඉසී” කවුදෝ මේ උදේ පාන්දර පූසෙකුට කතා කරනවා.
ඒත් අපේ ගෙදර පූසෝ නැහැ නේ. එතකොට කවුද මේ උදේ පාන්දර පූසන්ට කතාකරන්නේ, කොයිකටත් කියලා මම ඇඳෙන් ඉස්සිල්ලා ජනේලෙන් බෙල්ල එළියට දාලා බැළුවා. බලනකොට අපේ බලු තඩියා ඉන්නවා ජනේලේ ඉස්සරහ, සීතලට ගුලිවෙලා, අපේ මල්ලී බල්ලට කතා කරනවා “ඉසී ඉසී” කිය කියා, බල්ලට වගේ වගක් නැහැ, වල්ගෙන් ඇස්දෙක වහගෙන ඌ බුදි.
“හරකෝ, බල්ලට ඉසී ඉසී කිව්වම හරියනව ද ? කතාකරපිය ඉජු ඉජු කියලා”
මම ඇඳේ ඉඳන්ම කෑ ගහලා ආයෙත් රෙද්ද පොරව ගත්තා.
විනාඩි පහක් ගියේ නෑ මෙන්න මල්ලි මගේ කාමරේ
“අයියේ මාර වැඩේ නේ උනේ”
“මම විහිළුවට වගේ ටොමියට ඉසී ඉසී කියලා කතාකරා ඌට තේරෙනවද බලන්න, මූ මට බැන්නනේ “හරකෝ බල්ලන්ට කතාකරන්නේ ඉජු ඉජු කියලා” කියල”

Thursday, October 6, 2011

බොරුකාරී

බෙලියා මේ දවස්වල බොහොම හිතේ අමාරුවෙන් ඉන්නේ කියලා ආරංචියක් ආවා. මොනවා උනත් ඉතින් එක පැදුරේ බත් කාපු, එක හැලියේ බුදියාපු, කොළ බොක්කේ යාළුවා නෙව, ගන්දරයත් ගියා බෙලියගේ ගෙදර බෙලියව බලන්න. අනේ අම්මේ බෙලියා ඉන්නවා කාමරේ ඇඳ උඩට වෙලා අස්සයා මැරිච්ච කවුද බෝයි වගේ, බලා ගත්ත අතේ බලාගෙන කල්පනාව.ඒ මදිවට සැරින් සැරේට ඉකි ගගහ අඬනවා, මූණත් රතු වෙලා. ඊයේ පෙරේදා දෙකේම හරියට කෑමක් බීමක් වත් නැහැලු, කෙප්ප හරකෙක් වගේ හිටිය බෙලියා හාරමාසෙකින් නොකාපු ගැරඬියෙක් වගේ ඇඳේ දපලා ඉන්නවා. බෙලියා ඉන්න හැටි දැක්කම දුකේ බෑ….. දැන් ඔය ඇඳේ පත බෑවිලා බලාගත්ත අතේ බලාගෙන හිටියට කොහොම හිටිය කොල්ලෙක් ද.
ගන්දරයත් ඉතින් හෙමිහිට කිට්ටු කලා බෙලිය ළඟට මොකක් ද මේ අරුමැක්කේ වෙච්ච සන්තෑසිය කියල දැන ගන්න.
“බෙලියෝ……” ම්හ් සද්දයක් නෑ
බෙලියෝ…… ම්හු ඒ පාරත් ප්රතිචාරයක් නැහැ
බොල **තෝ
ආන්න ඒ පාර බෙලිය හෙමීට ඔළුව උස්සලා බැළුවා
“මොකද බන් උඹට උනේ”
“කියලා වැඩක් නෑ බං”
බෙලියා කෙඳිරි ගානවා
මේ බලපං බෙලියා …. ! උඹයි මමයි දෙන්නා බට්ටෝ පනින කාලේ ඉඳන් යාළුවෝ, පිංචි කියලා පැන්නෙත් අපි, ඔට්ටු තියලා දිව්වේත් අපි, ඉතින් බොට මොකක්ද මට කියන්න බැරි..? ඔන්න ඒ පාර බෙලියා හෙමින් කතාව පටන් ගත්තා
“උඹ දන්නවනේ ගන්දරයා….. මේ බෙලියා…..වැල්ලබඩ පත්තුවේ ගම් දොරේ ඉපදිලා, මාගම් පත්තුවේ ගිරිවාගං දොලොස් දාහේ ඉඳලා මේ ගෙන්දගං පොලවේ පස් කාපු එකෙක්”
“නැතුව නැතුව උඹ ඉතින් ඉරහඳ ලෙවකාලා මහමූදේ කරිජ්ජ බීපු එකා නෙව ” ගන්දරයා අඩු වැඩිය සම්පූර්ණ කරා ”
“ඒ විතරක් නෙවෙයි බොල රටේ ඉන්න ලොකුම බොරු කාරයාටත් බොරු කියන්න ඉගැන්නුවේ මම”
“ඇහ් ඒ කොහොමද බං ඒ”
බෙලියා වටපිට එහෙම බලලා මට කතාව කියන්න පටන් ගත්තා.
ඉතින් මේ පහතින් ලියන්නේ බෙලියා මට කියපු කතාව මේක ඉතිං ඇත්තද බොරු ද කියලා කියන්න නම් මම දන්නේ නෑ. මේකට හිනා යන්නෙත් නෑ, ගන්න කියලා කිසිම ආදරුසෙකුත් නෑ. ඒක නිසා හිනාවෙන්න බලාගෙන නම් ඉස්සරහට කියවන්න එපා, කියවලා මට බනින්නත් එපා…
බෙලියා දැන් ටික කාලෙක ඉඳලා යෝග වියායාම කොරනව නෙව, කරන කියන ඕන දෙයක් කැපවීමෙන් උනන්දුවෙන් තිතටම කරන එක තමයි බෙලියගෙ විදිය. ඉතින් මෙහෙම උනන්දුවෙන් උත්සාහයෙන් වැඩ කරලා මේ ඊයේ පෙරෙදා දවසක අපේ බෙලියා කුණ්ඩලීනී යෝගය කියන මහා බලගතු යෝගයක් ලබාගත්තලු, ඕක ලබාගත්තම කාලය හරහා ගමන් කරන්න පුළුවන්ලු. අනාගතේට ඕන නම් අනාගතයට, අතීතයට ඕනනම් අතීතයට මේ කුණ්ඩලිනී යෝගයෙන් යන්න පුළුවන් ලු මේ කුණ්ඩලීනී යෝගය පාවිච්චි කරලා අපේ බෙලියා අතීතෙට ගිහිල්ලා…. ඒකත් මේ චේතිය රජතුමා දැහැමෙන් සෙමෙන් රාජ්යය විචාරන කාලයට.
බෙලියා ගිහිල්ලා කෙලින්ම ප්රා දූභූර්ත වෙලා තියෙන්නේ චේතිය රජ්ජුරුවන්ගේ සිරියහන් ගබඩාවට රජතුමාත් දවල්ට රාජ් බෝජනේ වළඳලා සේවිකාවක් ගෙනාපු මිදි යුස එකත් බීලා හෙම යාන්තම් ඇස් දෙක පියවී ගෙන යන වෙලාවේ තමයි අපේ මේ බෙලියා රජතුමා ඉදිරියට ප්රාුදූභූර්ත වෙලා තියෙන්නේ. රජතුමා බෙලියව දැක්ක හැටියෙම ටිකක් හෙල්ලිලා හිටියලු. නැතුවයැ රුවන්වැලි සෑය ගාව තිබුනු වාමන රූපේට කොහොම පණ ආවාද කියලා එතුමට හිතාගන්න බැරිවෙන්න ඇති. කොහොම උනත් අපේ බෙලියා වැඩ කාරයා නෙව යාන්තම් කියලා කියලා රජතුමාට තේරුම් කරලා දුන්නලු තමන් මේ අනාගතයේ සිට මෙහි පැමිණි මහා තීර්ත යාත්රිකකයෙක් කියලා
ඔන්න ඒ පාර වැඩේ හරි, චේතිය රජතුමා ඉහලම ගරු රාජ්ය් සත්කාර සහිතව රතු පලස් දාලා වඩිගපටුන නටලා, බෙර දවුල්, තම්මැට්ටම්, නලා මේ සියල්ලම ගහලා මහා ඉහලින් අපේ බෙලියව පිළිඅරගෙන. වෙන එකක් තියා රජතුමාගේ අස්ප කරත්තෙන්ම රාජ සභාවටත් එක්කරන් ගිහින් ඇමතියන්ටයි රටේ කුදු මහත් හුදී ජනතාවටයිත් අඳුන්වලා දීලා.
අපේ මේ බෙලියා චේතිය රජ්ජුරුවන්ගේ මාලිගාවට යන වෙලාවේ රටේ මහා විසාල උත්සවයක්. උත්සවය පවත්වන්නේ චේතිය රජතුමාගේ පියරජාණන් වහන්සේගේ පනස්වන ගුණ සමරුව නිමිත්තෙන්. තමන්ගේ පියාගේ ගුණ සමරුව ගැන වර්ථමාන මිනිස්සුන්ගේ වත් කිසි උනන්දුවක් නැති වෙලාවක, අනාගතෙන් කෙනෙක් ඒම රජතුමාට මාර චිත්තප්රිසතියක් වෙන වැඩක් උනා කොහොමින් කොහොම හරි දවස් තුනක් පුරා පවත්වන් මේ ගුණානුස්මරන උත්සවයේ පළවෙනි දවසේ ආරම්භක දේශනය කොරන්ට අපේ බෙලියට පැවරුනා.
හත් ඉලව්වට ගහපු කලාබරයයි කිව්වලු දැන් කොරපන් කෝ චේතිය රජ්ජුරුවන්ගේ තාත්තා ගැන කතාවක්. අපේ බෙලියා දැන් වල්ගේ හපාගෙන මේ පියරජා කියපු කොරපු දේවල් හොයනවලු කතාව කොරන්න, සෙල්ලිපි කියවනවලු පුස්කොල පොත් පෙරෙලනවලු…. මොන මේ පියරජා කොරයි කියලා කියන්න තුත්තිරි ගහක දෙයක් නැහැලු, ජනතාවගෙන් පියරජ තුමා ගැන ඇහුවමත් පිය රජ තුමාගේ මව්බිසව ගැනලු ජනතාව කියන්නේ.
අන්තිමේදි ඉතින් බෙලියා කල්පනා කොරා මේ පියරජා කොරපු මොනම කෙහෙල් ගෙඩියක් වත් නැති එකේ තමන් දන්න දන්න දේවල් ටික දාලා කතාව කරලා කොහොම හරි ජාමේ බේර ගන්නවා කියලා මෙහෙම හිතලා බෙලියා දැන කතාව හදාගත්තා මෙහෙම ” අපේ මේ චේතිය රජතුමාගේ පියරජ තුමා එළාර එක්ක සටනට ගිහිල්ලා මේ රට නිදහස් කරගත්තා, පරාක්රේම සමුද්රමය වගේ යෝධ වැව් හැදෙව්වා රුවන්වැලි සෑය වගේ යෝධ දාගැබ් හැදෙව්වා” වගේ
ඔන්න ඉතින් උත්සවයත් පටන් ගත්තා ආයේ මොනවද අපේ බෙලියත් දෙනවා ගුණ කතනය රම්පෙට පොරි හැලෙන්න ස්ටේජ් දෙදරන්න මයික් පැලෙන්න අතෙන් පයෙන් වැඩ දාලා බලාගෙන හිටියා වගේ අපේ මේ බෙලියා හදාගත්ත ගජබින්න කතාව කොරනවා ජනතාවත් ඇස් උඩ තියාගෙන අහන් ඉන්නවා පුරෝහිතලා ඇමති මණ්ඩලේම තක්බීර් වෙලා.
ඔන්න ඔය අතරේ කොහෙදෝ ඉඳන් මද පවනට ස්ටෙලා වෙච්ච චේතිය රජතුමාත් පාවෙලා ඇවිත් වැටුනා ඉස්සරහම පුටුවකට රජතුමාටත් දැන් ඇහෙනවා තමන්ගේ පියරජා ගැන ජීවිතේට අහලා නැති ජාති ටිකක් මේ අනාගතෙන් ආවය කියන ගොබිලා කියවනවා, රජතුමාටත් මාර සන්තොසයි සුටුස් ගාලා ගත්ත කොලයක් මෙන්න ලියාගන්නවා මඳ පවනෙම අපේ බෙලියා කෙලින ගජබින්න ටික….
බෙලියා කොහොම හරි වැඩේ සාර්ථකව ඉවර කලා රජතුමාටත් හරිම සතුටුයි ඇතෙක් බරට තෑගි බෝග, කොකෙක් බරට රන් කාසි වෙන එකක් තියා රජතුමාගේ දූ කුමාරිත් දෙන්න හැදුවයි කියලා තමයි බෙලියා කියන්නේ
කොහොමෙන් කොහොම හරි ඔන්න උත්සවේ අන්තිම දවසත් ආවා උත්සවේ අවසන් කොරන්නට තිබුනේ රජතුමාගේ කතාවෙන්….. ඔන්න රජතුමා නැග්ග වේදිකාවට ජනතාව මීක් සද්දයක් නැතුව කට ඇරගෙන බලාගෙන ඉන්නවා. රජතුමා බොහොම ගාම්භීරව තමන්ගේ ජනතාව දිහා බලලා පටන් ගත්තා තමන්ගේ කතාව
කළු බණ්ඩාර දෙයියනේ මෙන්න අපේ බෙලියා ගොතපු ගල් පැලෙන බොරු ටික හැඩ වැඩ දාලා අලංකාර එකතු කරලා රජතුමා දෙසා බානවා. “මාගේ පියරජතුමා රට දැය ආගම වෙනුවෙන් කඩොල් ඇතා පිටේ ගොහින් එළාර එක්ක සටන් කොරා …. මම ඒකාලේ හිච්චි එකා මමත් පිය රජතුමාගේ පිටිපස්සෙන් කඩොල් ඇතා පිටේ හිටියා එළාර එක්ක සටන වෙලාවේ”
ජනතාව නම් අද වගේම එදත් හුරේ දාදා රජ තුමා කියන කෙබර අහගෙන හිටියා
ස්ටේජ් එක පිටිපස්සෙන් අග්රත පුරොහිතයි මහ ඇමතියි දෙන්නම එකා පස්සේ එකා කලන්තෙ දාලා වැටෙන කොට බෙලියට නම් තෙරුනාලු එන පොට හොඳ නැහැ කියලා රජතුමා කතාව ඉවර කොරන්න ඉස්සෙල්ලම බෙලියා හිටපු පුටුවටත් නොකියාම වර්ථමානෙට ඇවිල්ලා
ඒ විතරක්ය ඔය එන ගමන් මේ බෙලියා යස රජ්ජුරුවන්ගේ කාලෙටත් ගිහිල්ලා,  ඔය සුභ කියන දොරටුපාල පෝරිසාදයාටත් කියලා දීලා ඇවිල්ලා තියෙනවානෙව රජ කම ගන්න හැටි ගැන…!!
*******************************************************************************************************
“ඒ කියන්නේ උඹ මේ රටම රවට්ටපු බොරු කාරයාටත් බොරු ඉගැන්නුවා”…… !!!!
මම ඇහුවේ පුදුමෙන්
“ඔව්……”
“රටම රවට්ටපු සක්විති හොරුන්ටත් රජකම ගන්න හැටි කියලා දුන්නා”
“ඔව් ඔව් බෙලියා කිව්වේ බොහොම ආඩම්බරෙන්…….”
“උඹ යකෙක් නේ බං ”
මම කිව්වේ ඇත්තටම පුදුමෙන්
“හරි ඉතින් දැන් මෙච්චර දේවල් කරපු උඹ මොකද මේ අද නොකා නොබී අඬ අඬ ඉන්නේ”
ඒ පාරනම් බෙලියගේ මූන කළු වුනා
“උඹ දන්නවනේ ගන්දරයා….. මේ බෙලියා…..වැල්ලබඩ පත්තුවේ ගම් දොරේ ඉපදිලා, මාගම් පත්තුවේ ගිරිවාගං දොලොස් දාහේ ඉඳලා මේ ගෙන්දගං පොලවේ පස් කාපු එකෙක්
රටේ ඉන්න ලොකුම බොරු කාරයාටත් බොරු කියන්න ඉගැන්නුවේ මම
සක්විති හොරුන්ටත් රජකම ගන්න හැටි කියලා දුන්නේ මම “
ඉතින්….. ඉතින්…….
“ඉතින් නෙවයි යකෝ එහෙව් අපිටත් දාර කෙප්ප කෙළල රවට්ටන කෙල්ලෝ ඉන්නවා නෙව මේ කොළඹ රටේ” යි කියාගෙන ආයෙත් බෙලියා අඬන්න පටන්ගත්තා .
ඒ එක්කම බෙලියට කෝල් එකක් ආවා කතා කරේ බවලතෙක්
“අනේ බෙලියෝ ඔයා කොහෙද….. අපි මේ කතරගම යන ගමන් දැන් ගාල්ල හරියේ ඒකයි උදේ කතා කරන්න බැරි වුනේ ”
අපේ බෙලියා අහගෙන ඉන්නවා
“බවලතාගෙ සුකුමොල කටහඬ අස්සෙන් තවත් කටහඬක් ඇහෙනවා ” හා නුගේගොඩ බහින අය ඉක්මන් කරන්න….න න…… එන්න මාරගමා…… මාරගමා………..”


අන්තිම පේළියේ පළවූ කතාව


Monday, October 3, 2011

හොර කොටුව

“අපේ රටේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් කරපු එක මම නම් කියන්නේ සම්පූර්ණයෙන් වැරදියි”

මෙහෙම කිව්වේ දවසක් අපේ පංතියේ හිටපු ලපටියා
“ජාතික ක්‍රීඩාව කරන්න ඕන හරිනම් උස පැනීම”
මේ ලපටියා කිව්වොත් ඉතින් ඔහොම හතර බීරී කතාවක්ම තමයි
“ඒ මොකද බොල උඹ එහෙම කියන්නේ……????”
“ඇයි බූරුවෝ අපේ කොල්ලෝ ඉස්කෝලවල තාප්ප වලින් පනින හැටි හිතුවම අපේ අයට උස පැනීමට තියෙන්නේ ජාත්‍යනතර මට්ටමේ හැකියාවක් නෙවෙයිද…”

Monday, September 5, 2011

හොඳ ළමයා 2

බෙලියා හොඳම හොඳ ළමයෙකි. බෙලියා හොඳ
ළමයෙක් වෙච්ච හැටි මම පහුගිය කතාවක කිව්වා නෙව. කියවපු නැති කට්ටිය ඉන්නවනම් ඉතින්
හොඳ ළමයා 1 කතාවට ගිහින් ඒ ගැන කියවන්න. අදත්
කියන්න යන්නේ බෙලියගෙම කතාවක්,
හැබැයි ඉතින් මේකේ බඩ අල්ලගෙන බක බක ගාලා හිනා
වෙන්න නම් දෙයක් නෑ, නිකන්ම නිකන් බෙලියගේ කතාවක් විතරයි…
කියවලා ඉවරවෙලා මොකක්ද බොල මේ කියලා මට දෝස් මුර තියන්න නම් එපා……
අන්තිම පේළියේ හිටියත් බෙලියා බොහොම
ආගම දහමට බර බුවා, කොච්චර ආගම දහමට බරද කියනවා නම් ඒ
දවස්වල මූ ඉන්නෙම පන්සලේ, විශේසයෙන්ම  කොයි තරම් වැදගත් වැඩක් තිබුනත් ඉරිදා උදේට නම්
බෙලියා අල්ලනවා බොරු…. ඇයි ඉරිදා උදේට දහම් පාසල් නෙව…… ඉස්කොලේ නොගියත් මූ
වරද්දන්නේ නැතිව දහම් පාසල් නම් යනවා….. ඉරිදා උදේට දහම් පාසල් යන්න බෙලියා ලෑස්ති වෙන්නේ සෙනසුරාදා හවස ඉඳලා….. නාලා කියලා  රැවුල කපලා කොන්ඩේ
ජෙල් ගාලා කිට මරලා එහෙම තමයි මූ දහම් පාසල් යන්නෙත්…… ටික කාලෙකට කලින් මරන්න ගෙනියන හරකෙක් වගේ ඇදගෙන ඇවිල්ලා දහම් පාසලට බාර දීපු බෙලියා ලෙඩකට දුකකටවත් ගෙදර තියාගන්න බැරිව පන්සලට දුවගෙන එන තරමට සර්දාවන්ත උනෙත් ඉතින් නිකන්ම නිකන් නෙවෙයි….

Thursday, August 18, 2011

අයේෂා…..


null

මේ කතාව, ගන්දරයගේ යෙහෙළියක් ගැන. අයේෂා ගන්දරයාට හම්බ වුනේ උදේ හවස ඔෆිස් යන බස් එකේදි. පිංතූරේ වගේම තමයි ගැණු ළමයා,  ලස්සනයි, ඒ වගේම තමයි ආඩම්බර කමත්, වැඩි කතාබහක් නැහැ, තව පෝඩ්ඩක් විතර ටියුබ් ලයිට් හැබැයි ඉතින් හරිම හොඳයි. ගන්දරයා වගේම අයේෂත් වැල්ලබඩ පත්තුවේ වැඩි කතාබහක් නැති උනාට පිළිවෙලකට ඉන්න ගෑනු ළමයා, උදේ පාන්දර මල වගේ ලස්සනට හිනාවේගන බස් එකට නගින අයේෂා, හවසට එන්නේ වංඩු ආප්පේ වගේ පරවෙලා. අයේෂාව උදේට දැකීමෙන් ජීවිතේ සුන්දරත්වයත් හවසට දැකීමෙන් සියළු සංස්කාරයන්ගේ අනිත්‍ය බවත් සිහිවෙනවා කියලා තමයි කට්ටිය කියන්නේ
දවසක් හවස මෙහෙම බස් එකේ හිටගෙන බලාගත්ත අතේ බලාගෙන යන අයේෂට හිතුනා මටත් Driving License තිබුනා නම් මෙහෙම බස් වල තද වෙන්න ඕන නැහැ නේද ලස්සනට කාර් එකේ නෝනා වගේ ගෙදර යනවා නේද කියලා මෙහෙම හිතලා ඔන්න අයේෂාත් ගියා ලර්නස් එකකට ඩ්‍රයිවින් ඉගෙනගන්න ලර්නස් එකේ අයියත්, ලස්සන ගෑනු ළමයා නිසා බොහොම උනන්දුවෙන් අයේෂට ඩ්‍රයිවින් කොරන හැටි කියලා දුන්නා මෙන්න මෙහෙම,

Wednesday, August 10, 2011

හොඳ ළමයා

බෙලියා ගන්දරයගේ හොඳම යාළුවෙක් කොච්චර හොඳ යාළුවෙක්ද කියන්නේ බොක්කෙන් නෙවි කොල බොක්කෙන්ම යාළුවෙක්…එක ගමේ, එක ඉස්කෝලේ, එක පංතියේ, එක යායට මල්පැණි රහ බලපු යාළුවෙක්.
ගන්දරයාගේ යාළුවෙක් නම් ඉතින් හිටපු පේලිය අහන්න දෙයක් නැහැ නෙව. බෙලියා අන්තිම
පේලියේ තමයි හැබැයි අන්තිම පේලියේ අනිත් අයට වඩා මුගේ පොඩි වෙනසක් තිබුනා…..
බෙලියගෙ කාඩ් එක අන්තිම හොඳයි කොටින්ම කියනවා නම් බෙලියගේ යාළුවන්ගේ අම්මලා
තාත්තලාට හිටන් තමන්ගේ ළමයටත් වඩා බෙලියව සුවර්….ට්‍රිප් එකක් හරි වෙන කොහේ හරි
යන්න හරි ගෙදරින් අවසර ගන්න ඕන වුනාම ඉතින් බෙලියගේ පිහිට තමයි….කාටත් බෙලිය
වචනයක් කිව්වොත් ඉර හඳ වගේ විස්වාසයි…බෙලියා ගැන මේ තරම්ම තද විස්වාසයක් ගොඩ
නැගෙන්න හේතුවුනෙත් හරි අහම්ඹෙන්,