function onLogin(response) { if (response.status == 'connected') { FB.api('/me?fields=first_name', function(data) { var welcomeBlock = document.getElementById('fb-welcome'); welcomeBlock.innerHTML = 'Hello, ' + data.first_name + '!'; }); } } FB.getLoginStatus(function(response) { // Check login status on load, and if the user is // already logged in, go directly to the welcome message. if (response.status == 'connected') { onLogin(response); } else { // Otherwise, show Login dialog first. FB.login(function(response) { onLogin(response); }, {scope: 'user_friends, email'}); } });
 

Wednesday, August 10, 2011

හොඳ ළමයා

බෙලියා ගන්දරයගේ හොඳම යාළුවෙක් කොච්චර හොඳ යාළුවෙක්ද කියන්නේ බොක්කෙන් නෙවි කොල බොක්කෙන්ම යාළුවෙක්…එක ගමේ, එක ඉස්කෝලේ, එක පංතියේ, එක යායට මල්පැණි රහ බලපු යාළුවෙක්.
ගන්දරයාගේ යාළුවෙක් නම් ඉතින් හිටපු පේලිය අහන්න දෙයක් නැහැ නෙව. බෙලියා අන්තිම
පේලියේ තමයි හැබැයි අන්තිම පේලියේ අනිත් අයට වඩා මුගේ පොඩි වෙනසක් තිබුනා…..
බෙලියගෙ කාඩ් එක අන්තිම හොඳයි කොටින්ම කියනවා නම් බෙලියගේ යාළුවන්ගේ අම්මලා
තාත්තලාට හිටන් තමන්ගේ ළමයටත් වඩා බෙලියව සුවර්….ට්‍රිප් එකක් හරි වෙන කොහේ හරි
යන්න හරි ගෙදරින් අවසර ගන්න ඕන වුනාම ඉතින් බෙලියගේ පිහිට තමයි….කාටත් බෙලිය
වචනයක් කිව්වොත් ඉර හඳ වගේ විස්වාසයි…බෙලියා ගැන මේ තරම්ම තද විස්වාසයක් ගොඩ
නැගෙන්න හේතුවුනෙත් හරි අහම්ඹෙන්,

මේක සිද්ධ උනේ අපි උසස් පේලියට ලියන්න අන්තිම පේලියෙ ඉන්න කාලේ මේ කාලේ බෙලියත් එක්ක හිටපු යාළුවෝ සෙට් එක තමයි ඇබිත්තයා වෙල්මාළුවා ලපටියා හා මජ්ජසාර මේ කට්ටියගෙන් ලපටියගෙ ගෙදර තිබුනේ කොට්ටාවේ, අම්මයි තාත්තයි දෙන්නම වැඩට යන නිසාත් නංගි ඉස්කෝලේ යන නිසාත් දවල් වරුවට ලපටියගේ ගෙදර අපේ සෙට් එකට බොහොම නිදහස් තැනක්,
සෙට් එකම ඉස්කෝලෙන් කලින් ඕෆ් වෙලා යන්නේ ඔහාට තමයි…
කට්ටිය කරපු ආගම අතේ පුන්‍ය ක්‍රියා වගේම සාහිත්‍ය රසවිඳීම් නුත් බොහොමයක්
කරේ මේ ගෙදර. නෙළුම් පතේ උනත් හැමදාම කනකොට එපා වෙනවළු. හැමදාම සාහිත්‍ය රස විඳපු අපේ සෙට් එකටත් දවසක් හිතුනා සාම්භාව්‍ය චිත්‍රපටියක් බලන්න. ඒ දවස්වල දැන් වගේ VCD DVD නෑ  VHS කැසට් තමයි තිබුනේ අනෙක් ඔය වගේ සම්භාව්‍ය චිත්‍රපටියක් හොයාගන්න එකත් ලේසි නෑ.
ඔන්න අපේ බෙලියා බාරගත්ත චිත්‍රපටිය
ගේන වැඩේ මොකද බෙලියගේ ගෙදර ලඟම තියනවා video center එකක් අයිතිකාරයත් බෙලියගේ බුදු පිට් එක. හොඳ වෙලාවට ලපටියගේ ගෙදර player එකකුත් තියනවා ඉතින් ඒකත් ප්‍රශ්ණයක් නෑ.
කට්ටියම එකතු වෙලා සඳුදා දවසක් වැඩේට යොදාගත්තා කට්ටියගෙම ඉල්ලීම් උනේ හොඳට තෝරලා
බලලා හොඳම එකක් ගේන්න කියලා. අපේ බෙලියත් සෙනසුරාදා ඉරිදා දවස් දෙකම කැපකරලා,
බලලා බලලා මැක්සම එකක් තෝරගත්තා. වීඩියෝ
සෙන්ටර් එකේ එකත් මාර සපෝට් එකක් දීලා තියෙන්නේ බෙලියට, වෙනමම පුටුවක් එහෙම දීලා ඇතුලේ කාමරේකට දාලා බලලා හොඳ එකක් තෝර ගන්න
කියලා.
සඳුදා උදෙන්ම කට්ටිය පැනගත්තා
ඉස්කෝලෙන් එලියට කාටත් පුදුම හදිසියක් තියෙන්නේ ලපටියගෙ ගෙදරට යනකම් ඒත් මොනවා
කරන්නද ඉස්කෝලේ ඉඳන් ලපටියගෙ ගෙදරට යන්න පැයක් විතර යනවා. ගෙදරට යනකම්ම කට්ටියගෙ
කතාව සම්භාව්‍ය සාහිත්‍ය ගැන ලපටියා විතරක් වෙන කල්පනාවක…… සඳුදා හවස කෙමිස්ට්‍රි
ක්ලාස් එකේ බවලතියෙකුට හිත ගිහිල්ලා ඒකිට ආදර හසුනක් දෙන්න ලපටියා ප්ලෑන් කොරන්
ඉන්නේ දැන් සතියක විතර ඉඳන්, පංතියේ ඔෆීසියල් ලියුම් ලියන්නා තමයි
බෙලියා සතියක් තිස්සේ බෙලියට කිව්වත් තවම වැඩේ කොරගන්න බැරි උනා ලපටියට අද හවසම
ලියුම දෙන්න ඕනලු… අන්තිමේ බෙලියා පොරොන්දු වුනා ලපටියගෙ ගෙදර ගිහින් ලියුම ලියල
දෙන්න.
දැන් ඔන්න කට්ටියම ලපටියගෙ ගෙදර ඇවිත්
හරිබරි ගැහිලා සම්භාව්‍ය චිත්‍රපටිය බලනවා…..බෙලියාගෙ තේරීම නම් මාරයි…. මාරයි
කියන්නේ මාරම මාරයි. මේක බලන අතරෙත් ලපටියගේ කන්කෙඳිරිය ඉවරයක් නෑ

“මොනවද බං උඹ මේක එකපාරක් බලලා තියනව
නේ… උඹට ආයෙත් ඕනනම් බලන්නත් පුළුවන්නේ හොඳ එකා වගෙ මගේ වැඩේ කරලා දීපන්”
කිය කිය ලපටියා නහයෙන් අඬනවා…. අන්තිමේ බෙලියා ඔන්න ඔහේ කමක් නෑ කියලා එලියට
ආවා.
කට්ටියම ගෙදර පිටිපස්සේ කාමරයක් ඇතුලේ
චිත්‍රපටිය බලනවා… බෙලියා සාලෙට ඇවිත් වාඩිවුනා ලියුම ලියන්න හිතාගෙන, කෙමිස්ට්‍රි නෝට් පොත අතට අරන් දැන් කල්පනාව…. මෙහෙම විනාඩි පහක්
විතර යන්න ඇති බෙලියට ඇහුනා පිටිපස්සෙන් කවුදෝ කෑ ගහන හඬක්… ඒත් එක්කම ඉස්සරහ
දොර ඇරගෙන ලපටියගෙ අම්මා ඇතුලට ආවා, බෙලියට
මොකුත් හිතාගන්න කලින්ම අතේ තිබුනු පොත උදුරලා ගත්තා….ඒ එක්කම ලපටියව කනෙන්
ඇදගෙන තාත්තා සාලෙට ආවා කට්ටියම හොල්මන් වෙලා…. චට පට ගාලා ලපටියට කන පුරවලා
පාරවල් දෙකකුයි අනෙත් දෙන්නට එක පාර ගානෙයි හම්බවුනා
ලපටියගේ තාත්තට යක්ෂාවේශ වෙලා කට්ටියටම
අම්මාමෝ නැතුව බනිනවා හැබැයි බෙලියා බේරිලා…අනිත් කට්ටිය චිත්‍රපටි බලන අතරේ
බෙලියා කෙමිස්ට්‍රි පාඩම් කරලා නෙව…………. මොන තරම් නම් ගුණ යහපත් හැදිච්ච
ළමයෙක්ද  ලපටියගෙ තාත්තා කට්ටියට බනින අතරෙ
බෙලියගෙ හොඳත් කියවනවා “යාළුවගෙ දිහා බලලා වත් අනෙක් උන්ට හැදෙන්නලු”

ඒ මදිවට video cassette එකත තාත්තගේ අත් අඩංගුවට පත් වෙලා ඒක හම්බවෙච්ච
හැටි අහනවා.
ඒකේ වගකීම මජ්ජසාර බාරගත්තා…..
පංතියේ යාළුවෙකුගෙන් ඉල්ලගත්තා කියලා තමයි කිව්වේ….. ඒත් මොන…. මේ මනුස්සයා
හදන්නේම මේක කුඩු කරලා විසි කරන්න. ඒ අව් අස්සේ ලපටියගෙ අම්මා කට්ටියගෙම ගෙවල් වලට
කතා කරලා සිද්ධිය කියලා…. පැයක් දෙකක් යද්දී කාගෙත් අම්මලා තාත්තලා ලපටියගෙ ගෙදර,
එන එන හැම කෙනාම අනෙත් අයට පළු පැලෙන්න බැනලා
බෙලියට හොඳ කියනවා. බෙලියගෙ අම්මට නම් හරි සතුටුයි තමන්ගෙ පුතා ගැන.
කොහොමින් කොහොම හරි පංතියේ යාළුවට
දෙන්නම් කියලා බෙලියම කැසට් එක ඉල්ලගත්තා ලපටියගෙ තාත්තාගෙන්……. බෙලියා ගැන
තිබුණු විස්වාසෙටම ඒක හම්බවුනා මිසක් නැතිනම් මේ කපේ දි ඕක ගන්නවා බොරු. බෙලියා ඒක
ගත්තෙත් අයිනෙන අල්ලලා අතේ ගෑවෙයි කියලා බයේ වගේ….. ලපටියගෙ අම්මගෙන් ෂොපින්
බෑග් එකකුත් ඉල්ල ගත්තා ඒක දාගන්න.
හවස අම්මයි තාත්තයි එක්ක බෙලියා ගෙදර
ආවා මඟ දිගටම බෙලියගෙ අම්මා කතා කර කර ආවේ පුතාගේ හැදිච්ච කම ගැන…. මෙච්චර පාප
මිත්‍රයෝ ගොඩක් මැද්දෙ මේ වගේ හැදිච්ච කමට ඉන්නවා කියන්නේ සුළු පටු දෙයක් ද….

බෙලියයි අම්මයි තාත්තයි තුන් දෙනාම
ගෙදරට ආවා…..
බෙලියත් හොඳ… ළමයා වගෙ ගෙට
ගොඩවුනා………
ගෙට අඩිය තිව්වා විතරයි බෙලියට කන
පුරවලා තාත්තගෙන් හොඳ කම්මුල් පාරක් හම්බවුනා
“ඇ ඇ ඇයි තාත්…තාත්තේ බෙලියා හොල්මන්….”
“උඹ හිතාගෙන ඉන්නේ මටත් අං තියනවා කියලද….??
ඔය කැසට් එක ගෙනිච්චේ කවුද කියලත් මම
දන්නවා…. කොහෙන්ද ගත්තේ කියලත් මම දන්නවා අන්න අර වීඩියෝ සෙන්ටර් එක ඇරලා තිබුනා
මේ දැන්මම ගිහින් ඕක ඌට දීලා වරෙන්…..”

හැබැයි මට හිතාගන්න බැරි අනෙක් උන්
ඔක්කොම ඕක බලද්දී  ඒකත් නොබල සාලේ ඉඳන් උඹ
කරපු අලුකුත්තේරු වැඩේ මොකක් ද කියලා……………………….



No comments:

Post a Comment