function onLogin(response) { if (response.status == 'connected') { FB.api('/me?fields=first_name', function(data) { var welcomeBlock = document.getElementById('fb-welcome'); welcomeBlock.innerHTML = 'Hello, ' + data.first_name + '!'; }); } } FB.getLoginStatus(function(response) { // Check login status on load, and if the user is // already logged in, go directly to the welcome message. if (response.status == 'connected') { onLogin(response); } else { // Otherwise, show Login dialog first. FB.login(function(response) { onLogin(response); }, {scope: 'user_friends, email'}); } });
 

Tuesday, October 30, 2012

සිහිනය දිගේ.... (5 කොටස )



 උදෑසන සීතල දරාගෙනම හර්ෂණ නිවසින් එළියට බැස්සේ නාන තොට පැත්තට යන්න සිතාගෙන. නිවස පිටුපසින් ගලායන කෙහෙල්ගමු ඔය පහරේ සුන්දරත්වය විඳිමින්, ඔහු ඇවිදගියේ අරමුණකින් තොරව.

  හර්ෂණ, මාලිනීගේ නිවසට පැමිණ මේ වන විට දින තුනක් ගෙවී ඇත. මේ දින තුන පුරාම ඔහු කලේ හොඳ හැටි නිදාගැනීම පමණි. ඡන්ද උණුසුම කෙමෙන් පහව යමින් තිබූ නිසා පුවත්පතක වත් විශේෂ සිදුවීමක් නැත. මැතිවරණය  දා සිදුවූ ඝාතන සම්බන්ධව මහේෂ්ගේ ආරක්ෂකයන් දෙදෙනෙකු අතඩංගුවට ගෙන තිබුනද තවමත් ඒ පිළිබඳ පර්යේෂණ කටයුතු නිසියාකාරව ආරම්භ වී නැත. හර්ෂණට දුරකථන ඇමතුම් ලබාගැනීම පවා තහනම් කර තිබුනෙන් කොළඹ සිදුවන්නේ කුමක්දැයි හරියටම කියන්නට හර්ෂණ හෝ විරාජ් දෙදෙනාම දැන සිටියේ නැත.

 

තමා කොළඹ සිට හිරේට ගියා නම් මීට වඩා දහස් ගුනයක් හොඳයැයි හර්ෂණට සිතුනේ වරක් දෙවරක් නොවේ, අඩුම තරමේ එසේ වූවා නම් කතාකරන්නට වත් නිදහස ඇත, හිරේ නොගියත් දැන් මේ සිටින්නට සිදුවී ඇති විදිය හිරේ ගියාට අන්තය . තුසිත වනිගසූරියගේ මරණයට තමා වගකිව යුතුයැයි කිසිදු පසුතැවීමක් ඔහුට නැත. හර්ෂණගේ මතය තමා අවස්ථාවට ගලපෙන ලෙස ක්‍රියා කලා මිස තුසිත වනිගසූරිය මරා දැමීමේ අදහසක් තමා තුල නොවූ බවයි. එහෙයින් කිසිවිටෙකත් ඔහු තුල වරදකාරී හැඟිම් හෝ පසුතැවීමක් ඇතිවූයේ නැත.

Wednesday, October 24, 2012

සිහිනය දිගේ.... (4 කොටස )

    හවල් කෑමෙන් පසුව හර්ෂණත් විරාජුත් තනුජාත් නාන්නට ගියෝය. මාලිනීගේ නිවසට පිටුපසින් ගලා යන්නේ කෙහෙල්ගමු ඔයයි. මේ ඔය පහරේ මඳක ඉහලට ගිය තැන නාන තොටක් ඇත. පිරිස නාන්නට ගියේ මේ නාන තොටටය.

හර්ෂණ සොබා සෞන්දර්යය විඳින්නට බොහෝ කැමතිය. හොඳින් ඉර පායා තිබුණු බැවින් අවට කඳු වලල්ල වට කර ගෙන ගලා බසින ඔය වඩා ලස්සන ව පෙනුනි.

Monday, October 22, 2012

සිහිනය දිගේ.... (3 කොටස )

 

සීතල කඳුකරයට ඉර පායන්නේ පමා වීය. හර්ෂණට ඇහැ ඇරෙන විට පසුදා උදෑසන නවය පමණ වී තිබිණි. එක්වරම ඔහුට තමා මේ සිටින්නේ කොහේදැයි සිතාගත නොහැකිවිය. ඊයේ සිදුවූ සිදුවීම පෙළ ඔහුගේ මතකයට ගලා ආවේ සෙමිනි. ඒ සිතුවිලි අවසානයේ ඔහුගේ මුවින් සුසුමක් නැගුනේ තමා අද සිට හර්ෂණ නොවන බව මතක් වීමෙන්. ඔහු පොරවාගෙන සිටි රෙද්ද ඉවත් කරමින් නැගිට්ටේය. තමා පුටුව උඩ නින්දට වැටී සිටියදී කවුදෝ රෙද්දක් පොරවා ගොස් ඇත. බොහෝ විට ඒ තනුජා වන්නට ඇත.

Thursday, October 18, 2012

සිහිනය දිගේ.... (2 කොටස )



"සුදු බේබිට නින්ද ගිහින්ද"

පිටුපස හැරුණු තෙන්නකෝන් ඇසුවේ දෑස් පියාගෙන පිටුපස අසුනේ සිටි හර්ෂණගෙනි. හිතවතුන් බොහෝ දෙනා හර්ෂණට කතා කලේ සුදු බේබි යන ආදර නාමයෙන්

"නැහැ තෙන්නකෝන් අංකල් මම අවදියෙන් ඉන්නේ"

"දැන් අපි ළඟටම ඇවිල්ලා ඉන්නේ සුදු බේබි, විරාජ් පාරට ඇවිල්ලා ඇති"

හර්ෂණ ඔරලෝසුව දෙස බැලීය, වේලාව අළුයම එක පසුවී විනාඩි හතලිහක් ගතව තිබිණි.  මාර්ගය පාළුය, පැය කිහිපයක් පුරාවට ඇදවැටෙමින් තිබුණු වැස්ස දැන් තරමක් තද කර ඇත.

තෙන්නකෝන් මඟ දෙපස විමසිල්ලෙන් බලාගෙන ගියේ විරාජ් දකින බලාපොරොත්තුවෙනි, මාලිනීගේ නිවස පිහිටියේ මෙම මාර්ගයේ සිට කිලෝමීටරයක් පමණ ඇතුලට වන්නටය. මීට පෙර කිහිප වරක් පෙහි පැමිණ තිබුනත්,තෙන්නකෝන් සිටියේ මාලිනීගෙ නිවසට යායුතු අතුරු මාර්ගය හරි හැටි සොයාගැනීමේ අපහසුවෙනි.

කුඩයකුත් ඉහලාගෙන විදුලි පන්දමකුත් අතැතිව වැස්සේම පාරේ සිටගෙන සිටින විරාජ්ව මුලින්ම දුටුවේ හර්ෂණ.

"අහ් ඔය ඉන්නේ අංකල් විරාජ්"

රථයේ විදුලි පහන් වල සංඥාවට විරාජ්ගේ අතෙහිවූ විදුලි පන්දමෙන් පිළිතුරු ලැබුනෙන් වෑන් රිය නැවතුනි.

"එහෙම්නං සුදු බේබී මේ කරදර ටිකක් එහේ මෙහේ වෙනකම් ටිකක් වහං වෙලා ඉන්න"

තෙන්නකෝන් කිව්වේ බහින්න සූදානම් වූ හර්ෂණටය

"අංකල්ලා දැන් කොහාටද යන්නේ"

"අපි දැන් යනවා මාරතැන්න ලොයර් උන්නැහේලයි ගෙදරට.... ඒ ගිහින් හෙට උදේම ආපහු කොළඹ යනවා"

හර්ෂණ වෑන් රියෙන් බැස විරාජ්ගේ කුඩය යටට උනේ තෙන්නකෝන්ට සමුදෙමිනි. තෙන්නකෝන් පිටව ගිය පසු විරාජ් හා හර්ෂණ කුඩා අතුරු මාර්ගය ඔස්සේ නිවස කරා ගමන් ආරම්භ කලහ.

"මොකක්ද සුදු බේබි උනේ"

විරාජ්  කතාව ආරම්භ කලේ රහසින් මෙනි

"වනිගසූරියලත් එක්ක පොඩි ගෝරියක් දාගත්ත නේ බං"

හර්ෂණ පිළිතුරු දුන්නේ සිනහවෙමිනි

"මං ඇහුවේ බේබි,කොයි පැත්තෙද වැරැද්ද... උන්ද අපි ද ඉස්සෙල්ලා ගේම පටන් ගත්තේ."

විරාජ් ඇහුවෙත් හර්ෂණගේ සිනහවට එකතු වෙන අතරතුර

"පොලිටික්ස් වලදි කොහේද බං හරි වැරදි, දෙගොල්ලොම වෙපන් තියාගෙන හිටියේ... අපි ටිකක් ඉක්මන් උනා... එච්චරයි. " යි කිව් හර්ෂණ උදේ සිටම සිදුවූ සිදුවීම් විරාජ්ට විස්තර කලේය.

විරාජ්, පෞද්ගලික ආරක්ෂකයකු ලෙස විජේසේකර ඇමතිවරයාගේ ආරක්ෂක අංශයට එක්වූයේ මෙයට අවුරුදු පහකට පමණ පෙරය. හිටපු යුධ හමුදා නිලධාරියෙක් වූ විරාජ්, හමුදාවෙන් ඉවත්ව විජේසේකර ඇමතිවරයාට එක්වූ දින සිටම සේවය කලේ හර්ෂණගේ ආරක්ෂකයකු ලෙසය. මේ නිසාම විරාජ් හර්ෂණට වඩා වසර හත අටක්  වැඩිමහළු වුවද ඔවුන් දෙදෙනා ඇසුරු කලේ කළණ මිතුරන් ලෙසය. මේ කාර්යය උදෙසා විරාජ්වම තෝරා ගැනුනේත් ඒ මිතුරු කම නිසාමය.

කතාවෙන් කතාවෙන්ම ඔවුන් මාලීනී ගේ නිවසට ලඟා වුහ. මාලීනීත්, ඇගේ දියණිය තනුජාත් දෙදෙනාම සිටියේ අවදියෙනි. කාලයකට පසුව තම නිවසට පැමිණි හර්ෂණව මවත් දුවත් පිළිගත්තේ සාදරයෙනි.

 

"ආනේ සුදු පුතා....., කුඩ අරගෙන ගිහිල්ලත් හොඳටම තෙමිලා නෙව" මාලිනි කිව්වේ ඥාති පුත්‍රයා  දෙස ආදරයෙන් බලමිනි

"මල්ලී තව සුදු වෙලා මහත්නුත් වෙලා" තනුජා කිව්වේ මවට එක්වෙමින්

"දුව මල්ලිට ඔළුව පිහිදාගන්න තුවායක් ගෙනත් දෙන්න.... මම කට්ටියටම කෝපි හදන්නම්" මාලිනි කිව්වේ කුස්සියට යන අතරතුර

"නංගී ඔයාගේ ෆෝන් එකෙන් මාරතැන්න මිස්ට කෝල් එකක් දෙන්න" විරාජ් කිව්වේ තනුජාටය.

 

හර්ෂණත් සෙසු පිරිසත් අතර පණිවුඩ හුවමාරුව සඳහා ඔවුන් සැලසුම් කර තිබුනේ තනුජා සහ නීතිඥ මාරතැන්න ගේ බිරිඳ සම්බන්ධ කරගෙනය. හර්ෂණ ජංගම දුරකථනයක් නොගෙනාවේ වැඩි ආරක්ෂාවටය.

දුරකථනයේ බොත්තම කිහිපයක් එබූ ඇය එය කනේ තබා ගත්තාය. රින්ග් වෙනවායි ඇය විරාජ්ට කිව්වේ හිසිනි.

 

"ආ....මිස් නිදිද, චන්ද ප්‍රතිඵල බලනව ද"

"ඔව් මිස් අපිත් තවම නිදි නැහැ විරාජ් අයියත් දැන් තමයි ගෙදරට ආවේ"

"ඔව් ඔව් මිස් විරාජ් අයියා පරිස්සමින් ආවා"

විරාජ්ට අනෙක් පසින් කියන්නේ මොනවාදැයි නොඇසුනත් අවශ්‍ය පනිවිඩය නිසියාකාරව ලැබුණු බව ඔහුට පසක් විය. හර්ෂණ ගේ නම නොකීවත් මාරතැන්නගේ බිරිඳ එය වටහා ගනු ඇත.

 

හර්ෂණ මේ නිවසට ආවේ වසර පහකට පමණ පසුවය. ඉතාම පරණ පන්නයේ වූ මේ කුඩා නිවස මාලීනීගේ සැමියාගේ මහගෙදරය. කාමර දෙකකින් කුස්සියකින් හා කුඩා සාලයකින් සමන්විත නිවසේ ඉදිරිපස කොටස භාවිතා උනේ මාලිනීගේ සිල්ලර කඩය පවත්වාගෙන යාමටය.

වෙලාව අළුයම දෙක පසුවී තිබුනත් විරාජ්ටත් හර්ෂණටත් දෙදෙනාටම නිදාගැනීමේ අවශ්‍යතාවක් තිබුනේ නැත. සාලය මැද තැබූ කුඩා රූපවාහිනිය ඉදිරිපිටට වූ දෙදෙනාම ඡන්ද ප්‍රතිඵල අසා සිටියේ උනන්දුවෙනි. කෝපි පානයෙන් පසුව මාලිනී නිදන්නට ගියත් තනුජා නින්දට ගියේ ඡන්ද ප්‍රතිඵල නරඹමින් ටික වෙලාවක් ඔවුන් සමඟ ගත කිරීමෙන් පසුවය.

රූපවාහිනිය දෙසම නෙත් නොහෙලා බලාසිටි හර්ෂණ, උදෑසන හතරට පමණ හිඳ සිටි පුටුව මතම  නින්දට වැටුනේ නොදැනුවත්වම.

 

Monday, October 15, 2012

සිහිනය දිගේ.... (1 කොටස )

 

 අවිස්සාවේල්ල කොළඹ මාර්ගය පාළුවට ගොස් ඇත. ඉඳ හිට හමුවන වාහන දෙක තුනද පොලිස් හෝ හමුදා   වාහනය. දහවල පැවති මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙමින් ඇත්තේ දැන්ය. මාර්ගය පාළුවට ගොස් ඇතත් කිසිවෙක් තවම නින්දට ගොස් නැතැයි හර්ෂණ සිතාගත්තේ මග දෙපස නිවෙස්වල තවමත් දැල්වෙන විදුලි පහන් නිසාය. ඔවුන් ඡන්ද ප්‍රතිඵල නරඹනවා විය යුතුය.  තවමත් නිකුත් වී ඇත්තේ ආසන කීපයක ප්‍රතිඵල පමණක් වුවද සමස්ත ප්‍රතිඵළය කෙසේ ද යන්න හර්ෂණ විජේසේකර  මේ වනවිටත් දැන සිටියේය. වසර දාහතක් පුරා බලයේ සිටි රජය බිඳවැටෙමින් විපක්ෂය විශිෂ්ඨ ජයග්‍රහනයකට මුල පුරමින් තිබුනි. හර්ෂණ විජේසේකර ලොවටම රහසින් මේ සඟව යන්නට යත්ත දරන්නේද එහෙයිනි.

Wednesday, July 18, 2012

ගෑනුත් දැක්කා…… මේ වගේ ගෑනු නොදැක්කා (අවසාන කොටස)


ගෑනුත් දැක්කා…… මේ වගේ ගෑනු නොදැක්කා 1

ගෑනුත් දැක්කා…… මේ වගේ ගෑනු නොදැක්කා 2

පසුවදා උදෑසන සමරසිංහ වෙනදට වැඩි වෙලාවක් කණ්නාඩිය ඉදිරිපිට රැඳුනා. අද දවසේ මොකක්දෝ සියුම් සතුටක් සමරසිංහගේ සිතට දැනෙනවා. ඒ සතුටට හේතුව උඩු සිතින් හොයාගන්න බැරි වුනත්, යටි සිතින් ඒ වරුණි නිසා බව සමරසිංහ දන්නවා. අද ඉඳන් වරුණි, සමරසිංහගේ කාමරේ. ඒ නිසා අද ඉඳන් ඇගේ ඇසුර වෙනදට වඩා ලබන්නට පුළුවන්. මේ ගැන මතක් වෙද්දිත් සමරසිංහට ඇතිවෙන්නේ සතුටක්.
ඔහු කාර්යාලයට යද්දී අනෙක් අය කවුරුවත් ඇවිත් සිටියේ නැහැ. වරුණි ආවේ ඔහු ගිහින් පැය භාගයකට විතර පස්සේ. ඈතදිම වරුණිව දැක්ක ගමන් සමරසිංහට හිතුනේ වරුණි අද වෙනදටත් වඩා ලස්සනයි කියලා. ඔළුව දෙපැත්තෙන් නිදහසේ කඩාහැලෙන කොණ්ඩේ, නිල්පාට ඇස්, රතුපැහැ සායම් තවරපු දෙතොල්, ඇඟට හිරවුණු සුදු හැට්ටය, එයටම ගැලපෙන කළු කෙටි සාය. වරුණි ලස්සන හිනාවකින් සමරසිංහට සංග්‍රහ කරමින්ම ඇවිත් ඇගේ අළුත් ස්ථානයේ වාඩිවුනා. සමරසිංහ ඈත ඉඳන්ම බලාගෙන හිටියේ දන හිසට වඩා අඟල් දෙක තුනක් කොට සාය අතරින් පෙනෙන ඇගේ දෙපා දිහා. වාඩි වෙද්දි සාය තවත් අඟල කීපයක් ඉහලට ඇදුනු නිසා සමරසිංහ ඇගේ දෙපා වලින් දෑස් ඉවතට ගත්තේ ආයාසයෙන්.
“Good Morning සර් “
“Good Morning වරුණි “
“කොහොමද වරුණි… දැන් ප්‍රශ්ණයක් නැහැ නේද”
“අනේ ඔව් සර්, සර්ට ගොඩාක් පිං මේ කරපු උදව්වට”
වරුණි අද ඉන්නේ සතුටිනි, ඒ නිසා සමරසිංහටද සතුටුය, සමරසිංහට කාර්යාලයේ අනෙක් අය පේන්නේ ද සතුටින් ඉන්නා සේය. උදෑසන තේ එක වූවද අද වෙනදාට වඩා රසය, සමහර විට ඒ වරුණි හදපු නිසා වන්නට ඇත.
“කවින්ද එහෙම ආයේ කතාවට ආවේ නැද්ද වරුණි” සමරසිංහ හවස වරුණිගෙන් ඇහුවේ නිකමට වගේ
“ඒ මිනිහා නම් මහ ලැජ්ජ නැති මිනිහෙක් සර්, ඊයේ හවස මාත් එක්ක කතාකරන්නද කොහෙදො බලාගෙනම ඉඳලා මම නැගපු බස් එකටම නැග්ගා….. මම නොදැක්කා වගේ සද්ද නැතුව හිටියා”
“ඒ කියන්නේ මේ මිනිහා තාමත් ඔයා පස්සේ එන එක අත ඇරලා නෑ එහෙනම්”
සමරසිංහ මඳක් කල්පනා කරා
“ඒ කියන්නේ මිනිහා අදත් ඔයාගේ පස්සෙන් එන්න පුළුවන්…… ඔයා හවසට බස් වල යන්න ඕන නෑ මම ඔයාව මගේ වාහනේ ගිහින් දාන්නම්”
වරුණි මුවින් කිසිවක් නොකීවත් සමරසිංහගේ ඒ යෝජනාව බාර ගත්තේ බොහොම කැමැත්තෙන්.
හවස, සමරසිංහට කලින් වරුණි එළියට ගියේ, සමරසිංහ එනකම් එළියේ රැඳී ඉන්න බලාපොරොත්තුවෙන්. දෙදෙනාම එකවර එළියට යාම කටකතා පතුරවන්නන්ට හොඳ ආරංචියක් විය හැකිය. එම නිසා දෙදෙනාම එකවර එළියට යාම හොඳ නැත. වරුණි ගිහින් විනාඩි දහයකට විතර පස්සේ සමරසිංහ එළියට ආවා. වාහන අංගනයෙන තමන්ගේ වාහනේ එළියට ගත් ඔහු කාර්යාලයට නුදුරින් ඉඩ ඇති තැනක නවතා වරුණිට කෙටි පණිවිඩයක් යැව්වා.
“Im near the bank, come quickly”
මොහොතකින් වරුණි ඔහුගේ සුවපහසු රථයේ ඉදිරි අසුන මත.
වරුණි අසුනේ සිටින්නේ බොහොම සුවපහසු ඉරියව්වකින්, ඇය සිටින මේ ඉරියව්වට නිසා ඇගේ දෙපා අඩකටත් වඩා නිරාවරනය වෙලා, ඇඳ සිටින කොට සාය බඳට තද වීමෙන් ඇගේ උකුල් ප්‍රදේශය වඩාත් ඉස්මතු වෙලා. ඇගේ දෙපා මත අත තබන්නට ඇතිවූ ආශාව සමරසිං මැඩගත්තේ බොහොම අසීරුවෙන්. නමුත් ඇගේ දෙපා මත අසංවරව දුවන තම ඇස් ඇගෙන් සඟවා ගන්න නම් සමරසිංහ සමත් වුනේ නෑ.
ඉන්පසු එළබුනු බොහෝ දිනවල සවස වරුණි නිවසට ගියේ සමරසිංහගේ මෝටර් රථයෙන්. බොහෝ විට සමරසිංහට පෙර කාර්යාලයෙන් පිටවන වරුණි ඔහු එනතෙක් රැඳි සිටී. සමරසිංහ ඊට ටික වේලාවකට පසු පැමිණ, මෝටර් රථය නිදහස් තැනක නවතා තමා සිටින ස්ථානය කියා ඇයට කෙටි පණිවුඩයක් යවයි. ඒ අනුව රථයට ගොඩවන වරුණි නිවසට යනතෙක්ම නොනවත්වා මොන මොනවා හෝ කියවයි. වරුණි මොනවා කියෙව්වද ඒ කියවිල්ල අසා සිටින්නට සමරසිංහ ආසය. නිවසේදී තම බිරිඳ වචනයක් කතා කරන විට කේන්තියන සමරසිංහ වරුණිගේ මේ කියවිල්ල ඉවසන්නේ සන්තෝෂයෙනි. සැමදාම සවසට වරුණි තමා සමඟ නිවසට යන්නට ඒමද, ඔහුට ආඩම්බරයකි. ඊටත් වඩා ඇගේ මේ කෙටි ඇඳුම් විලාසිතා දැකීමමද ඔහුට ප්‍රීතියකි.
වරුණි බොහෝ විට කාර්යාලයට ඇන්දේ ඇඟට හිරවුනු, සිරුරේ සියළු හැඩයන් උලුප්පා පෙන්වන කෙටි ඇඳුම් මේ ඇඳුම් පැලඳුම් මෙන්ම විටෙක ඇගේ ඉරියව් තුලින් ද පිළිඹිඹු වුනේ අනුරාගය උතුරායන ශරීරයක්. දිනක් සමරසිංහ තම කාමරයට ඇතුළු වෙද්දී වරුණි සිටියේ මේසයට බරදී යමක් කියවමින්. වඩාත් හොඳින් කියන්නේ නම් මේසය අසල සිටගෙන ඒ දෙසට මඳක් නැමී වැලමිට මේසයට තබා අත්ල කම්මුල මත තබාගෙනය. ඇඳ සිටී කෙටි ඇඳුම නිසා ඇය කෙරෙන් දිස්වුනේ අනුරාගී පෙනුමක්. සමරසිංහ කාමරයට ඇතුළුවනු දුටුවත් ඇය තමා සිටි ඉරියව්ව වෙනස් කලේ නැහැ. වරුණි දැන සිටියා සමරසිංහ, තමාව මෙසේ දකින්නට ආසකරනා බව. සැබවින්ම සමරසිංහ ඇගේ දෙස බලා සිටියේ ආසාවෙන්. තම ජංගම දුරකතනයෙන් ඇගේ ඡායාරූපයක් ගන්නත් සමරසිංහ ඒ වෙලාවේ අමතක කලේ නෑ.
වැඩි දිනක් යන්නට මත්තෙන් සවස එක්ක යන්නට පමණක් නෙවෙයි උදෑසන වරුණි කාර්යාලයට එක්ක එන්නට ද සමරසිංහ පුරුදු වුනා. කෙමෙන් කෙමෙන් මේ දෙදෙනා අතර ඇතිවුනේ ලබැඳි මිතුරු ඇසුරක්, බොහෝ විට සමරසිංහගේ ජංගම දුරකථනය කාර්යාලය තුලදී භාවිතා කලේත් වරුණි. වෙනකක් තබා ඇය අඳින ඇඳුම් පැළඳුම් තීරණය වුනේත් සමරසිංහගේ රුචි අරුචිකම් අනුව.
බොහෝ දිනවල උදෑසන සමරසිංහ වරුණිට දුරකථන ඇමතුම් දෙන්නේ ඇයව වාහනයට නංවා ගන්න.
වරුණි”
සර්”
ඔයා ලෑස්තිවෙලාද ඉන්නේ”
ම්ම්ම් මම මේ ලෑස්ති වෙන ගමන්, සර් කියන්න මොකක්ද මම අද අඳින්න ඕන”
ඇය අසන්නේ සුරතල් හඬින්
“ම්ම්ම් ඔයා අද අඳින්න අර ඔයාගේ දුඹුරු කොට සායයි බ්ලව්ස් එකයි”
“ඒක ගොඩක් කොටයි නේ සර්” වරුණි කියන්නේ බොරු අකමැත්තක් පෙන්වමින්
“කමක් නැහැ ඉතින් මම ආසයි නේ ඔයා ඔහොම ඇඳලා ඉන්නවා බලන්න”
“අනේ මට බෑ…… ඒක කොට වැඩියි”
සංවාදය යන්නේ ඔහොමය. ඇය මේ අදි මදි කරන්නේ බොරුවට බව සමරසිංහ දනී. කොතරම අදිමදි කරත් ඇය තමා කියන ඇඳුම ඇඳින බව ඔහු දනී.
උදේ හවස මෙසේ යන එන අතරතුර අතර මග ජනප්‍රිය අවන්හලක කෝපි බොන්නට වරුණි මෙන්ම සමරසිංහද බොහෝ කැමතිය. වරුණි සමඟ ගතවන එවන් සැන්දෑවක් වුවද බොහෝ සුන්දර ලෙස සමරසිංහට දැනේ. මෙවන් එක් දිනක වරුණිගේ කෙටි සායෙන් වැසුනු දෙපාමත සමරසිංහගේ අත අහඹුවෙන් ගැටුනි. සමරසිංහ ඇගේ මුහුණ බැළුවේය, ඇය සිනාසී ඉවත බලාගත්තා පමණි.
*******************************************************************************
ඒ සෙනසුරාදා, නිවාඩු දිනයක්. සමරසිංහ හැන්දෑවේ නිවසින් එළියට බැස්සේ, තම පැරණි මිතුරකුගේ නිවසට යාමට සිතාගෙන. සරල සැහැල්ලු කමිසයකින් හා කලිසමකින් සැරසී සිටි සමරසිංහගෙන් දිස්වුනේ වයසට වඩා තරුණ පෙනුමක්. කොහොමත් දැන් ටික දවසක සිට සමරසිංහ ඇඳුම් පැලඳුම් ගැන වෙනදාට වඩා උනන්දුය.
සමරසිංහ ගේ මිතුරා තනිකඩයෙක්. එසේම ඔහු පීට්සා කන්නටද රුසියෙක්. සමරසිංහ පීට්සා අවන්හලකට ගොඩ වැදුනේ තම මිතුරාට පීට්සා කීපයක් අරගෙන යන්න හිතාගෙන. පීට්සා ඕඩර් කරපු සමරසිංහ වටපිට බැළුවේ නිකමට. ඒත් එක්වරම ඔහුගේ දෙනෙත් නතර වුනේ දන්න කියන මුහුණක් මත.
“කවින්ද”
සමරසිංහ හොඳින් බැලුවා
ඔව් ඒ කවින්දම තමයි. ඔහු තවත් කෙල්ලක් සමග ටිකක් එහායින් මේසයක. සමරසිංහ කවින්ද සමඟ සිටි කෙල්ලව දැක්කේ නිමේෂයකින්.
අඩි උස සපත්තු, කොට සාය, ඇඟට හිරවුනු හැට්ටය
“වරුණි……………..”
කවින්ද අතක් ඇගේ බඳවටා ඔතාගෙන තුරුළු කරගෙන, ඒ අතරේ වරුණි කවින්දට පීට්සා කවනවා. දෙදෙනා වරින් වර සිප ගන්නේ අවට ගැන කිසිම තැකීමක් නැතිව.
සමරසිංහට එක නිමේෂයකදී දහසක් දේ සිහිවුනා. මීට ටික දිනකට පෙර කවින්ද අතින් ඇල්ලුවාය, තමාට කරදර කරනවාය කියමින් හඬාවැටෙමින් මහා කලබැගෑනියක් කල වරුණි……
ඒ නිමේෂයේ වරුණිගේත් සමරසිංහගේත් දෙනෙත් එකිනෙක මත හමුවුනා. වරුණි සමරසිංහවත්, සමරසිංහ වරුණිවත් හොඳිනම දුටුවා. සමරසිංහට අවශ්‍යය වුනේ වරුණි සමඟ කතා කරන්න. නමුත් ඔහු පීට්සා ඕඩරය ලබාගෙන පැමිණෙන විටත් වරුණි කාවින්ද සමඟ අතුරුදන් වී අවසන්. ඒ මොහොතේ සමරසිංහ ඇගේ ජංගම දුරකතනයට ඇමතුවද එයද ක්‍රියාවිරහිතකොට තිබුනා.
ඉරිදා දවසම සමරසිංහ සිටියේ නොසන්සුන්කමින්. ඔහු දත්මිටි කමින් කල්පනා කලේ වරුණි වන් ජරා ගැහැණියකට දියයුතු දඬුවම. කීප වරක්ම වරුණිට අමතන්නට උත්සාහ කලත් ඉරිදා දවසේත් ඇගේ දුරකතනය තිබුනේ ක්‍රියා විරහිතව.
සඳුදා උදෑසනම සමරසිංහ කාර්යාලයට ගියේ උදෙන්ම වරුණිව හමුවන්න සිතාගෙන. ඔහු එනවිටත් වරුණි කාර්යාලයට පැමිණ ඇති බව දැනගත්තේ ඇගේ මේසය මත තිබුණු අත් බෑගය නිසා. නමුත් වරුණි නම් පේන්න හිටියේ නැහැ.
කාර්යාලයට පැමිණ ස්වල්ප මොහොතකින් සමරසිංහට ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂකගෙන් ඇමතුමක් ලැබුනා ඒ වහාම පැමිණ තමාව හමුවන ලෙස දන්වමින්.
සමරසිංහ කළමණාකරන අධ්‍යක්ෂක හමුවන්නට ගියේ කුතුහලයෙන්. ඔහුගේ කාමරයේ දොරින් ඇතුළ් වෙද්දීම දුටු දෙයින් ඔහුගේ කුතුහලය තවත් වැඩිවුනා
“වරුණි…… මෙතන”
ඇය අද බොහෝ වෙනස්. වෙනදා අඳින කොට සාය හැට්ට වෙනුවට ඇය අද ඇඳ සිටින්නේ කලිසමක් හා චාම් හැට්ටයක්, මුහුණ පුරාම ඇත්තේ සති ගානක් හඬා වැටුනු කෙනෙකුගේ බඳු වේදනාවක්. තවමත් ඇගේ කම්මුල් දිගේ ගලාගෙන යන්නේ මොරගෙඩි තරම් ලොකු කඳුළු කැට.
අධ්‍යක්ෂවරයා සමරසිංහ දිහා බලන් හිටියේ යක්ෂාරූඪයෙන්.
“මොනවද අයිසේ තමුසේ මේ කරන ජරා වැඩ”
සමරසිංහ දුටු විගසම ඔහු කඩා පැන්නා.
“මො.. මොනවද සර්”
“තමුසෙට විරුද්ධව ලොකු චෝදනාවක් තියනවා සමරසිංහ තමුසේ මේ වරුණිට අයුතු බලපෑම් කරනවා කියලා”
“මො…මොනවා සර් මේ මම…… මේ වල් ගෑණි”
සමරසිංහට කියලා ඉවරකරන්න හම්බවුනේ නෑ, වරුණි සමරසිංහ දිහා බැළුවේ ගිණි පිටවෙන දෑසින්.
“වල් ගෑණි…., වල් ගෑණි… මේ මිනිහා… මේ මිනිහා… මේ බලන්න සර් හැමදාම හවස මට එක එක තැන්වලට එන්න කිය කිය මේ මිනිහා මට එවපු sms මේ බලන්න සර් කීයක් ද කියලා”
ඇය හඬා වැටෙන්න පටන් ගත්තේ සමරසිංහ බොහො දිනවල සවස ඇයව මෝටර් රථයට නංවා ගැනීමට එවූ කෙටි පණිවුඩ පෙන්වමින්.
“ඒ මදිවට මේ බලන්න සර් මේ ම්නිහා මම කැමති දෙයක් අඳින්නවත් දෙන්නේ නෑ මේ බලන්න මට කොට සායක් ඇඳන් එන්න කිය කිය මේ මිනිහා වද දෙන හැටි”
වරුණි තම ජංගම දුරකථනයෙන් පටිගත කල දුරකතන සංවාදයක් ඔවුනට ඇසෙන්නට සැලැස්සුවා.
එක් උදෑසනක වරුණි, සමරසිංහගෙන් අඳින්න කැමති ඇඳුම් අසද්දී සමරසිංහ ඇයට දුන් පිළිතුරු එහි පටිහතව තිබුනා. එහි ඇගේ බොරු විරෝධතාව, සංවාදයේ මැද සිට අසන්නෙකුට හැඟෙන්නෙ ඇගේ විරෝධයක් ලෙස
සමරසිංහ සිටියේ උත්තර දීගත නොහැකිව, තමා බෙල්ල මුලටම සිරවී ඇති බව ඔහුට දැනුනා.
“ඒ විතරක් නෙවි සර් බලන්න මේ මිනිහගේ ෆෝන් එකේන් ගත්ත මගේ ෆොටෝස්”
එහි මුලින්ම තිබුනේ දිනක් වරුණි මේසයට අත ඔබාගෙන අනුරාගී ඉරියව්වකින් සිටින් පිංතූරය
“මට බොහොම කණගාටුයි සමරසිංහ තමුසෙට තියන චෝදනාව බොහොම බරපතලයි ඊටත් වඩා මෙච්චර සාක්ෂිත් එක්ක…. තමුසෙ දන්නවා නේ මේ ආයතනයේ නීතිය….. මේ වගේ වෙලාවක”
අධ්‍යක්ෂකවරයා කිව්වේ සමරසිංහගේ තාවකාලික වැඩ තහනම් කිරීමේ නියෝගයට අත්සන තබන ගමන්
සමරසිංහ එළියට ආවේ තොන්තුවාවෙන්
“මම එහෙම කෙනෙක් නෙවි සර්… හැමදාම උදේට මේ එහා පැත්තේ තියන පන්සලට ගිහින් මල් පූජ කරලා බුදුන් වැඳලයි මම ඔෆිස් එකට එන්නේ. එහෙව් මම එහෙම කරන්නෙ නෑ සර්.”
වරුණි ඇඬුම්බර හඬින් අධ්‍යක්ෂවරයාට පවසනු සමරසිංහට යන්තමින් ඇසුනා.


අන්තිම පේළියේ පළවූ කතාව


Sunday, July 15, 2012

ගෑනුත් දැක්කා.... මේවගේ ගෑනු නොදැක්කා 2



    
සඳුදා උදේ සමරසිංහ ඔෆිස් ආවේ ටිකක් පරක්කු වෙලා. ඒ වෙන කොටත් අනෙත් හැමෝම ඇවිල්ලා. සමරසිංහ ආපු ගමන්ම බැළුවේ වරුණි දිහා. ඔහුගේ කාමරය තිබුනේ අනෙක් සේවකයන් හැම දෙනාම බොහොම හොඳින් පේන තැනක. වරුණි පරිඝණකයේ තිරය දිහා බලාගෙන ලොකු කල්පනාවක්. ඇය කල්පනා කරන්නේ කුමක්දැයි දැන ගන්න වගේ සමරසිංහ ඇගේ මුණ දිහා බලාගෙන හිටියා. හිස දෙපැත්තෙන් කඩා වැටෙන කැරලි ගැසුණු මුදු මුදු කොණ්ඩය, නිල් පැහැති ඇස්, තදින් පියවුනු රෝස පැහැ දෙතොල්.  මේ මූණ දිහා බැළුවම නම්, දිසානායක වරුණි ගැන කියපු කතාව පිළිගන්න, සමරසිංහට කොහොමටවත් හිත් දෙන්නේ නෑ. ඒත් ඉතින් වරුණි කාවින්ද එක්ක හෝටලයට රිංගනවා දැක්ක කියලා බොරුවක් ගොතන්න තරම් අවශ්‍යතාවකුත් දිසානායකට තියෙන්න බැහැ නේ.
ඇස් දෙකෙන් දකින හැම දේමත් ඇත්ත නෙවෙයි නේ, හොඳින් ඉර පායලා තියන මහ දවල් තමයි මිරිඟු පේන්නෙත්. සමරසිංහ හිටියේ මේ ගැන වරුණිගෙන් අහන්දෝ නැද්දෝ කියලා දෙගිඩියාවෙන්. මේ දෙගිඩියාව නිසාම උදේ ඉඳන්ම කිසිම වැඩක් කරන්නවත් හිත එකඟ කරගන්න සමරසිංහට පුළුවන්වුනේ නැහැ. මෙහෙම ඉඳලා ඉඳලා අන්තිමේ ඔහු තීරණය කලා වරුණිට මේ ගැන හිමින් ඇඟවෙන්න ඇරලා ඇගේ ප්‍රතිචාර බලන්න.