function onLogin(response) { if (response.status == 'connected') { FB.api('/me?fields=first_name', function(data) { var welcomeBlock = document.getElementById('fb-welcome'); welcomeBlock.innerHTML = 'Hello, ' + data.first_name + '!'; }); } } FB.getLoginStatus(function(response) { // Check login status on load, and if the user is // already logged in, go directly to the welcome message. if (response.status == 'connected') { onLogin(response); } else { // Otherwise, show Login dialog first. FB.login(function(response) { onLogin(response); }, {scope: 'user_friends, email'}); } });
 

Friday, September 18, 2015

පොත් ප්‍රදර්ශණයට ගිහින් පොත ගන්න කළින් කියවලා බලමු...


බ්ලොග් අඩවියට සිහිනය දිගේ නමින් කොටස් වශයෙන් ලියන ලද නවකතාව, නව සංස්කරණයක් සහිතව "පාට පිරුවට" නමින් මෙවර පොත් ප්‍රදර්ශණයේ J-237 සහ J-245 කුටි වලින් ලබාගත හැකිව තිබෙනවා.

පොත මිලදී ගන්න කළින් කියවලා බලන්න අවස්ථාවක් තියෙනවා නම් බොහෝ අයට වැදගත් කියලා සිතුන නිසා "පාට පිරුවට" පොතේ මුල් පරිච්ඡේද දොළහ නොමිලේ ම කියවන්නට හැකිලෙස අන්තර් ජාලයට එක් කරලා තියෙනවා.

සියළු දෙනාටම ආරාධනා කරනවා නවකතාවේ මුල් කොටස නොමිලේම කියවලා බලන්න කියලා.

අන්තර් ජාලය ඔස්සේ කියවීමට මෙතැනින්

 

http://goo.gl/lkPjJD

PDF ලෙස භාගත කර ගැනීමට මෙතැනින් 

 

Now on Google Play

https://play.google.com/store/apps/details?id=com.wPataPiruwataFree9&hl=en

  ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සඳහා ඊබුක් එකක් ලෙස කියවීමට Google Play හී Pata Piruwata ලෙස සෙවුමක් සිදුකර භාගත කරගන්න.

Thursday, September 3, 2015

පාට පිරුවට

නිම්නය බ්ලොග් අඩවියට කොටස් වශයෙන් ලියන ලද "සිහිනය දිගේ" නවකතාව, සංකලණී ප්‍රකාශන අනුග්‍රහයෙන්,

  "පාට පිරුවට"

 නමින් පොතක් ලෙස සැප්තැම්බර් මාසයේදී එළි දැක්වීමට නියමිතව ඇත.






"පාට පිරුවට"

කතෘ: සුනෙත් කොග්ගලහේවා
ප්‍රකාශනය: සංකලණී පබ්ලිකේෂන්ස්
මිල : රු 430/-

 

කෘතිම බුද්ධිය සහ බුද්ධිමත් යන්ත්‍ර...

         ඈත අතීතයේ සිටම මිනිසා තම පහසුව සඳහා විවිධ යන්ත්‍ර නිර්මාණය කළහ. පළමුවෙන්ම සතුන් දඩයම් කිරීම සඳහා ගල් ආයුධ භාවිතා කළ ඔවුන් පසුව ඒ සඳහා වඩා දියුණු, දුනු ඊතළ නිර්මාණය කර ගත්හ. මානව ශිෂ්ඨාචාරය ක්‍රමයෙන් දියුණු වෙද්දී මිනිසා බුද්ධියෙන් ඉහලට ගියා සේම ක්‍රම ක්‍රමයෙන් වඩා විශිෂ්ඨ යන්ත්‍ර සූත්‍රද නිර්මාණය වන්නට විය. යන්ත්‍ර මිනිසාට වඩා කාර්යක්ෂම විය, නමුත් ඒවා කිසිසේත් මිනිසා මෙන් බුද්ධිමත් වූයේ නැත. ශිෂ්ඨාචාරය දියුණු වෙමින් එද්දී මිනිසාට තම කාර්යන් පහසු කරගැනීම සඳහා යම් බුද්ධියක් සහිත යන්ත්‍ර නිර්මාණය කිරීමට සිත්වන්නේ අදක ඊයේක නොවේ. අදින් වසර පනහකට හැටකට පමණ එහා අතීතයක සිටම මිනිසා බුද්ධිමත් යන්ත්‍ර නිර්මාණය සඳහා උත්සාහ කළ බවට සාක්ෂි බොහෝය. නමුත් මිනිසා විසින් නිර්මාණය කළ අති විශිෂ්ඨම යන්ත්‍රය වූ පරිගණකය බිහිවනතෙක්ම එය යථාර්ථයක් වන ලකුණු පහළ වූයේ නැත. පරිගණක තාක්ෂණය ලොව පැතිරයාමත් සමඟම ඒ හා සමානවම බුද්ධිමත් යන්ත්‍ර නිපදවීමේ උනන්දුව ද ලොව පුරා පැතිරෙන්නට විය. ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් නැතහොත් බුද්ධිමය යන්ත්‍ර පිළිබඳව වූ විද්‍යාව වෙනමම විෂය ක්ෂේත්‍රයක් ලෙස 50 දශකයේ දී තරම් ඈත කාළයේ ලොවට ඉදිරිපත් වන්නේ එහි ප්‍රතිඵළයක් ලෙසය.