function onLogin(response) { if (response.status == 'connected') { FB.api('/me?fields=first_name', function(data) { var welcomeBlock = document.getElementById('fb-welcome'); welcomeBlock.innerHTML = 'Hello, ' + data.first_name + '!'; }); } } FB.getLoginStatus(function(response) { // Check login status on load, and if the user is // already logged in, go directly to the welcome message. if (response.status == 'connected') { onLogin(response); } else { // Otherwise, show Login dialog first. FB.login(function(response) { onLogin(response); }, {scope: 'user_friends, email'}); } });
 

Tuesday, June 28, 2011

පැකේජ් එක

ගන්දරයගේ දෙවනි කථාව…. මේක ගන්දරයා අහපු කතාවක්… මේකට හිනා යයිද නැතිද කියලා හරියටම නිච්චියක් නැති කමින් දාම් දෝ නොදාම් දෝ කියලා කල්පනා කර කර හිටපු ගන්දරයා ඔන්න ඔහේ ඕන මගුලක් කියලා ලියලා දාන්න හිතා ගත්තා.. ඕන මගුලක් කියන්නේ වෙන්න තියෙන ලොකුම නස්පැත්තිය ඉතින් මගුල නෙව… මාත් මගුලක් කථා කරනවා… මෙන්න කතාව…..
මගුලක් කතා කරලා පටන් ගත්තට මේක අවමගුලක් ගැන කතාවක්… අපේ ගමේ ඉන්නවා සරත් අයියා කියලා බොහොම ගුණයහපත් මනුස්සයෙක් මිනිහා ඉතින් කොච්චර ගුණයහපත් කමද කියනව නම්… ඔය විස්කි බ්රැසන්ඩි වගේ සැර ජාතියක් කටේ තියන්නේත් බොහොම කලාතුරකින්…….. ඉඳලා හිටලා…. ඒකත් නිකන් හම්බවුනොත්…. නැතිනම් අනෙත් හැමදවසකම ඉතින් ඔරිජිනල් ගමේ බඩු තමයි…. පහුගිය දවසක රාත්තිරියේ අපේ සරත් අයියට පොඩි කරදරයක් උනා… අවුරුදු 80 ක් ආයු වළඳපු සරත් අයියගේ නැන්දම්මා පහුගිය දවසක රාත්තිරියේ හදිසියේම වැලිගම්පිටි ගියා පණපිටින් ඉන්න කාලේ මොන සෝලි ඇල්ලුවත් මළාට පස්සේ මොකටද පරණ කෝන්තර කියලා සරත් අයියත් හිතාගත්තා නැන්දම්මාගේ අවමඟුල ඉහලින්ම්ම කොරන්න… මෙහෙම හිතලා උදේ පාන්දරින්ම දෙකක් දාගෙන සරත් අයියා ගියා ටවුමේ මල් ශාලාවට…සරත් අයියා යනකොට මල් ශාලාවේ මුදලාලි උදේ පාන්දර දෙවියන්ට පහන තියනවා සරත් අයියව දැක්කා විතරයි මුදලාලිගෙ කට කණේ..උදේ පාන්දරම කස්ටොමොර් කෙනෙක් නොව… මල් ශාලාවට ඇතුල් වෙනකොටම එකේ හිටපු පොඩි කොලුවා ආවා සරත් අයියගෙ උදව්වට… සරත් අයියත් ඔන්න තමන්ගෙ අවශ්යවතාව කිව්වා…දැන් කොල්ලා සරත් අයියට විස්තර කරලා දෙනවා… සර්.., අපේ ගාව පැකේජස් තුනක්ම තියනවා. සර්ට කැමති එකක් තොරගන්න පුලුවන්… පලවෙනිම් පැකේජ් එක තමයි සර් මේක… මේ පෙට්ටිය කොස් ලී වලින් හදලා තියෙන්නේ මේක 50,000 වෙනවා සර් හැබැයි මේක එක්ක Accessories නම් මොකුත් හම්බවෙන්නේ නෑ සර්… මොනවද මල්ලී මිනී පෙට්ටියේ Accessories ? සරත් අයියා මොල් වෙලා ගිහින් ඇහුවා ඇයි සර් පහන, ඇත්දළ, ලයිට් වැල්…. දෙවනි පැකේජ් එක තමයි සර් මේක, මේකත් පෙට්ටිය කොස් ලී වලින් හදලා තියෙන්නේ මේක 75,000 වෙනවා සර් මේක එක්ක ඇත්දළ දෙක free හම්බවෙනවා හොඳම පැකේජ එක තමයි සර් තුන්වෙනි එක මේකෙත් පෙට්ටිය කොස් සර්… මේකත් එක්ක ඇත්දළ දෙක පහන ලයිට් වැල් ඔක්කොම ෆ්රීි… ගාන නම් සර් ලක්ෂයක් වෙනවා ලයිට් වැල නිවි නිවි පත්තු වෙන එකක් නම් තව රු 500ක් වැඩී… කොල්ලා විස්තරේ කියවල ඉවරකරා….
සරත් අයියා ටික වෙලාවක් කල්පනා කරා……
එතකොට මල්ලී ඔය පෙට්ටි වල ගණන් කිව්වේ…. මිනිය අපි දාලද…
නැතිනම් ඕගොල්ලෝ දාලද…… ?????


අන්තිම පේළියේ පළවූ කතාව

Thursday, June 23, 2011

පොල් ලෙල්ල



ආයුබෝවන්ඩ කීවා හැමදෙනාටම…..
ගන්දරයත් කුළුඳුලේම කතාවක් කොටන්නයි සූජානම…..

ගන්දරයා කියන්නෙත් හැමදමත් පාසලේ පංතියේ බස් එකේ අන්තිමම කොනේ හිටපු සාමාජිකයෙක්, වැල්ලබඩ පත්තුවෙ ගම්දොරේ ඉපදිලා, මාගම් පත්තුවෙ ගිරුවාගම් දොලොස්දාහේ ඉඳලා, මේ ගෙන්දගම් පොලවට ආපු හාදයෙක්….

නොදන්න දෙමළෙට ගිහින් වරිගේ නහගන්න එපා කියලා කොච්චර නම් අහල තිබුනත්, හිතේ ආසාවටමයි මේක කොටන්නෙ… ඇදකුදයක් වරදක් හෙම තිබුනොත් ඉතින් සමාවෙයල්ලා……..

ඔන්න එහෙනම් කථාව….
ටී බී ඉලන්ගරත්න මහත්තයා කියන්නෙ අපේ රටේ හිටපු බොහොම ශ්රේීෂ්ඨ ලේඛකයෙක් ඒ වගේම දේශපාලඥයෙක් දවසක් ඔන්න ඉතින් මෙතුමා තමන්ගෙ වාහනෙන් ගමනක් යනවලු… ඡන්ද කාලේ හින්දා මෙතුම බොහොම වෙහෙස මහන්සි වෙලා තමයි ඉඳලා තියෙන්නෙ, තෙහෙට්ටුවටම එතුමට ටිකක් නින්ද ගිහිල්ලා… රියදුරු මහත්තයත් මෙතුමා නිදි කියල දැනගෙන දැන් ඉතින් ටිකක් සැර දාලා වහනේ දක්කනවා…

එක පාරටම පාර හරහා පැනපි කොහෙද යන අච්චාරු කුක්කෙක්…

අපේ රියදුරු මහත්තයත් දන්න සෙල්ලම් ඔක්කොම දැම්ම මේ කුක්කව බේරගන්න…ම්හ් ඒත් වැඩක් නැ…

වාහනේ ගියා කුක්කාගෙ ඇඟ උඩින්…

ගැස්සිච්ච පාරට සැපට නිදාගෙන හිටපු ඉලන්ගරත්න මහත්තයටත් ඇහැරුනා…

“මොකෝ පියදාස උනේ” ඉලන්ගරත්න මහත්තය අහනවා තමන්ගේ රියදුරාගෙන්

ඇත්ත කිව්වොත් නම් බැනුම් වරුසාවයි මේ කොහෙවත් යන කුක්කෙක් හින්දා මම මොකට සෝලි අහනවද පියදාසටත් ආව ගණ දෙවි ණුවන

“මේ පාරෙ පොල්ලෙල්ලක් තිබිලා රෝදේට අහුවුනා” වැඩිගානකට නැතුව පියදාස කිව්වා
ඉලන්ගරත්න මහත්තයාත් කතාවක් නතුවම කරබාගත්තා… පියදාසටත් දැන් හරි සතුටුයි හොඳ වෙලාවට මහත්තතය දැකලා නෑ
ඔන්න දැන් දෙන්නා මෙහෙම ටික දුරක් යනවා… පාරේ අයිනේ ඉන්නවා තවත් බල්ලො දෙන්නෙක්ම… මේක දැක්කා විතරයි ඉලන්ගරත්න මහත්තයා කියනවා


“පියදාස.. ඔන්න ඉස්සරහ පොල්ලෙලි දෙකක්ම ඉන්නවා පරිස්සමින් අයින් කරන් පලයන්”