function onLogin(response) { if (response.status == 'connected') { FB.api('/me?fields=first_name', function(data) { var welcomeBlock = document.getElementById('fb-welcome'); welcomeBlock.innerHTML = 'Hello, ' + data.first_name + '!'; }); } } FB.getLoginStatus(function(response) { // Check login status on load, and if the user is // already logged in, go directly to the welcome message. if (response.status == 'connected') { onLogin(response); } else { // Otherwise, show Login dialog first. FB.login(function(response) { onLogin(response); }, {scope: 'user_friends, email'}); } });
 

Friday, March 31, 2017

අංකල්ලගේ අපේ කතා...


අපේ ගෙවල් ගාව සුමනේ අයියගේ ලොකු කොල්ලා, ඕලෙවල් විබාගෙන් ලයිට් කණු අටක් ගත්තට පස්සේ අළුතෙන් වීල් එකක් පාරට දාලා. පුහ්  බලන්න එපාය දැන් කොල්ලගේ හැඩ. යස අගේට කළු පාටට තිබිච්ච කොණ්ඩේ පැත්තක් දුඹුරු පාට කොරලා, යාන්තමට වැවීගෙන එන දැලි රැවුල පොන්ටින් කට් එක තියලා ඒ මදිවට එක කනකට කරාබුවකුත් දාලා, හන්දියේ කඩෙන් ගත්ත කළු කණ්නාඩි දෙකත් ඔළුවෙ දාගෙන කොයි වෙලෙත් ඌ යන්නේ නිකං සලමන් කාන්ගේ අඳුරන පුංචි අම්මගෙ පුතා වගේ. ඌට හපන් උගේ ත්‍රීවීල් එක. ඒක ඉස්සරහින් බැළුවම ටොයොටා, පැත්තට බැළුවම නිසාන් පිටිපස්සෙන් බැළුවම ප්‍රාඩෝ. ගොම්මන් කළුවරේ පාරේ යද්දි හරියට නිකං තොටළඟ තොරණ ගමට ගෙනැල්ලා වගේ. පටාචාරා කතා වස්තුව හරි වෙස්සන්තර ජාතකේ හරි පෙන්නන තොරණේ විස්තරේ වගේම මුගේ ත්‍රීවිල් එකෙත් කොයි වෙලාවෙත් යන්නේ මිනිහා දාලා ගිහිල්ලා අඬා වැටෙන ගෑනුන්ගේ දුක් අඳෝනා ගැන සින්දු යි, ගෑනි වෙන මිනිහෙකුට දන් දීපු මිනිස්සුන්ගේ දුක් අඳෝනා යි ගැන සින්දු විතරයි. ඒකත් ඉතිං හෙමිං එහෙම නොවෙයි අහල ගම් හතකටම ඇහෙන්න.


 ඒ සින්දු දැමිල්ල කොච්චරද කියනවා නං මූ ත්‍රීවිල් එක ගත්ත අළුත, පොඩි දූලයි ගෙදර ගිහින් එන්නැයි කියලා පාරට බැහැපු රොසලින් ආච්චිව දවසක් ත්‍රීවීල් එකට හැප්පිලා. වාසනාවකට වැඩි තුවාලයක් නෑ. යන්තං උකුල් ඇටේ එහා මෙහා වෙලා විතරයි. ගන්දරයත් ගියා පත්තුවක් බැඳගෙන ඇඳට වෙලා හිටපු රොසලින් ආච්චිව බලන්න.
"මොකෝ ආච්චියේ උනේ...?"
ගන්දරයා ඇහුවේ සිද්දවෙච්ච දේ ආච්චිගේ කටින්ම සහසුද්දෙන් අහගන්න.
"අනේ මන්දා ගන්දරයා පුතේ.... හීං එකීලයි ගෙදෙට්ට ගොඩ වෙලා එන්න කියලා ගෙදරින් දොට්ට බැස්ස විතරයි...."
"ඉතිං.....?"
"තඩී කැසට් එකක් ඇවිත් එකපාරට ඇඟේ හැප්පුනා නොව.."
ඔන්න කෙටියෙන්ම වෙච්ච සංගෙදිය.
මුගේ තියෙන නොහොබිනා කම කොච්චරද කියනවා නං උපන්දා ඉඳ මූ මට කට පුරෝලා කිව්වේ ගන්දරයා අයියා කියලා. හැබැයි අපේ ගෙදරට අල්ලපු ගෙදර අළුතෙන් කුළියට අරන් ආව පවුලේ හිටපු ඇහැට කණට පේන කෙල්ල දැක්ක දවසේ ඉඳන් මූට මම ගන්දරයා අංකල් උනා. ඔන්න ඉතිං පුතයගේ තරම.
මෙව්වා ඉතිං මේ අර කෙල්ල ඉස්සරහ මූ මට අංකල් කිව්ව හිතේ අමාරුවට කියන කතා කියලා එහෙම හිතන්න එපා ඕං... මේ පැඟිරි කොල්ලො, "අංකල්" "නාකියා" අරෙහෙ මෙහෙ කියලා අපහාස කොරාට ඔය පැඟිරි කොල්ලන්ට අංකල්ලා එක්ක හැරෙන්නවත් බෑ. ඕක ගැන කියද්දි මට පරණ කතාවක් මතක් උනා. කියවලා හිනාවෙන්න එහෙම නොවෙයි ඔය පැඟිරි කොල්ලන්ට ආදරුසෙට ගන්න.
ඔන්න එකෝමත් එක කාලෙක එකෝමත් එක රටක එකෝමත් එක ගමක හිටියලු බිත්තර විකුණලා ජීවත්වෙන ගොවි මහත්තයෙක්. මේ මනුස්සයාට දිනපතාම බිත්තර ගන්න කිකිළියෝ පහලොස් දෙනෙක් ඉන්න පුංචි පහේ ගොවිපොළකුත් තිබුනලු. ඒ විතරක් නොවෙයි මේ කිකිළියො පහලොස් දෙනා බලාගන්න ගොවිපොලේ හිටියළු එක කුකුළෙකුත්. "මේ කිකිළියෝ සේරටම මම තමයි කුකුළා කියලා වැඩ පෙන්නගෙන හිටියට කාළයක් යනකොට මේ කුකුළා වයසට ගිහිල්ලා නාකි වෙලා අංකල් වෙලා "මට මහළු වයසේ බැරිය වෙන ගායනා පෙර සේ..." කියාගෙන පැත්තකට වෙලා ඉන්න පටන් ගත්තලු.
ගොවිපොළේ හරි හමන් කුකුළෙක් නැති නිසා ඈලි මෑලි වෙලා ගිහිපු කිකිළියෝ දවසින් දවසම දාන බිත්තර ප්‍රමාණෙත් අඩුකලා. දවසින් දවස බිත්තර අඩුවෙන්න හේතුව කල්පනා කොරපු ගොවි මහත්තයා අන්තිමේදී කල්පනා කළා පරණ කුකුළා ඔහොමම ඉන්දැද්දි හොඳ හයිය හත්තිය ඇති කුකුල් නාම්බෙක් ගෙනෙල්ලා ගොවිපොළට දාන්න.
මෙහෙම හිතපු ගොවි මහත්තයා ඊළඟ සුමානෙම ඉරිද පොළට ගිහිල්ලා හොඳට හොයලා හොයලා අරගෙන ආව හොඳ තරුණ නාඹර කුකුල් නාම්බෙක්. ආයේ මොනවා අහනවද හොඳ රවුමට රතට රතේ දිළිසෙන කරමලේ, උල්වෙච්ච තැඹිළි පාට හොට, කළු පාටට දිළිසෙන පිහාටු, තැඹිළි පාට පපුව ඉස්සරහට දාලා අත්තටු දෙක පිටිපස්සට කරගෙන අළුත් කුකුල් නාම්බා ආඩම්බරේට එහාට මෙහාට ඇවිදින කොට ඒ ගොවිපොළේ නෙවෙයි අහළ ගං හතක ඉන්න කිකිළියෝ කොර.
අළුත් කුකුළා ආපු දවසේ ඉඳන් කිකිළියොන්ටත් වෙන වැඩක් නෑ. කොයි වෙලාවෙත් අළුත් කුකුළා ගැනමයි තැන තැන රහස් කතාව.
"ඒයි... මාරයි නේද අනේ එයාගේ හොටේ...."
"අනේ බලන්නකෝ අර කරමලේ ලස්සන...."
"එයා ඇවිදින කොට හරි හැන්ඩ්සම් නේද අනේ...."
ඔන්න ඔහොම තැන තැන අළුත් කුකුළගේ ලස්සන ගැන කිකිළියන්ගේ කතාව. අළුත් කුකුළ් නාම්බත් කිකිළියන්ගේ මේ සියළු ආදර ඇළුම් බැළුම් බොහොම ආදරෙන් ඉවසගෙන කිකිළියෝ සියළු දෙනාටම එක හා සමානව තමන්ගේ හදවතේ ඉඩ කඩ වෙන්කරගෙන බලාගෙන ඉන්නවා.
හැබැයි ඉතින් කාට කොහොම උනත් පරණ කුකුළාට නම් මේ වැඩේ ඇල්ලුවේම නෑ. මොකද කියන්නේ ඉතිං මෙච්චර දවසක් තමන් එක්ක උකුළු මුකුළු කර කර හිටිය කිකිළියෝ ටික මේ අළුත් කුකුළා ආපු දවසේ පටන් නිකමට වත් තමන්ව ගනන් ගන්නේම නැහැ නෙව.
මොකද කරන්නේ කියලා කල්පනා කරපු පරණ කුකුළා, අන්තිමේදී තීරණය කළා අළුත් කුකුළත් එක්ක ඉස්සෙල්ලාම මේක සාමදානෙන් විසඳගන්න. එහෙම හිතපු පරණ කුකුළා පුරුෂ ධෛරිය එහෙම ටිකක් අරගෙන පපුව ඉස්සරහට දාලා ගියා අළුත් කුකුළා හම්බවෙන්න.
"ආං.... මල්ලී...."
ඈතදිම අළුත් කුකුළව දැකපු පරණ කුකුළා කිව්වේ හිතවත්කම වර්ධනය කොරගන්න හිතාගෙන.
"හාං ඇංකල්........!!!"
හැබැයි අළුත් කුකුළගෙන් හම්බ උනේ ඒ තරම් හොඳ ප්‍රතිචාරයක් නොවෙයි. කොහොම උනත් පරණ කුකුළා හිතුවා අළුත් කුකුළට තේරුම් කරලා දීල මේක සාමදානෙන් විසඳගන්න. එහෙම හිතපු පරණ කුකුළා අළුත් කුකුළට යෝජනාවක් ගෙනාවා.
"මේකනේ මල්ලී... මල්ලී එන්න කලින් මම තමයි මේ හැම කිකිළියෙක්ම බලාකියාගත්තේ... මල්ලි තාම අළුත් පිටනේ... හැමෝම තනියෙන් බලාගන්නත අමාරුයි නේ.... මෙහෙම කරමු... තුන් දෙනෙක් මම බලාගන්නම් ඉතිරි කට්ටිය මල්ලී බලාගන්න....මොකද කියන්නේ...?"
පරණ කුකුළා බොහොම බලාපොරොත්තු තියාගෙන ඇහුවට අළුත් කුකුළා පැනපු ගමන් ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරා.
"අන්න මේ යන්න අංකල් යන්න.... මේ නහින දෙහින කාලේ පැත්තකට වෙලා බනක් භාවනාවක් කරගෙන ඉන්න අංකල්... මේ හැමෝම තනියෙන් බලාගන්න මට පුළුවන් අංකල් ඒ ගැන කළබල වෙන්න එපා...."
අළුත් කුකුළා වැඩිහිටි කමටවත් කිසි ගරු සරුවක් නැතිව උත්තර දුන්නා. ඒ පාර නම් ඔන්න පරණ කුකුළටත් ටිකක්  කේන්ති ගියා.
"අඩේ මල්ලී... එහෙම නිකං රෝන්ග් ටෝක්ස් දාන්න එපා. උඹලා වගේ කුකුල් කෑම කාලා කඳ බඩ මහත් වෙච්ච එවුන් නෙවි අපි.... අපි හොඳ ගමේ පණුවො කැරපොත්තො අහුලං කාලා හැදිච්ච එවුන් හරිය..." 
ඒක ඇහුවම අළුත් කුකුළා නම් හිනාවුනේ කින්ඩියට. පරණ කුකුළාගේ ඉවසීමේ සීමාව දැන්නම් පැනලා. දෙපාරක් නොහිතපු පරණ කුකුළා අළුත් කුකුළට දුන්නා අභියෝගයක්"
"හරි එහෙනම් කවුද වැඩිය හයිය බලන්න උඹයි මායි තියමු රේස් එකක්. උඹ දිනුවොත් කිකිළියෝ ටික සේරම උඹට. හැබැයි මම දිනුවොත් කිකිළියෝ තුන් දෙනෙක් මට."
මේ හැට පැනපු නාකියව පරද්දන එක නම් මොන කජ්ජක්ද... එහෙම හිතපු අළුත් කුකුළත් දෙපාරක් නොහිතම අභියෝගය බාරගත්තා.
ඊළඟ දවසේ උදේම අළුත් කුකුළයි පරණ කුකුළයි දෙන්නම කිකිළියන් බෙදාගැනීමේ මහා දිවීමේ තරඟයට ලෑස්ති උනා. පුරුදු විදියටම අළුත් කුකුළා පපුව ඉස්සරහට දාලා, කළු පාට අත්තටු දෙක පිටිපස්සට බැඳගෙන, එක කිකිළි ගාවට ගිහින් දිනන්නේ තමන් නිසා දිනුවට පස්සේ කරන කියන දේවල් ගැන ආඩම්බරෙන් කියවනවා. ඒවා අහලා කිකිළියොත් ඉතින් ලැජ්ජාවෙන් ඇඹරෙනවා. අළුත් කුකුළට දිනන එක ගැන අවිශ්වාසයක් නෑ. හැබැයි අභියෝග කළාට පරණ කුකුළා නම් හිටියේ ටිකක් බයෙන් වගේ. උන්දෑ උනත් දන්නවා නෙව මේ තරුණ කුකුළ් නාම්බා එක්ක ඔට්ටු වෙන්න තමන්ට හයිය හත්තිය නැති වග.
ඒ බය නිසාමද කොහෙදො තරඟේ පටන් ගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී පරණ කුකුළා කිට්ටු උනා අළුත් කුකුළා ළඟට.
"මල්ලී....උඹ කොහොමත් මට වඩා ටිකක් තරුණ එකා හින්දා තරඟේ පටන් ගනිද්දී මට අඩි දහයක් ඉස්සර වෙන්න දීපන්. ඒක සාධාරණයි නේ."
පරණ කුකුළා ඇහුවේ යාප්පුවෙන් වගේ. අළුත් කුකුළා දැනගත්තා වීරයා වගේ දුවන්න කතා කළාට දැන් මූ බයවෙලා තමයි කියලා. අළුත් කුකුළට හොටේ දෙපැත්තෙන්ම හිනහත් එක්ක. අඩි දහයක් නොවෙයි දිනුම් කනුව ළඟින් පටන් ගත්තත් මේ නාකියට තමන් එක්ක දුවලා දිනනන්න බැරි බව අළුත් කුකුළා දන්නවා.
"හා හරි අංකල් එහෙමවත් කරලා දිනන්න පුළුවන් ද බලමුකෝ....!!!"
අළුත් කුකුළා කැමැත්ත දුන්නා.
ඔන්න දැන් තරඟේ පටන් ගන්න සියල්ළ සූදානම් පරණ කුකුළා ඉස්සරහින් හිටගෙන ඉන්නවා. ඊට අඩි දහයක් පස්සෙන් අළුත් කුකුළා. නාඹර කිකිළියෙක් ඉස්සරහට ඇවිල්ලා තමන්ගේ වල්ගේ වනලා තරඟේ පටන් ගන්න සංඥාව දුන්නා. ක්‍රීඩකයෝ දෙන්නම ඒ සංඥාවට අනුව දිවීම ආරම්භ කළා.
පරණ කුකුළා මහා සද්දෙන් "කොක්... කොක්... කොක්..." ගාගෙන ඉස්සරහින් දුවනවා. ඊට පිටිපස්සෙන්  "කොක්... කොක්... කොක්..." ගාගෙන අළුත් කුකුළත් දුවනවා.
වටේ ඉඳන් කිකිළියෝ ටික "කුක්කු... කු... කූ...." කිය කිය කෑ ගහනවා. සියළුම කිකිළියන්ගේ හදවත පුරා නැගෙන එකම පැතුම අළුත් කුකුළාගේ ජයග්‍රහණය.
පරණ කුකුළා පුළුවන් තරම් හයියෙන් දුවනවා. ඒ උනත් අළුත් කුකුළා බොහොම වේගෙන් පරණ කුකුළාට ලං වෙනවා. දිනුම් කණුවත් පේන මානේ
අළුත් කුකුළා පරණ කුකුළට අඩි පහක් පිටිපස්සෙන්. අළුත් කුකුළා එක පාරට වේගේ වැඩි කළා. දැන් අඩි හතරයි…., අඩි තුනයි……, දෙකයි….., එකයි…..
අළුත් කුකුළා පරණ කුකුළාව පහු කරන්න ඔන්න මෙන්න....
එකපාරට පිටිපස්සෙන් "ඩෝං" ගාලා මහා සද්දයක් ආවා...
කෑ ගහපු හැම දෙනාම එකපාරටම නිහඬ උනා.
තත්පර ගානකට පස්සේ බලද්දී පරණ කුකුළා ඉන්නවා හිනාවෙවී. ඊට චුට්ටක් මෙහායින් අළුත් කුකුළා මැරිලා වැටිලා. කෑ ගහපු එක කිකිළියෙක්වත් පේන්න නෑ.
තරහෙන් පිපිරි පිපිරි ගොවි මහත්තයා එනවා තාමත් දුම් දාන තුවක්කු බටෙත් අතින් අරගෙන.
"යකෝ මේක යකාගේ වැඩක් නේ... මෙච්චර කිකිළියෝ ඉන්දැද්දි ගේන ගේන කුකුළා යන්නෙම මේ නාකි කුකුළා පස්සෙන් නෙව...."

පසුව ලියමි:

කතාවේ ආදර්ශය: ඔය පැඟිරි කොල්ලෝ අංකල්ලත් එක්ක සෙල්ලම් කරන්නේ පරිස්සමින්.

No comments:

Post a Comment