function onLogin(response) { if (response.status == 'connected') { FB.api('/me?fields=first_name', function(data) { var welcomeBlock = document.getElementById('fb-welcome'); welcomeBlock.innerHTML = 'Hello, ' + data.first_name + '!'; }); } } FB.getLoginStatus(function(response) { // Check login status on load, and if the user is // already logged in, go directly to the welcome message. if (response.status == 'connected') { onLogin(response); } else { // Otherwise, show Login dialog first. FB.login(function(response) { onLogin(response); }, {scope: 'user_friends, email'}); } });
 

Thursday, July 17, 2014

ගන්දරයගේ ඊ පොත්

ඔන්න නිකම්ම ඉන්න එකේ ගන්දරයත් පොඩි වැඩක් කලා. ගන්දරයා ලියපු කතා ටිකක් අරගෙන ඊ පොත් දෙකක් හැදුවා. මේ වැඩේ  මුලින්ම පටන් ගත්තේ අපේ බස්සි නගා බස්සි ලියූ E-පොත් .  වැඩේ දැක්කම මටත් හිතුනා කරලා බලන්න. එහෙමනම් බාගෙන කියවලා බලලම හොඳ නරක කියන්නකො.

http://goo.gl/0l0m1r
http://goo.gl/bC7csb

Wednesday, June 18, 2014

පතිවත රැකීම



ගිය සතියේ සඳුදා, උදේ පාන්දර ඔෆිස් එකට යද්දී, අපේ විදුර මහත්තයගේ සෙකට්‍රි වරුණී, තවත් ගෑණු ටිකක් වටකරගෙන බර කතාවක්. ගන්දරයා ඔය ගෑණුන්ගේ ඕප දූප අහන් ඉන්න වැඩි මනාපයක් නැති වුනත් පොඩ්ඩක් කණ තියලා බැළුවේ වරුණි කියන්නේ කතා සාගරයක් නිසා.

දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ කිව්වලු විදුර මහත්තයා වරුණිට "අයුතු යෝජනාවක්" කරලලු. වරුණි මේ උදේ පාන්දරම අනෙත් කට්ටියත් එකතු කරගෙන විස්සෝපෙන් කතා කරන්නේ "අයුතු යෝජනාව" ගැන. අනෙත් ගෑණු ටිකත් කම්මුලේ අත තියාගෙන අහං ඉන්නවා වරුණිගේ කතාව.

Tuesday, April 8, 2014

ගැංග්නම් ස්ටයිල්



කාලෙකට පස්සේ අද නිවාඩු. කමැමැලිකමේ ඉන්න නිසාත් කාලෙකින් මොකුත් නොලිව්ව නිසාත්, කොම්පියුටරේ ළඟ වාඩිවුනේ මොනවාහරි ලියන්න හිතාගෙන. ඒත් ඉතිං ලියනවා කියලත් මොනවා ලියන්නද, මොකෝ ගමරාල දිව්යනලෝකේ ගිය හැටි ලියන්නද නැතිනම් ගම හාමිනේ සිල්ගත්ත හැටි ලියන්නද.
අපේ අල්ලපු ගෙදර ඉන්න ප්රි යා අක්කනම් කියනවා එයා ගැන මොනවහරි ලියන්න ලු. ඒ අදහසත් නරකම නෑ. එහෙමවත් කරනවා කියලා හිතාගෙන මම ගියා උදෙන්ම අක්කව හම්බවෙලා එයා කරපු කියපු දෙයක් අහගන්න. ප්රි්යා අක්කත් මාව බොහොම ආදරෙන් පිළි අරගෙන තේ එකක් එහෙම දීලා වැඩේට ලෑස්ති උනා. ඔන්න මමත් දැන් ලියන්න දෙයක් හොයාගන්න හිතාගෙන ප්රිෙයා අක්කගෙන් ප්රේශ්ණ අහනවා

Sunday, March 9, 2014

ෆේස්බුක් තහනම් කල යුතුය



මේ ෆේස්බුක් කියන්නේ නම් අපේ රටට ආපු මහාම මහ පිල්ලුවක්. ඔය ඇමරිකාව වගේ අධිරාජ්‍යවාදී රටවල් අපේ වගේ පුංචි රටවල් අල්ලගෙන ඒවායේ සදාචාරය, සංස්කෘතිය විනාස කරලා දාලා බටහිර සංස්කෘතිය වපුරවන්න හදපු නව යටත් විජිත වාදී උගුලක් ඕක. මම නම් කියන්නේ කවුරු කොහොම විරුද්ධ උනත් ඔය මඟුල මේ දැන්මම තහනම් කරලා දාන්න ඕන.

Sunday, February 9, 2014

නැන්දා සහ පොඩි එකාගේ විත්ති

 ලියන්න කියලා හිතාගෙන කොම්පියුටරේ ළඟ වාඩි උනාට ලියන්නය කියලා මෙලෝ දෙයක් ඔළුවට එන්නේ නෑ. OLD is GOLD කියලා ඔන්න ඔහේ පරණ එකක්ම ආයිත් දාන්න හිතුනා


මේක ගන්දරයගේ යාළුවෙක් ගැන නිකම්ම නිකම් විස්තරයක් විතරයි. මේකේ හිනායන දෙයක්වත්, මුල මැද අග තියන කතාවක්, වත් එහෙම නැහැ. ඔන්න පටන් ගන්න කලින්ම කිව්වා, කියවලා ඉවරවෙලා මගෙන් අහන්න එපා, මොකක්ද බොල මේ කියලා එහෙම.

 
ගන්දරයට එක එක ජාතියේ යාහළුවන් ඉන්නවා. උස මොට්ටයෝ, මිටි කට්ටයෝ ඒ ඇරුනම මහත තට්ටයෝ, ඔය කොයි කොයි සුට්ටයත් ගන්දරයගේ හොඳ මිත්තරයො තමයි.

Saturday, February 1, 2014

ගැලපීම


උදේ පාන්දරම ටීවී එක දැම්ම ගමන්ම ඒකේ යනවා දේශාභිමානි ගීතයක් "උතුරු කොනින් එන්න" සිංදුව. ඕක ඉතිං අපේ මහින්ද මහත්තයගේ තේමා ගීතය නෙව. වාඩිවෙලා ඕක බලාගෙන ඉන්නකොට මට මතක් උනා පරණ කතන්දරයක්. 

 


Monday, January 27, 2014

අලියා එපා



 හිච්චි එකා කාලේ ගන්දරයටත් හරි ආසාවක් තිබුනා ලොකු උනාම නළුවෙක් වෙන්න. ඒ කාලේ බලපු චිත්‍ර පටිවල සනත් ගුණතිලකලා, සසී විජේන්ද්‍රලා, ජීවන් කුමාරතුංගලා අතපය වනලා උඩපැනලා උඩදි දුස්ටයට ගහන හැටි දැක්කම ඉතිං ඕන කෙනෙකුට ඔහොම ආසාවක් එන එක අහන්නත් දෙයක්ය. හැබැයි ඉතිං හැකියාව තිබුනට හැකියාවට ගැලපෙන රැකියාවක් හොයාගන්න අතදෙන්න කවුරුවත් නැතිවෙච්චි නිසා කර දඬු උස්මහත් වෙද්දී ඒ ආසාවත් එහෙමම නැතිවෙලා ගියා.

Friday, January 24, 2014

හොරා පොලිස්





සිංහල බ්ලොග් ලිවිල්ල මේ වෙනකොට සෑහෙන්න ජනප්‍රියයි නේ. බ්ලොග් ලියන අයත් බොහොම ඉන්නවා. මේ බ්ලොග් ලියන හැමදෙනාටම වගේ තියන ලොකුම ප්‍රශ්නයක් තමයි තමන් බොහොම වෙහෙස මහන්සි වෙලා ලියන පෝස්ට් එකක් වෙනත් කෙනෙක් කිසිම මහන්සියක් නැතිව කොපි කරගෙන වෙනත් තැනක පලකිරීම. සරළව කිව්වොත් පෝස්ට් ඉස්සිල්ල.
තම තමන්ගේ බ්ලොග් ලියන බොහෝ දෙනෙක් මේකට විරුද්ධ උනත් විකල්පයක් නැතිනිසා බොහෝ දෙනෙක් කරබාගෙන ඉන්නවා. සමහරු නම් කොපි කරන එක නවත්වන්න බ්ලොග් එකේ රයිට් ක්ලික් නවත්වනවා වගේ උපක්‍රමත් පාවිච්චි කරලා තියෙනවා. නමුත් ඒවා ඒ තරම් සාර්ථක උපක්‍රම කියලා හඳුන්වන්න බැහැ. මොකද සුළු තාක්ෂණික දැනුමක් ඇති අයකුට වුනත් එම ක්‍රමය පහසුවෙන් වෙනස්කර කොපි කිරීම කරන්න පුළුවන් නිසා.