function onLogin(response) { if (response.status == 'connected') { FB.api('/me?fields=first_name', function(data) { var welcomeBlock = document.getElementById('fb-welcome'); welcomeBlock.innerHTML = 'Hello, ' + data.first_name + '!'; }); } } FB.getLoginStatus(function(response) { // Check login status on load, and if the user is // already logged in, go directly to the welcome message. if (response.status == 'connected') { onLogin(response); } else { // Otherwise, show Login dialog first. FB.login(function(response) { onLogin(response); }, {scope: 'user_friends, email'}); } });
 

Friday, April 27, 2012

නැන්දා සහ පොඩි එකාගේ විත්ති

ගන්දරයට එක එක ජාතියේ යාහළුවන් ඉන්නවා. උස මොට්ටයෝ, මිටි කට්ටයෝ ඒ ඇරුනම මහත තට්ටයෝ, ඔය කොයි කොයි සුට්ටයත් ගන්දරයගේ හොඳ මිත්තරයො තමයි.
රුහුණේ මොන මොන දේ තිබුනත් හොඳම දේ කිරිපැණි වගේ, කොයි කොයි යාළුවො හිටියත්, ගන්දරයගේ හොඳම යාළුවා තමයි අයේශා.
අයේශා හරි හොඳ කෙල්ල.  වැඩි කතාබහක් නැතිව ඔය කාගේ හරී ඕපදූපයක් හොයාගෙන කාටවත් කරදරයක් නැතිව තමන්ගේ පාඩුවේ ඉන්න තමයි අයේශා වැඩිපුරම කැමති. ඒ වගේම තමයි ඉතින් හැඩරුවත්, බලහත්කාරෙන් කෙලින් කොරාපු කොන්ඩේ පීරලා පිළිවෙලකට ගවුමක් කාරිය අන්දලා ගත්තනම් එහෙම ඉතින් ආයේ මේ ගෙන්දගම් පොළවටම හොයන්න නැහැ එහෙම ලස්සන කෙල්ලෙක්
අපේ අයේශට ඉන්නවා හරි අපූරු යාළුවෙක්, වෙන කවුරුවත් එහෙම නෙවෙයි අයේශලගෙ ගෙදරට අල්ලපු ගෙදර ඉන්න පොඩි එකා. පොඩි එකා තවම ඉන්නේ බාලාංස පන්තියේ, වයසින් පොඩි උනාට මූ මහ ඇම්ඩන් කොල්ලා. හැබැයි ඉතින් අයේශට හරිම ආදරෙයි.  කොච්චරවත් “නැන්දී… නැන්දී….”  කියාගෙන ඇවිත් ඇඟේ එල්ලෙන එක තමයි කොල්ලගෙ වැඩේ. වෙලාවකට ලෝකම ඇනයක් තමයි ඒත් ඉතින් හදිස්සියකට කඩේකටවත් යවාගන්න ඉන්න කොල්ල නේද කියලා අයේශත් ඉවසලා ඉන්නවා.
අයේශගේ මූන දිහා බැළුවම කොල්ලට නම් මතක් වෙන්නේ මොන්ටිසෝරියේ දි ඉගෙන ගත්ත තේරවිලි කවියක්.

Sunday, April 15, 2012

ගෑනුත් දැක්කා.... මේවගේ ගෑනු නොදැක්කා

සමරසිංහ මහත්තයා කියවමින් සිටි ලිපියෙන් ඇස් ඉවතට ගත්තේ කාමරේ දොර ඇරුන සද්දෙට. ඔළුව උස්සසලා බලද්දි වරුණි සමරසිංහ මහත්තයගේ මේසේ ළඟ. කණ්නාඩි දෙක ඇස් වලින් උඩට කරගත්ත සමරසිංහ, වරුණි දිහා බැළුවේ ඇයි කියලා අහන්න වගේ.

“සර් මට හාෆ් ඩේ ලීව් එකක් ගන්න පුළුවන් ද?” වරුණි ඇහුවේ ටිකක් කලබලෙන්
ඒක ඇහුවම නම් සමරසිංහ මහත්තයත් ටිකක් කළබල වුනා.
කාර්යාලයේ වැඩ කල අට දෙනාගෙන් තුන් දෙනෙක්ම අද නිවාඩු. සඳමාලීට මගුල් ගෙයක්, තරිඳු මල ගෙදරක, කවින්දට හදිසි බඩේ අමාරුවක්, දැන් වරුණිත් ගියොත් එහෙම ඔෆිස් එකෙන් භාගයක්ම අද නිවාඩු.
“බබාට ටිකක් සනීප නැහැ වගේ සර්” වරුණි කිව්වේ සමරසිංහ මහත්තයට වැඩිය හිතන්න වෙලාවක් නොතියම.