function onLogin(response) { if (response.status == 'connected') { FB.api('/me?fields=first_name', function(data) { var welcomeBlock = document.getElementById('fb-welcome'); welcomeBlock.innerHTML = 'Hello, ' + data.first_name + '!'; }); } } FB.getLoginStatus(function(response) { // Check login status on load, and if the user is // already logged in, go directly to the welcome message. if (response.status == 'connected') { onLogin(response); } else { // Otherwise, show Login dialog first. FB.login(function(response) { onLogin(response); }, {scope: 'user_friends, email'}); } });
 

Thursday, June 23, 2011

පොල් ලෙල්ල



ආයුබෝවන්ඩ කීවා හැමදෙනාටම…..
ගන්දරයත් කුළුඳුලේම කතාවක් කොටන්නයි සූජානම…..

ගන්දරයා කියන්නෙත් හැමදමත් පාසලේ පංතියේ බස් එකේ අන්තිමම කොනේ හිටපු සාමාජිකයෙක්, වැල්ලබඩ පත්තුවෙ ගම්දොරේ ඉපදිලා, මාගම් පත්තුවෙ ගිරුවාගම් දොලොස්දාහේ ඉඳලා, මේ ගෙන්දගම් පොලවට ආපු හාදයෙක්….

නොදන්න දෙමළෙට ගිහින් වරිගේ නහගන්න එපා කියලා කොච්චර නම් අහල තිබුනත්, හිතේ ආසාවටමයි මේක කොටන්නෙ… ඇදකුදයක් වරදක් හෙම තිබුනොත් ඉතින් සමාවෙයල්ලා……..

ඔන්න එහෙනම් කථාව….
ටී බී ඉලන්ගරත්න මහත්තයා කියන්නෙ අපේ රටේ හිටපු බොහොම ශ්රේීෂ්ඨ ලේඛකයෙක් ඒ වගේම දේශපාලඥයෙක් දවසක් ඔන්න ඉතින් මෙතුමා තමන්ගෙ වාහනෙන් ගමනක් යනවලු… ඡන්ද කාලේ හින්දා මෙතුම බොහොම වෙහෙස මහන්සි වෙලා තමයි ඉඳලා තියෙන්නෙ, තෙහෙට්ටුවටම එතුමට ටිකක් නින්ද ගිහිල්ලා… රියදුරු මහත්තයත් මෙතුමා නිදි කියල දැනගෙන දැන් ඉතින් ටිකක් සැර දාලා වහනේ දක්කනවා…

එක පාරටම පාර හරහා පැනපි කොහෙද යන අච්චාරු කුක්කෙක්…

අපේ රියදුරු මහත්තයත් දන්න සෙල්ලම් ඔක්කොම දැම්ම මේ කුක්කව බේරගන්න…ම්හ් ඒත් වැඩක් නැ…

වාහනේ ගියා කුක්කාගෙ ඇඟ උඩින්…

ගැස්සිච්ච පාරට සැපට නිදාගෙන හිටපු ඉලන්ගරත්න මහත්තයටත් ඇහැරුනා…

“මොකෝ පියදාස උනේ” ඉලන්ගරත්න මහත්තය අහනවා තමන්ගේ රියදුරාගෙන්

ඇත්ත කිව්වොත් නම් බැනුම් වරුසාවයි මේ කොහෙවත් යන කුක්කෙක් හින්දා මම මොකට සෝලි අහනවද පියදාසටත් ආව ගණ දෙවි ණුවන

“මේ පාරෙ පොල්ලෙල්ලක් තිබිලා රෝදේට අහුවුනා” වැඩිගානකට නැතුව පියදාස කිව්වා
ඉලන්ගරත්න මහත්තයාත් කතාවක් නතුවම කරබාගත්තා… පියදාසටත් දැන් හරි සතුටුයි හොඳ වෙලාවට මහත්තතය දැකලා නෑ
ඔන්න දැන් දෙන්නා මෙහෙම ටික දුරක් යනවා… පාරේ අයිනේ ඉන්නවා තවත් බල්ලො දෙන්නෙක්ම… මේක දැක්කා විතරයි ඉලන්ගරත්න මහත්තයා කියනවා


“පියදාස.. ඔන්න ඉස්සරහ පොල්ලෙලි දෙකක්ම ඉන්නවා පරිස්සමින් අයින් කරන් පලයන්”



No comments:

Post a Comment