සිංහල
බ්ලොග් ලිවිල්ල මේ වෙනකොට සෑහෙන්න ජනප්‍රියයි නේ. බ්ලොග් ලියන අයත් බොහොම ඉන්නවා.
මේ බ්ලොග් ලියන හැමදෙනාටම වගේ තියන ලොකුම ප්‍රශ්නයක් තමයි තමන් බොහොම වෙහෙස මහන්සි
වෙලා ලියන පෝස්ට් එකක් වෙනත් කෙනෙක් කිසිම මහන්සියක් නැතිව කොපි කරගෙන වෙනත් තැනක
පලකිරීම. සරළව කිව්වොත් පෝස්ට් ඉස්සිල්ල.
තම
තමන්ගේ බ්ලොග් ලියන බොහෝ දෙනෙක් මේකට විරුද්ධ උනත් විකල්පයක් නැතිනිසා බොහෝ දෙනෙක්
කරබාගෙන ඉන්නවා. සමහරු නම් කොපි කරන එක නවත්වන්න බ්ලොග් එකේ රයිට් ක්ලික් නවත්වනවා
වගේ උපක්‍රමත් පාවිච්චි කරලා තියෙනවා. නමුත් ඒවා ඒ තරම් සාර්ථක උපක්‍රම කියලා
හඳුන්වන්න බැහැ. මොකද සුළු තාක්ෂණික දැනුමක් ඇති අයකුට වුනත් එම ක්‍රමය පහසුවෙන්
වෙනස්කර කොපි කිරීම කරන්න පුළුවන් නිසා.
කොහොම
උනත් පසුගිය කාලේ මේ ගැන සොයාගෙන යද්දී ගන්දරයට හම්බ වුනා අපූරු ක්‍රමයක්. මේක
අළුත් ක්‍රමයක් එහෙම නම් නෙවෙයි අපි හැම දෙනාම දන්න හැමෝම භාවිතා කරලා තියන සුලභ
තාක්ෂණයක් අළුත් දේකට යොදාගැනීමක් විතරයි. විශේෂයෙන්ම සිංහලලිපි වලට මේ ක්‍රමය
සාර්ථකයි කියලා හිතුන නිසාම ගන්දරයා හිතුවා මේක අනිත් අයත් එකක් බෙදාගෙන අනිත්
අයගේ අදහස් දැනගන්න.
එහෙනම්
වැඩි ආනුපාන නැතිව මෙන්න මෙහෙමයි ක්‍රමය.
පියවර 1
ඔබ සකස් කල ලිපිය පීඩීඑෆ්
ගොනුවක් බවට පත්කරගැනීම.
මේ සඳහා ඔබට ක්‍රම රාශියක් භාවිතා කරන්න
පුළුවන්.
·
ඇඩෝබ් ඇක්රොබැට්
රයිටර් මඟින් කෙලින්ම පීඩීඑෆ් ලෙස ගොනුව සුරැකීම
·
මයික්‍රසොෆ්ට් වර්ඩ්
වල සකසා එය පීඩීඑෆ් ගොනුවක් බවට පරිවර්ථනය කිරීම
වගේ
නොයෙකුත් ක්‍රම රාශියක් මේ සඳහා යොදාගන්න පුළුවන්.
මම
නම් ඔය වැඩේ කරගන්න භාවිතාකලේ ඔය දෙවනියට කියපු ක්‍රමය. ඒ කියන්නේ වර්ඩ්වල ලිපිය
සකස් කරලා මෙන්න මේ කන්වර්ටරය මඟින් පීඩීඑෆ් බවට පත්කර ගැනීම. http://www.freepdfconvert.com/
මේ වෙබ් අඩවිය නොමිලේම
වර්ඩ් ගොනුවක් පීඩීඑෆ් බවට පරිවර්තනය කර ලබාදෙන සේවාවක් සලසන වෙබ් අඩවියක්.
පියවර 2
ගොනු හුවමාරු කර ගැනීමේ
සේවාවකට (File Sharing Service) පීඩීඑෆ් ගොනුව එක්කිරීම
මේ
සඳහා නොමිලේම සේවාව ලබාදෙන ආයතන බොහෝ ගනනක් අන්තර් ජාලයේ සොයාගත හැකියි. ඉන්
වඩාත්ම ජනප්‍රිය Google Drive හා Dropbox
සේවාවන්.
මම
මෙතනදී භාවිතා කරන්නේ ගූගල් ඩ්‍රයිව් සේවාව. https://drive.google.com ලිපිනයෙන් මෙම සේවාව
ලබාගත් හැකියි.
ගූගල්
ඩ්‍රයිව් හි ගිණුමක් නිසිලෙස සකසා ගෙන, පෙර
තනාගත් ඔබේ ලිපියේ පීඩීඑෆ් ගොනුව එයට එකතු කරන්න. අනතුරුව ලිපිය රයිට් ක්ලික් කර
එහි ශෙයාරින්ග් සෙටින්ග්ස් පබ්ලික් ලෙස වෙනස් කර ගන්නටත් අමතක කරන්න එපා.
පියවර 3
ලිපිය බ්ලොග් අඩවියට එක්කිරීම
අනතුරුව
ලිපිය ර්යිට් ක්ලික් කිරීමෙන් ලැබෙන මෙනුවෙන් Open With Google
Drive View යන වරණය තේරීමෙන් විවෘතවන ලිපියේ වෙබ් ලිපිනය ලබාගෙන
එය පහත කේතයේ https://www.example.com යන තැන ට ඒ වෙනුවට
යොදාගන්න.
<iframe src="https://www.example.com" width="600" height="480" frameborder="0" ></iframe>
අනතුරුව
ඔබේ බ්ලොග් අඩවියට පිවිසී එහි නව පෝස්ටුවක් ආරම්භ කර එහි HTML කේතයක් ලෙස මෙම කේතය ලබාදෙන්න. දැන් සියල්ල නිවරදිව සිදුවී ඇත්නම් ඔබේ
ලිපිය පීඩීඑෆ් ගොනුවක් ලෙස ඔබේ බ්ලොග් අඩවියට එක්වී තිබිය යුතුය.
ඉහත
කේතයේ width , height හි අගයන් වෙනස් කිරීම මඟින් ඔබේ
අභිමතාර්ථය පරිදි මෙහි දිග පලල වෙනස් කර ගත හැකිය.
මේ ක්‍රමය අනුගමනය කරමින් සෑදූ මේ ලිපියේම අනුරුවක් මෙතනින් බලාගන්න පුළුවන්
මේ
ක්‍රමය නව සොයාගැනීමක් හෝ කොපි කිරීම වැලැක්වීම සඳහා 100% සාර්ථක ක්‍රමයක් හෝ නම් නොවෙයි. මෙහි බොහෝ අඩුපාඩුකම් සහ දුර්වලතා
සහිතයි.
මේකේ තියන ලොකුම අඩුපාඩුව තමයි
මෙහි දිග පලල අවශ්‍ය ආකාරයට වෙනස් කර ගත නොහැකිවීම. යම් කෙනෙකුට ඒ සඳහා ක්‍රමයක්
සොයාගත හැකිනම් මෙම ක්රමයේ බොහෝ දුෂ්කරතා ඉන් මඟහැරී යාවි.
එයි ගන්දරයා සිහිනය දිගේ 2 කොටස ලියන්න
ReplyDeleteසිහිනය දිගේ කතාව දිගටම ලියනවා. බොහොම ස්තූතියි හැමෝගෙම දිරිමත් කිරීම්වලට. ඒත් පහුගිය කාලේ ඇනෝලගෙන් තිබුනු කරදරය නිසා මම හිතුවා ඇනෝ එන අයට නැතිව අනෙක් අයට විතරක් කතාව කියවන්න දෙන්න. ඒ ගැන සමාවෙන්න. හැමෝගෙන්ම ඉල්ලනවා තමන්ගේ ජීමේල් එඩ්රස් එක කියලා මෙන්න මේ gandharaya@yahoo.com මේකට මැසෙජ් එකක් දාන්න කියලා.
ReplyDeleteමගෙත් පෝස්ට් සෑහෙන ගානක් උස්සලා තියෙනවා බං.
ReplyDeleteඋස්සන එක නම් ඉවසන්න පුළුවන් කියමුකෝ... උස්සලා තව ඒක සාධාරනීකකරනය කරන්න කියන කතා නේ ඉවසන්න බැරි
Deleteමේ ක්‍රමය එතරම් සාර්ථක නැත ගන්දරයා... කියවන එකා දුක් විදින්නත් ඕන නේ
ReplyDeleteඔව් නලින් අයියා කියවන්න ගියාම ටිකක් අමාරුයි, ඒකතමයි අවුල මාජින්ස් හරියට හදාගන්න පුළුවන් නම් වැඩේ හරි. කොහොම උනත් කොපි කරන එක නවත්වන්න පුළුවන් දැනට තියන එකම සාර්ථකම ක්‍රමය ඕක විතරක් හින්දයි දාන්න හිතුනේ :D
Deleteකතාව නම් ඇත්ත වටිනා ලිපියක්
ReplyDeleteකතාව නම් ඇත්ත වටිනා ලිපියක්
ReplyDeleteඅනිත් දේ mobile phone වලින් කියවන අයට මේක කියවනකොට ඇඩෙයිනේ.....
ReplyDeleteහැබැයි මම චෙක් කල විදියට නම් ලොකූම ලොකූ අවුලක් නම් පෙනුනේ නැහැ. ඔන්න මම පෝස්ට් එකේ අගට ඒකේ පිංතූරෙකුත් දැම්මා
Delete