function onLogin(response) { if (response.status == 'connected') { FB.api('/me?fields=first_name', function(data) { var welcomeBlock = document.getElementById('fb-welcome'); welcomeBlock.innerHTML = 'Hello, ' + data.first_name + '!'; }); } } FB.getLoginStatus(function(response) { // Check login status on load, and if the user is // already logged in, go directly to the welcome message. if (response.status == 'connected') { onLogin(response); } else { // Otherwise, show Login dialog first. FB.login(function(response) { onLogin(response); }, {scope: 'user_friends, email'}); } });
 

Sunday, March 9, 2014

ෆේස්බුක් තහනම් කල යුතුය



මේ ෆේස්බුක් කියන්නේ නම් අපේ රටට ආපු මහාම මහ පිල්ලුවක්. ඔය ඇමරිකාව වගේ අධිරාජ්‍යවාදී රටවල් අපේ වගේ පුංචි රටවල් අල්ලගෙන ඒවායේ සදාචාරය, සංස්කෘතිය විනාස කරලා දාලා බටහිර සංස්කෘතිය වපුරවන්න හදපු නව යටත් විජිත වාදී උගුලක් ඕක. මම නම් කියන්නේ කවුරු කොහොම විරුද්ධ උනත් ඔය මඟුල මේ දැන්මම තහනම් කරලා දාන්න ඕන.


ඔන්න ෆේස්බුක් එක තවත් බිල්ලක් අරගෙනලු. වැඩි ඈතක එහෙම නොවෙයි මේපාර මේ අපේ අහල පහල ගමක, අපිත් හොඳට දන්න කියන කෙනෙක්. හංදියේ කඩේ කොරන කිරි පුංචි මහත්තයගේ ලොකු කෙලී, නම මොකක්ද මේ පද්මද පද්මිණී ද ඔන්න ඔය වගේ එකක්. කෙල්ල අද උදේ ෆේස්බුක් නිසා මැහිතෙල් බීලා සියදිවි හානිකරගෙන. බොරු කියන්නේ මොකටද කෙල්ල ටිකක් අළුපාට උනාට මාත් දැකලා තියනවා පැඩි පින්කි ද මොකක්ද නමක් දාගෙන දීපිකා පදුකෝන්ගේද කොහොදේ පිංතූරෙකුත් අප්ලෝඩ් කරගෙන කෙල්ල මූනු පොතේ ඉන්නවා.

මරණේ ආරංචි වෙච්චි හැටියෙම ගන්දරයත් දඩි බිඩි ගාලා ලැහැස්තිවෙලා ගියා මල ගෙදර. පොහ් බලන්න එපාය මල ගෙදර, සූ ගාලා සෙනඟ. ගමේ මිනිස්සුන්ටත් වැඩිය ටීවී එකෙන් රේඩියෝ එකෙන් පත්තර චැනල් වලින් ආපු කාණ්ඩේ. කට්ටියක් මයික් දික් කොරගෙන එහාට මෙහාට දුවනවා. තව කට්ටියක් කැමරා උස්සගෙන අඬන දොඩන උදවියට ඒවා උරුක් කොරනවා, තවත් කට්ටියක් කෙල්ලගේ අම්මා තාත්තා නැන්දා මාමා කිරි අත්තා, කිරි අප්පොච්චි අල්ලපු ගෙදර මිනිහා ඒ මිනිහාගේ ගෑනි ආදී අහුවෙන අහුවෙන මනුස්සයාව පැත්තකට කොරාගෙන සිද්දිය අහලා ලියාගන්නවා.  මහා ජංජාලයක් එතන.

ගන්දරයත් වෙච්ච සංගෙදිය සහසුද්දෙන්ම දැනගන්න කියලා හිතලා කෙල්ලගේ පුංචි අම්මා කෙනෙක් වෙච්ච රේසිං නැන්දා ගාවට කිට්ටු උනා. රේසිං නැන්දත් අඬන එක පොඩ්ඩකට නවත්තලා හොටු හූර හූර ගන්දරයට කතාව පැහදිලි කොරා.

"මෙහෙම නෙව ගන්දර මල්ලියේ.... මේකි අර ඔවිටේ ගෙදර හින්නි රාළහාමිගේ ලොකු එකා අර ඉන්දික කොල්ලත් එක්ක පයුරු පාසනමං තිබුනා කියලා උඹලා කවුරුත් දන්නවා නෙව..."

රේසිං නැන්ද කිව්වට ගන්දරයට නම් එහෙම මතකයක් නෑ හැබැයි මට මතකයි ඕකි ෆේස්බුක් එකේ දාලා තිබුනා In a relationship with Diks Rox  කියලා. අම්මට හුඩු ඒතකොට මේ ඩික්ස් රොක්ස් කියන්නේ ඔවිටේ ගෙදර හින්නි රාළහාමිගේ ලොකු එකා ඉන්දික යද. ඒකත් නරක නෑ. ඉන්දික කියන එක ඉතින් ආදරේට නම කොට කරලා කියන්න වෙන්නේ කොහොමත් "ඉන්" කියලා හරි "දික" කියලා හරි නෙව නරක නෑ... නරක නෑ.

"ඉතිං ඔහොම මේ පයුරු පාසානම තියන අතරේ අද උදේ මේ කෙල්ල අම්මයි තාත්තයි ගෙදරින් ගියාට පස්සේ ගිහින් තියනවා වැල්ලට, දවාට පිහන්නෙයි කියලා අළුත් මාළුවෙක් අරන් එන්න.
කෙල්ල වැල්ලට යනකොට මක්කද දන්නවයි වෙලා තියෙන්නේ... අනේ අප්පුච්චියේ අර ඉන්දික කොල්ලා තවත් නෑම්බියෙකුත් අතේ එල්ලගෙන වැල්ලේ ගලක් උඩලු."
"සීවරං දෙයියනේ තමුන් ආදරේ කොරන නාම්බා ඔහොම වෙන නෑම්බ්යෙකුත් අතේ එල්ලගෙන මුකුළු කොරනවා ඇස්ගෙඩි දෙකින්ම දැකගත්තට පස්සේ ගෑනියෙකුට ඇහැකිය තවත් ඉවසගෙන ඉන්ට."

"ඉතිං... ඉතිං..."

"කෙල්ල අඬාගෙන ගෙදර දුවගෙන ඇවිල්ලා... කරුමේ කියන්නේ ගන්දරයා මල්ලියේ කෙල්ල අඬාගෙන දුවගෙන එද්දී අල්ලපු ගෙදර සීලාත් ඊයේ පොළට ඇඳන් ගිය සාරිය වැලේ වනන්නෙයි කියලා උස්සගෙන ඇවිල්ලා. සාරිය දැකපු ගමන තමයි මයේ හිතේ කෙල්ලට ඔය අදහස ඇවිල්ලා තියෙන්නේ ආයේ මක්කද කුස්සියට දුවගෙන ගොහිල්ලා කුඹුරු කෑල්ලට ගහන්න කියලා ගෙනාපු මැහිතෙල් කුප්පියම කටේ හලාගෙන."

"අනේ අප්පච්චියේ ඉන්දිකයා  මහා අපරාධයක් නෙව කොරලා තියෙන්නේ..."

"අනේ ඌට දොස් කියන්න එපා ගන්දරයා මල්ලියේ... ඌ ගොහින් තියෙන්නේ නුවර ඉඳන් ආපු උගේ නගා කෙනෙක්ට හෝ ගාන පොකුණ පෙන්නන්න..."

වෙලා තියන දේ දැන් ගන්දරයට සහ සුද්දක් වගේ පැහැදිලිය. ඒත් මෙතන පැහැදිලි නැත්තේ මේ මරණෙට ෆේස්බුක් සම්බන්ධ වෙලා තියෙන්නේ කොහොමද කියන එක. කොයිකටත් කියලා ගන්දරයා නැන්දගෙන්ම ඇහුවා ෆේස්බුක් එකේ සම්බන්ධේ මේ මරණෙට.

"ඇයි මල්ලියේ මුං දෙන්නා හාදවෙලා තියෙන්නේ ඔන්න ඔය පොතෙන් ලු නෙව. ඒ මදිවට දෙන්නා රෑ තිස්සේ ඔය පොත අස්සේ දාගෙන ලියුං කියුං එහෙමත් එහා මෙහා කොරගත්තලු නෙව..."

කතාව කියලා ඉවර කරපු නැන්දා ආයෙත් වැලපෙන්න තියාගත්තා

මේක මේ ෆේස්බුක් හින්දා වෙච්ච මරණයක් කිවුවට ඉතිං දෙන්නා බලාගෙන ගියාම ෆේස්බුක් එකෙන් කතාබහ කොරලා විතරයි නෙව. ඕක පැහැදිලි කොරලා දෙන්න කියලා හිතාගෙන මම ඔය ටික නැන්දට කිව්වා විතරයි නැන්දා කඩා පැන්නේ නැතිද මගේ ඇඟට..."

"මක්කයි මහත්තයෝ අවලං කතා කියන්නේ. ඔය පොත නොතිබුනා නම් මුං රහසේ කුටු කුටු ගානවද...? එහෙම කටු කුටු ගාන්න බැරි උනා නං ඔහොම පයුරු පාසානමක් ඇතිවෙනවද...? එහෙම පයුරු පාසානමක් නොතිබුනා නම් අර ඉන්දික කොල්ලා අරහෙම ඉන්නවා දැක්කම අපේ එකී මැහිතෙල් බොයිද?? එහෙම බැළුවම ඔය කඩිප්පුලි පොත හින්දා නෙවිද මේ මරණේ සිද්ධ උනේ..."

රේසිං නැන්දා සැර දාලා අහපු සද්දෙට අහල පහල හිටපු උදවියත් ඔළුව වනලා කතාව අනුමත කලේ මගේ දිහාවට රවාගෙන.

ෆේස්බුක් විරෝධීන්ගෙන් ඉලඇට කුඩු කරගන්න කලියෙන් එතන හිටපු මාමා කෙනෙක් හෙමින් සැරේ මාව එහාට කතාකරගත්තා. මමත් හෙමින් සැරේම මාමත් එක්ක පාර පැත්තට ගියේ එනපොට හොඳ නෑ කියලා දැනිච්ච නිසා.
යන ගමන් හෙමින් සැරේ මට දැනමුතුකමක් දෙන්නත් මාමා අමතක කරේ නෑ

"දැන් මහත්තයෝ කී දෙනෙක් නම් ඔය කඩිප්පුලි පොත හින්දා දිවි නසාගත්තද...? ඕකුං ඔය පොතෙන් හම්බුවෙලා කටු කුටු ගාලා පයුරු පාසානං හදා ගන්න හින්ද නෙවෙන්නං මේ නස්පැත්ති සිද්ධ වෙන්නේ. ඕක වහලා දැම්ම නං මේ කිසි නස්පත්තියක් නැහැ නෙව

අනික මහත්තයෝ මැරුනම උනත් නිකංම නිකං මැහිතෙල් බී මියගිය තරුණිය කියනවට වඩා කොච්චර නං නම්බුද පත්තරවල රේඩියෝ ටැලිවිසොංවල ෆේස්බුක් විසින් බිලිගත් සුරූපී තරුණිය කියලා නම යනකොට. අපේ ගමේ කෙල්ලෙ කුගෙ නමත් එහෙම  වෙලා පත්තරේ රේඩියෝ එකේ යනකොට අපිටම නෙවෙයිද මහත්තයෝ එකෙත් ආඩම්බරේ...."

කල්පනා කරගෙන ගියාම මාමා කියන කතාවත් සම්පූර්ණ ඇත්ත…

 මේ කඩිප්පුලි ෆේස්බුක් එක වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කල යුතුයි.

මල ගෙදරට ගිහින් ගෙදර එද්දී අල්ලපු ගෙදර ප්‍රියා අක්කගේ පොඩි එකා එනවා පොතකුත් උස්සගෙන. ඌට ඉතිහාසය ප්‍රශ්ණයක් ඇවිල්ලා ඒක අහගන්න කියලා.

"ගන්දරයා මාමී...ගන්දරයා මාමී...  සිංහල ජාතිය පැවත එන්නේ විජය රජ්ජුරුවන්ගෙන්ද .... නැතිනම් කැකිල්ලේ රජ්ජුරුවොන්ගෙන්ද..."  

"දැන් දීපල්ලකෝ උත්තර... 

අනේ මන්දා පුතේ…. පොතේ පතේ තියෙන්නේ විජය රජ්ජුරුවන්ගෙන් කියලා උනාට මේ වෙන සමහර දේවල්වල හැටියට දැන් නම් මටත් හිතෙනවා අපි පැවත එන්නේ විජය  රජ්ජුරුවන්ගෙන් නෙවෙයි කැකිල්ලේ රජ්ජුරුවන්ගෙන් තමයි කියලා..."

10 comments:

  1. කැකිල්ලේ පරපුරේ කියලා කටක් ඇරලා ලැජ්ජා නැතිව කියන්න පුළුවන්! :D

    ReplyDelete
    Replies
    1. ඒක නොවැ මමත් කියන්නේ... :D

      Delete
  2. අවුලක් නෑ බං.. කැකිල්ලේ කියලා කියපං.. ඒක ශේප්..

    ReplyDelete
    Replies
    1. වැඩි හරි ඒක තමයි මගේ හිතේ :D

      Delete
  3. දෙන්නගෙන්ම කිව්වා නම් හරිදෝ මන්දා....

    ReplyDelete
    Replies
    1. පහුගිය කාලේ වෙච්ච දේවල් එක්ක බලද්දී කැකිල්ලේගේ පැත්තට වැඩිය බර නැද්ද ජෙමෝ...

      Delete
  4. ගමේ කෙල්ල ගැන දන්නෙ නැති උඹ පොටෝ එක බලලා දීපිකා පදූකෝන් ගැන කියන්න දන්නවා නේද​?

    "කල්පනා කරගෙන ගියාම මාමා කියන කතාවත් සම්පූර්ණ ඇත්ත…
    මේ කඩිප්පුලි ෆේස්බුක් එක වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කල යුතුයි."

    මෙන්න මේ කොටස නම් පොඩ්ඩක් අවුල් ගියා, මාමා කිව්ව කතාව ඇත්ත නම් ෆේස්බුක් එක තහනම් නොකිරීම නෙවෙයි ද වෙන්න ඕන​?

    ReplyDelete
    Replies
    1. කවුද බං ගමේ කෙල්ලව දන්නේ නෑ කිව්වේ ඔය කියලා තියෙන්නේ ඒකිගේ පාටත් එක්කම අළු පාටයි කියලත්.

      උඹේ අනිත් පුරස්නේ ඒක මෙහෙම නෙව බං ෆේස්බුක් එක නිසා කෙල්ලෙක් මැහිතෙල් බීලා මැරිච්ච එක අපේ ගමටත් නම්බුවක් තමයි, ඒත් ඔය කඩිප්පුලි පොත නිසා දිවි නසා ගන්න ඉඩ ඇරලා බලාගෙන ඉන්න බැහැ නොවැ. අනික් බොට තේරෙන්නේ නැද්ද ඕක වහන්න ඕන කිව්වම තමයි මිනිස්සු උනත් හිතන්නේ අපිත් දේස ප්‍රෙමියෝ කියලා

      Delete
  5. "In a relationship with Diks Rox" වහල දාමු මේ කෙහෙල්මල් පොත.... ;)

    ReplyDelete