function onLogin(response) { if (response.status == 'connected') { FB.api('/me?fields=first_name', function(data) { var welcomeBlock = document.getElementById('fb-welcome'); welcomeBlock.innerHTML = 'Hello, ' + data.first_name + '!'; }); } } FB.getLoginStatus(function(response) { // Check login status on load, and if the user is // already logged in, go directly to the welcome message. if (response.status == 'connected') { onLogin(response); } else { // Otherwise, show Login dialog first. FB.login(function(response) { onLogin(response); }, {scope: 'user_friends, email'}); } });
 

Tuesday, April 8, 2014

ගැංග්නම් ස්ටයිල්



කාලෙකට පස්සේ අද නිවාඩු. කමැමැලිකමේ ඉන්න නිසාත් කාලෙකින් මොකුත් නොලිව්ව නිසාත්, කොම්පියුටරේ ළඟ වාඩිවුනේ මොනවාහරි ලියන්න හිතාගෙන. ඒත් ඉතිං ලියනවා කියලත් මොනවා ලියන්නද, මොකෝ ගමරාල දිව්යනලෝකේ ගිය හැටි ලියන්නද නැතිනම් ගම හාමිනේ සිල්ගත්ත හැටි ලියන්නද.
අපේ අල්ලපු ගෙදර ඉන්න ප්රි යා අක්කනම් කියනවා එයා ගැන මොනවහරි ලියන්න ලු. ඒ අදහසත් නරකම නෑ. එහෙමවත් කරනවා කියලා හිතාගෙන මම ගියා උදෙන්ම අක්කව හම්බවෙලා එයා කරපු කියපු දෙයක් අහගන්න. ප්රි්යා අක්කත් මාව බොහොම ආදරෙන් පිළි අරගෙන තේ එකක් එහෙම දීලා වැඩේට ලෑස්ති උනා. ඔන්න මමත් දැන් ලියන්න දෙයක් හොයාගන්න හිතාගෙන ප්රිෙයා අක්කගෙන් ප්රේශ්ණ අහනවා


"
ඔයා ඉස්කෝලෙන් පැනලා ගිහිල්ලා එහෙම තියනවද?"

"
අපෝ... ඉස්කොලෙන් පැනලා ගිහිල්ලා නම් නැහැ නේ..."

"
හ්ම්ම් ඒකත් එහෙමද... ඒතකොට පංති කට් කරලා....?"

"
අපෝ අපි පංති කට් කරන්නේ නැහැ නේ..."

"
එහෙනම් හොරෙන් ෆිල්ම් එකක් බලන්න ගිහිල්ලවත්...?"

"
නෑ...නෑ...."

"
අඩුමගානේ කොල්ලෙක්ට ලියුමක් දීලාවත්...?"

"
නැතෝ.... නැතෝ...."
ඔය එක මඟුලක්වත් කොරලා නැත්නම් ඉතිං ප්රිනයා අක්කාගැන මොන අල කිරි හොද්දක් ලියන්න ද, මම ආපහු හැරිලා ගෙදර එන්න ආවා.
ගෙදර ආවට නිකංම කම්මැලිකමේ ගෙදරට වෙලා ඉන්නත් බැහැ. කොයිකටත් කියලා නැන්දලගේ ගෙවල් පැත්තේ ගිහින් එන්න ලෑස්තිවුනේ අයේෂා ගැනවත් මොකුත් ලියන්න හිතාගෙන.

මම එහේ යනකොට ගෙදර කවුරුවත් නැහැ වගේ. ඉස්සරහ ජනෙල් දොරවල් ඔක්කොම වහලා දාලා. මම වටෙන් ගිහින් බලද්දී ඇතුළේ කාමරේක ජනේලයක් ඇරලා. කොයිකටත් කියලා මම හෙමීහිට ජනේලෙට කිට්ටූ කරා. සෝල්බරි සාමිට ඔප්පුවෙන්න ගෙදර කවුරුත් නැති අල්ල පනල්ල අස්සේ නැන්දගේ බාලම පුතා, පුංචා, කාමරේ ඇතුළට වෙලා ගැංගම් ස්ටයිල් නටනවා.

පුංචා තවම ඉන්නේ හතරේ පංතියේ උනාට මුගේ වැඩනම් ඇඩ්වාන්ස් ලෙවල් කොරලා ඉවරයි වගේ. පොඩි කමට නෙවෙයි වැඩ. නැන්දා මූව ගෙදර කාමරේකට දාලා දොර වහලා යන්නේ මූට ශිෂ්යජත්වෙට පාඩම් කරන්න කියලා. මූ නැන්දා යනකම් ඉඳලා ගැංගම් ස්ටයිල් නටවනවා. ඕකත් එක්ක මට පරණ කෝනතර කීපයක්ම තියනවා. මූ කීප පාරක්ම මගේ හොර වැඩ අපේ අම්මට අල්ලල දීලා තියනවා. ඉතිං එහෙව් එකේ අද මෙහෙම චාන්ස් එකක් ආවම නිකංම අතාරින්න පුළුවන්ද. අද දෙන්නම් උඹට දොඩම් කියලා හිතාගෙන මම කතා කරා පොඩි එකාට.

ගිරිය පුප්පගෙන සිංදු කියාගෙන අතපය විසීකර කර කෑ ගගහ හිටිය පුංචා මගේ හඬ ඇහුනා විතරයි මීයට පිම්බා වගේ සද්ද නැතිවුනා.

"
පුංචා... තමුසේ මොකද ඔය කරන්නේ.... අම්ම ගියේ පාඩම් කරන්න කියලා නේද..."

"
ඔ...ඔ ඔව් අයියේ....ම ම මම මේ මේ...."

ඔන්න එතකොටම වගේ නැන්දත් කොහෙදෝ ගිහින් බඩු මල්ලකුත් උස්සගෙන ගෙදර ආවා. ඔන්න ඉතිං මගේ වෙලාව. වාඩුව ගන්නත් එක්ක නැන්දා ආපු ගමන්ම මං කියලා දැම්මා පුතණ්ඩියගේ තරම. නැන්දටත් අසූහාරදාහට කේන්ති ගිහින්. පාඩම් කරන්න කියලා දාල ගිය එකා ගැංගම් ස්ටයිල් නට නට ඉන්නකොට ඉතිං තරහ යන්නේ නැතිද අම්මා කෙනෙකුට.

නැන්දාත් අම්මාමෝ නැතුව පුංචට බැන බැන වඩිග පටුන නටනවා. පොඩි එකා උනාට මූ මහ ඇට්ටරයා. මූ කියනවා ඌ ඉස්කෝලේ කොන්සට් එකට, ගම ගැන කියවෙන ඉංග්රිපසි සිංදුවක් පුරුදු වෙවීලු හිටියේ. අපි නොදන්න මොණරතැන්න.

නඩු විභාගේ පටන් ගත්තා. පුංචා විත්තිකාරයා, මම පැමිණිළිකාරයා, නැන්දා තමයි නඩු කාරයා.

මම පැමිණිල්ල ඉදිරිපත් කලා

"
මේකා මම එන වෙලාවේ අත්දෙකමිට මොලවගෙන, එක අතක මැණික් කටුව උඩින් අනිත් අතේ මැණික් කටුව තියලා මාරුවෙන් මාරුවට කකුල් දෙක උස්ස උස්ස ගැංග්නම් ස්ට්යිල් එකට නටනවා"

මම චෝදනාව ඉදිරිපත් කලා

"
මොන ගැංගම් ස්ටයිල් එකක්ද, අපේ ගමේ කරත්තේ දක්කන පිංහාමි මාමගේ ගොනා යන්නෙ නැතුව නැවතුනාම උගේ තෝන් ලනුව ඇදලා කකුල් වලින් පිටිපස්සේ ගාතෙට ගහලා යවන්න හදන හැටි නෙව ඒකේ තියෙන්න්"

පොඩි උනාට මුගේ කට තමයි කට

"
හහ් එතකොට අර එක අතක් ඉස්සරහට දික්කරගෙන අනෙත් අත උඩට උස්සල කරකවා කරකවා කරෙත් ගැන්ගම් ස්ටයිල් එකට නෙවි වෙන්න ඇති.."

මම උගෙන් ඇහුවේ ඔලොක්කුවට

"
නැහැ තමයි... නැහැ තමයි... ඒ අපේ ගමේ හරක් කුලප්පු උනාම මද්ද ගහලා හරක් අල්ලන හැටි..."

අනේ අම්මපා මට මුගේ කට තලන්නමයි හිතෙන්නේ. හහ් මූ භූමිතෙල් ගෑවිච්ච ගැරඬියා වගේ නටපුව කිව්වම නෙව ගමේ හරක් බලපු කතා කියන්නේ, දෙන්නම් දොඩම් කියලා මම ඇහුවා උගෙන් මගේ ජයග්රා හී ප්රශ්ණේ.

"
එතකොට අර මහා සද්දෙන් කෑ ගගහා ඕපන් ගැංගම් ස්ටයිල් කිය කිය කිව්වේ ඒකෙන් කියවෙන්නෙත් ගමේ සුන්දරත්වය ද"

ඒ පාර නම් කොල්ලා කොර උනා. පොඩ්ඩක් වෙලා නිශ්ෂබ්ධව හිටියා.

මේං ඒ පාර මූ කියපි

"
ඒකෙන් කියවෙන්නෙත් අපේ ගම ගැන තමා, ගන්දර අයියා හරියට අහගෙන ඉඳලා නැහැ නේ මම කිව්වේ ඕපන් ගැංග්නම් ස්ටයිල් කියලා නෙවි…"

ඒක ඇහුවමනම් මම විතරක් නෙවි නැන්දත් කොර,

"
මොකක් ගැංගම් ස්ටයිල් කියලා නෙවි කිව්වේ එහෙනං කොහොමද"

කොල්ලා ආයෙත් පිංහාමි මාමා හරකා දක්කන විදියට අත් දෙකෙ තියාගත්තා... ඊළඟට මාරුවෙන් මාරුවට තනි කකුලෙන් උඩ පනින ගමන් මහ හයියෙන් සිංදුව කියන්න ගත්තා

.
.


" ගන්දර ස්ටයිල්.......     ඕන්න ගන්දර ස්ටයිල්......."

1 comment:

  1. මළ රෙද්දයි බන්. වරිගේ නහ ගන්න වෙන්නේ දැන්

    ReplyDelete