function onLogin(response) { if (response.status == 'connected') { FB.api('/me?fields=first_name', function(data) { var welcomeBlock = document.getElementById('fb-welcome'); welcomeBlock.innerHTML = 'Hello, ' + data.first_name + '!'; }); } } FB.getLoginStatus(function(response) { // Check login status on load, and if the user is // already logged in, go directly to the welcome message. if (response.status == 'connected') { onLogin(response); } else { // Otherwise, show Login dialog first. FB.login(function(response) { onLogin(response); }, {scope: 'user_friends, email'}); } });
 

Friday, January 8, 2016

“බදු ගැහුවා කියලා වාහන ඔය කියන තරම් ගණන් යන්නේ නෑ”

(වාහන ලියාපදිංචිය පහල ගිහින් කියලා අද ප්‍රවෘත්ති වල කියනවා ඇහුනම, මාස කීපයකට කළින් අපිට හමුවුන පුද්ගලයෙක් කියපු මේ කතාව මතක් උනේ. මේක ඇත්තද නැත් ද කියන්න දන්නේ නෑ දන්න කෙනෙක් පැහැදිලි කරලා දුන්නොත් කාටත් වැදගත් වේවි.)

පහුගිය අයවැයෙන් පස්සේ හොඳ වාහනයක් ගන්න හීන මවපු කට්ටියගේ වාහන හීනය හීනයක්ම වෙලා ගියාවගේ උනා. කාලයක් තිස්සේ අමාරුවෙන් එකතු කරපු සල්ලි ටිකක් එක්ක බැංක් ලෝන් එකකුත් අරගෙන තව දහ අතේත් ණය වෙලා ලක්ෂ හතලිහක්ම හදාගත්තත් ලක්ෂ හතලිහකටත් ගන්න තරම් හොඳ අළුත් වාහනයක් මේ වෙනකොට වාහන මාකට් එකේ නැති තරම්. එච්චර ගානක් වියදම් කරනවාත් වෙලා අඩුම ගානේ වියදම් කරන ගානට වටින කියන පෙනුමක්වත් ගන්න වාහනේ තියෙන්න එපාය. මෙහෙම හිතාගෙන වාහනේ ගන්න තියන සල්ලි ටිකත් වාහනයක් හොයන්න වියදම් කරගෙන කොළඹ වටේයි, නුවර පාරෙයි මීගමු පාරෙයි වාහන සේල් ගානේ වන්දනාවේ යද්දී තමයි අපිට මේ "ලුම්බිණි" අංකල් හම්බ උනේ.
ලුම්බිණි අංකල් වාහන බ්‍රෝකර් කෙනෙක්, වයස අවුරුදු 65-70ක් විතර වෙච්චි අවුරුදු ගානක් තිස්සේ වාහන මත්තේම හැපිච්ච මනුස්සයෙක්. වැඩි අධ්‍යාපනයක් නැතත් අළුත් ද පරණ ද නැතිව ඕනෑම වාහනයක ඇණ මුරිච්ඡියේ පටන් කියන්න ලුම්බිණි අංකල් දක්ෂයෙක්.


"බදු ගැහුවා කියලා වාහන ඔය කියන තරම් ගණන් යන්නේ නෑ මහත්තයා... "
ලුම්බිණි අංකල් කියන්නේ වාහන ගන්න තියෙන හදිස්සිය දැකලා.
"ඒ කොහොමද අංකල් එහෙම වෙන්නේ"
අපි අහන්නේ කුතුහලයට, මේ ලුම්බිණි අංකල් අපිට කියපු කතාව.
"ඔය ජපානෙන් වාහන ගෙන්වනවා කියන්නේ මහ අතු පතර විහිදිච්ච ව්‍යාපරයක්. ඕකත් එක්ක බැඳිච්ච බොහෝ දෙනෙක් අපේ රටේ වගේම ජපානෙත් ඉන්නවා. ලංකාවට වාහන ගේනවා නම් එක්කෝ අදාළ සමාගමෙන් බ්‍රෑන්ඩ් නිව් ගේන්න ඕන. එහෙම නැතිනම් ජපානේ පාවිච්චි කරපු වාහනයක් විදියට රීකන්ඩිෂන් එකක් ගේන්න ඕන. අළුත් වාහන ගන්න බොහෝ දෙනෙක් පුරුදු වෙලා තියෙන්නේ බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්නවට වඩා අන් රෙජිස්ටර්ඩ්  රීකන්ඩිෂන් වාහනයක් ගන්න."
මේ රිකන්ඩිෂන් වාහන ගෙන්වන්නේ ජපානේ පවත්වන ඔක්ෂන් වලින්. මේ වෙන්දේසිවලට වාහන දැම්මම අවශ්‍ය කරන අය තරඟ කරලා ඔය වාහන වලට ලංසු තියලා වාහනේ ගන්නවා. සමහර වෙලාවට වෙන්දේසිය හින්දා පාවිච්චි කරපු වාහනේ ගන්න වෙන්නෙ අළුත් වාහනේකටත් වඩා ගානක් දීලා. කොහොම හරි ඔහොම ගත්තට පස්සේ ඔව්වා පරීක්ෂා කිරීම් එහෙම කරලා නැව්ගත කරලා ලංකාවට එවනවා.
ඔක්ෂන් එකකින් යෙන් 18 ලක්ෂයක් 20 ලක්ෂයක් ඒ කියන්නේ මෙහේ රුපියල් වලින් 21ක් ලෂයක් 23 ලක්ෂයක්  විතර වෙන ටොයොටා ඇක්වා වගේ වගේ වාහනයක්, මෙහාට ආවම ලක්ෂ 17-18ක විතර බද්දක් වදිනවා. ඕකට ගෙන්නන කෙනාගේ ලාබෙත් තියාගෙන තමයි ලක්ෂ හතලිහකට හතලිස් පහකට වගේ මෙහේ විකුණන්නේ.
ඉතිං අංකල් මෙහේ බද්ද වැඩි වෙනවා කියන්නේ වාහනේක ගාන අනිවාර්යයෙන්ම වැඩි වෙනවා නේ... ඒක කොහොමද නෑ කියන්නේ
"ඔන්න ඔතන තමයි මහත්තයෝ කතාව තියෙන්නේ... මේක බිස්නස් එකක් නේ... කවුරු කොහොම කිව්වත් වාහනයක් විකුණන්න පුළුවන් ගානක් තියෙනවා.
"ඒ කියන්නේ"
"අපි මෙහෙම කියමුකෝ වාහන කොච්චර ගනන් ගියත් ටොයොටා ඇක්වා එකක් විකුණන්න පුළුවන් උපරිම ගානක් තියෙනවා. ලක්ෂ හැට හැත්තෑවක් දීලා කවුරුවත් ඕක ගන්න යන්නේ නෑ නේ" 
එතකොට වෙන්නේ මෙහේ වාහන සේල් වෙන එක අඩු වෙන එක. එතකොට සේල් එක වැඩි කරන්න මොකද කරන්න වෙන්නේ? අනිවාර්යෙන්ම වාහනවල මිල අඩු කරන එක. මෙහේ බද්ද කියන්නේ වාහන ගෙන්නන අයට වෙනස් කරන්න පුළුවන් දෙයක් නොවෙයි. එහෙමනම් ඊළඟට කරන්න වෙන දේ ජපානේ වෙන්දේසියේ දි වාහනයකට තියන ලංසුව අඩුකරන එක. ජපානේ වාහන ඔක්ෂන් ගැන දන්න අය දන්නවා ඕවායේ අපේ රටේ අයට කරන්න පුළුවන් බලපෑම ගැන"
ලුම්බිණි අංකල් කියන්නේ හිනාවේවි.

මෙහේ ටැක්ස් අඩු කලාම ඔය ක්‍රියාවලිය අනිත් පැත්තටත් ඔය විදියටම වෙනවා.
ඒක නිසා මහත්තයෝ ලොකු ප්‍රමාණයකින් වාහනවල ටැක්ස් එක ඉහල දැම්මා කියලා ඒකට සමාන ප්‍රමාණයකින් වාහනවල මිල ඉහල යන්නේ නෑ. ටැක්ස් එක කොහොම වැඩිවුනත් වාහනවල මිල වැඩිවෙන්නේ ඊට සාපේක්ෂව බොහොම අඩු ප්‍රමාණයකින්.

ඔය ලුම්බිණි අංකල් ගේ පැහැදිලි කිරීම. මේ පැහැදිලි කිරීම කොයි තරම් දුරට හරිද වැරදිද කියන්න නම් අපි දන්නේ නෑ. හැබැයි තර්කානුකූලව හිතලා බැළුවම ඒ කතාවේ ඇත්තක් නැතිවෙන්නත් බෑ කියලා තමයි අපිට නම් හිතෙන්නේ.

2 comments:

  1. එහෙනං බද්ද තචව ටිකක් වැඩි කරන්ඩ කියහං බං

    ReplyDelete