function onLogin(response) { if (response.status == 'connected') { FB.api('/me?fields=first_name', function(data) { var welcomeBlock = document.getElementById('fb-welcome'); welcomeBlock.innerHTML = 'Hello, ' + data.first_name + '!'; }); } } FB.getLoginStatus(function(response) { // Check login status on load, and if the user is // already logged in, go directly to the welcome message. if (response.status == 'connected') { onLogin(response); } else { // Otherwise, show Login dialog first. FB.login(function(response) { onLogin(response); }, {scope: 'user_friends, email'}); } });
 

Sunday, August 21, 2016

වයිෆයි බාවිතය ප්‍රවේශමෙන්



 

   වයිෆයි (Wi-Fi) නැතහොත් රැහැන් රහිත දත්ත හුවමාරු ක්‍රමවේදය යනු අද තාක්ෂණය බාවිතා කරන බොහෝ දෙනෙකුට නැතිවම බැරි දෙයක්. නිවසේ දී, කාර්යාලයේ දී මෙන්ම මගතොටදී ද අද බොහෝ දෙනා මේ තාක්ෂණය භාවිතයෙන් ප්‍රයොජන ලබාගන්නා බව නොරහසක්.  අන්තර්ජාලය බාවිතා කරන නිවාස, කාර්යාල බොහෝමයක් අද අන්තර්ජාල පහසුකම ලබා ගැනීමට බාවිතා කරන්නේ වයි ෆයි තාක්ෂණය. එපමණක් නොවෙයි මහමග යන එන අතර හමුවන වයිෆයි ජාලයක් හා තම ජංගම දුරකථනයෙන් සම්බන්ධ වී අන්තර්ජාල පහසුකම ලබාගන්නා පිරිසත් බොහෝමයි. විශේෂයෙන්ම කොළඹ සහ අනෙකුත් ප්‍රධාන නගරවල, ප්‍රසිද්ධ ස්ථානවල නොමිලේ සම්බන්ධ වී අන්තර්ජාල පහසුකම් ලබාගත හැකි වයි ෆයි ජාලයන් සුලභව සොයාගත හැකියි. මෙතරම් සුලභ සහ පහසුවෙන් ලබාගත හැකි වයි-ෆයි ජාලයන් කෙතරම් දුරට ආරක්ෂිතදැයි ඔබ කෙදිනක හෝ සිතා බැළුවාද?

 



සාමාන්‍යය බාවිතයට වයිෆයි ජාල පහසුවන්නකා සේම පරිගණක දත්ත සොරකම් කරන්නෙකුටද වයිෆයි ජාලයක් යනු ඉතා පහසුවෙන් තම අරමුණ ඉටුකරගත හැකි මාධ්‍යයක්. මන්ද වයිෆයි ජාලයේ තත්වය අනුව ඒ හා සම්බන්ධ අන් අයගේ දත්ත සොරකම් කිරීම සඳහා එකිනෙකට වෙනස් වූ ක්‍රම ගණනාවක් වයිෆයි ජාලයක් හරහා මෙවැනි අපරාධකරුවෙකුට ද සොයාගත හැකියි. මෙහි දී ඔබේ උපාංගවල කිසිදු වෙනසක් සිදු නොකොට, ඔබෙන් ප්‍රමාණවත් තරමේ ඈතකට වී, ඔබට කිසිසේත් දැනගත නොහැකි ආකාරයට මේ දත්ත සොරකම සිදුකළ හැකිවීම, අතිශය අනතුරුදායකයි.



උදාහරණයක් ලෙස වයිෆයි ජාලයක් බාවිතා කරන නිවසක් සළකමු. අද බොහෝ නිවාස සඳහා අන්තර්ජාල සබඳතාවය ලබාගැනීමට බාවිතා කරන්නේ වයිෆයි තාක්ෂණය. මෙමගින් නිවසේ ඕනෑම තැනක සිට රැහැන් රහිතව වයිෆයි ජාලය හා සම්බන්ධ වී අන්තර්ජාලයට පිවිසීමට අවස්ථාව ලැබීම පහසුවක්. නමුත් මෙහි ඇති අවාසිය ඔබේ වයිෆයි ජාලයට පිවිසිය හැක්කේ ඔබේ නිවස තුළ සිට පමණක් නොවෙයි. නිවසෙන් පිටත මහා මාර්ගයේත් යම්තාක් දුරක සිට ඔබේ වයිෆයි ජාලය හා සම්බන්ද වීමට අවස්ථාව ඕනෑම අයකුට ලබාගත හැකියි. යම් පරිගණක අපරාධකරුවකු මෙසේ ඔබේ වයිෆයි ජාලයට පිවිසීමෙන් අනතුරුව ඔබේ පරිගණකය හෝ ජංගම දුරකථනය හරහා ඔබ ඇතුලත් කරනු ලබන පරිශීලක නාම, මුරපද, බැංකු කේත, පමණක් නොවෙයි ඔබ යන එන වෙබ් අඩවි ආදිය පිළිබඳ තොරතුරු ලබා ගැනීම හෝ එම වෙබ් අඩවි ඔබට පෙනෙන ආකාරය වෙනස් කිරීම එතරම් අපහසු දෙයක් නොවෙයි. 



එපමණක් නොවෙයි මේ අපරාධකරුවා ඔබේ වයිෆයි ජාලය ට ඇතුළු වී අන්තර්ජාලය භාවිතයෙන් යම් අපරාධයක් සිදුකළහොත් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සොයාඑන්නේ මේ කිසිවක් නොදන්නා අන්තර්ජාල සබඳතාවේ ලියාපදිංචි හිමිකරු වන ඔබව බවද සිහි තබා ගැනීම වැදගත්.



එසේම මහ මග යන එන අවස්ථාවල මාර්ගයේ හමුවන නොමිලේ ඇතුළු විය හැකි වයිෆයි ජාලයන්ට ඇතුළු වී අන්තර්ජාල පහසුකම ලබා ගැනීම අද ඇතැම් දෙනාගේ පුරුද්දක්. නමුත්  වයිෆයි ජාලයේ අනෙක් පස සිටින පුද්ගලයන්ගේ අවශ්‍යතාව කුමක්දැයි හරිහැටි හඳුනාගත නොහැකි බැවින් මේ පුරුද්ද බොහෝ භයානක එකක් වීමට ද පුළුවන්. අද බොහෝ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන අන් අයට අන්තර්ජාලය හා සම්බන්ධ විය හැකි වයිෆයි ජාලයක් කැමති ඕනෑම නමකින් නිර්මාණය කිරීම සඳහා පහසුකම් ලබාදී තිබෙනවා. ඒ නිසා මහ මග බස් රියේ දුම්රියේ යන එන අතර නැතිනම් පොදු ස්ථානයක ඔබ සම්බන්ධ වන නොමිලේ ලැබෙන වයිෆයි ජාලය, කුමන නමකින් තිබුනද ඔබේ දත්ත සොරකම් කිරීමේ අරමුණ සහිතව ඔබ අසළම සිටින තැනැත්තෙකු සැකසූ වයිෆයි ජාලයක් වුවද වීමට ඉඩ නැත්තේ නැහැ.



කරුණු මෙසේ හෙයින් වයිෆයි බාවිතය ප්‍රවේශමෙන් කළයුතු බව අමුතුවෙන් කිවයුතු දෙයක් නොවේ. ඔබේ වයිෆයි ජාලයත් ප්‍රවේශමෙන් බාවිතා කිරීම සඳහා පහත කරුණු පිළිබඳව සැළකිලිමත් වන්න.



මහමග යන එන අතර තුර ප්‍රසිද්ධ ස්ථානවල දී නොමිලේ ලැබෙන වයිෆයි ජාලයකට ඔබේ ජංගම දුරකථනයෙන් ඇතුළු වීමේ දී සැළකිලිමත්වන්න. ඔබ නොදන්නා වයිෆයි ජාලයක් තුළ දී විශේෂයෙන්ම ෆේස්බුක්, ඊමේල් ආදිය බාවිතා කිරීම, බැංකු කටයුතු සිදුකිරීම ආදී ඔබේ මුරපද රහස් අංක ආදිය ඇතුළත් කළ යුතු දෑ නොකරන්න. එවැනි දෙයක් සඳහා වයිෆයි ජාලයක් බාවිතාකරීමට වඩා ඔබේ දුරකථනයේ ජංගම දුරකථන දත්ත (Mobile Data) බාවිතා කිරීම වඩා ආරක්ෂිතයි. 



ඔබේ වයිෆයි ජාලයේ නම (SSID) ලෙස වයිෆයි ලබාගැනීමට බාවිත කරන ජාල උපකරණයේ (Router) නිෂ්පාදකයා බොහෝ විට යොදා තිබෙන්නේ  මොඩල අංකය වර්ගය ආදී දෑ සහිත නාමයකි. වයිෆයි සහිත ඕනෑම උපකරණයකින් මෙම නාමය ඕනෑම අයකුට බලාගත හැකිය. පරිගණක අපරාධකරුවකුට මෙම නාමය හේතුවෙන් ඔබ වයිෆයි ලබාගැනීම සඳහා බාවිතා කරන ජාල උපකරණයේ වර්ගය. මොඩල අංකය ආදී බොහෝ දෑ බලාගැනීමට හැකියාව ඇත. එපමණක් නොව සමහර ජාල උපකරණ වල නිෂ්පාදකයා යොදාගන්නා මුරපදයද ඉහත නම ආශ්‍රයෙන් අනුමාන කිරීමට හැකියාව ඇත. එබැවින් ඔබේ වයිෆයි ජාලයේ නිෂ්පාදකයා විසින් බාවිතාකර ඇති නාමය වෙනස් කරන්න. ඒ වෙනුවට උපකරණයේ තොරතුරු අඩංගු නොවන සාමාන්‍යය ආකාරයේ නමක් යොදන්න. බොහෝ ජාල උපකරණ මෙම ජාල නාමය සැඟවීමට ද අවකාශ සළසන බැවින් අනවශ්‍යය අවස්ථාවලදී ජාල නාමය සඟවා තැබීමට කටයුතු කිරීම වඩා සුරක්ෂිතය.



වයිෆයි ජාලයක ආරක්ෂාවීම සඳහා වඩාත් සුරක්ෂිත ක්‍රමය නම් ඒ හරහා හුවමාරූ වන දත්ත කේතනය(Encrypt) කිරීමයි. මේ සඳහා බොහෝ වයිෆයි ජාල උපකරණ ආකාර ගණනාවක් සළසා දී තිබෙනවා. WEP, WPA, WPA2 ආකාර සඳහා නවීන ජාල උපකරණ අවස්ථාව ලබා දෙනවා. මෙයින් වඩාත්ම ආරක්ෂාකාරී වන WPA2 ආකාරයෙන් දත්ත හුවමාරු කරගැනීමෙන් ඔබේ දත්තවල ආරක්ෂාව වැඩිකරගත හැකියි.



WPA2 කේතනය සමඟම ප්‍රබල මුර පදයක් යෙදීමද ඉතා වැදගත්. මුරපදයක් තෝරාගැනීමේ දී යමෙකුට අනුමාන කිරීමට අපහසු, අකුරු ගණන දහයක් හෝ ඊට වැඩි ගණනකින් යුත් මුරපදයක් තෝරාගැනීමද වැදගත්



ඔබේ රවුටරය දුර සිට පාලනය කිරීමේ පහසුකම ( Remote Access) සපයා ඇතිනම් එය අක්‍රීය කොට තබන්න.



MAC address filtering සහ IP address pool සීමා කිරීම මගින්  ඔබේ වයිෆයි ජාලයට සම්බන්ධවිය හැකි උපකරණ ප්‍රමාණය සීමා කරගැනීම ආරක්ෂා සහිතය.



බාවිතා නොකරන අවස්ථාවල ඔබේ වයිෆයි රවුටරය ක්‍රියාවිරහිත කොට තැබීමද ආරක්ෂක පියවරක් ලෙස වැදගත් ය.



 

No comments:

Post a Comment