function onLogin(response) { if (response.status == 'connected') { FB.api('/me?fields=first_name', function(data) { var welcomeBlock = document.getElementById('fb-welcome'); welcomeBlock.innerHTML = 'Hello, ' + data.first_name + '!'; }); } } FB.getLoginStatus(function(response) { // Check login status on load, and if the user is // already logged in, go directly to the welcome message. if (response.status == 'connected') { onLogin(response); } else { // Otherwise, show Login dialog first. FB.login(function(response) { onLogin(response); }, {scope: 'user_friends, email'}); } });
 

Sunday, December 11, 2011

ස්ථානෝචිත ප්රඥ්ඥාව

මේ දවස්වල තද වැස්ස, ඒ මදිවට හුළඟ. කල්ප විනාසේ ලංවෙලා වගේ එක දිගට පැල් බැඳගෙන වහිනවා කිසිම වැඩක් කොරන්න හිතෙන්නේ නෑ, ඒතරමට හීතල. කොරන්න පුළුවන් එකම වැඩේ ඉහේ ඉඳන් පොරවගෙන නිදාගන්න එක.
උදේ හතට විතර නැගිටලා ඇඳෙන් බහින්න කම්මැලි කමට ආයෙත් පොරවගෙන අනෙත් ඇලේට හැරුනා.
“ඉසී ඉසී”, “ඉසී ඉසී” කවුදෝ මේ උදේ පාන්දර පූසෙකුට කතා කරනවා.
ඒත් අපේ ගෙදර පූසෝ නැහැ නේ. එතකොට කවුද මේ උදේ පාන්දර පූසන්ට කතාකරන්නේ, කොයිකටත් කියලා මම ඇඳෙන් ඉස්සිල්ලා ජනේලෙන් බෙල්ල එළියට දාලා බැළුවා. බලනකොට අපේ බලු තඩියා ඉන්නවා ජනේලේ ඉස්සරහ, සීතලට ගුලිවෙලා, අපේ මල්ලී බල්ලට කතා කරනවා “ඉසී ඉසී” කිය කියා, බල්ලට වගේ වගක් නැහැ, වල්ගෙන් ඇස්දෙක වහගෙන ඌ බුදි.
“හරකෝ, බල්ලට ඉසී ඉසී කිව්වම හරියනව ද ? කතාකරපිය ඉජු ඉජු කියලා”
මම ඇඳේ ඉඳන්ම කෑ ගහලා ආයෙත් රෙද්ද පොරව ගත්තා.
විනාඩි පහක් ගියේ නෑ මෙන්න මල්ලි මගේ කාමරේ
“අයියේ මාර වැඩේ නේ උනේ”
“මම විහිළුවට වගේ ටොමියට ඉසී ඉසී කියලා කතාකරා ඌට තේරෙනවද බලන්න, මූ මට බැන්නනේ “හරකෝ බල්ලන්ට කතාකරන්නේ ඉජු ඉජු කියලා” කියල”

අනේ අම්මපා මේ දැන් හැදෙන එව්වෝ
“මැට්ටෝ, ටොමියා නොවෙයි බැන්නේ මම ”
කොහෙද දැන් මේ හැදෙන එවුන් දන්නේ නැහැ නෙව සතාගේ හැටියට භාසාව කියලා. දැන් බලන්න කිරි කාරයාට කතාකරන්න ඕන එක විදියකට, තැපැල් කාරයට කතාකරන්න ඕන තවත් විදියකට, ඔය දෙන්නටම වෙනස් විදියකට තමයි කඩල කාරයට කතාකරන්න ඕන, හැබැයි ඔය හැමෝටම වඩා අමාරු වැඩේ තමයි පොලිස් කාරයෙක් එක්ක කතාකරන එක.
අදාල කෙනාට අදාල විදියට කතා කිරීම වගේම අදාල තැනට අදාල විදියට වැඩ කිරීමත් ඉතින් ස්ථානෝචිත ප්රඥ්ඥාව නෙව.
ස්ථානෝචිත ප්රඥඥ්ඥාව කිව්වම මතක් උනේ, ඕකට ඉතින් කප් ගහපු එකා අපේ බෙලියා නෙව. ඔන්න ඉතින් මේකත් බෙලියගෙම කතාවක් තමයි. මෙලෝ රහක් නැහැ හිනායන්නෙත් නැහැ, සිද්ධිය සම්පූර්ණ ඇත්ත. අදාල අවසේස පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වේ ආරස්සා කොරන්න ස්ථානය මම නොකියා ඉන්නම් .
පළවෙනි රස්සාවට ගිහින් ටික කලකින්ම අපේ බෙලියට හිතුනා තමන්ටමය කියලා පුංචි කාර් පොඩ්ඩක් තිබුනා නම් කියලා. රට වටේම හොයලා හොයලා කාර් දෙකක් ගන්න පුළුවන් තරම් සල්ලඉයක් වියදම් කරලා, බෙලියා ගත්තා කාර් පොඩ්ඩක්, අපරාදේ කියන්න බෑ ෂෝක් කාර් පොඩ්ඩ. ස්ටාට් කොරලා පාරේ යද්දී කාර් එකේ හැම කෑල්ලකින්ම මොකක් හරි සද්දයක් එනවා. සද්දයක් නො එන එකම කෑල්ල ඕකේ හෝන් එක විතරයි. එක්දහස් නමසිය බර ගනන් වල කාර් එකක් උනත් බෙලියා ඕකේ හෙමින් යාමකුත් නැහැ. බල්ලට ඇති වැඩකුත් නැහැ හෙමින් ගමනකුත් නැහැ වගේ බෙලියට ඇති වැඩකුත් නැතත් ඕකා ඕකේ යන්නෙම අසූවට සීයයට.
කුලප්පු උනු කුළු හරකෙක් වගේ නහයෙන් පිඹගෙන දුම දාගෙන එන වාහනේ දැක්කම මනුස්සයෙක් නෙවි බල්ලෙක්වත් පේන මානෙක හිටියේ නැහැ
කාර් එක අරගෙන සතියකට විතර පස්සේ බෙලියා ඉස් ඉස්සෙල්ලම කාර් එකෙන් ඔෆිස් යන්න ලෑස්ති උනා. බෙලියට ඉතින් ඔය ඔටෝ, මැනුවල් , ටිප්ටොනික් ඕන එකක් ඔට්ටුයි. ඒ නිසා අර අයේෂට වෙච්ච ඇබැද්දිය වගේ එකක් නම් බෙලියට නැහැ. හැබැයි කිරිබත් කාලා, රබන් ගහලා, රිබන් කපලා කාරෙක් පාරට දැම්මට ඕකේ පොඩි පරහක් තිබුනා.
කාරෙක ටිකක් වේගෙන් ගිහින් හදිසියේ බ්රේබක් පාරක් ගහලා නවත්තන්න උනොත් එහෙම කාරෙකේ එන්ජිම නවතිනවා. ඊට පස්සේ ඉතින් විනාඩි පහක් විතර යනකම් ස්ටාට් කරනවා නම් බොරු. එහෙම නැවතුනොත් එහෙම විනාඩි පහක් විතර එන්ජිම නිවෙන්න අරින්න ඕන හැබැයි ඊට පස්සේ නම් ඉතින් ගහපු ගමන් ස්ටාට්.
ඔන්න එදා උදේ හයට විතර අපේ බෙලියා හා හා පුරා කියලා වාහනේ පාරට දැම්මා. ආයේ මොනවද ඉතින් පාරේ වැඩි කලබලයකුත් නැති වෙලාව නෙව, පැය භාගයක් යන්නත් කලින් බෙලියා ඔෆිස් එකේ.
හිතේ සන්තෝසෙටම හන්දිවල තියන කලර් ලයිට් වල ලයිට් තුනම බෙලියට පෙනුනේ කොල පාටට.
එදා ඉතින් බෙලියගේ ඔෆිස් එකේ අයටත් වෙන වැඩක් නැහැ, කාගෙත් කතාව බෙලියගේ අළුත් කාර් එක ගැන.
දඩිබිඩි අස්සේ ඔෆිස් ඇරෙන වෙලාවත් ලංවුනා, දැන් ඊළඟට තියෙන්නේ අළුත් කාරෙකේ ආපහු ගෙදර යන එක. හැබැයි වැඩේ උදේ තරම් ලේසි නැහැ. මොකද කොළඹ ඉන්න කට්ටිය දන්නවා නෙව හවසට කොළඹ පාරවල් වල හැටි. කොයිකටත් කියලා බෙලියගේ බොසුත් බොස්ගේ කාරෙකෙන් බෙලියගේ පිටිපස්සෙන් ටික දුරක් එන්න තීරණය කලා.
බෙලියයි බෙලියගේ බොසුයි දෙන්නා හොඳ යාළුවෝ, කොයි දේ කරත් දෙන්නා බෙදාහදාගෙන තමයි. බෙලිය නටන පිස්සු දන්න හින්දම තමයි බොස් ටික දුරක් හරි බෙලිය එක්ක යන්න තීරණය කරේ.
තමන්ගේ පිටිපස්සෙන් බෙලියට එන්න කියලා බොස් ඔෆිස් එකේ ඉඳන් කාරෙක ගත්තා පාරට. වාහනේ වාඩි උනාට පස්සේ බෙලියට ඔව්වා මතක නෑ, කඩාගත්ත ගියර් හතරම එකපාරට, ඔන්න දැන් බෙලියා පාගනවා ලෙල්ලටම, නිකනුත් නෙවෙයි වාහන අස්සෙන් රිංගගෙන පාරේ වැරදි පැත්තෙන් දාගෙන.
එක පාරටම හතරමං හන්දියකදී ට්රැෙෆික් පොලිසියේ රාළහාමි කෙනෙක් බෙලියා ආපු පැත්තෙන් එන වාහන විසිල් එකක් ගහලා නතර කලා. බෙලියත් එහාට කපලා මෙහාට කපලා බ්රේලක් එක උඩ නැගලා, යාන්තම් කාරෙක නතර කර ගත්තා. හද්ද පටලැවිල්ලයි, කාරෙකේ එන්ජිමත් එහෙමම නැවතුනා.
දැන් හතරමං හන්දියේ ඉස්සරහින්ම බෙලියගේ කාරෙක නැවතිලා. බෙලියා දන්නවා මලත් විනාඩි පහක් විතර යනකම් ඕක නම් ස්ටාට් වෙන්නේ නැහැ කියලා. හොඳ වෙලාවට පොලිසියේ රාළහාමි තවම බෙලියා ඉන්න පැත්තේ වාහන නවත්තගෙන අනිත් පැත්තේ වාහන යවනවා. ඒත් ඉතින් තව ටිකකින් රාළහාමි බෙලියා ඉන්න පැත්තේ වාහන යවන්න ගත්තම, බෙලියට ඉතින් දෙවියන්ගෙම පිහිටයි. බෙලියගේ බොසුත් දන්නවා දැන් බෙලියට වෙන්න යන සන්තෑසිය, බෙලියගේ කාරෙක නිසා මුළු පාරම බ්ලොක් වෙලා, තව ටිකකින් පොලිස් රාළහාමිට කියලා දඩ කොලයක් ලියාගන්න වෙනවා විතරක් නෙවි පිටිපස්සේ ඉන්න වාහනකාරයන්ගෙන් ලුනු ඇඹුල් ඇතිව අහගන්නත් වෙනවා.
ඔන්න බෙලියට හොඬවැල වැදුනා ඔළුවට, පහල උනා ස්ථානෝචිත ප්රනඥ්ඥාව, බැස්සා කාරෙකෙන් එලියට, රාළහාමි තවමත් විසිල් කර කර වාහන අනෙක් පැත්තට යවනවා. බෙලියා හෙමිහිට කිට්ටු කලා රාළහාමිට.
“මේ…. රාළහාමි, බොරැල්ලට යන්න ඕන මොන පාරේ ද”
මෙතනින් එකපාරක් බොරැල්ලට යන්නේ අනෙක් පාර කොටුවට. බෙලියා දැන් රාළහාමිගෙන් බොරැල්ලට යන පාර අහනවා
රාළහාමිත් තමන්ගේ වැඩේ පොඩ්ඩකට නතර කරලා බෙලියට පෙන්නුවා බොරැල්ලට යන පාර.
“මහත්තයා කොහේ ද” පාර පෙන්නන ගමන් රාළහාමි අහනවා
“අපි තංගල්ලේ රාළහාමි, මේ ජොබ් වලට කොළඹ ආවට තවම පාරවල් ඒහැටි හුරු නැහැ”
බෙලියා දානවා බබාපාට් එකක්. රාළහාමිගේ අංග චලනයෙන්ම පේනවා රාළහාමිත් ඒ පැත්තේ කියලා
“රාළහාමි ඒ පැත්තෙයි”
“මම වීරකැටියේ”
“ඇත්තෙයි……. මේ අපේ ගමේ මිනිස්සු නෝ.. වීරකැටියේ කොයි හරියෙයි”
“වීරකැටියේ හින්නි මහත්තයා….. ඔව් ඔව් අපේ මාමා නෝ……….. ගිය මාසේ විසි වෙනිදා තිබුනේ…… තුන් මාසේ දානේ…. හානේ හෑබෑවෙයි හාංකවිසියක් දන්නේ නැහැ නෝ…………………”
බෙලියා දන්න හින්නි මහත්තයෙක් නැහැ. ඔය පැතිවල කොහොමත් ඉන්න තරමක් ඉන්නේ හින්නි මහත්තුරු, පොඩි මහත්තුරු, පුංචි මහත්තුරු තමයි. සතියේ දවසක හවස පහට කොළඹ පාරක් බ්ලොක් උනාම හැදෙන ට්රැ ෆික් එකේ තරම කියන්න ඕනය. හැතැක්ම ගානක් දිගට වාහන පෝලිම. රාළහාමිටයි බෙලියටයි දෙන්නට වගේ වගක් නැහැ. දෙන්නා මෙලෝ සිහියක් නැතිව ගමේ විත්ති කතාව.
විනාඩි පහකට විතර පස්සේ රාළහාමිට මතක් උනා තමන්ගේ රාජකාරිය. බෙලියත් දුවලා ඇවිත් නැග්ගා කාරෙකට මොනවද ඉතින් ඒ පාර ගහපු ගමන් ස්ටාට් වාහනේ.
රාළහාමිත් ගමේ කමට සළකලා බෙලියට වාහනේ බොරැල්ල පාරට දාගන්න ඉඩ හදලා දුන්නා .
බෙලියා කාරෙකේ ඉගිලුනේ රාළහාමිට සැලියුට් එකකුත් ගහගෙන.
බෙලියගේ බොස් තවමත් කල්පනා කොරනවලු මොනව ද එදා බෙලියා ගිහින් රාළහාමිට කිව්වේ කියලා………….


අන්තිම පේළියේ පළවූ කතාව


No comments:

Post a Comment