function onLogin(response) { if (response.status == 'connected') { FB.api('/me?fields=first_name', function(data) { var welcomeBlock = document.getElementById('fb-welcome'); welcomeBlock.innerHTML = 'Hello, ' + data.first_name + '!'; }); } } FB.getLoginStatus(function(response) { // Check login status on load, and if the user is // already logged in, go directly to the welcome message. if (response.status == 'connected') { onLogin(response); } else { // Otherwise, show Login dialog first. FB.login(function(response) { onLogin(response); }, {scope: 'user_friends, email'}); } });
 

Friday, April 27, 2012

නැන්දා සහ පොඩි එකාගේ විත්ති

ගන්දරයට එක එක ජාතියේ යාහළුවන් ඉන්නවා. උස මොට්ටයෝ, මිටි කට්ටයෝ ඒ ඇරුනම මහත තට්ටයෝ, ඔය කොයි කොයි සුට්ටයත් ගන්දරයගේ හොඳ මිත්තරයො තමයි.
රුහුණේ මොන මොන දේ තිබුනත් හොඳම දේ කිරිපැණි වගේ, කොයි කොයි යාළුවො හිටියත්, ගන්දරයගේ හොඳම යාළුවා තමයි අයේශා.
අයේශා හරි හොඳ කෙල්ල.  වැඩි කතාබහක් නැතිව ඔය කාගේ හරී ඕපදූපයක් හොයාගෙන කාටවත් කරදරයක් නැතිව තමන්ගේ පාඩුවේ ඉන්න තමයි අයේශා වැඩිපුරම කැමති. ඒ වගේම තමයි ඉතින් හැඩරුවත්, බලහත්කාරෙන් කෙලින් කොරාපු කොන්ඩේ පීරලා පිළිවෙලකට ගවුමක් කාරිය අන්දලා ගත්තනම් එහෙම ඉතින් ආයේ මේ ගෙන්දගම් පොළවටම හොයන්න නැහැ එහෙම ලස්සන කෙල්ලෙක්
අපේ අයේශට ඉන්නවා හරි අපූරු යාළුවෙක්, වෙන කවුරුවත් එහෙම නෙවෙයි අයේශලගෙ ගෙදරට අල්ලපු ගෙදර ඉන්න පොඩි එකා. පොඩි එකා තවම ඉන්නේ බාලාංස පන්තියේ, වයසින් පොඩි උනාට මූ මහ ඇම්ඩන් කොල්ලා. හැබැයි ඉතින් අයේශට හරිම ආදරෙයි.  කොච්චරවත් “නැන්දී… නැන්දී….”  කියාගෙන ඇවිත් ඇඟේ එල්ලෙන එක තමයි කොල්ලගෙ වැඩේ. වෙලාවකට ලෝකම ඇනයක් තමයි ඒත් ඉතින් හදිස්සියකට කඩේකටවත් යවාගන්න ඉන්න කොල්ල නේද කියලා අයේශත් ඉවසලා ඉන්නවා.
අයේශගේ මූන දිහා බැළුවම කොල්ලට නම් මතක් වෙන්නේ මොන්ටිසෝරියේ දි ඉගෙන ගත්ත තේරවිලි කවියක්.

“ අත්තක් උඩ බුම්මාගෙන – කටු රෙද්දක් පොරවාගෙන ”
පොඩි එකා ඇත්තටම ඒකාලේ හිතාගෙන හිටියේ ඕකෙන් කියවෙන්නේ අයේශා නැන්දි ගැන කියලා.  පස්සේ කොස් ගෙඩිය කියලා දැනගත්තම උනත් නැන්දිගේයි කොස්ගෙඩියෙයි ලොකු වෙනසක් පොඩි එකාට තේරුනේ නෑ
අයේශා මල වගේ ලස්සනට උදේට ඔෆිස් යද්දී පොඩි එකත් යනවා, නැන්දිව බස් එකට නග්ගන්න. ආයෙත් හවසට වංඩු ආප්පෙ වගේ පරවෙලා ගෙදර එද්දිත් පොඩි එකා එනවා නැන්දිව ගෙදර ගෙනියන්න. ඔය යන එන අතරෙදි ඉතින් පොඩි එකා දන්න කියන කවි කතන්දර එහෙමත් කියලා දෙනවා නැන්දිට. නැන්දිත් හරි ආසයි පොඩි එකා කියන ඔය ගමරාළ දිවිය ලෝකේ ගිය හැටි, අලියගේ නහයේ කටුස්සා ගිය හැටි වගේ කතන්දර අහන්න. කාගෙ උනත් ඕපදූපයක් නෙව.
යන එන තැන තනි නොතනියට හොඳ උනත් නැන්දිට පොඩි එකා ඉන්නකල් මාමියෙක් නම් හොයාගන්න හම්බවෙන්නේ නෑ. ඇයි ඉතින් කොච්චරවත් නැන්දී කියාගෙන වල්ගේ වගේ පස්සෙන් වැටිලා නෙව. මේ ගැන කල්පනා වෙච්ච දවස් කීපයක්ම අයේශා පොඩි එකාව “හලලා” යන්න ට්‍රයි කරා. ඒත් ඉතින් පොඩි එකාගෙ මූන බලාගෙන කොහොම එහෙම කරන්නද. ඉඳලා ඉඳලා බොහොම අමාරුවෙන් පොඩි එකා මග ඇරලා ආපු දවසක ඌ බිම පෙරලි පෙරලි අඬපු ඇඬිල්ල දැක්කම ආයෙත් පොඩි එකාව දාලා එන්න අයේශට හිත දුන්නෙම නෑ.
අවුරුදු නිවාඩුවට ඉස්කෝලේ නිවාඩු දුන්නම අයේශට තවත් කරදරයක්. ඒ පාර පොඩි එකා දවසම ගෙදර නෙව. අයේශ ගෙදර ඉන්න වෙලාවට වල්ගේ වගේ පස්සෙන් එල්ලිලාම ඉන්න පොඩි එකා, අයේශා ඔෆිස් ගියාට පස්සේ අයේශගේ කාමරේට පැනලා කොම්පියුටරේ දාගන්නවා. ඊට පස්සේ ඉතින් හවස අයේශා ආපහු ගෙදර එනකම්ම පොඩි එකා කොම්පියුටරේ එල්ලිලා.
අයේශගේ අම්මිත් පොඩි එකාට හරි ආදරෙයි. අම්මිත් පොඩි එකාගේ පැත්තෙ නිසා අයේශට තවත් තරහයි. පොඩි එකාගේ මේ කොම්පියුටර් පිස්සුව නිසා අයේශගේ හොර වැඩ ඔක්කොම පොඩි එකාට මාට්ටුයි. අයේශගේ විතරක් නම් මැදෑ අයේශා දන්න කියන මාමිලාගේ හොර වැඩත් පොඩි එකාට මාට්ටුයි.
පොඩි එකාගේ මොන දේ ඉවසුවත් මේ වැඩේ නම් අයේශට ඉවසන්න පුළුවන් දෙයක් නෙවි. නියපොත්තෙන් කඩන්න තියන දේ පොරවෙන කපන්න තියන්න ඕන නැහැ නෙව
අයේශ දහ අතේ කල්පනා කොරා පොඩි එකා මේ කොම්පියුටරේ දාන එක නවත්තගන්න පුළුවන් විදියක්.
ඉස්සෙල්ලම අයේශා බැළුවා පොඩි එකාව බය කරලා වැඩේ නවත්තගන්න, රෑ නිදාගන්න කලින්, දැම්මා කොම්පියුටරේ ඔන් වෙන කොටම පේන්න තඩි යකෙකුගේ පින්තූරයක්. දැන් නම් ඉතින් පොඩි එකා බය වෙනවා සිකුරුයි.  එදා රෑ අයේශට හොඳට නින්ද ගියා.  පහුවදා උදේම නැගිටලා, යකා ගැන හාංකවිසියක් මතක නැතිව නිදි මරගාතේ කොම්පියුටරේ දාපු අයේශා, උදේ පාන්දරම බයවුනා දවස් ගානකට නින්ද නොයන්න.
ඊළඟට අයේශා කල්පනා කරේ තමනුත් බය නොවී කොහොමද මේ වැඩේ නවත්තගන්නේ කියලා. ආයෙත් මෙහෙම කල්පනා කරගෙන, කල්පනා කරගෙන යනකොට, ඔන්න ආවා අයේශගේ චූටි මොලේට තව අයිඩියා එකක්. කොම්පියුටරේට කරන්ට් එක දෙන මල්ටි ප්ලග් එක හැංගුවා නම් හරිනේ එහෙනම් පොඩි එකාට කොම්පියුටරේ දාන්නවත් බැහැනේ. ඊළඟ දවසෙම අයේශා ප්ලෑන් එක ක්‍රියාත්මක කලා. උදේ ඔෆිස් යද්දී මල්ටි ප්ලග් එක ගලවගෙන බෑග් එකේ දාගත්තා.
ඔෆිස් එකේදිත් අයේශට මතක් උනේ පොඩි එකාව. දැන් ඔය පාර ගෙදර ගියාම නහයෙන් අඬන්න ගනී නැන්දී හොඳ නෑ කියලා බුරුලක් පෙන්නන්න නරකයි අයේශා ගෙදර ආවෙත් එහෙම හිත හිතම, කාමරේට ඇතුල් වෙනකොටම මෙන්න පොඩි එකා ඉන්නවා මෙලෝ සිහියක් නැතුව කාර් ගේම් ගගහ
“නැන්දිගේ කොම්පීතලේ ප්ලග් එක කැදිලා නිතා මම අපේ ගෙදල තිබුනු ප්ලග් එක නැන්දිත ගෙනාවා”
පොඩි එකා හුරතල් විදියට කිව්වම අයේශට කියන්න ඉතුරුවුනේ එක දෙයයි
“ෂෝඔ ඔ ඔ යි ………. බබාආආ”
ඊළඟ දවසේ අයේශා කොම්පියුටරේ කී බෝඩ් එක ගලවලා හැංගුවා. දැන් නම් පොඩි එකාට කොම්පියුටරේ දාගන්න හම්බවෙන්නේ නෑ. පොඩි එකාගෙ ගෙදර මල්ටි ප්ලග් තිබුනට කී බෝඩ් නැහැනේ.
කොම්පියුටරේ දාගන්න බැරි උනාම පොඩි එකා මාත් එක්ක තරහත් වේවි ද දන්නේත් නෑ. එක අතකට එහෙම වෙන එකත් හොඳයි. එතකොට වැඩි අමාරුවක් නැතුවම ඌව හලලා දාන්න පුළුවන්. ආයේශා එදා දවසම ගත කරේ ඔහොම හිත හිත. හවස ගෙදර එද්දි මෙන්න ආයෙත් පොඩි එකා කොම්පියුටරේ ළඟ…..
හංගලා ගිය කී බෝඩ් එකත් මූ හොයාගෙන හයි කරගෙන
“නැන්දිත කී බෝත් එක හංගපු තැන බබාත කියන්න අමතක උනා නේද…….. තව පොඩ්ඩෙන් බබාත් කම්පීතරේ දාගන්න බැලිවෙනවා…… පත්තෙ මත මතක් උනා නැන්දි මාමිලා දෙන ලියුම් හංගන්නෙත් ඇඳ යත නේ ”
පොඩි එකා හුරතල් විදියට කිව්වම අයේශට ආයෙත් කියන්න ඉතුරුවුනේ එක දෙයයි
“ෂෝඔ ඔ ඔ යි ………. බබාආආ”
මොනවා උනත් පොඩි එකා දස්සයා. නැන්දිගේ දෙකේ පංතියේ වැඩ වලින් බබාව අන්ඳවන එක ලේසි නෑ. අයේශත් උදේ රෑ නැතුව කල්පනා කරා මේකට මොකක් ද කරන්නේ කියලා ඔහොම කල්පනා කරගෙන කල්පනා කරගෙන යනකොට ඔන්න එකපාරට අයේශගේ ටියුබ් ලයිට් මොලේ පත්තු වුනා.
“කොම්පියුටරේට පාස්වර්ඩ් එකක් දැම්මා නම් වැඩේ ඉවරයි නෙ”
අයේශට ඕක මතක් උනේ රෑ දෙගොඩහරි ජාමේ, එහෙමම ඇඳෙන් නැගිට්ට අයේශා, ඒ වෙලාවෙම කොම්පියුටරේට පාස්වර්ඩ් එකක් දැම්මා. පොඩි එකත් මහ ඇම්ඩන් කොල්ලනේ  ඒක නිසා හොඳට හිතලා බලලා දැම්මා සෑහෙන්න දිග පාස්වර්ඩ් එකක්, ආයේ මොනවද පොඩි එකාට තියා අයේශටවත් මතක හිටින්නේ නෑ. දාපු පාස්වර්ඩ් එක අයේශ ලියාගත්ත කොල කෑල්ලක
ඊළඟ දවසේ අයේශා ඔෆිස් ගියේ හරිම සංතෝසෙන්. කොච්චර දස්ස උනත් අද නම් පොඩි එකාට කොම්පියුටරේ දාගන්න හම්බවෙන්නේ නෑ. මොකෝ ඌ පාස්වර්ඩ් එක හැක් කරන්න කියලය. එහෙම කරන්න ඌ කොම්පියුටර් ඉංජිනියර් කෙනෙක් ය.
හවස හොඳටම වැස්ස අයේශා ගෙදර ආවේ වැස්සෙමයි කොහොම උනත් අයේශා කාමරේට ඇතුළු වුනේ ටිකක් සැකෙන්. නැහැ නැහැ අද නම් කොල්ලා කොම්පියුටරෙ දාලා නැහැ. පොඩි එකා පේන්නත් නැහැ. නිකමට වගේ හොයලා බැලුවම පොඩි එකා වැස්සේ තෙමි තෙමි බෝට්ටු යවන්න ගිහිල්ලා අම්මිගෙන් ගුටි කාලා අඬ අඬ නිදිලු.
අයේශා මූණ එහෙම හොදාගෙන තේ එකකුත් අරන් කොම්පියුටරේ ගාවට ගියේ කොම්පියුටරේ දාගන්න, අයේශ කීප පාරක්ම පාස්වර්ඩ් එක මතකෙ තිබුණු විදියට ගැහුවා….. ම්හ්හු වැරදියි…….. හොඳ වෙලාවට පාස්වර්ඩ් එක කොලේක ලියාගත්තේ, ඒත් ඒ කොලේ……….
ආයේශා ආයෙත් පාරක් හොඳට මතක් කරා…. ඊයේ රෑ ඒක තිව්වේ මේ මේසේ උඩමයි……… ඒත් දැන් ඒක එතන නැහැ නේ………..
ඔන්න එතකොටම නැන්දි ආවා කියලා දැනගෙන පොඩි එකත් කාමරේට එනවා නිදාගෙන හිටපු කොට්ටෙත් තුරුල් කරගෙනම.
“බබා මෙතන තිබිලා කොලයක් එහෙම ගත්තද”?
අයේශා ඇහුවේ නිකමට
“ඔව් නේ නැන්දි මම ගත්තා නේ බෝත්තුවක් හදන්න”
අයේශට තරු පෙණුනා. කොල්ලා පාස් වර්ඩ් එක ලියපු කොලේ අරගෙන බෝට්ටුවක් හදලා, දැන් ඉතින් කොහොමද පාස්වර්ඩ් එක හොයාගන්නේ. ඒක නැතුව කොහොමද කොම්පියුටරේ දාගන්නේ. අයේශට ඇඬෙන්න වගේ
“මොනවද බබා ඔයා මේ කරන වැඩ… දැන් බලන්න පාස්වර්ඩ් එක ලියපු කොලේ නේ ඔයා අරගෙන බෝට්ටු හදලා තියෙන්නේ…… දැන් ඉතින් කොම්පියුටරේ දාන්න බැහැ නේ”
අයේශාට ඇඬෙන්න වගේ, අඬ අඬම පොඩි එකාටත් බනිනවා
නැන්දි අඬන කොට පොඩි එකාට හරිම දුකයි
පොඩි එකා ගියා කොම්පියුටරේ ළඟට ටයිප් කරා පාස්වර්ඩ් එක… යස අගේට ඔය ස්ටාට් උනේ කොම්පියුටරේ
“නැන්දි අදන්න අපා….. මම කොලේ ගත්තේ පාත් වර්ඩ් එක පාඩම් කල ගෙන”
අනේ අහිංසක අයේශා… දැන් කොම්පියුටරේ දාගන්න ඕන වෙලාවට යනවලු පොඩි එකාව හොයාගෙන
*************************************************************
ප. ලි
මේක කියපු පොඩි එකා ගන්දරයට දුන්නා   පොඩි ලියුං කරදහි කෑල්ලක් අයේශා නැන්දිට දෙන්න කියලා. අයේශා නැන්දිත් මේක බලනවා කියලා දන්න නිසාම ඔන්න මම ඒ ලියුමත් පහලින්ම දානවා


ආදලණීය අයේතා නැන්දී වෙත…….

බබා වෙලාවකත නැන්දීත මාර ඇනයක් බව බබා දන්නවාය. ඒ වුනාත බබාත ඉන්න හොදම යාලුවා නැන්දීය. ඉතින් ඇනයක් උනත් නැන්දී බබාව හලලා දාන්න එපාය බබා පව්ය. “කල්යාන මිත්තර සම්පත්තිය සැපක්” කියා බුදු සාදු ද  කිව්වා කියා අපේ බුද්ධාගම ටීතර් අපිත කිව්වේය ( ඒක අහලා පංතියේ උන් හැමෝම කල්යාණි එක්ක යාළුවෙන්න ගියාය ) නැන්දීත ලියුම් ලියන මාමිලා වගේ දිග ලියුම් ලියන්නත බබාත තවම බැහැය. ඒ නිතා බබා ලියුම ඉවර කරනවාය. 
අන්තිමත කියන්න තියෙන්නේ නැන්දි බබාව හලන්න එපාය. බබා එක්ක තලහ උනත් කමක් නෑ ගන්දලයා මාමි එක්ක නම් තලහ වෙන්නම එපාය.

නැන්දීත රත්නත්තලේ පිහිටය

මීට
බබා


අන්තිම පේළියේ පළවූ කතාව


No comments:

Post a Comment