function onLogin(response) { if (response.status == 'connected') { FB.api('/me?fields=first_name', function(data) { var welcomeBlock = document.getElementById('fb-welcome'); welcomeBlock.innerHTML = 'Hello, ' + data.first_name + '!'; }); } } FB.getLoginStatus(function(response) { // Check login status on load, and if the user is // already logged in, go directly to the welcome message. if (response.status == 'connected') { onLogin(response); } else { // Otherwise, show Login dialog first. FB.login(function(response) { onLogin(response); }, {scope: 'user_friends, email'}); } });
 

Sunday, July 15, 2012

ගෑනුත් දැක්කා.... මේවගේ ගෑනු නොදැක්කා 2



    
සඳුදා උදේ සමරසිංහ ඔෆිස් ආවේ ටිකක් පරක්කු වෙලා. ඒ වෙන කොටත් අනෙත් හැමෝම ඇවිල්ලා. සමරසිංහ ආපු ගමන්ම බැළුවේ වරුණි දිහා. ඔහුගේ කාමරය තිබුනේ අනෙක් සේවකයන් හැම දෙනාම බොහොම හොඳින් පේන තැනක. වරුණි පරිඝණකයේ තිරය දිහා බලාගෙන ලොකු කල්පනාවක්. ඇය කල්පනා කරන්නේ කුමක්දැයි දැන ගන්න වගේ සමරසිංහ ඇගේ මුණ දිහා බලාගෙන හිටියා. හිස දෙපැත්තෙන් කඩා වැටෙන කැරලි ගැසුණු මුදු මුදු කොණ්ඩය, නිල් පැහැති ඇස්, තදින් පියවුනු රෝස පැහැ දෙතොල්.  මේ මූණ දිහා බැළුවම නම්, දිසානායක වරුණි ගැන කියපු කතාව පිළිගන්න, සමරසිංහට කොහොමටවත් හිත් දෙන්නේ නෑ. ඒත් ඉතින් වරුණි කාවින්ද එක්ක හෝටලයට රිංගනවා දැක්ක කියලා බොරුවක් ගොතන්න තරම් අවශ්‍යතාවකුත් දිසානායකට තියෙන්න බැහැ නේ.
ඇස් දෙකෙන් දකින හැම දේමත් ඇත්ත නෙවෙයි නේ, හොඳින් ඉර පායලා තියන මහ දවල් තමයි මිරිඟු පේන්නෙත්. සමරසිංහ හිටියේ මේ ගැන වරුණිගෙන් අහන්දෝ නැද්දෝ කියලා දෙගිඩියාවෙන්. මේ දෙගිඩියාව නිසාම උදේ ඉඳන්ම කිසිම වැඩක් කරන්නවත් හිත එකඟ කරගන්න සමරසිංහට පුළුවන්වුනේ නැහැ. මෙහෙම ඉඳලා ඉඳලා අන්තිමේ ඔහු තීරණය කලා වරුණිට මේ ගැන හිමින් ඇඟවෙන්න ඇරලා ඇගේ ප්‍රතිචාර බලන්න.


දවල් එකොළහට විතර සමරසිංහ වරුණිට තමන්ගේ කාමරයට එන්න කිව්වේ සිකුරාදා ඉවර කරන්න තිබුණු ෆයිල් කීපයක් පරීක්ෂා කරන්න. හිතේ නොපහන් බවක් තිබුනත් ෆයිල් මිටියත් තුරුළු කරගෙන වරුණි එන ලතාව ඔහු බලාගෙන හිටියේ ආසාවෙන්. ෆයිල් මිටිය පෙරළ ගෙනම සමරසිංහ වරුණි එක්ක කථාවට වැටුණා.
“කොහොමද වරුණි දැන් බබාට.”
“දැන් හොඳයි සර්, සැටර් ඩේ සන් ඩේ දෙක ගෙදර ඉඳලා අද උදේ මම එද්දී නම් චුට්ටක් ඇඬුවා…”
“පොඩි අය එහෙම නේ. කැමතියි ඉතින් කවුරු හරි ළඟට වෙලා ඉන්නව නම්.”
“අපෝ ඔව් සර් ඒක නම් ඇත්ත” වරුණි හිනාවුනේ ලතාවකට කොණ්ඩේ පිටිපස්සට කරගන්න ගමන්
“ඒක නෙවෙයි වරුණි… මම මේ අහන්නම කියලා හිටියේ ඊයේ පෙරෙදා දවසක ඔයා කාවින්දත් එක්ක කොහේ හරි ඇවිදින්න එහෙම ගියා ද…???? “
සමරසිංහ ඇහුවේ ෆයිල් කවරේ දිහා බලාගෙන උනාට ඇස් ඇත්තටම තිබුණේ වරුණි ගේ පැත්තේ
නැන්….නෑ සර්……. ඇ ඇයි සර් එකපාරට එහෙම ඇහුවේ…
බම්බලපිටියේ    හරියේ එහෙම…. ගිය බ්‍රහස්පතින්දා වගේ දවසක…..
ග්..ගිය බ්‍රහස්පතිදා… න් නෑ සර්..
මගේ යාළුවෙක් දැකලා තියනවා ඔය දෙන්නා බම්බලපිටියේ Green Leaf හොටෙල් එක ළඟදි ගිය බ්‍රහස්පතින්දා
සමරසිංහ කිව්වේ වරුණිගේ මූණ දිහා බලාගෙනමයි…
වරුණිත්, සමරසිංහත් තත්පර දහයක් විතර මූණට මූණ බලාගෙන හිටියා දෙන්නම වචනයක් වත් කතා කරේ නෑ. තත්පර දහයකට විතර පස්සේ වරුණිගේ මූණ කළු වුනෙත් ඇගේ ඇස් වලින් මොරගෙඩි තරම් ලොකු කඳුළු කැට කඩාගෙන වැටෙන්න ගත්තෙත් සමරසිංහ බලාගෙන ඉන්ඳෙද්දිමයි.
“ඔව් සර්, සර්ගේ යාළුවා මාව දකින්න ඇති තමයි.. මම සර්ට බොරු කිව්වේ සර්… වරුණි කිව්වේ ඉකි ගගහ අඬන ගමන් ”
“මට තවත් මේ ඔෆිස් එකේ ඉන්න බැහැ සර්…  මට මේක කියන්න වෙන කෙනෙකුත් නැහැ. අනේ මට උදව් කරන්න සර්…. මම මෙහෙන් අයින් වෙලා යනවා සර්”
සමරසිංහ බලාගෙන හිටියේ පුදුමයෙන්
“මොකක්ද වරුණි…. බය නැතිව කියන්න මට මොකක්ද ප්‍රශ්ණේ”
මේ කාවින්ද…
ඔව්… ඉතින්…
කාවින්ද මට හරියට කරදර කරනවා සර්… මේ බලන්න සර් මට sms විතරක් කොච්චර එවලද කියලා වරුණි  හඬාවැටෙමින් කිව්වෙ තමන්ගේ ජංගම දුරකථනයේ ඇති කෙටි පණිවුඩ පෙන්වමින්
සමරසිංහ පණිවුඩ දෙක තුනක් කියවා බැළුවා
“3ta park road eka lagata enna”
“ofs eken off wela yaddi mama enakam halt eke inna. Mata oya ekka katha karanna ona”
“mata paluyi oya koheda”
“මට හරියට කරදර කරනවා සර්… ඉවසලා ඉවසලා බැරිම තැන තමයි මම එදා කෑ ගැහුවේ. මම හරිම ස්ට්‍රෙස් එකේ ඉන්න මම කොහේ ගියත් කවින්ද මගේ පස්සෙන්ම එනවා, හැමතිස්සෙම කෝල්ස් දෙනවා, චැට් කරනවා. කොච්චර එපා කිව්වත් අහන්නේ නෑ සර්, මම හස්බන්ඩ්ට වත් මේක කිව්වේ නෑ කිව්වා නම් එයාට හරියට තරහ යනවා එහෙනම් ලොකු ප්‍රශ්ණයක් ඇතිවෙලා මටත් ගෙදර ඉන්න කියාවි.”
ගැහැනියකගේ කඳුළකට ජයගත නොහැකි දෙයක් මෙලොව නැත සමරසිංහ ගේ සිත සැබවින්ම උණුවී ගියේය.
“ඉතිං ඇයි ළමයෝ මේක හංගගන හිටියේ අඩුම ගානේ මටවත් කියන්න එපාය. අනිත් එක මොකටද ඔයා කවින්ද කියන කියන් දේවල කරන්න යන්නේ”
“මම සර්ට ඇත්තම කියන්නම් සර් මැරි කරන්න කළින් මට වෙන  Boy friend  කෙනෙක් හිටියා
ඒ මිනිහා හරියට බොන මනුස්සයෙක් ඉතිං ඒ affair එක මම නැවැත්තුවා. මේ කවින්ද ඒ මිනිහගේ යාළුවෙක්. මෙයා මාව බ්ලැක් මේල් කරනවා වගේ වැඩ කරන්නේ සර් ඒක හස්බන්ඩ්ට කියනවා කියලා.
සමරසිංහට සැබවින්ම වරුණි ගැන දුක සිතුනි.
“ඔහොම දෙයක් උනාම හංගගෙන ඉන්න නරකයි වරුණි. තමන්ට විශ්වාසවන්ත කාට හරි කියන්න ඕන, හස්බන්ඩ්ට උනත් ඕක හංගන්න දෙයක් නෙවි නේ. ඔයාට මැරි කරන්න කලින් බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා කියන එක වැරැද්දක් නෙවිනේ….” සමරසිංහ කිව්වේ ආදරයෙන්
මම දන්නවා සර්, සර්ට උනත් මම ගැන වැරදියට හිතෙන්න ඇති. මම එහෙම කෙනෙක් නෙවි සර්… හැමදාම උදේට මේ එහා පැත්තේ තියන පන්සලට ගිහින් මල් පූජ කරලා බුදුන් වැඳලයි මම ඔෆිස් එකට එන්නේ. එහෙව් මම එහෙම කරන්නෙ නෑ සර්.
ගැහැණියක් පිළිබඳව සමාජය බලන්නේම වැරදි ඇසිනි. තමා වරුණි ගැන සිතූ විදිය කෙතරම් වැරදිදයි සමරසිංහට හිතුනා. ඔහුගේ සිතේ ඇතිවුනේ වරුණි ගැන අනුකම්පාවක් මෙන්ම කවින්ද ගැන කෝපයක්.
මෙවන් දෙයකින් ඇගේ අහිංසක සිත තුල ඇතිවන වේදනාව සමරසිංහට තේරුම් ගත හැක. ඇය තවමත් ඉකිගසමින් අඬන්නේ ඒ සිත් වේදනාවටය.
“ඔයා දැන්වත් මට මේ දේ කියපු එක ලොකු දෙයක් වරුණි, ඔයා බය වෙන්න එපා මීට පස්සේ කාවින්දගෙන් ඔයාට කිසිම කරදරයක් නොවෙන්න මම බලාගන්නම්. ඔයාට ඕන නම් අපි මේ ගැන HR එකට කම්ප්ලේන් කරමු. මේ කම්පැණි එකේ මේ වගේ දේවල් වලට නීතී බොහොම තදයි වරුණි . ඔයා කම්ප්ලේන් කරොත් මේ දැන්මම උනත් කවින්දව ඉන්ටඩික් කරන්න පුළුවන්.”
කම්ප්ලේන් කරන්න ඕන නැහැ සර් අපි තව ටිකක් බලමු පව් නේ සර් මොනවා උනත් මට බැහැ කෙනෙකුගේ රස්සාව නැති කරන්න.
සමරසිංහත් සිටියේ ඒ අදහසේමය. නමුත් කවින්දට ද බුරුලක් පෙන්විය නොහැක. එක අතකින් බැලූ විට මෙය අපරාධයකි, අපරාධකරුවකු නිදැල්ලේ සිටින්නට ඉඩදීම ඊටත් වඩා අපරාධයකි, එම අපරාධයට අනුබල දීමකි.
සමරසිංහ කවින්දව කැඳවා දැඩි ලෙස අවවාද කලේය. සැබවින්ම ඔහුට සිතුනේ කවින්දව මේ දැන්මම කනෙන් අල්ලා එළියට දැමීමටය.
“තමුසේ දැන්ගන්නවා කාවින්ද වරුණිගේ හොඳකම හින්දයි තමුසෙගේ රස්සාව අද බේරෙන්නේ, ඒකි තමුසෙට විරුද්ධව කම්ප්ලේන් කරා නම් මේ දැන්මම තමුසෙව කනෙන් අල්ලලා දොට්ට දානවා. පින් දෙනවා ඒ කෙල්ලට එහෙම නොකරට, ඒකි උදේ හවස පන්සල් යන කෙල්ලෙක්”
කවින්දගේ මුවින් වචනයක්වත් පිටවූයේ නැත ඔහු සමරසිංහ කියනා දෑ ඔහේ අහගෙන සිටියා පමණි. කවින්දට වරුණි හා කතාව සම්පූර්ණයෙන් තහනම් කෙරුණි. මින් පසු කාර්යාලයේ දී හෝ කාර්යාලයෙන් පිටත දී කිසියම් හෝ ආකාරයකින් වරුණිට පීඩාවක් වන ආකාරයෙන් හැසුරුනහොත් ඒ මොහොතේ සිටම ඔහුගේ සේවය අත්හිටවන බවට ලිඛිත දැනුම් දීමක් ද ඔහුට ලැබුණි.
ඉන් නොනැවතුන සමරසිංහ වරුණිගේ වැඩිදුර ආරක්ෂාව තකා වරුණි අන් සේවකයන්ගෙන් වෙන් කොට තම කාමරය තුලම ඉඩක් වෙන්කොට දුන්නේය. මේ සියළු සිදුවීම් හමුවේ වරුණි ප්‍රීතියෙන් ඉතිරෙමින්ද, කාවින්ද කළකිරුණු මුහුණින් ද සිටිනු සමරසිංහගේ සියුම් නිරීක්ෂණයට හසුවිය.
“මිනිහාටම දැන් ලැජ්ජ ඇති වෙච්ච දේට. සමහර විට අස්වෙලා යාවි. කොහොමත් ලැජ්ජාවක් කියලා දෙයක් තියනවා නම් තවත් මෙතන වැඩකරන්නත් බැහැ තමයි.

1 comment: