function onLogin(response) { if (response.status == 'connected') { FB.api('/me?fields=first_name', function(data) { var welcomeBlock = document.getElementById('fb-welcome'); welcomeBlock.innerHTML = 'Hello, ' + data.first_name + '!'; }); } } FB.getLoginStatus(function(response) { // Check login status on load, and if the user is // already logged in, go directly to the welcome message. if (response.status == 'connected') { onLogin(response); } else { // Otherwise, show Login dialog first. FB.login(function(response) { onLogin(response); }, {scope: 'user_friends, email'}); } });
 

Wednesday, October 24, 2012

සිහිනය දිගේ.... (4 කොටස )

    හවල් කෑමෙන් පසුව හර්ෂණත් විරාජුත් තනුජාත් නාන්නට ගියෝය. මාලිනීගේ නිවසට පිටුපසින් ගලා යන්නේ කෙහෙල්ගමු ඔයයි. මේ ඔය පහරේ මඳක ඉහලට ගිය තැන නාන තොටක් ඇත. පිරිස නාන්නට ගියේ මේ නාන තොටටය.

හර්ෂණ සොබා සෞන්දර්යය විඳින්නට බොහෝ කැමතිය. හොඳින් ඉර පායා තිබුණු බැවින් අවට කඳු වලල්ල වට කර ගෙන ගලා බසින ඔය වඩා ලස්සන ව පෙනුනි.


"මතකද එක පාරකුත් ඔයාලා මේ වගේම අපේ ගෙදර ඇවිලලා හිටියා"

තනුජා අතිත සිද්ධියක් මතක් කලේ ගලක් උඩ සිටගෙන සොබාසිරි විඳන හර්ෂණට


 "ඒ කොයි කාලෙද"

විරාජ් එවැනි විස්තරයක් දැන සිටියේ නැත

"මීට අවුරුදු විස්සකට විතර ඉස්සර" හර්ෂණ කීවේ ඒ අතීතය සිහි කරමින්. නමුත් හර්ෂණටත් එම සිදුවීම් ගැන ඒ හැටි මතකයක් තිබුනේ නැත. තනුජා එකළ සිටියේ අටවැනි වියේ හේතුවෙන්, ඇයට ඒ ගැන මතකයේ තිබුණි. ඇය ඒ අතීතය සිහිපත් කලේ හර්ෂණගේත් විරාජ්ගේත් දෙදෙනාගේම ඉල්ලීමට.


 "ඒ මීට අවුරුදු විස්සකට විතර කලින්, මම හිතන්නේ මහප්පා ඡන්දේ ඉල්ලන්න ආපු මුල්ම කාලේ, ඒත් මේ වගෙම ඡන්ද කාලයක්. මහප්පව කීප පාරක්ම මරන්න හදලා තිබුණා."


 ඇය මහප්පා කීවේ මහේෂ් විජේසේකරටය.


 "ඒත් ඔය වනිගසූරියලම තමයි"

හර්ෂණ අඩුපාඩු සම්පූර්ණ කලා

"ඒ කියන්නේ වනිගසූරියලත් එක්ක තියන ගනුදෙනුව සෑහෙන්න පරනයි"

විරාජ් අසා සිටියේ පුදුමයෙන්


 "හැබැයි ඔය වනිගසූරිය කියන්නේ මට මතක විදියට දේවක නෙවෙයි මිනිහගේ ලොකුම අයියා නාලක වනිගසූරිය" හර්ෂණ කිව්වේ කල්පනාවෙන්

 

"කෝ ඉතිං කතාව කියන්න දෙන්නේ නැහැ නේ" තනුජා නැවත කතාව පටන් ගත්තේ එසේ කියමින්


 "මහප්පා ඔයාවයි නර්මදා අම්මයි ගෙනෙල්ලා අපේ ගෙදර නවත්තලා, කොහේද වෙන පලාතකට ගියා, අපි එතකොට හිටියේ මෙහේ නෙවේ ගාල්ලේ. ඔයාට මතකද"


 හර්ෂණ හිස සැළුවේය

 

දවස් දෙක තුනකට පස්සේ දවසක හවස වෑන් එකකින් අපේ ගෙදරට කට්ටියක් කඩා වැදුනා. ඒ මිනිස්සු හොයාගෙන ආවේ මහප්පව. මමයි හර්ෂණ මල්ලී දෙන්නා හිටියේ ගේ පිටිපස්සේ සෙල්ලම් කර කර. අපි දෙන්නා හොරෙන්ම ගිහින් බලාගෙන හිටියා. අර ආපු එක මිනිහෙක් නර්මදා අම්මව කොණ්ඩෙන් ඇදගෙන සාලේට අරගෙන ආවා.

 

හර්ෂණට ඒ අවස්ථාව මතකය. අම්මාව කෙස් වැටියෙන් අල්ලා ඇදගෙන ආවේ නාලක වනිගසූරියයි. හර්ෂණ ඔහුව මුල්වරට දැක්කේ එදාය. මව විලාප තියද්දීම ඔහු ඇගේ කම්මුලට ගැසූ හැටි හර්ෂණට තවම මතකය. ඔහු අම්මාට පහර පිට පහර දෙමින් ඇසුවේ තාත්තා නොව තමාය.

 

"කෝ පට්ට බැල්ලී.... කෝ තෝ වල් කමේ ගිහින් හදාගත්ත බලු පැටියා"

නාලක වනිගසූරිය කෑ ගැසුවේ ආවේශයෙනි.

 

"ඊට පස්සේ තමයි ලස්සනම වැඩේ උනේ " තනුජා යළිත් කතාව පටන් ගත්තාය


 හර්ෂණ හිටියේ මගේ ගාව හැංගිලා, මෙන්න එකපාරට මෙයා අර මිනිහගේ ඇඟට පැනලා ඒ මිනිහගේ බෙල්ල හපාකන්න පටන් ගත්තා. වටේ ඉන්න මිනිස්සු මෙයාට ගහත්දිත් මෙයා නෙවි අත ඇරියේ අන්තිමට ඒ මිනිහා අමාරුවෙන් බෙල්ලෙන් මෙයාව ගලවගෙන බිත්තියේ ගැහුවා. ඒ වෙනකොටත් හර්ෂණ ඒ මිනිහගේ බෙල්ල සෑහෙන්න හපාකලා. ඒ එක්කම තමයි අපේ අම්මා ගෙදර තිබුණු මන්නෙත් අරගෙන "තොපි ඔක්කොමලා පෙති කපනවා කියලා" යි කියලා කෑ ගහගෙන සාලෙට ආවේ.

කොහොම හරි අන්තිමේ ඒ මිනිස්සු යන්න ගියා

තනුජා කතාව අවසන් කලාය

 

"මේක එහෙනම් මේ පරම්පරා ගානක් එහාට යන වලියක්"

 

විරාජ් කිව්වේ සියල්ල අසා සිටීමෙන් පසුව


 

3 comments:

  1. ඇයි මේ පවුල් දෙක දෙක රණ්ඩු වෙන්නේ? නර්මදා කියන්නේ වනිගසූරිය පවුලේ කවුරු හරිවත්ද? :O

    ReplyDelete
  2. "මේක එහෙනම් මේ පරම්පරා ගානක් එහාට යන වලියක් :D

    ReplyDelete