function onLogin(response) { if (response.status == 'connected') { FB.api('/me?fields=first_name', function(data) { var welcomeBlock = document.getElementById('fb-welcome'); welcomeBlock.innerHTML = 'Hello, ' + data.first_name + '!'; }); } } FB.getLoginStatus(function(response) { // Check login status on load, and if the user is // already logged in, go directly to the welcome message. if (response.status == 'connected') { onLogin(response); } else { // Otherwise, show Login dialog first. FB.login(function(response) { onLogin(response); }, {scope: 'user_friends, email'}); } });
 

Tuesday, October 30, 2012

සිහිනය දිගේ.... (5 කොටස )



 උදෑසන සීතල දරාගෙනම හර්ෂණ නිවසින් එළියට බැස්සේ නාන තොට පැත්තට යන්න සිතාගෙන. නිවස පිටුපසින් ගලායන කෙහෙල්ගමු ඔය පහරේ සුන්දරත්වය විඳිමින්, ඔහු ඇවිදගියේ අරමුණකින් තොරව.

  හර්ෂණ, මාලිනීගේ නිවසට පැමිණ මේ වන විට දින තුනක් ගෙවී ඇත. මේ දින තුන පුරාම ඔහු කලේ හොඳ හැටි නිදාගැනීම පමණි. ඡන්ද උණුසුම කෙමෙන් පහව යමින් තිබූ නිසා පුවත්පතක වත් විශේෂ සිදුවීමක් නැත. මැතිවරණය  දා සිදුවූ ඝාතන සම්බන්ධව මහේෂ්ගේ ආරක්ෂකයන් දෙදෙනෙකු අතඩංගුවට ගෙන තිබුනද තවමත් ඒ පිළිබඳ පර්යේෂණ කටයුතු නිසියාකාරව ආරම්භ වී නැත. හර්ෂණට දුරකථන ඇමතුම් ලබාගැනීම පවා තහනම් කර තිබුනෙන් කොළඹ සිදුවන්නේ කුමක්දැයි හරියටම කියන්නට හර්ෂණ හෝ විරාජ් දෙදෙනාම දැන සිටියේ නැත.

 

තමා කොළඹ සිට හිරේට ගියා නම් මීට වඩා දහස් ගුනයක් හොඳයැයි හර්ෂණට සිතුනේ වරක් දෙවරක් නොවේ, අඩුම තරමේ එසේ වූවා නම් කතාකරන්නට වත් නිදහස ඇත, හිරේ නොගියත් දැන් මේ සිටින්නට සිදුවී ඇති විදිය හිරේ ගියාට අන්තය . තුසිත වනිගසූරියගේ මරණයට තමා වගකිව යුතුයැයි කිසිදු පසුතැවීමක් ඔහුට නැත. හර්ෂණගේ මතය තමා අවස්ථාවට ගලපෙන ලෙස ක්‍රියා කලා මිස තුසිත වනිගසූරිය මරා දැමීමේ අදහසක් තමා තුල නොවූ බවයි. එහෙයින් කිසිවිටෙකත් ඔහු තුල වරදකාරී හැඟිම් හෝ පසුතැවීමක් ඇතිවූයේ නැත.


උදෑසන මීදුම අතරින් ඈතින් මාර්ගයේ නවතා ඇති රථයක් ඔහුගේ නෙත ගැටුනේ අරමුණකින් තොරව ඔය ඉවුර ඉස්මත්තේ, මෙසේ පිය නගමින් සිටියදී. කහ පැහැති සාරියකින් සැරසී පොත් මිටියක් තුරුළු කරගෙන රථය අසල සිටින ඇය ඔහුගේ නෙත ගැටුනේ, වඩා විමසිලිමත් වෙද්දී. හර්ෂණගේ දෙපා රථය කරා ඇදී ගියේ ඔහුටත් නොදැනීම.

පොත් මිටියත් තුරුළු කරගෙන අත බැඳි කුඩා ඔරලෝසුවෙන් වරින් වර වේලාව බලමින්, ඇය සිටියේ නොඉවසිල්ලෙන්. හර්ෂණගේ නෙත් යොමුව තිබුනේ ඇගේ මුහුණට, ඒ දෑස් වලට ඔහුගේ දෑස් හමුවද්දී ඒ තුල තිබුනේ අමුතුම කාන්තියක්.

"අහ් මේ මේ ළමයා නෙව.... මම බැළුවා කව්ද කියලා"

"මුදලාලි...."

රථයට ලංවෙනතෙක්ම ඒ අසළ බලා සිටි විමලසේන මුදලාලිව හර්ෂණ දුටුවේ නැත.

"මේ ළමයා පොඩියක් මට මේ රෝදේ මාරු කරගන්න උදව්වෙමු බලන්ට"

රථයේ පිටුපස රෝදයක සුළං බැස තිබුණි. විමලසේන මුදලාලී මේ බලා සිටියේ කවුරුන් හෝ එනතෙක්ය, රෝදය මාරු කරන්නට ගියහොත් තම සුදු ඇඳුම පුරාම මඩ තවරාගැනීමට සිදුවන බව දන්නා හෙයින් ඔහු රෝදය මාරු කරන්නට උනන්දු වූයේ නැත.

මුදලාලීගේ මුවින් පිටවූ ඉල්ලීම ඔහුට පිපුපසින් සිටගෙන සිටි ඇගේ නිහඬ මුවින් පිටවූවක් ලෙස හර්ෂණට දැනුණි.

"ස්පෙයා වීල් එකක් තියනවද මුදලාලි"

විමලසේන මුදලාලී රථයේ පිටුපස විවෘත කර දුන්නෙන්, අමතර රෝදය ගත් හර්ෂණ විනාඩි පහක් යන්නට මත්තෙන් රෝදය මාරු කර සවි කලේය.

"ආ ළමයා මේකත් තියාගමු වියදමට"

විමලසේන මුදලාලී කිව්වේ කාරයට නගින්නට සුදානම්ව රුපියල් සීයයක් දිගු කරමින්.

"එපා මුදලාලි සල්ලි ඕන නැහැ"

"තියාගන්නවා තියාගන්නවා අයිසේ" යි කියමින් විමලසේන සල්ලි හර්ෂණගේ සාක්කුවට එබුවේය.

ඇගේ මුවට සිනාවක් නැගුනේ බොහොම ස්තූතියි කියන්නාක් මෙනි. රථය පිටව යන තෙක්ම ඔහු ඒ දෙස බලා සිටියෙන් තමන්ට පිටුපසින් පැමිණි හර්ෂණත් තනුජාත් ඔහු දුටුවේ නැහැ.

"ඇස පිය හෙලන පමණින් නොවේ දෙවඟන" නේද

තනුජා පැමිණියේ කවියක් කියාගෙන

"එයා ගියා.... " විරාජ්  මුහුන ඉදිරියෙන් අත  වනමින් කීවේ තවමත් ඒ දෙස බලා සිටින හර්ෂණට

"කවුද බං ඒ..."

හර්ෂණ ඇහුවේ විරාජ්ගෙන්

 

"මොකද මලයට දැක්ක ගමන් හිත වැටුනද?"

තනුජා ඇහුවේ හර්ෂණගෙන්

"ඔය තමයි විමලසේන මුදලාලිගේ බාලම දුව. නම දිල්මි, ටවුන් එකේ ලොකු ඉස්කෝලෙක උගන්නන්නේ. හරි හොඳ කෙල්ල, අනිත් දෙන්නාවගේ නෙවි හරිම හොඳයි ආඩම්බර කමක් ගෑවිලාවත් නැහැ. හොඳට ඉගෙනගෙනත් තියනවා, කොලඹ කැම්පස් එකේ ඉගෙනගෙන තියෙන්නේ"

තනුජා කියාගෙන ගිය විස්තරය අසා සිටි හර්ෂණ විරාජ් අතේ තිබූ තුවාය අරගත්තේ නාන්න යන්න හිතාගෙන.

 

"කවුද තාත්තේ ඒ"

දිල්මි ඇහුවේ වංගු සහිත මාර්ගයේ තරමක වේගයෙන් රථය පදවමින් සිටී විමලසේනගෙන්

"ඔය අර කඩේ මාලිනීගේ අයියගෙද මල්ලිගෙද ළමයෙක්, රස්සාවක් නැතිව කඩේ වැඩට උදව් වෙන්න කියලා ඇවිල්ලා"

දිල්මිට පුදුම සිතින. ඔහුට ඇත්තේ අපූරු පෙනුමකි කතා කරන විට පවා දිස්වන්නේ තේජ වන්ත බවක්, එවන් තෙජාන්විත පෞර්ෂයක් ඇයට විශ්ව විද්‍යාලයේදී පවා හමුවී නැත. ඔහු වැනි අයෙක් සිල්ලර කඩයක බඩු කිරනවායි කීම විශ්වාස කරන්නට අපහසුය.

"එයාගේ පෙනුම නම් එහෙම නෙවි හැබැයි"

දිල්මිට නොදැනුවත්වම කියවුනේ එබැවිනි.

"මම හිතාගෙන ඉන්නේ මිනිහට රස්සාවක් දෙන්න..., අපේ ත්‍රීවීල් එක වැඩකරන්න කියලා දෙන්න..."

විමලසේන පැවසුවේ දිල්මිගේ අදහස දැනගන්න

දිල්මි ඒ ගැන කිසිවක් නොකීවෙන් ඇගේ අකමැත්තක නොමැති බව විමලසේන සිතාගත්තා

 

"චන්දන ගියාට පස්සේ ඔය ත්‍රීවීල් එකත් නිකං නෙව තියෙන්ටේ, අනික ඔයාට උනත් ඉස්කෝලේ යන්න එන්න පුළුවන් එකෙන්"

 

විමලසේන මේ තරම් උදෙන් ටවුමට යන්නේ දිල්මි නිසාය. දිල්මිගේ පාසල නිමවූ විට නැවත එක්ක එන්නේද ඔහුය. නිවසේ බිරිඳට හෝ දුවට වෙනත් ගමනක් යන්නට ඇත්නම් ඒත් යායුතු වන්නේද ඔහුය. මේ නිසා ඔහුට වුනු ව්‍යාපාරික අලාභ බොහෝමය.


කාර් එකට අමතරව නිවසේ ත්‍රී වීලයක් තිබුනද එය පදවන්න කිසිවෙක් නැත. ටික කලකට පෙර එය පදවන්නට සිටි චන්දන ද වෙනත් රැකියාවකට ගිය පසු ත්‍රී රෝද රිය තිබුනේ නිකම්මය.විමලසේනට මේ අදහස ආවේ  මාලිනී ගේ කඩයේ දී රුවන් දුටු මොහොතේදීමය. ත්‍රීවීලරය හර්ෂණට හයර් කරන්නට දීමෙන් බිරිඳගේත් දියණියන්ගේත් ගමන් බිමන් සඳහා එය යොදාගත හැකිය. එය තමාට විශාල පහසුවකි. ඊට අමතරව සුළු හෝ ආදායමක් ද ලබාගත හැකිය. අද සවසම ගොස් මාලිනි ගේ කොළුවා හමුවී මේ ගැන කතා කරන්නට ඔහු සිතාගත්තේය.
 


 

3 comments:

  1. දැන් මේක අත ඇරලද බොල.. කෝ ඉතිරි කොටස් ??? දාෆිය අපේ හිත් කුරුවල් කරන්නේ නැතිව.. තව එකක් මේ කමෙන්ට් දාන කොට එන වර්ඩ් වර්ටිෆිකේෂන් එක අයින් කරපන්...

    ReplyDelete
  2. කොටස් අටක් දාලා තියෙන්නේ. නවවෙනි කොටසත් ඉක්මනටම දානවා.

    ReplyDelete
  3. තාත්තාගේ කම්මැලිකම නිසා, කෙල්ල අමාරුවෙ වැටෙන හැඩයි ;)

    ReplyDelete