function onLogin(response) { if (response.status == 'connected') { FB.api('/me?fields=first_name', function(data) { var welcomeBlock = document.getElementById('fb-welcome'); welcomeBlock.innerHTML = 'Hello, ' + data.first_name + '!'; }); } } FB.getLoginStatus(function(response) { // Check login status on load, and if the user is // already logged in, go directly to the welcome message. if (response.status == 'connected') { onLogin(response); } else { // Otherwise, show Login dialog first. FB.login(function(response) { onLogin(response); }, {scope: 'user_friends, email'}); } });
 

Tuesday, November 13, 2012

සිහිනය දිගේ.... (8 කොටස )



දිල්මිව පාසලට ඇරලවීමෙන් පසුව හර්ෂණ කෙලින්ම ගියේ නගරයේ ත්‍රීරෝද රථ නැවතුම්පොල වෙත. ඒ ඊයේ සවස විමලසේන මුදලාලි ඔහුට හඳුන්වාදුන් ජෙරාඩ් ව හමුවීමට.

ජෙරාඩ් ත්‍රී රෝද රථ හිමියෙක්, ත්‍රීරෝද රථ ගාලේ පාලනය නොනිල ලෙස පැවතුනේ ජෙරාඩ්ගේ භාරයේ. නගරයේ කුලී රථ ධාවනය වන්නේත් නවතින්නේත් ඔහුගේ කැමැත්ත අකමැත්ත මත. ජෙරාඩ් හර්ෂණව පිළිගත්තේ බොහෝ ලෙංගතුව.

"මල්ලිලා......,  මේ අපේ විමලෙ මුදලාලි මහත්තයගේ වාහනේ, මේ මල්ලි තමයි අද ඉඳන් මේකේ වැඩ කරන්නේ"

ජෙරාඩ් කීවේ අනෙකුත් අයට හර්ෂණව හඳුන්වාදෙමින්

අනතුරුව ඔහු තම සගයකුට ඇමතුවේය

 

"නීල් මල්ලී...ඔයාගේ ටර්න් එක මේ මල්ලිට දෙමු... හා හා පුරා කියලා යන එකනේ"

 

ඒ අනුව හර්ෂණ, ත්‍රීවිල රථය ඉදිරියෙන්ම ගාල් කලේය. ඔහුට පළමු කුලී ගමන යන්නට ලැබුනේ මැදිවියේ කාන්තාවක් සමඟය. ඒ නගරයේ සිට කිලෝමීටර කිහිපයක් එපිටට.

නියමිත ස්ථානයෙන් කාන්තාව බැස්සවූ පසුව ඔහු නැවතත් රිය ගාලට යන්නට සිතුවේ නැත. පාරේ නිදහස් තැනක රථය නවතාගත් ඔහු දවසේ පුවත් පත් බලන්නට පටන්ගත්තේය. පුවත් පත් සියල්ලකම පාහේ තිබුනේ එකම වාගේ ප්‍රවෘත්තිය. හර්ෂණ විශේෂයෙන් අවධානය යොමු කලේ තම පියා ගැන වූ ප්‍රවෘත්ති වලටය. මේ සම්බන්ධව කිහිපදෙනෙක්ම අත් අඩංගුවට ගෙන ඇතත් තවමත් මහේෂ් විජේසේකර හිටපු ඇමතිවරයා අත් අඩංගුවට ගෙන නැත. සැබවින්ම මේ ගැන හර්ෂණට ඇත්තේ පුදුමයකි.

පාසල් නිමවන වේලාව වන තෙක්ම පත්තර කියවමින් සිටි හර්ෂණ, පාසල් නිමවීමට විනාඩි දහයක් පමණ තිබියදී දිල්මිගේ පාසල අසලට ගියේය.

වේලාවටත් කලින් හර්ෂණ පැමිණියත්, දිල්මි ආවේ පාසල නිමවීත් පැය භාගයකට පමණ පසුය.

 

"හොඳටම බඩගිනි...යී..." කියාගෙන පැමිණ දිල්මි රථයට ගොඩ වෙද්දී හර්ෂණ සිටියේ නොඉවසිලිමත්වය.

 

"රුවන් ඇවිල්ලා හුඟක් වෙලාද..... අද ස්ටාෆ් මීටිං එකක් තිබුනනේ"

"ඔව් මිස් පැය භාහයකටත් වැඩී"

හර්ෂණ කිව්වේ රථය පණගන්වන ගමන්

"රුවන් ළඟ මොබයිල් ෆෝන් එකක්වත් නැහැ නේ කතාකරලා කියන්න"

"අනේ නැහැ මිස් මම ඉතින් ඕකකින් කාට කතා කරන්නද"

 

හර්ෂණ කිව්වේ බොහොම අහිංසක හඬකින්, ඔහු කියූ කතාවට ඔහුටම සිනහයන්නට ආවෙන් ඔහු ඉදිරිපස බලාගත්තේය.

තමා ඉදිරිපස සිටින මේ පුද්ගලයා කියන්නේ පට්ටපල් බොරු බව නොදත් අහිංසක යුවතියට දැනුනේ ඔහු ගැන අනුකම්පාවක්. ටික දවසකින් රුවන්ට ජංගම දුරකථනයක් අරන් දිය යුතුයැයි ඇය ඒ මොහොතේ සිතාගත්තාය.

රුවන් පිළබඳව දිල්මිට ඇත්තේ අමුතුම හැඟීමකි. එය ආදරයක්ද අනුකම්පාවක්ද දයාවක් ද කියන්නට ඇය දන්නේ නැත. දින දෙකකට පෙර දුටුවත් ඇයට හැඟෙන්නේ ඔහුව බොහෝ කලක සිට දන්නා බවකි. මේ හැඟීම ඇයට ඇතිවුනේ ඔහු දුටු දවසේමය, අද ඔහු සමඟ කතාබහ කරද්දී මේ හුරුපුරුදු බව තව තවත් වැඩියෙන් දැනිනි. ඔහුගේ කතාබහ හැසිරීම්, සමහර අංග චලන, මින්පෙර කොහේදි හෝ දැක පුරුදු බව ඇයට විශ්වාසය. නමුත් ඒ කවදා කොහේදීදැයි ඇයට මතක නැත. නමුත් ඒ සියල්ලම තමා ප්‍රියකරන මෙන්ම කවදා හෝ ජීවිතයේ පිරිමියකුගෙන් බලාපොරොත්තු වූ ගතිලක්ෂණ බව දිල්මි දනී. ඇයට පුදුම ඒ සියල්ල මේ දුප්පත් කොල්ලාට පිහිටා තිබීමය. වසර විසි හයක තම ජීවිතයේ, පාසලේදීත් විශ්ව විද්‍යාලයේදීත් මගතොටදීත් ඇයට කොතෙකුත් පිරිමි හමුවී ඇත. නමුත් මෙවන් පිරිමියෙක් තමාට කෙදිනකවත්, කොහේදීවත් හමුවී නැති බව ඇයට ඉඳුරාම විශ්වාසය. සමහරවිට මේ හුරුපුරුදු බව පෙර ආත්මයකදී වන්නට ඇත.

එදින රාත්‍රියේ නින්දට ගියත් ඇයට බොහෝ වේලාවක් යන තෙක් නින්ද ආවේ නැත. නිදි වර්ජිතව සිටින රාත්‍රිය පුරාම ඇය සිතුවේ හර්ෂණ ගැනය. තමා මෙසේ ඔහු ගැන කල්පනාකරන්නා සේම ඔහුටත් තමාගැන විශේෂත්වයක් ඇතිදැයි ඇය කල්පනා කලාය. සමහර විට එසේ නොවන්නටද ඉඩ ඇතැයි ඇයට සිතුණි. තමා මෙසේ ඔහු ගැන සිතුවත් ඔහු සමහරවිට මේ මොහොතේත් වෙනත් අයකුගැන සිතමින් සිටිනවා විය හැකිය. මේ රාත්‍රියේ ඔහු පිළිබඳව සිතන එකම ගැහැණිය තමා නොවන්නටද ඉඩ ඇත.

දිල්මි සිතුවාසේම, මේ රාත්‍රියේ නිදිවර්ජිතව හර්ෂණ පිළිබඳව කල්පනාකරමින් සිටි එකම ගැහැණිය ඇය නොවූවාය. දිල්මිසේම හර්ෂණගේ මව, නර්මදා විජේසේකර මේ මොහොතේ සිටියේත් නිදි වර්ජිතව තම පුතු ගැන කල්පනා කරමිනි.

ඇයට තම පුතු ගැන නොයෙක් දෑ සිතේ. ඔහු මේ මොහොතේ මොනවා කරනවා ඇතිද. හර්ෂණ මෙසේ සැඟවී සිටින්නේ කැමැත්තකින් නොවන බව ඇය දනී. විටෙක මේ සියල්ලටම වැරදිකරු තමා නොවෙදැයි ඇයට සිතේ. තමා ජීවිතයේ කල එකම වරද මෙසේ පන්න පන්නා තමාගෙන් පලිගන්නේ ඇයිදැයි ඇය තම සිතෙන්ම විමසුවාය. ඇයට තම කුඩා කල මතක්විය. තමා කිසිදිනක හිතුවක්කාර කමක් නොකල බව ඇය මතක් කලේ වේදනාවෙන්. පාසල් කාලයේත්, වෛද්‍ය විද්‍යාලයේ සිටියදීත් තමා කෙතරම් අහිංසක කෙල්ලක වීද , ඒදවස් කෙතරම් සරලව සැහැල්ලුවෙන් ගෙවීගියේද

වෛද්‍යවරියක ලෙස පළමු පත්වීම බණ්ඩාරවෙල දුෂ්කර රෝහලකට ලැබී එහි ගෙවූ අතීතය ඇය සිහිකලේ අශාවෙන්, එකල ලංකාවේ ප්‍රභල ඇමතිවරයෙකුගේ බිරිඳවීමට ඇය සිහිනෙන්වත් බලාපොරොත්තු වූයේ නැත. ජීවිතය කෙතරම් පුදුමද, මේ සියල්ල වෙනස් වූයේ මහේෂ් විජේසේකර හමුවු බැවිණි. ඔහුගේ කෙතරම් වැරදි තිබුනද ඔහු අද වන තෙක් තමාට හොඳ ස්වාමිපුරුෂයෙක් විය. හර්ෂණට හොඳ පියෙක් විය. තමා නිසා ඔහුට විඳින්නට වූ කරදරද තවමත් නිමක් නැත.

මේ සියල්ලටම වැරදිකරු ඔහුයැයි තවත් විටක ඇයට සිතෙයි, නමුත් ඒ සිතිවිල්ලට එරෙහිව ඇගේ යටිසිත සටන් කරන්නේ හර්ෂණ ලැබෙන්නට ආදා පටන් ඔහු කෙතරම් දයාබර සැමියෙකුවීදැයි ඇයට මතක කර දෙමින්.

මේ ජිවිතයේදී තමා ලද වටිනාම තිළිනය ලැබුවේ ඔහුගෙනි. ඒ හර්ෂණය. එවන් පුතෙක් ලබන්නට දෙමව්පියන් බොහෝ පින්කර තිබිය යුතුය. හර්ෂණ සම්බන්ධ අතීත සිදුවීමක් ඇයට සිහිවිය, නාලක වනිගසූරිය සහ ඔහුගේ මැර පිරිස නිවසට කඩා වැදුනු අවස්ථාවේ හර්ෂණ නාලකගේ ගෙල දරුණු ලෙස සපාකැවේය. නාලක ඔහුව අල්ලා බිත්තියේ ගැසූයෙන් ඔහුගේ හිස පැලී ලේ ගලන්නට විය. හර්ෂණගේ හිසට වූ තුවාලය බරපතලය. ඔහුට ඒ අවස්ථාවේ බෙහෙත් දැමුයේ තමාය. තුවාලයට මැහුම් හයක් දමන්නට සිදුවිය,  ඔහුගේ හිසට මැහුම් දමන වාරයක් පාසා තමාට හැඬුනද හර්ෂණ එක බිඳක්වත් නොහඬා වේදනාව ඉවසාගෙන සිටියේය.

ඊට පසු දිනක මාලිනී සමඟ හර්ෂණගේ කේන්දරය බලවන්නට ගිය අවස්ථාවක, කෙන්දරය පරීක්ෂා කල හාමුදුරුවන් පැවසූ දෑ ඇයට තවමත් මතකය.

බොහෝ වේලාවක් කේන්දරය පරීක්ෂා කර අවසානයේ චන්ද්‍රජෝති හිමියන් නැගී සිටියේ කවියකුත් කියාගෙන.

 

කටේ කිරි සුවඳ යන්නට පවා බැරි වුනා...

යුධට උපන් කුමරුන් යැයි නමක් ඇතිවුනා...

මුල්ලේරියා වැවේ වතුර ලෙයට හැරවුනා...

ටිකිරි කුමරු රාජසිංහ නමින් රජවුනා....

  

නිතර නිතර සීතාවක රණ බෙර නැගුනා....

කොළඹ කොටුවේ බළල් මසුත් ගිනි ගනන් ගියා...

පරංගී දේසේ රජුටත් මර උණ ගැනුනා...

රාජසිංහ දෙවි නාමය ලොවේ රජවුනා....

 

"මේක බොහොම බලගතු කේන්දරයක් උපාසක නෝනා බොහොම බලගතු රාජ යෝග තියනවා"

 

"එහෙමයි හාමුදුරුවනේ"

"දවසක මහා කුණා විලක් වගුරවල හරි මේ රටේ රජ වෙනවා, මේ තියන බාධක ඒ තරං ගනං ගන්ට කාරියක් නෑ කඩුවක් උනත් මුවහත් වෙන්න නං හොඳට තැලිලා තියෙන්න ඕන"

හාමුදුරුවන් කියූ ඒ කතාව ඇත්ත යැයි නර්මදා විජේසේකට දැන් සිතේ. හර්ෂණ සාමාන්‍ය වේලාවට ඉතා හොඳය, මිනිසුන්ට බොහෝ කරුණාවන්තය. නමුත් සමහර අවස්ථාවල ඔහු ඉතා කෲරය එවන් අවස්ථාවල ඔහු හැසිරෙන්නේ ම්ලේච ආකාරයටය. පෙරේදා රාත්‍රියේ සැමියා කියූ රහසක් ඇයට නැවතත් සිහිපත් විය.

තුසිත වනිගසූරියට වෙඩි තැබූ අවස්ථාවේ, බිම වැටී පන අදිමින් සිටී හුස්ම හිරවන පරිදි හර්ෂණ තම සපත්තුවෙන් ඔහුගේ මුහුන පාගා දැමීය. මහේෂ් විජේසේකර ඒ අවස්ථාවේ හර්ෂණව ඈතට ඇදගත්තේ බොහෝ වෙහෙසක් දරමිනි.  හර්ෂණ ඉවත් වුනේ බිම වැටී දඟලමින් සිටි තුසිතගේ දත් කැඩී යන ලෙස පා පහරක්ද ගසමිනි. මේ සිදුවීම පොලිස් පරීක්ෂණයෙන් ඉවත් කිරීමට මහේෂ්ට තවත් අමතර වෙහෙසක් දැරීමට සිදුවිය.

3 comments:

  1. උපරිමයි ගන්දර අයියේ උපරිමයි!!! :D
    මං මෙච්චර කාලෙකට කියවල තියන පොත් වලින් මන් ආසම පොතක් තමයි ටී.බී ඉලංගරත්නගෙ 'තිලක' නවකතාව.එක හුස්මට මේ ටික කියවගෙන යද්දි මට ඒක මතක් වුනා.
    චරිත හැඩගැස්වීම නියමයි! කළුම කළු චරිත ඉස්සරහට තියෙයිද කියන්න දන්නෙ නෑ ඒත් සුදුම සුදු චරිත නම් නෑ වගේ.ඒක තමයි මේ කතාවෙ මං දකින වැදගත් ලක්ශනේ.
    දිගටම ලියන්න.මම නං කියවනවා :)
    -මීට,අමුතු සේන.

    ReplyDelete
  2. //විටෙක මේ සියල්ලටම වැරදිකරු තමා නොවෙදැයි ඇයට සිතේ. තමා ජීවිතයේ කල එකම වරද මෙසේ පන්න පන්නා තමාගෙන් පලිගන්නේ ඇයිදැයි ඇය තම සිතෙන්ම විමසුවාය. // මෙන්න මේක තමා මටත් දැන ගන්න ඕන :O

    ReplyDelete
  3. අම්බෝ බයත් හිතෙනවා :D

    ReplyDelete