function onLogin(response) { if (response.status == 'connected') { FB.api('/me?fields=first_name', function(data) { var welcomeBlock = document.getElementById('fb-welcome'); welcomeBlock.innerHTML = 'Hello, ' + data.first_name + '!'; }); } } FB.getLoginStatus(function(response) { // Check login status on load, and if the user is // already logged in, go directly to the welcome message. if (response.status == 'connected') { onLogin(response); } else { // Otherwise, show Login dialog first. FB.login(function(response) { onLogin(response); }, {scope: 'user_friends, email'}); } });
 

Friday, January 11, 2013

රස්සගේ වස කතා...



ගන්දරය කවදත් පිනට දහමට ලැදි, හතර පෝයට සිල් ගන්න, කුරා කූඹියෙකුටවත් හිංසාවක් පීඩාවක් නැති, පිනට ප්‍රිය, පවට බය, ඇල්වතුරත් නිවලා බොන තරම් දැහැමි උපාසකයෙක් කියලා උඹලා දන්නවානෙව. ඉතින් දෙයියනේ කියලා යන තැනකට වැඩක් කර ගන්නත් එක්ක ගන්දරයා පහුගිය දොහේ ගියා කතරගම වන්දනාවක.

තංගල්ල අම්බලන්තොට එහෙම පහු කොරාන හම්බන්තොටට කිට්ටු වෙනකොට බලන්ඩ එපාය ආයුබෝවංඩඒ පැත්තේ සංවර්ධොනේ. එහෙං ගුවං පාලං ගහනවා මෙහෙන් පාරවල පලල් කොරනවා, එක පැත්තකින් වරායවල් හදනවා අනෙක් පැත්තෙන් ගුවං තොටුපොලවල් හදනවා. පුහ් අන්න සංවර්ධනේ. අපිට උනත් කොයිතරං නං ආඩම්බරයක්ද. එහෙං රූං ගාලා අහස් යාත්තරා ඇවිත්  වරායට බානවා මෙහෙං නැව් ඇවිත් ගුවන් තොටුපොලේ නවත්තනවා.


අපේ නඩේත් මේ සංවර්ධනේ බලාකියාගෙන තිස්සමහාරාමේ චෛත්‍ය රාජයාත් වැඳ පුදාගෙන ඉස්සරහ බැළුවයි කියමුකෝ. පාන්දරම පිටවෙච්ච නඩේට, උදේට කන්නයි උහුලගෙන හිටපු ජීවන බර හෑල්ලු කොරගන්ටයි එක්ක නඩේ ගුරා, උන්දෑගේ ඇයි හොඳයි තියන කඩයක් ඉදිරිපිට වාහනේ නතර කොරපි.

ඔන්න දැන් කට්ටියම බැහැලා, සමහරු කැලෑවට වැදිලා තම තමන්ගේ ජීවන බර හෑලිලු කොර ගන්නවා. තව සමහරු තම තමන් ගෙනාපු මළුවල තියන කැවිලි ජාති එළියට අදිනවා. ඒ අතරෙ කඩේ මුදලාලි ගොයියත් එහෙට මෙහෙට පැන පැන කට්ටියට සංග්‍රහ කොරනවා. ගන්දරයත් ගොහින් මුදලාලිගේ කඩපිලේ වාඩිවුනේ විකුණන්න තිබ්බ හොඳ කිරිපැණි හට්ටියකුත් අරගෙනම. ඕං ඔහොම අපේ නඩේ කඩපිලේ සප්පායම් වෙවී ඉන්න අතරේ තමයි බොහොම ආමාරුවෙන් කකුල අද්ද අද්ද ආපු මනුස්සයෙක් කඩපිලේ වාඩි උනේ. මුදලාලිත් උන්දැව දැක්ක හැටියේ යහමින් සීනී එහෙම දාපු කහට කෝප්පෙකුත් අරන් ගියා මිනිහා ළඟට.

"
මොකෝ හීන්නි මහත්තයෝ අදත් හරකා කුලප්පු උනැයි"

මුදලාලි ඇහුවේ තේ එක අතට දෙන ගමන්

"
ඒක නොවෙන්නං පොඩි මහත්තයෝ.... කකුලත් ඇමැට්ටි උනානෝ"

ගන්දරයටත් ඉතිං ඕන නැති කුණු ගොඩක් තියනවැයි, මාත් හෙමිහිට කිට්ටු කොරා උන්දෑ ළඟට.

"
කකුල ඇමැට්ටි උනයි මාමේ...." මම ඇහුවේ මිනිහට අඳුරන හිනාවක දාන ගමන්

"
ඒක නෝ මහත්තයෝ" මිනිහා උත්තර දුන්නේ බුලත් කහට බැඳිච්ච දත්ටික මට පෙන්නමින්.

"
මක්කයි උනේ මාමේ"

"
හරකා කුලප්පු උනානෝ මහත්තයෝ"

"
හැබෑට…. අර මක්ක වෙලයි ඒ"

"
බලු රංචුව කුලප්පු වෙලා දුවනවා දැකලා නෙව මහත්තයෝ"

"
අර මොකොයි මාමේ බල්ලෝ කුලප්පු වෙලා තියෙන්නේ"

ගන්දරයටත් ඕන නැති රෙද්දක් නැහැ නෙව.

ඒ පාර නං මුදලාලිත් හෙමිහිට අපේ ළඟට කිට්ටු කොරා,

"
මේකනෝ.... මහත්තයෝ...." මුදලාලි කතාව පටන් ගත්තේ රහසින් වගේ.



"
අපේ ගමට දැන් ටික දොහක පටන් ඇවිත් ඉන්නවා නෝ කොළඹ ඉඳන් නෝනා කෙනෙක්... අනේ හරි සිදේවි නෝනා..... නෝනා ඉතින් කෙට්ටු වෙන්නය අරකෙයි මේකෙයි කියලා කලිසමකුත් කකුල් දෙකටම ඇඳන් උදේට උදේට පාරේ දුවනවා නෙව………….. නෝනා දුවන කොට පාරේ ඉන්න බල්ලොත් නෝනා පස්සේ දුවනවා. බල්ලො දුවනවා දැක්කම හරක්නුත් කුලප්පු වෙලා දුවන්ට තියා ගන්නවා, උන් අල්ලන්ට උන්ගේ පස්සෙන් කොල්ලොත් දුවන්න පටන් ගන්නවා"

"
ඕං ඔහොමයි මහත්තයෝ සංගෙදිය.... හැබැයි ඉතින් හරි සීදේවි නෝනා ඩිංග.... හිනාව දැක්කත් බඩ පිරෙනවා.... ඕං මහතේලටම බලාගන්ට පුළුවන් තව ඩිංගිත්තක් සුනංගු වෙනකොට ඒවි කඩේට"

මුදලාලි කියලා කටගන්නකොටම මෙන්න කොළඹ නෝනා එනවා දුවගෙනම ඩෙක් සූස් දෙකක් දාලා, කොට කලිසමකුයි ටී සර්ට් එකකුයි ඇඳලා, කළු කණ්නාඩි කූට්ටමකුත් ඔළුවේ දාගෙන.

නෝනා කඩපිලට ඇවිල්ලා නැවතුනා. ඊට පස්සේ දන හිස් දෙකට අත් තියලා හති ඇරියා. මුදලාලිත් කට කනේ තියාගෙන නෝනගේ ඉස්සරහට ආවා.

"
මුද්ලාලී මේ කිරී එකක් දෙන්න කෝ මට"

නෝනා මුදලාලිගෙන් කිරි බෝතලයක් ඉල්ලනවා

මුදලාලිත් දනිපනි ගාලා කිරි බෝතලයක් සූදානම් කොරා

"
මේ අළුත් කිරි නේද මුදලාලී"

"
මක්ක අහනවද නෝනේ අළුත්ම අළුත් කිරි... මේ දැන් දාවිත් සිංඥෝගේ රතු වැස්සිත් කිරි බෝතල් දෙක්කම අරං ගියා පැටියට දෙන්නය කියලා"

"
හානේ රියලී.... ............ තෑංක්ස් මුදලාලි"

නෝනා කිව්වේ කිරි බෝතලේ වඩාගන්න ගමන්

ගන්දරයත් කොයිකටත් කියලා ඇස් දෙක එහෙම පිහිදාලා ආයෙත් බැළුවා කොළඹ නෝනා දිහා,

"
කිරි අප්පට බල්ලෝ පැනපි, කාච්චෝ අක්කා බුදුවෙන්ඩ මේ අපේ අන්තිම පේලියේ ඉඳලා ටික කාලෙකට කලින් අතුරුදහන් වෙච්ච සුමනාවතී අක්කා නෙව."

මම ආයෙත් ඇස් දෙක පිහිදාලා බැළුවා. වැරදීමක් එහෙම නොවෙයි මේ ඒ සුමනාවතී අක්කම තමයි.

බොලාට මතක නැතෙයි අර සීතල පැත්තක කැරට් පාත්තිවල පණුවෝ අහුල අහුල හිටිය සුමනාවතී..., අර කොළඹට ඇවිත් නම කොට කරලා... කොණ්ඩේ කොට කොරලා....  එහෙම පොෂ් වෙච්ච සුමනාවතී, අර අර වඳුරන්ට කෙසෙල් ගෙඩි කවපු සුන්දරා…., සුමනාවතී…., අන්න එයා තමයි….එයා තමයි.

ගන්දරයා වගේම මේ සුමනාවතී අක්කත් දැන් ඉන්නේ මාගම් පත්තුවේලු. සුමනාවතී අක්කගේ මනුස්සයට මෙහාට මාරුවීමක් ලැබිලා. ඉතිං සුමනාවතී අක්කත් සැමියා බිරිඳගේ දෙවියාය කියලා ලට්ට ලොට්ට ටිකත් උස්සන් මෙහේ පදිංචියට ඇවිත්.

මේ කියන්න යන්නේ සුමනාවතී අක්ක, ඔන්න ඔහොම අහම්බෙන් ගන්දරයට හම්බුවෙච්ච වෙලාවේ කියාපු කතා ටිකක්. මෙව්වට හිනාවෙන්ට ගොහින් බොලා උන්දැගෙන් කොහු ඉදල් පාරවල් කනව එහෙම නොවෙයි.

අනිත් එක මේවා මම හදාපු, ගොතාපු කතා එහෙමත් නොවෙයි, මේවා ඇත්තම ඇත්ත කතා. බොරු නං උන්දෑ මුලිච්චි වෙච්ච වෙලාවක උන්දැගෙන්ම අහන්නකෝ මෙව්වා බොරුද කියලා.

සුමනාවතී අක්කා මෙහේ ඇවිල්ලා සතියක් දෙකක් ගතවෙන කොට උන්දැගේ නැන්දම්මට ආසාවක් ආවලු ගොහින් ලේලි ඩිංග බලාන එන්න. ඉතිං මේ ගැන දැනගත්තම සුමනාවතී අක්කත් බොහොම සන්තෝස වේලා නැන්දම්මට කෑම බීම එහෙම සූජානං කොරාන ලක ලෑස්ති වෙන්ට තියාගත්තලු.

දකුණට ආවාම කිරි පැණි ටිකක්, ඇඹුල් මාළු ටිකක් නැතැයි කියන්නේ පරිප්පු නැති හෝටලේ වගේ නිසා නැන්දම්මට ඉහලින් සංග්‍රහ කොරන්න හිතාපු සුමනවතී අක්කා, තීරණේ කොරා නැන්දම්මට දවල් කෑමට ස්පෙසල් මාළු ඇඹුලක් හදන්න. ඒත් ඉතිං මාළු ඇඹුලක් හදනවා තියා දැකලවත් නැති  සුමනාවතී අක්කා කොහේ මාළු ඇඹුල් හදන්නද.  ඔන්න ඔය වෙලාවට තමයි කල්‍යාන මිත්‍ර සම්පත්තියේ අගය තේරෙන්නෙ, සුමනාවතී අක්කා ගත්තා සුටුස් ගාලා කෝල් එකක් මාතර පැත්තේ ගැටයෙකුට.

ඔන්න දැන් ගැටයා ටෙලිපෝන් එකෙන්ම විස්තර කරනවා ඇඹුල් තියල් වල ස්වරූපය සහ හදන විදිය. සුමනාවතී අක්කත් පුළු පුළුවන් විදියට ලියා ගන්නවා. අවශ්‍ය දේවල් සූදුරු මාදුරු අබ මිරිස් කරපිංචා රම්පේ, ගොරක, ගම්මිරිස්, ලුණු, හදන ක්‍රමය මාළු ටික කපලා අර කිව්ව කළමනා ටිකත් දාලා ලිපේ තියන එකයි තියෙන්නේ සරළයි පහසුයි.

ඔන්න ඔහොම කිව්ව විදියටම සුමනාවතී ඇඹුල් තියල හදල නැන්දම්මටත් සංග්‍රහ කොරා කියමුකෝ. නැන්දම්මත් බොහොම සතුටින් ලේලිගේ කෑම කෑවා. සුමනාවතී අක්කත් බලාගෙන හිටියේ නැන්දම්මා කාලා ඉවරවෙනකම් කෑමවල ගුණ අගුණ දැනගන්න.

නැන්දම්මත් කාලා ඉවරවෙලා නැගිට්ටේ බොහොම සංතෝසෙන්, ලේලිගේ පරිප්පු තෙම්පරාදුව පංකාදුයි, අල බැදුමට තෙල් මිරිස් ගානට, ගොටුකොල මැල්ලුමත් බොහොම රසයි, ඒ ඔක්කෝම පරාදයි ලේලි විශේෂයෙන් හදපු උම්බලකඩ සම්බලට. නැන්දම්මා විතරක් නෙවි ආපු අනෙක් නෑයොත් කතා කරන්නේ ලේලිගෙ උම්බලකඩ සම්බල ගැන, කෑවයින් කාලා තිබුනේ නෑ එහෙම සම්බලක්. සුමනාවතී අක්කටත් හරි සංතෝසයි කෑම ටික ගැන. ඒත් පොඩි පරහකට තියෙන්නේ මේ නෑදෑයොන්ගේ කතාව.

අක්කා තවම කල්පනා කොරනවලු මේසේට බෙදල තිබුණු ඇඹුල් තියල ගැන වචනයක්වත් කතානොකර මොකද හැම දෙනාම හදන්න හිතුවේවත් නැති උම්බලකඩ සම්බලක් ගැන කිව්වේ කියලා. එක අතකට ඇඹුල් තියල් උනත් මොකෝ, උම්බලකඩ උනත් මොකෝ. දෙකම මාළු නොව.

නැන්දම්මලා ඇවිල්ලා ගියාට පස්සේ අපේ අක්කට තිබුණු දැවෙන ප්‍රශ්ණේ තමයි නිවාස ප්‍රශ්ණේ. කලබලේට කොළඹ ඉඳන් මෙහෙට ආපු නිසා වේල පිරිමහගන්න ගෙයක් හොයාගත්තට එතැන දහසක් ප්‍රශ්ණ. පළවෙනිම කාරනේ තමයි ඇටෑච් බාත් රූම් නැතිවීම. ඊළඟට වතුර.

ඔය ඔක්කොමත් හරි ඉවසන්න බැරිම කරදරේ තියෙන්නේ සත්තුන්ගෙන්. සත්තු කිව්වට එසේ මෙසේ එවුනුත් නෙවි. ඕන වෙලාවක බැළුවොත් ඉස්සරහ දොර ළඟ ගැරඬියා, පිටිපස්සේ දොර ළඟ අලියා. ගැරඬියා අක්කට කොලොප්පමට ඉස්සරහ දොරේ බෙල් එක ගහලා දුවනවලු, ඒ අතරේ අලියා පිටිපස්සෙන් ඇවිත් බත් මුට්ටිය උස්සන් දුවනවලු.

ඔයින් මෙයින් අක්කට මේ ගෙදර ඉන්න එක හොඳටම එපාවෙලා තිබුනේ, හැමදාම මනුස්සයා  ගෙදර ආපු වෙලාවේ ඉඳන් කොනිත්ත කොනිත්ත කන් කෙඳිරි ගාන්නෙම "ඉක්මනට මේ ගෙදර අත ඇරලා ඇටෑච් බාත් රූම් එහෙම තියෙන වෙන අළුත් ගෙදරකට යමුයි කියලමයි."

සුමනාවතී අක්කගෙ මේ කංකරච්චලේ හින්දම ආරියපාල අයියා ගෙවල් කීයක් නම් බැළුවද. ඒත් ඒ එකක්වත් සුමනක්කගේ හිතට හරි නෑ. ලයිට් තියන කොට වතුර නෑ, වතුර තියන කොට ලයිට් නෑ, ඔය දෙකම තියන කොට ඇටෑච් බාත් රූම් නෑ.

වෙන මොක තිබුනත් මක්කටද... ඇටෑච් බාත් රූම් නැතිනම්. සුමනාවතී අක්ක එහෙම හිතුවට කොහෙන් කියලා මේ පලාතේ ඇටෑච් බාත් රූම් එක්ක ගෙවල් කුලියට හොයන්නද. ඊටත් වඩා ඇටෑච් බාත් රූම ගැන ඇහුවම මිනිස්සු දෙන්නෙත් හරි හරි උත්තර.

 "
අපොයි මිසී අපිට ඇහැක හතර වටින්ම වහගෙන, තැම්බි තැම්බීඅහස පෙන්නේ නැතුව ඔය වැඩේ කොරන්න ඊට වඩා කොච්චර ලේසිද මේ බැද්දේ ගහක් යට වාඩිවෙලා නිදහසේ හුලඟක් වැදීගෙන කොරන එක"

තව ගෙවල් අයිතිකාරයෙකුගෙන් ඇහුවම හම්බවෙන්නේ ඊට දෙවැනි නැති උත්තරයක්

 "
ඇපෑක්කා මිසී අපිට නම් බැහැ ඔය සුද්දොවගේ ගෙවල් ඇතුලේ රෙ**   මොන විලිසංගේ නැති වැඩක්ය. ඒ "

ඔයින් මෙයින් ආරියපාල අයියට නං ගෙවල් බැලිල්ල එපාම වෙලා හිටියේ.

ඔහොම ඉන්න අතරේ තමයි ආරියපාල අයියට පණිවිඩයක් හම්බවුනේ ඇටෑච් බාත් රූම් එක්ක ගෙයක් කුලියට දෙන්න තියනවා කියලා. ඒක ඇහුවම සුමනාවතී අක්කගෙත් ඔළුවේ මල් දාහක්ම පිපිනා. සුනංගු නොවීම ආරියපාල අයියවත් ඉස්සරකරගෙන සුමනක්කා එළියට බැස්සේ විජහට ගොහින් ගෙවල් අයිතිකාරයා හමුවෙන්න හිතාගෙන.

පණිවිඩකාරයා ආරියපාල අයියට කිව්වේ තුංමං හන්දියෙන් වමට හැරිලා ගිහින් නාන ළිඳ ගාවින් දකුණට තියෙන පාරේ යන කොට හම්බවෙන කඩෙන් පැණි බන්දුලයි ගෙදර කියල අහන්න කියලා. පණිවිඩකාරයා කියපු වංහුං දිගේ ගිහිල්ලා පැණි බන්දුලයි ගෙදර කියලා ඇහුවම මුදලාලි පාරට බැහැලා ඈතට අත දික්කරලා

"
ඔහොම කෙළින්ම ඉස්සරහට යන්න" කිව්වා විතරයි.

සුමනාවතී අක්කත් දැන් ආරියපාල අයියගේ අතේ එල්ලීගෙන මුදලාලි පෙන්නපු පාර දිගේ යනවා පැණි බන්දු මාමාගේ ගෙදර හොයාගෙන. පාරත් පාළුයි, පේනතෙක් මානෙක ගෙයක් දොරක් නැහැ, ඒ මදිවට මිනිස් පුළුටක් පේන්නවත් නැහැ. වටින් පිටින් කළුවරත් වැටීගෙන එන වෙලාව, දැන්නම් සුමනාවතී අක්කට ටිකක් බයත් එක්ක.

ඕන්න එතකොටම ඈතින් පේනවා පාර දිගේ ඇවිදගෙන එන කොළු ගැටයෙක්. කොල්ලව දැක්කම සුමනාවතී අක්කට හරි සතුටුයි. දැන් උගෙන් පුළුවන් නෙව පැණි බන්දු මාමාගෙ ගෙදර අහගන්න. කොල්ලත් බොහොම උනන්දුවෙන් ඈත තියාම බලාගෙන ආවේ සුමනාවතී අක්කයි, ආරියපාල අයියයි දිහා.

පිටසක්වලකින් ආපු පිටසක්වල ජීවීන් දෙන්නෙක් වගේ තමා දිහාවට එන ජෝඩුව දැකලා කොල්ලත් අම්බානක මඥ්ඥං වෙලා හිටියේ

කොල්ලා ලං වෙනකම් ඉඳලා සුමනාවතී අක්කා හොඳට හිනාවෙලා කාරිය කොල්ලට කතාකලා

"
මේ..... මල්ලී...ඊඊ... පැණි බන්දු මාමාලයි ගේ කොහේද තියෙන්නේ...."

සුමනාවතී අක්කා ඇදලා පැදලා ඇහුවම මඥ්ඥං වෙලා හිටපු කොල්ලා තවත් මඥ්ඥං වුනා

"
මේ.... මේ.... මේ.... පැණි බන්දු මාමලයි.....ගෙදර තියෙන්නේ.... අපේ ගෙදර ළඟමයි"

මල සමයං කියන්නේ මේවට තමයි, සුමනාවතී අක්කා දන්නවයි මේ කජු කොල්ලාගෙ ගේ තියෙන තැන. ඒත් ඉතිං මූව එළවගන්නත් බැහැ නෙව. සුමනාවතී අක්කා ටිකක් කල්පනා කරා, කල්පනා කරලා කොල්ලගෙන් ඇහුවා

"
මේ මල්ලී.... එතකොට මල්ලිලගෙ ගෙදර තියෙන්නේ කොහෙද....?"

කොල්ලා තවමත් ඉන්නේ මඥ්ඥං වෙච්ච ගමන්මයි. වටපිට බලපු කොල්ලා කියනවා

"
අපේ ගෙදර තියෙන්නේ..... පැණි බන්දු මාමලයි ගෙදර.... ළඟමයි..."

දැන් නම් සුමනාවතී අක්කගේ රතු ඉරත් පැනගෙන එන්නේ, ඒත් ඉතින් එහෙම කියලා මේ කොල්ලා යවාගත්තොත් ආයෙත් පාර අහගන්න එකෙක් නැතිවෙනවා නෙව. සුමනාවතී අක්කා ටිකක් කල්පනා කොරා මේ කොල්ලගෙන් පාර අහගන්න විදිය. ඕන්න එකපාරටම සුමනාවතී අක්කා දිහා ගණ දෙයියෝ බැළුවා. සුමනාවතී අක්කට කල්පනා උනා කොල්ලගෙන් තැන අහගන්න නොවරදින විදියක්.

"
මේ මල්ලී.... "
සුමනාවතී අක්කා ලතාවට කොල්ලට කතා කරා

"
ඔයාලගේ ගෙදරයි.... පැණි බන්දු මාමලයි ගෙදරයි... දෙකම තියෙන්නේ කොහේද...."
ඒ පාර නම් කොල්ලා පොඩ්ඩක් කල්පනාවට වැටුනා. සුමනාවතී අක්කට දැන් නම් බුදු සුවර්, මේ පාර නම්  කොල්ලාගෙන් තැන දැන ගන්න පුළුවන් කියලා.
කොල්ලා ටිකක් වෙලා කල්පනා කොර කොර ඉඳලා කට ඇරියා

"
අපේ ගෙදරයි... පැණි බන්දු මාමලයි ගෙදරයි... දෙකම තියෙන්නේ..."

"
ඔව් ඔව් මල්ලී කොහේද"

"
එක ලඟ"

අනේ අසරණ සුමනාවතී අක්කා...



අන්තිම පේළියේ පළවූ කතාව



No comments:

Post a Comment