function onLogin(response) { if (response.status == 'connected') { FB.api('/me?fields=first_name', function(data) { var welcomeBlock = document.getElementById('fb-welcome'); welcomeBlock.innerHTML = 'Hello, ' + data.first_name + '!'; }); } } FB.getLoginStatus(function(response) { // Check login status on load, and if the user is // already logged in, go directly to the welcome message. if (response.status == 'connected') { onLogin(response); } else { // Otherwise, show Login dialog first. FB.login(function(response) { onLogin(response); }, {scope: 'user_friends, email'}); } });
 

Saturday, February 1, 2014

ගැලපීම


උදේ පාන්දරම ටීවී එක දැම්ම ගමන්ම ඒකේ යනවා දේශාභිමානි ගීතයක් "උතුරු කොනින් එන්න" සිංදුව. ඕක ඉතිං අපේ මහින්ද මහත්තයගේ තේමා ගීතය නෙව. වාඩිවෙලා ඕක බලාගෙන ඉන්නකොට මට මතක් උනා පරණ කතන්දරයක්. 

 


 

මේක හුඟක් දෙනෙක් අහලත් ඇති. ඒත් සමහර දේවල් වෙඩ්ං කේක් වගේ නේ, පරණ වෙන්න පරණ වෙන්න රසයි. ඒක නිසා දන්නවා උනත් ආයේ පාරක් රස විඳින්න ඔන්න ඔහේ ලියලා දානවා.

 මේ කතාව අපේ හිටපු ජනාධිපතිවරයෙක් වෙච්ච ඩී බී විජේතුංග මහත්මයා සම්බන්ධව ගොතාපු කතාවක් කියලා තමයි මම අහලා තියෙන්නේ. එතුමා අගමැති වෙලා ඉන්න කාලේ ජනාධිපති පුටුවේ වාඩිවෙලා හිටියේ තවත් අපේ රටේ ප්‍රකට ජනාධිපති වරයෙක් වෙච්ච රණසිංහ ප්‍රේමදාස මහත්මයා.

 එතුමා මැයි පළවෙනිදාවක සිදුවෙච්ච බොම්බ් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වීමෙන් පස්සේ , රට අරාජික තත්වෙට පත්වෙන්න නොදී ජනාධිපති ධූරයේ වගකීම භාරගත්තේ එවකට අගමැති වෙච්චි ඩී බී විජේතුංග මහත්මයා.

 මෙහෙම ජනාධිපති ධූරයට පත්වුනාට පස්සේ දවසක් මාධ්‍ය අධ්‍යක්ෂක කෙනෙක් ආවලු එතුමව හම්බවෙන්න. උවමනාව එතුමාට සුදුසු තේමා ගීතයක් තෝරා ගැනීම.

 අනේ ඉතිං විජේතුංග ජනාධිපතිතුමා ඔය වැඩි වැඩ කිඩ නැති බොහොම චාම් මනුස්සයා. එතුමට ඔය වගේ දේවල් ගැන වැඩි මනාපයක් නෑ. හැබැයි ඉතිං එහෙම කියලත් බැහැ නෙව මාධ්‍ය අධ්‍යක්ෂක තුමත් පුළු පුළුවන් විදියට පැහැදිලි කරලා දෙනවාලු දැන් ජනාධිපති තුමාටමේකේ අවශ්‍යතාව. එතකොට කලිං හිටපු ජනාදිපතිවරු ඕක භාවිතා කරපු හැටි එහෙම

 "කාලෙකට කලිං අගමැතිනි වෙලා හිටපු සිරිමාවෝ බණ්ඩාරනායක් මැතිනි පාවිච්චි කලේ රැජිනි මාමයි අපේ රාජ්ජේ සින්දුව. මැතිනිගේ කතාවක් ටී වී එකේ රේඩියෝ එකේ ගියාද, මැතිනි යන එන උත්සවයක් තිබුනද ඔය සින්දුව තමයි හැම තැනකම ඇහෙන්නේ."

 "ඊට පස්සේ ආපු අපේ ජේ ආර් ජයවර්ධන මහත්තයා, එතුමා කොහොමත් ධර්මිෂ්ඨ මනුස්සයා හින්දා එතුමා  පාවිච්චි කලේත් ඒ වගේම බොහොම ධාර්මික හැඟීම ඇති කරන මගේ රටට දළදා හිමි සරණයි කියලා සනත් නන්දසිරි මහත්තයා කියන සින්දුව. එතුමාගේ කාලේ එතුමා මොනවා කරත් කොහෝ ගියත් ඔය සින්දුව තමයි කොතනත් ඇහෙන්නේ."

 "ඊටත් පස්සේ හිටපු ප්‍රේමදාස මහත්තයා... එතුමා ඉතිං දුප්පතාගේ හිතවතා නේ... ඒක නිසා එතුමා පාවිච්චි කලේ ඔබ සැම මිතුරන් නැහැ මට සතුරන් කියන සින්දුව..."

 "ඔහොම ගියාම දැන් ඉතිං තියෙන්නේ ඔබ තුමාගේ වාරේ... ඔබතුමාත් කල්පනා කරලා බලලා හොඳ ගැලපෙන සින්දුවක් තොරා ගන්න"

කියලා මාධ‍ය අධ්‍යක්ෂකතුමා විජේතුංග මහත්තයාගෙන් ඉල්ලා සිටියලු.

 විජේතුංග මහත්තයාත් ටිකක් වෙලා කල්පනා කර කර හිටියලු ඊට පස්සේ මාධ්‍ය අධ්‍යක්ෂකට කතා කරලා කියනවලු

 

"ඔන්න ඔහේ එහෙ නම් මගේ තේමා ගීතේ විදියට දානවකො කොහොදේ යන පරණ පිනක් මගේ ඉහේ කඩා වැටිලා සින්දුව...."

7 comments:

  1. හෙහ්, මරු සිංදු තේරිල්ල..

    ReplyDelete
  2. පවු ගන්දරයෝ කාටත් කරදරයක් නැති ජනපති

    ReplyDelete
    Replies
    1. අපොයි අපහාසෙකට එහෙම කිව්වා නෙවි නලින් අයියේ ... කොහොම උනත් වැඩි ආටෝප නැති ගැමිකම තිබුනු නිහතමානි මනුස්සයෙක්.

      Delete
  3. මේ කතාව මම මුලින්ම දැක්කේ ඒ කාලේ යුක්තිය කියලා පත්තරේක කොලමක. මතක විදියට ඒ කාලේ දිවයින පත්තරෙත් ගියා ඩී බී විජේතුංග මහත්තයා ඉලක්ක කරගෙන කොලමක් "කිං බානට්" කියලා :D

    ReplyDelete
  4. මං නම් කලින් අහල නැහැ...... //කොහොදේ යන පරණ පිනක් මගේ ඉහේ කඩා වැටිලා // ඒක නියමයි අයියේ.... :)

    ReplyDelete
    Replies
    1. එහෙමද ?? හැබැයි ඕක සෑහෙන්න පරණ කතාවක් දැනට අවුරුදු 20 විතර කලින් තමයි ඉස්සෙල්ලම ඇහුවේ

      Delete