function onLogin(response) { if (response.status == 'connected') { FB.api('/me?fields=first_name', function(data) { var welcomeBlock = document.getElementById('fb-welcome'); welcomeBlock.innerHTML = 'Hello, ' + data.first_name + '!'; }); } } FB.getLoginStatus(function(response) { // Check login status on load, and if the user is // already logged in, go directly to the welcome message. if (response.status == 'connected') { onLogin(response); } else { // Otherwise, show Login dialog first. FB.login(function(response) { onLogin(response); }, {scope: 'user_friends, email'}); } });
 

Wednesday, December 26, 2012

සිහිනය දිගේ.... (12 කොටස )


මේධා දෑස් පියාගෙන හාන්සිවී සිටියත් ඇයට නින්ද ගොස් තිබුනේ නැත. නිවසේ බිත්ති ඔරලෝසුවේ රාත්‍රී දොළහ සටහන්වනු ඇයට ඇසිනි. මේධා ඇඳේ අනෙක් පස නිදන සැමියා දෙස බැලුවාය. ඔහු සීතලට පොරෝනය තුලට ගුලිවී නිදයි. ඔහු ජීවත්වන්නේ වෙනම ලෝකයකය. ඔහුට මේවා කියා ඵලක් නැතැයි ඇය සිතුවාය. ඇය අනිත් ඇලයට හැරුනේ ඔහු ගැන සිතේ උපන් කෝපයත් සමඟය.

මේධාට නින්ද යන්නේම නැත, අද ඇගේ සිත බරය, ඒ වෙන කිසිවක් නිසා නොව දිල්මි නිසාය. පෙර දිනයක සවස නිවසට පැමිණි දිල්මි වෙනදාට වඩා වෙනස්ය. ගැහැණියකගේ සිත කියවිය හැක්කේ තවත් ගැහැණියකටම පමණි. දිල්මීගේ මේ වෙනසට හේතුව ත්‍රීවීලරයේ රියදුරු රුවන් විය හැකි බව ඇය සිහි කලේ තැතිගැන්මෙනි. ඔහු ඉදිරිපිටදී දිල්මිගේ සුරතල්බව වැඩිය, කිසිදිනක වැටී තිබෙන අඹගෙඩියක්වත් නොකන නැගණියට ඊයේ අඹ කන්නට ආසාවක් ආවේ රුවන් නිසා බව  ඇගේ ගැහැණු සිතට වැටහේ

රුවන් පෙනුමට නම් ඉතාම හොඳ තරුණයෙකි, ඔහුට ඇත්තේ රියදුරකුගේ පෙනුම නොවේ, ඉහල පවුලක සැපට හැදුණු තරුණයකුගේ තේජවන්ත පෙනුමකි. දිල්මී ඔහුගේ මේ රූපයට රැවටුනාවත්දැයි ඇය සිතුවාය. පෙනුම කෙසේ වෙතත් රුවන් තම පියාගේ යටතේ වැඩකරන් සේවකයෙකි. එවැන්නෙකු සමඟ දිල්මි පෙම් සබඳතාවක පැටලුනහොත් එය මහා විනාශයක ආරම්භයකි. තම මවවත් පියාවත් කිසි දිනක රුවන් වැනි අයකුට දිල්මිව දීමට කැමති වන්නේ නැත. අවසානයේ සිදුවන්නේ රුවන්ට රැකියාව අහිමිවීම පමණක් නොවේ ගමෙන්ද පිටවී යන්නටය.

අනෙක් අතට දිල්මීද මෝඩ කෙල්ලක නොවේ, උගත්කම අතින් ගත්තද රූපය අතින් ගත්තද ඇය සිටින්නේ අන් සැමටම වඩා ඉදිරියෙනි. විශ්ව විද්‍යාලයේදීවත් ඇය කිසිවකු සමඟ පෙම් සබඳතාවයක පැටලුනේ නැත.

ලොකු නංගීට මෙන් නොවේ දිල්මි දුටු පමණින් ඇය කෙරෙහි බැඳී විවාහ යෝජනා ගෙන ආ පිරිසද සුළුපටු නොවේ. ඒ අතර පියාගේ ව්‍යාපාරික මිතුරන් මෙන්ම මවගේ ඥාතීන්ද විය. නමුත් දිල්මි ඒ සියල්ලක්ම ප්‍රතික්ෂේප කලේ උගත්කම ගැලපෙන්නේ නැතැයි කියමිනි.

මවගේ ඥාතී සොහොයුරකු වූ කුරුණෑගල සමරවීර මාමාද, ඔහුගේ පුත් දිල්ශාන්ව, දිල්මිට යෝජනා කර ඇතිබව අම්මා කිව්වේ ගිය මාසයේය. අම්මා නම් ඒ යෝජනාවට එකපයින්ම කැමතිබව මේධා දනී. විශේෂයෙන්ම සමරවීර මාමා සතු අක්කර ගණනක පොල්වතු මතක්වන විට අම්මා ඒ යෝජනාවට කැමතිවීම අරුමයක් නොවේ යයි මේධා දැන සිටියාය.

අම්මා කැමති වුවද දිල්මි ඒ යෝජනාවට කැමති නැත. දිල්මි පමණක් නොවේ අම්මා හැර පවුලේ වෙනත් කිසිවෙක් මේ යොජනාවට කැමති නැත. අම්මා මේ යෝජනාව ගැන තාත්තාට පැවසූ අවස්ථාවේ තාත්තා කියූ කතාව මේධාට තවමත් මතකය.

"කුරුණෑගල අයියගේ පුතා.... අර ඔලමොට්ටල පඬියා.... නෝනට විකාරද මේ අහිංසක කෙල්ල ඌට දෙන්න කතාකරන්නේ. විකාර කතානොකර ඉන්න නෝනේ...... කෙල්ලට නෙවෙයි විනාඩි පහක් ඌත් එක්ක කතාකරාම මටත් පිස්සු හැදෙනවා..”

තාත්තා කීවේ ඇත්තය, මේධාත් දිල්ශාන්ට කැමති නැත. ප්‍රියමනාප පෙනුමක් තිබුනත්, තරමක උගත් කමක් තිබුනත් දිල්ශාන් ප්‍රසන්න පුද්ගලයකු නොවූයේ ඔහුගේ කතා විලාශය සහ හැසිර්‍රිම නිසාය. කෙනෙකුගේ තරාතිරම කුමක් වුවත් ඔහු ඉදිරියේ උඩඟු ලෙස හැසිරීමට යාම නිසා දිල්ශාන් අප්‍රසාදයට ලක්වුනේ වරක් දෙවරක් නොවේ.

මේ සියළු යෝජනාවන්ට අකමැති වූ දිල්මි දැන් මේ කිසිදු උගත් කමක් හෝ සමාජ තත්වයක් නැති පවුලේ සේවකයකුට කැමතීවීයැයි විශ්වාස කිරීමටද අපහසුය. මේධා පසුවූයේ  දෙගිඩියාවකිනි එසේ විය නොහැකියැයි ඇය සිතින් තර්ක කලාය. නමුත් එදා දිල්මිගේ හැසීරීමද ඇයට අමතක කල නොහැකිය.

දිල්මිට ගැලපෙන මනාලයෙක් ඉක්මනින්ම සොයාදිය යුතුයැයි ඇය සිතාගත්තාය. සැමියාගේ කාර්යාලයේ සේවය කරන සහකාර කළමනාකරුවකු ගැන වරක් ඔහු කිවා මේධාට මතකය. සැමියාට කියා ඔහු ගැන යෝජනාව ඉක්මනින්ම දිල්මිට ඉදිරිපත් කල යුතුයැයි ඇය අවසානයේ අදිටන් කරගත්තාය.

 

            *****************************************************************

මහේෂ් විජේසේකර අත් අඩංගුවට ගත් පුවත හර්ෂණ දැනගත්තේ දිල්මි සමඟ මේධාගේ නිවසේ සිටියදීය. මේධාත් දිල්මීත් සිටියේ සවස පන්සල් යන්නට සූදානම් වෙමිනි. දිල්මිගේ ජංගම දුරකථනයට ඇමතුමක් ආවේ මේ අතරතුරය. දුරකථනය අතැතිව තමා කරා එන දිල්මි දුටුවනම ඇමතුම කාගෙන්දැයි හර්ෂණ දැනගත්තේය.

කථා කලේ විරාජ්ය, හර්ෂණ ඇමතුමට පිළිතුරු දුන්නේ දිල්මිගෙන් තරමක් ඈත් වෙමිනි.

"ඔව් විරාජ් මල්ලී... මොකෝ හදිසියෙම"

"තාත්තා දැන් ටිකකට කලින් මහගෙදර එක්කගිහිල්ලා"

හර්ෂණගේ මුහුනෙන් කිසිම හැඟීමක් පලවුනේ නැත, එම පුවත ඔහු විඳගත්තේ උපේක්ෂාවෙනි.

 

"කීයට විතරද..."

"දැන් විනාඩි පහලොවකට විතර කලින්... පින්නවල අලියත් ඉඳලා, පොඩි කලබලේකුත් වෙලා..."

"හ්ම්ම්..."

හර්ෂණ කීවේ එපමණකි

තාත්තා අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ කිසියම් සිදුවීමක් සිදුවෙතයි හර්ෂණ සිතාගත්තේ පෙරදා මාරතැන්න ඩී අයි ජී පින්නවල මෙයට සම්බන්ධයයි කියූ අවස්ථාවේදීමය. පින්නවල ලැබුණු අවස්ථාව නිකන්ම අතහැර නොදමන බව හර්ෂණ දැන සිටියේය.

හර්ෂණ දිල්මිට කීවේ විරාජ්, නැන්දාගේ බෙහෙත් වගයක් ගෙනෙන්නැයි කියන්නට කතා කල බවකි. දිල්මි ගැන සැකයක් ඇතිකර ගත්තේ නැත.

දිල්මීත් මේධාත් පන්සල් යන්නට සූදානම් වෙමින් සිටියදී හර්ෂණ නිවසින් එළියට බැස ත්රීවීල් රථයේ ගුවන් විදුලි යන්ත්රය ක්රියාත්මක කරගත්තේය. තවමත් මාධ් ඔස්සේ මෙම පුවත ප්රචාරය වූයේ නැත. තව සුළු මොහොතකින් මාධ් ඔස්සේ නොනවත්වා මෙම සිදුවීම ප්රචාරය කරනු ඇත. විශේෂයෙන් රාජ් මාධ් දින ගණනාවක් යනතුරු තාත්තාත් පක්ෂයත් පතුරු ගසනු ඇත. හර්ෂණට මාරතැන්නගේ වචන සිහිපත් විය. මේ ඔවුන්ගේ වෙලාවය, ඔවුන්ට කැමති දෙයක් කැමති ලෙස කල හැකිය. මේ වෙලාවේ කලයුතු හොඳම දේ නම් ඉවසා බලා සිටීමයි.

දිල්මීත් මේධාත් සූදානම්ව පහලට ආවෙන් හර්ෂණ ඔවුන් දෙදෙන සමඟ පන්සල් යන්නට පිටත්විය. පන්සල පිහිටා තිබුනේ නිවසේ සිට කිලෝමීටර කිහිපයක් ඈතිනි. අක්ක නගෝ දෙදෙන සිටියේ බර කතාවකය එහෙයින් හර්ෂණ ගුවන් විදුලියට සවන් දීගෙන නිහඬවම රථය ඉදිරියට පැදවීය.

සිතේ කැළඹිල්ල නිසාම හර්ෂණ වාහනය පැදවූයේ සෙමිනි. බර කතාවක සිටි බැවින් දිල්මිටත් මේධාටත් හර්ෂණගේ වෙනස තේරුනේ නැත. ඔවුන් තිදෙනාගේම අවධානය වෙනස් වුනේ ගුවන් විදුලියේ ප්රචාරය වෙමින් තිබූ ගීතය අතරමඟ නැවතී විශේෂ ප්රවෘත්තියක් සඳහා යොමුවන බව දන්වන නිවේදනයත් සමඟය.

"මීට ස්වල්ප මොහොතකට පෙර හිටපු අමාත්යය මහේෂ් විජේසේකර, කොළඹ නියෝජ් පොලිස්පති පින්නවල මහතා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

මහතා මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මැතිවරණයදා සිදුවූ ද්විත්ව ඝාතනය සම්බන්ධව වන අතර විශේෂ පොලිස් කණ්ඩායම මඟින් විජේසේකර මහතා අත් අඩංගුවට ගැනීමට යාමේදී මහතා පලායාමට තැත් කිරීම නිසායම් කිසි නොසන්සුන්කාරී තත්වයක් උද්ගත වී ඇත.

මෙහිදී හිටපු ඇමතිවරයා සහ පොලිස් නිළධාරීන් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇත.”

 හර්ෂණ එය අසා සිටියේ සිත තුල කැකෑරෙන කෝපයෙන් යුතුවය. නමුත් ඔහුගේ මුහුණ කිසිදු හැඟිමක් පිටට පෙන්නුවේ නැත. පිටුපස සිට දිල්මීත්, මේධාත් ප්රවෘත්තිය අවධානයෙන් අසාසිටිනු දුටු හෙයින් හර්ෂණ ගුවන් විදුලියේ හඬ අඩු කලේ ඔවුන් මේ ගැන කියන්නේ කුමක්දැයි දැන ගැනීමට.

නමුත් මේධාගේ කටින් පිටවුනේ හර්ෂණ සිහිනෙන්වත් අසන්නට බලාපොරොත්තු නොවුනු වදනක්

"ඔයාගේ මාමණ්ඩි නේද...?"

හර්ෂණට එක්වරම මේධා ඇසුවේ කුමක්දැයි සහ එය ඇසුවේ කාගෙන්දැයි සිතාගත නොහැකි විය. ඔහු පුදුමයෙන් පිටුපස හැරුනේ කාගේ මාමණ්ඩිදැයි දැන ගැනීමටය.

මේධා ඇසුවේ දිල්මිගෙනි, දිල්මි හිස වනමින් සිනා සෙමින් සිටියාය. හර්ෂණ අන්දුන්කුන්දුන් වී ගියේය.

"මහේෂ් විජේසේකර ඇමතිතුමා......, දිල්මි මිස් ගේ...... මාමණ්ඩි .....?"

"ඇයි රුවන් දන්නේ නැතිද.... දිල්මි මිස් බඳින්න ඉන්නේ විජේසේකර ඇමතිතුමාගේ පුතානේ..."

හර්ෂණ උඩගොස් බිම වැටින. කලබල වූ හර්ෂණ අතින් ත්රී රෝද රිය ඉදිරියෙන් පැමිණි වෑන් රථයක ගැටෙන්නට ගියේය. යන්තම් වෙට්ටුවක් දමා අනතුරක් වලකා ගත් වෑන් රථයේ රියදුරු කෑගසා කී අසභ්යය වචනය ගැන, හර්ෂණ තැකීමක් කලේ නැත..

ඔහු එහෙමම රථය පාර අයිනට ගෙන නවත්වාගත්තේය.

"දිල්මි මිස් බඳින්නේ විජේසේකර ඇමතිතුමාගේ පුතා.....    කිව්වේ  මේ... මේ... හර්ෂණ.....”

 
 
මීළඟ කොටස 6/1/2013 වන ඉරිදා බලාපොරොත්තුවන්න....

8 comments:

  1. කිරි ෆාදර්ට බල්ලො බාර්ක් කිව්වලු.. මොකක්ද බං ඒ උනේ?
    ඊලඟ කොටස එනකන් බලන් ඉන්නවා..

    ReplyDelete
  2. කතාව නම් ලස්ස්නයි මුල ඉදලම බලන්නම්කො ..

    ReplyDelete
  3. අදයි ආවේ දැන් එන්නං දිගටම.

    ReplyDelete
  4. අයියය්යෝ...ඒ මක්ක උනේ/

    ReplyDelete
  5. කථාව මැදින් නවත්තලා තියන්නෙ ඇයි අනේ? ආපහු ලියන්නකො පුළුවන්නම්. ආසාවෙන් කියෙව්වා

    ReplyDelete
  6. බොහොම ස්තූතියි රන්දුලා කතාව පොතක් විදියට මුද්‍රණය කරපු නිසයි බ්ලොග් එකේ ලිවීම නැවතුනේ. සම්පූර්ණ කතාවම පොත් දෙකක් විදියට තියෙනවා. පස්සේ දවසක බ්ලොග් එකේත් දාන්න හිතාගෙන ඉන්නවා හැමෝටම කියවන්න පුළුවන් විදියට

    ReplyDelete