function onLogin(response) { if (response.status == 'connected') { FB.api('/me?fields=first_name', function(data) { var welcomeBlock = document.getElementById('fb-welcome'); welcomeBlock.innerHTML = 'Hello, ' + data.first_name + '!'; }); } } FB.getLoginStatus(function(response) { // Check login status on load, and if the user is // already logged in, go directly to the welcome message. if (response.status == 'connected') { onLogin(response); } else { // Otherwise, show Login dialog first. FB.login(function(response) { onLogin(response); }, {scope: 'user_friends, email'}); } });
 

Monday, November 5, 2012

සිහිනය දිගේ.... (6 කොටස )

ඩ නින්දේ සිටි හර්ෂණට ඇහැ ඇරුනේ කඩය තුල යම් කිසිවෙක් කතාකරන හඬින්. කථා කරන්නේ විමලසේන මුදලාලී බව හඳුනාගත් පසු හර්ෂණ කථාව අසා සිටියේ අවධානයෙන්. විමලසේන මුදලාලී, මාලීනී සමඟ කතා කරමින් සිටියේ හර්ෂණ ගැන, ඔහුව තම ත්රීන රෝද රියේ සේවයට යොදාගැනීම ගැන අදහස විමලසේන මුදලාලී මාලිනීට කිව්වේ මේ වෙලාවේ.

"මාලිනී... කොල්ලාට මම රස්සාවක් දෙන්නම්. අර චන්දනය ගියාට පස්සේ මගේ වීල් එක ගෙදර නිකං තියෙන්නේ... කොල්ලට කියපං ඒකේ වැඩ කොරන්ට කියලා"

"අපේ පොඩි එකී උදේ ඉස්කෝලේ ගෙනියන්නයි, හාමිනේට ඔය ලොකු දූලයි ගෙදරට වගේ යන්නයි ඇරුනම ඉතින් මහ ලොකු ගමනක්ය කියන්ටත් නැහැ.... ගෙදර වැඩක් නැති වෙලාවට බැරිය ඌට ඕක හයර් කොරන්න උනත්"

 

විමලසේන මුදලාලී බොහොම අවංකව කිව්වේ තමන්ටත් ප්ර.යෝජනයක් එන ගමන් මාලීනීගේ කොල්ලට උදව්වක් කරන බලාපොරොත්තුවෙන්. කොහොමටත් විමලසේන මුදලාලි මාලිනීට හිතවත්. සැමියාත් නොමැතිව අවුරුදු විසි පහක් තිස්සේ තමන්ගේ දියණියවත් හදාගෙන යහපත් දිවියක් ගතකරන මේ ධෛර්යවන්ත කාන්තාව පිළිබඳව ඔහුගේ සිතේ තිබුනේ ගෞරවයක්.


මුදලාලිගෙන් මේ යෝජනාව ආ වහාම මාලිනීට බැළුනේ විරාජ් දෙස. ඔහු සිටියේ පුරුදු ලෙසම කඩය තුල සීනි කිරමින්. හර්ෂණ නිවස තුලම සිටියහොත් ඔහුගේ ආරක්ෂාව තහවුරු කල හැකිය, නමුත් ඔහු එහේ මෙහේ ඇවිදින්නට ගියොත් සිදුවන්නේ ඔහු වැඩි පිරිසකට නිරාවණය වීමය. එසේ වුවහොත් මේ සැඟවී සිටීම පලක් නැතිය. විරාජ් සෙමින් හිස දෙපැත්තට සෙලෙව්වේ ඒ යෝජනාව ප්රවතික්ෂේප කරන ලෙස මාලිනීට ඉඟි කරමින්.

මාලිනී ටික වේලාවක් නිශ්ශබ්දව සිටියේ කල්පනා කරන බව පෙන්වමින්.


"කොල්ලට තවම පලාත පුරුදුත් නැති එකේ, මම කල්පනා කරේ මුදලාලී කොල්ලව කඩේම තියාගන්න"

 

හර්ෂණ කාමරේ තුල සිටියේ මේ සියල්ලම අසාගෙනය. ඔහු උදේ සිටම සිටියේ වෙනම ලෝකයකය. උදෑසන දිල්මි දුටු මොහොතේ සිටම හර්ෂණට වෙනත් කිසිවක් මතක නැත. ඔහුට යලි යලිත් මැවී පේන්නේම දිල්මිගේ ලස්සන හිනාවය. ඒ මොහොතේ සිටම හර්ෂණ සිටියේ නැවත වරක් දිල්මිව මුන ගැසෙන්නේ කෙලෙසදැයි කල්පනා කරමින්.

 

කන්න පින තියෙනවා නම් ඉබ්බා ගෙදරටම එනවායි කියන්නාක් මෙන් විමලසේන මුදලාලී රස්සාවක් දෙන්නට යයි කියාගෙන ගෙදරටම ආවේ හර්ෂණ මෙසේ කල්පනා කරමින් සිටින අවස්ථාවකය. නැන්දා මේ හදන්නේ ගෙදරට ආ වාසනාව හරවා යවන්නටය.

 

  ලස්සන කෙල්ලක දුටු මතින් පිස්සු වැටෙන්නට තරම් හර්ෂණ මෝඩයකු නොවේ, නමුත් මේ දිල්මි දුටු මොහොතේ සිටම ඔහුට හැඟෙන්නේම ඇය මින් පෙර කොහොදී හෝ දැක පුරුදු බවමය. විශේෂයෙන්ම ඇගේ හිනාව, ඒ හිනාව මතක් වන මතක් වන වාරයක් පාසා ඔහුව ගෙනියන්නේ අමුතුම ලොකයකටය. ඒ හිනාව මින් පෙර කොහේදී හෝ දැක පුරුදු බව ඔහුට හොඳටම විශ්වාසය, නමුත් ඒ කොහෙදීදැයි ඔහුට මතක නැත.

  ආදරය වෛරය සිතුවිලි හමුවේ උගත් නූගත් දුප්පත් පොහොසත් ආදී සියළු විෂමතා අහෝසිය මහ රජාත්, දුප්පත් සිඟන්නාත් මෙවැන් අවස්ථාවක හැසිරෙන්නේ එක විලසටය.

  හර්ෂණ වැඩි දුර සිතුවේ නැත. දිල්මිව හමුවනවානම් මෙයට වඩා හොඳ අවස්ථාවක් තවත් එන්නේ නැත, ඔහු වහා ඇඳෙන් බිමට පැන කඩයට ඇතුළුවිනි.

 

"නිකං ගෙදරට වෙලා ඉන්න ගියාමත් එපා වෙනවා නැන්දේ...... මං එන්නම් මුදලාලී, කවද ඉඳන්ද එන්න ඕන"


කලබලයෙන් කඩයට ඇතුළු වු හර්ෂණ කියාගෙන ගියේ මාලිනීගේත් විමලසේන මුදලාලිගේත් මුහුණු මාරුවෙන් මාරුවට බලමින්.

විමලසේන මුදලාලී එය පිළිගත්තේ සංතෝෂයෙන්

"කල් දාන්නේ මොටද ළමයෝ හෙට උදේ ඉඳන්ම වැඩේ පටං ගමු....

"හවස ගිහින් පොඩ්ඩක් වාහනේට අත එහෙම හුරු කරගමු"

"විනාඩියක් ඉන්න මුදලාලි මම එන්නම්"

හර්ෂණ ඇතුලට ගියේ කමිසය මාරු කරගන්න, විරාජ්නුත් හෙමින් ඔහු පස්සෙන් වැටුනා

"පිස්සු හැදීගෙන එනවද සුදු බේබි"

"ඇයි"

හර්ෂණ ඇහුවේ ගනනකට නැතුව

"සුදු බේබි මෙහේ ඉන්නේ හැංගිලා ඉන්නද නැත්නම් ඡන්දේ ඉල්ලන්නද... ? ඔහොම ගම වටේ රවුම් ගහන්න ගියොත් වැඩිකල් යන්න කලින් මහ උළු ගෙදර උළු ගනින්න තමයි වෙන්නේ"

විරාජ් කිව්වේ හෙමින් නමුත් ටිකක් තදින්

"මිනිස්සු සැක හිතන්නේ වැඩක් නොකර මෙහෙම නිකං ඉන්න ගියොත්, එහෙම නැතුව ත්රී වීල් එකක් හයර් දුවන්න ගියාම නෙවි"

විරාජ් තවත් යමක් කියන්නට ගියත්, හර්ෂණ එය නැවැත්වීය

"මොකුත් කියන්න එපා... යකාට බය නම් මම සොහොනේ ගෙවල් හදන්න යන්නේ නැහැ විරාජ්... මහ උළු ගෙදර යන්න බයනම් මම එදා අරූට වෙඩි තියන්නෙ නැහැ. මම හිරේට යන්න බය නැහැ, එතකොට මම මම වෙලා වත් ඉන්නවා මේ තාත්තගේ විකාර නිසා මට මාවත් නැතිවෙලා"

හර්ෂණ කියාගෙන කියාගෙන ගියේ සෙමින් නමුත් තරමක් ආවේගයෙන්

 

විරාජ් තවත් කිසිවක් නොකියා නිහඬව සිටියේ හර්ෂණ ගේ අදහස පිළිගත් නිසා නොව තවදුරටත් කතාකිරීමෙන් ඵලක් නොවන බව අත්දැකීමෙන් දැනගෙන සිටි හෙයිනි. හර්ෂණ ගේ හැටි එහෙමය ඔහු යමක් තීරනය කල පසු නැවත හැරීමක් නැත.

කමිසයකුත් එයට උඩින් නිල්පැහැ වැහි කබායකුත් ඇඳගත් හර්ෂණ එළියට ආවේ විමලසේන මුදලාලිගේ ගෙදරට යන්න.


  විමලසේනගේ නිවසත් මාලිනීගේ නිවසත් අතර ඇත්තේ මීටර් හාරපන්සීයක දුරක්, විමලසේන මුදලාලි සමඟ මගට වන් හර්ෂණ මේ දුර ගෙවා දැමුවේ පයින්. මේ ගමේ මිනිසුන් විමලසේන මුදලාලිට කෙතරම් ගරු සරු දක්වන්නේ දැයි, වටහා ගැනීමට මේ කෙටි දුර හර්ෂණට ප්රිමාණවත් වුනා. ඉදිරියට හමුවන බොහෝ දෙනා මුදලාලි සමඟ කතාකරේ ගෞරව පූර්වක යටහත් පහත් බවකින්.

  විමලසේනගේ නිවස කෙටි තාප්පයකින් හා ගේට්ටුවකින් සමන්විත දෙමහල් නිවසකි. පරණ පන්නයේ නිවසක් වූවත් වරින් වර අක්ර මවත්ව එක් කරන ලද නව අංග නිසා එහි දිස්වුනේ අපිලිවෙල බවක්. නිවසේ මේ අපිලිවෙල මඳක් තුනී වී ගියේ වත්ත පුරාම අලංකාර ලෙස වැඩී ඇති මල් පාත්ති නිසා. ඩේලියා බාබන්ඩේසියා ඇතුළු උඩරටට ආවේණික වූ මල් වර්ග බොහෝමයක්, එහි වැවී තිබුනේ නිවසට අලංකාරයක් ගෙන දෙමින්.


  ඉහල මාලයේ සඳළුතලයට වී තේ බොමින් සිටි දිල්මිට, පියාත් සමඟ තම නිවස කරා පැමිණෙන රුවන්, දුර තියාම දැක ගත හැකි වූවාය. ඇය බලා සිටියේ ඔහුගේ තේජවන්ත ගමන් විලාසය. ඔහුව දුටුවේ අද උදේ උනත් දිල්මිට සිතෙන්නේම ඔහු මින් පෙර කොහේදී හෝ හමුවී ඇති බවක්, නමුත් ඒ කොහේ කොතනකදැයි දිල්මිට මතකයක් නැත. දුප්පත් පවුලක ඉපදුනද ඔහුගෙන් දිස්වන්නේ කුමාරයකුගේ වැනි පෙනුමකි. උස අඩි හයක් පමණ, උසේ තරමට මහත, රන්වන් පැහැ ශරීරය, මනා පෞර්ෂය, දිල්මිට කෙතරම් පිරිමි යහළුවන් සිටියත් කිසි දිනක ඇයට මෙවැන්නෙක් හමුවී නැත.

දෙදෙනාම නිවසේ ගේට්ටුවෙන් ඇතුළුව ත්රීඇවීලරය අසලට යන හැටිත් රුවන් එය අතපත ගා පණ ගන්වන ආකාරයත් ඉහළ මාලයේ සිටම දිල්මි බලා සිටියාය.

"මාලිනී නැන්දගේ පුතෙක් කිව්වේ මෙයා ද"

කෞෂි පිටුපස සිට අසන තුරුම අක්කා තමාගේ පිටුපසින් සිටින බව දිල්මිට දැනුනේ නැත.

දිල්මි පිළිතුරක් දුන්නේ නැත

   දිල්මි ඉහළ මහලේ සිට තමා දෙස බලා සිටින ආකාරය හර්ෂණ දුටුවේය. ඇගේත් ඔහුගේත් නෙත් එකිනෙක හමුවූ විට ඇගේ සුන්දර සිනහව හර්ෂණ ඉදිරිපිට මැවින.

  සවස විමලසේන, හර්ෂණ සමඟ ත්රීණරෝද රියේම නගරයට ගියේ එහි ත්රීතරෝද රථ නැවතුමේ කිහිපදෙනෙකුට හර්ෂණව හඳුන්වාදෙන බලාපොරොත්තුවෙන්. විමලසේන සමඟ ව්යා‍පාරික හිතවත්කම් තිබූ තවත් කිහිපදෙනෙක් හඳුනාගැනීමටද හර්ෂණට එහිදී හැකි විය.


 


 


 

2 comments:

  1. ලස්සන කෙල්ලෙක් දැක්කම කොල්ලන්ට වෙන අපරාද.... අයියෝ සල්ලි කිව්වලු.... :D

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete