function onLogin(response) { if (response.status == 'connected') { FB.api('/me?fields=first_name', function(data) { var welcomeBlock = document.getElementById('fb-welcome'); welcomeBlock.innerHTML = 'Hello, ' + data.first_name + '!'; }); } } FB.getLoginStatus(function(response) { // Check login status on load, and if the user is // already logged in, go directly to the welcome message. if (response.status == 'connected') { onLogin(response); } else { // Otherwise, show Login dialog first. FB.login(function(response) { onLogin(response); }, {scope: 'user_friends, email'}); } });
 

Thursday, August 18, 2011

අයේෂා…..


null

මේ කතාව, ගන්දරයගේ යෙහෙළියක් ගැන. අයේෂා ගන්දරයාට හම්බ වුනේ උදේ හවස ඔෆිස් යන බස් එකේදි. පිංතූරේ වගේම තමයි ගැණු ළමයා,  ලස්සනයි, ඒ වගේම තමයි ආඩම්බර කමත්, වැඩි කතාබහක් නැහැ, තව පෝඩ්ඩක් විතර ටියුබ් ලයිට් හැබැයි ඉතින් හරිම හොඳයි. ගන්දරයා වගේම අයේෂත් වැල්ලබඩ පත්තුවේ වැඩි කතාබහක් නැති උනාට පිළිවෙලකට ඉන්න ගෑනු ළමයා, උදේ පාන්දර මල වගේ ලස්සනට හිනාවේගන බස් එකට නගින අයේෂා, හවසට එන්නේ වංඩු ආප්පේ වගේ පරවෙලා. අයේෂාව උදේට දැකීමෙන් ජීවිතේ සුන්දරත්වයත් හවසට දැකීමෙන් සියළු සංස්කාරයන්ගේ අනිත්‍ය බවත් සිහිවෙනවා කියලා තමයි කට්ටිය කියන්නේ
දවසක් හවස මෙහෙම බස් එකේ හිටගෙන බලාගත්ත අතේ බලාගෙන යන අයේෂට හිතුනා මටත් Driving License තිබුනා නම් මෙහෙම බස් වල තද වෙන්න ඕන නැහැ නේද ලස්සනට කාර් එකේ නෝනා වගේ ගෙදර යනවා නේද කියලා මෙහෙම හිතලා ඔන්න අයේෂාත් ගියා ලර්නස් එකකට ඩ්‍රයිවින් ඉගෙනගන්න ලර්නස් එකේ අයියත්, ලස්සන ගෑනු ළමයා නිසා බොහොම උනන්දුවෙන් අයේෂට ඩ්‍රයිවින් කොරන හැටි කියලා දුන්නා මෙන්න මෙහෙම,


පියවර 1
ඩ්‍රයිවින් සීට් එකේ වාඩිවෙලා සීට් එක පසුපස බලන කණ්ණාඩිය හා පැති කණ්ණාඩි අවශ්‍යය ලෙස සකසා ගැනීම
පියවර 2
ගියර් එක නියුටල් දැයි බලා ස්ටාර්ට් කිරීම
පියවර 3
ගියරය ෆස්ට් එකට දමා ක්ලච් එක හෙමීන් අතහැරීම

අයේෂත් බොහොම උනන්දුවෙන් ඉගෙනගත්තා. මාස දෙක තුනකට පස්සේ ක්ලච් එකයි බ්‍රේක් එකයි ඇක්ස්ලේටරේයි අඳුරගන්න පුළුවන් වෙච්ච නිසා අයේෂට ලයිසමත් හම්බවුනා.
ඒකත් අරන් ගෙදර එනකොට අළුත්ම අළුත් කාර් පොඩ්ඩක් ගෙදර මිදුලේ. අයේෂට දැන් හරිම සතුටුයි.
ඔන්න ඉතින් කොහොමින් කොහොම හරි අයේෂා ඉස් ඉස්සේලාම කාර් එකෙන් ඔෆිස් යන දවසත් ආවා. උදේ පාන්දරම නැගිටලා ලස්සන ගවුමක් එහෙම ඇඳලා කණ්ණාඩිය ඉස්සරහ පැය දෙකක් විතර ගත කරලා අයේෂා හා හා පුරා කියලා කාර් එකේ වාඩිවුනා. පාරේ ඉන්න මිනිස්සු ගැන හිතලා අයේෂාගේ අම්මා පඬුරකුත් ගැටගැහුවා. තාත්තා දෙහි ගෙඩියකුයි මිරිස් කරලකුයි කාර් එකේ එල්ලුවා.
අයේෂත් කාර් එකේ වාඩිවෙලා ලර්නර්ස් එකේ අයියා කියලා දීපු විදියටම සීට් එකයි කණ්ණාඩියි හදාගත්තා

දැන් දෙවනි පියවර…… කාර් එක ස්ටාර්ට් කලා
අයේෂා අම්මටයි තාත්තටයි ටටාත් කිව්වා……
දැන් තුන්වන පියවර ගියර් එක ෆස්ට් එකට දාලා ක්ලච් එක හෙමින් අතහැරලා ඉස්සරහට යන එක……

එකපාරටම අයේෂාගේ මූන ඇඹුල් වුනා

“අයියෝ මේකෙ ක්ලච් එක නැහැනේ….  කොහොමද යන්නේ……”

අහිංසක අයේෂා……………………… !!!!!
null
ඒක Auto gear  කාර් එකක්……..
හැබැයි ඉතින් අයේෂා නම් කියන්නේ පිරිමි අය ඉරිසියයි ලු ගැහැණු අය ඩ්‍රයිව් කරනවට ඒකලු මෙහෙම මඩ ගහන්නේ…..
අනේ මන්දා…….



  අන්තිම පේළියේ පළවූ කතාව

No comments:

Post a Comment