function onLogin(response) { if (response.status == 'connected') { FB.api('/me?fields=first_name', function(data) { var welcomeBlock = document.getElementById('fb-welcome'); welcomeBlock.innerHTML = 'Hello, ' + data.first_name + '!'; }); } } FB.getLoginStatus(function(response) { // Check login status on load, and if the user is // already logged in, go directly to the welcome message. if (response.status == 'connected') { onLogin(response); } else { // Otherwise, show Login dialog first. FB.login(function(response) { onLogin(response); }, {scope: 'user_friends, email'}); } });
 

Monday, September 5, 2011

හොඳ ළමයා 2

බෙලියා හොඳම හොඳ ළමයෙකි. බෙලියා හොඳ
ළමයෙක් වෙච්ච හැටි මම පහුගිය කතාවක කිව්වා නෙව. කියවපු නැති කට්ටිය ඉන්නවනම් ඉතින්
හොඳ ළමයා 1 කතාවට ගිහින් ඒ ගැන කියවන්න. අදත්
කියන්න යන්නේ බෙලියගෙම කතාවක්,
හැබැයි ඉතින් මේකේ බඩ අල්ලගෙන බක බක ගාලා හිනා
වෙන්න නම් දෙයක් නෑ, නිකන්ම නිකන් බෙලියගේ කතාවක් විතරයි…
කියවලා ඉවරවෙලා මොකක්ද බොල මේ කියලා මට දෝස් මුර තියන්න නම් එපා……
අන්තිම පේළියේ හිටියත් බෙලියා බොහොම
ආගම දහමට බර බුවා, කොච්චර ආගම දහමට බරද කියනවා නම් ඒ
දවස්වල මූ ඉන්නෙම පන්සලේ, විශේසයෙන්ම  කොයි තරම් වැදගත් වැඩක් තිබුනත් ඉරිදා උදේට නම්
බෙලියා අල්ලනවා බොරු…. ඇයි ඉරිදා උදේට දහම් පාසල් නෙව…… ඉස්කොලේ නොගියත් මූ
වරද්දන්නේ නැතිව දහම් පාසල් නම් යනවා….. ඉරිදා උදේට දහම් පාසල් යන්න බෙලියා ලෑස්ති වෙන්නේ සෙනසුරාදා හවස ඉඳලා….. නාලා කියලා  රැවුල කපලා කොන්ඩේ
ජෙල් ගාලා කිට මරලා එහෙම තමයි මූ දහම් පාසල් යන්නෙත්…… ටික කාලෙකට කලින් මරන්න ගෙනියන හරකෙක් වගේ ඇදගෙන ඇවිල්ලා දහම් පාසලට බාර දීපු බෙලියා ලෙඩකට දුකකටවත් ගෙදර තියාගන්න බැරිව පන්සලට දුවගෙන එන තරමට සර්දාවන්ත උනෙත් ඉතින් නිකන්ම නිකන් නෙවෙයි….

ගහ දන්න මිනිස්සුන්ට මොකට තව කොල කඩා
පානවද…. බෙලියගෙත් මේ හදිසි වෙනස ට හේතුව ඉතින් ගැහැනු ළමයෙක් බව මම අමුතුවෙන්
කියන්න ඕන ය, නිෂානි ටිකක් ඇහැට කනට පේන ගෑනු ළමයා අළුතෙන්
ආවෙත් බෙලියගේ පංතියටමයි. නිෂානිගේ අම්මයි තාත්තයි දෙන්නම ටිකක් ප්‍රසිද්ධ අය
නිෂානිත් දැන්නම් සෑහෙන්න ප්‍රසිද්ධ ජනප්‍රිය ගායිකාවක්, ඒ දවස්වලත් නිෂානි ටිකක්
විතර ප්‍රසිද්ධයි ඉතින් දහම් පාසලට ඇවිල්ලා ටික දවසකින්ම නිෂානිට ප්‍රධාන
ශිෂ්‍ය නායිකා තනතුරත් හම්බවුනා.
එපා වාහෙට හොදි බෙදන්නා වගේ දහම් පාසල්
ගිහි  ගිහින් හිටපු අපේ බෙලියත් ඔන්න ඊට
පස්සේ බොහොම උනන්දුවෙන් දහම් පාසල් යනවා, උදේ රැස්වීමේ කතා පවත්වනවා, මල් පූජා තියනවා වැඩ කෝටියයි කොහොමින් කොහොම හරි දන්න සිල්ප ඔක්කොම
පෙන්නලා බෙලියත් ප්‍රධාන ශිෂ්‍ය නායක පට්ටම ගහගත්තා.
මේ සිද්ධිය වෙන කාලේ බෙලියා ප්‍රධාන
ශිෂ්‍ය නායක, නිෂානි ප්‍රධාන ශිෂ්‍ය නායිකාව  ආයේ මොනවද විදුහල්පති සුමනසාර හාමුදුරුවන්ගේ
ඉඳලා ගුරු මණ්ඩලේ, ශිෂ්‍ය ශිෂ්‍යාවෝ කවුරුත් බෙලියා ගැන හිටියේ
පුදුම විස්වාසෙකින්……
දහම් පාසලේ බෙලියගේ යාළුවෝ තමයි අකිලයි
ක්‍රිශාන්තයි, මේ දෙන්නාගෙන් අකිල ඒ දවස්වල තමන්ගේම පංතියේ, ශාලිකා කියල ගෑනු ළමයෙක් ලව්වා නහය විද්දෝගෙන හිටියේ, ශාලිකා ගේ තාත්තා අමාත්‍යංශ ලේකම් කෙනෙක්, ගෙදර තිබුනෙත් පංසල කිට්ටුවමයි.  හැබැයි ඉතින් අවාසනාවකට වගේ මේ දෙන්නගේ සම්බන්ධේ
ගැන ඒ වෙනකොට
වටින් ගොඩින් ආරංචි පැතිරිලා තිබුනේ
එදා පොසොන් පෝය දවසක්…..  පන්සලේ සවස මල් පහන් පූජාව දහම් පාසල් ශිෂ්‍යන්ගේ
සංවිධානයෙන්.  ආයේ
මොනවද ප්‍රධාන වගකීම ඉතින් අපේ බෙලියට නෙව බෙලියත් ගිනි කසයා වගේ වැඩ… නිෂානි
ඇතුළු අනෙත් අයත් ගුරු මණ්ඩලයත් එකා වගේ බෙලියගේ සහයෝගෙට වැඩ…. ඒත් වෙනදට
බෙලියගේ දකුණු අත වගේ ඉන්න අකිල අද පැත්තක් ගහලා…. නයා මැරිච්ච අහිගුංටිකයා වගේ
බලා ගත්ත අත බලාගෙන,  හේතුව
ශාලිකා ඇවිල්ලා නෑ. අකිලත් සෑහෙන්න බලාපොරොත්තු ඇතිව ඇවිත් තියෙන්නේ අද ශාලිකාව
හම්බ වෙන්න,  කොටින්ම ශාලිකාට දෙන්න කියලා බොහොම වටින චොක්ලට්
එකකුත් ගෙනල්ලා……
හවස් වෙච්ච වෙලාවේ ඉඳන්ම අකිල නහයෙන්
අඬනවා, ඒ මදිවට බෙලියට කරදරේ ශාලිකාලෙගේ ගෙදර ලඟට
ගිහින් චොක්ලට් එක දීලා එමු කියලා. ජරමර අස්සේ බර කරත්ත කිව්වලු මේ ජරමර අස්සේ
බෙලියා කොහේ යන්නද අනික මේ කට්ටියගෙම ඇස් වහලා…. ඒත් ඉතින් එහෙම කියලත් බැහැනෙව
අහිංසක කුරුළු ජෝඩුවක් නෙව…….. ඔන්න බෙලියා ගැහුවා ප්ලෑන් එකක් පූජාවට ගෙනාපු
පොල්තෙල් කෑන් එක අකිල ගෙනිහින් හැංගුවා පන්සලේ පිටිපස්සේ ගේට්ටුව ලඟ…..

ටික වෙලාවකින් බෙලියා කෑ ගහනවා
පොල්තෙල් නෑ පොල්තෙල් ඉවරයි කියලා
දැන් ඔන්න අපේ ඩබල යන්න ලෑස්තිය
පොල්තෙල් ගේන්න ගුරු මණ්ඩලේ කව්දෝ කිව්වා බෙලියා නොගිහින් වෙන කෙනෙක් යවලා ගෙන්න
ගන්න කියලත් ඒත් ඉතින් පෝය දවසේ ගොම්මන් වෙලාවත් නිසා කඩවලුත් වහලා පොල්තෙල් හොයන
එකත් ලේසි නෑ වෙන කෙනෙක් යවලා හිස් අතින් එනවට වඩා බෙලිය යන එක හොඳයි කියලා තමයි
බෙලියා කිව්වේ
කොහොමින් කොහොම හරි බෙලියගේ බයිසිකල්
කට්ටට නැගගත්ත දෙන්නා විදිල්ල වගේ පෑගුවේ ශාලිකාලගෙ ගෙදරට. ශාලිකාලගෙ ගෙදර තාප්පේ
තියනවා කැඩුනු තැනක් ඔතනට ගිහින් මොකක්දෝ කරාම ශාලිකා එතනට එනවලු
ඔන්න දැන් බෙලියා ටිකක් ඈතින් බයිසිකලේ
නවත්තගෙන ඉන්නවා, අකිල තාප්පේ ලඟට ගිහින් ශාලිකාට සංඥාව දුන්නා
ටික වෙලාවකින් ශාලිකා ආවා කියලත් අකිල බෙලියට අතින් කිව්වා. අකිලත් ශාලිකාත් ටික
වෙලාවක් මෙහෙම කතාකර කර හිටියා  මෙන්න
එකපාරටම අකිල කලබල වෙලා දුවගෙන එනවා

“බෙලියා ඇදපන්… ඇදපන්…. ශාලිකා ගේ
තාත්තා..” කියාගෙන

මොනවද ඉතින් බෙලියත් පරාන බයටම පෑගුවා
පෑගිල්ලක් කෙලින්ම පන්සල ඇතුලේ හංගලා තිබුනු තැනින් පොල්තෙල් කෑන් එකත් අරගෙන
දෙන්න පූස් පැටව් දෙන්නා වගේ පූජාව…..
මෙන්න ටික වෙලාවකින් සුමනසාර හාමදුරුවෝ
එනවා ලෙල්ලටම ෆයර් වෙලා… ඊට පිටිපස්සෙන් ශාලිකාගේ තාත්තයි තවත් කවුදෝ හයයි හතරේ
පොරකුයි ශාලිකාගේ තාත්තා නඩුව කියලා හාමුදුරුවන්ට…. හාමුදුරුවෝ අම්මා මෝ නැතුව
බනිනවා අකිලයට

“මූ තමයි හාමුදුරුවනේ…. මූ තමයි
හාන්දුරුවනේ….. තවත් එකෙක් හිටියා මූ එක්ක”
අකිලය දැක්කා විතරයි ශාලිකාගේ තාත්තා
කෑ ගහනවා
හාමුදුරුවෝ ලවක් දෙවක් නැතුව කෑ ගහලා
බනිනවා…. ශාලිකා ගේ තාත්තා වඩිග පටුන නටනවා ගුරු මණ්ඩලෙයි ශිෂ්‍ය ශිෂ්‍යාවොයි
තෘෂ්නිම්බූත වෙලා බලන් ඉන්නවා
ඔන්න බෙලියා ගියා ඉස්සරහට

“අවසර හාමුදුරුවනේ… අකිල ගියේ මාත් එක්ක
පොල්තෙල් ගේන්න මේ මහත්තයා මම හිතන්නේ දකින්න ඇත්තේ වෙන කවුරු හරි අද ඉතින් හැමෝම
සුදු ඇඳලා නෙව අඳුරන්න අමාරුයි නෙව කවුරුත් එක වගේ නේ…….
මගේ දිහා බැලුවම උනත් මේ මහත්තයට
හිතෙන්න බැරි නෑ එතන හිටියේ මම කියලා”

බෙලියට කියලා කටගන්න හම්බ උනේ නෑ
ශාලිකාගේ තාත්තා කෑ ගහනවා

“මේ ඉන්නේ අනිත් එකා මේ ඉන්නේ අනිත් එකා “
කියලා
මොනවද ඉතින් එතන හිටියේ බුදුහාමුදුරුවෝ
කියලා විස්වාස කරත් ඒ බෙලියා කියල නම් කවුරුත් විස්වාස කරන්නේ නෑ….. ගුරු මණ්ඩලේ
නිෂානි ඇතුළු සියළුම දෙනා එක හඬින් බෙලියගේ පැත්තේ . බෙලියා කිව්වා වගේම කවුරුත් හිතුවා
ශාලිකා ගේ තාත්තා වෙනකෙනෙකුට රැවටිලා කියලා

බෙලියගේ හොඳ නම ට පිං සිද්ධ වෙන්න එදා
අකිල බේරුනා
සුමනසාර හාමුදුරුවන් නම් දැන් අපවත්
වෙලා….. නිෂානි බොහොම ජනප්‍රිය ගායිකාවක්, හිටපු ගුරු මණ්ඩලෙත් විසිර ගිහිල්ලා.
හැබැයි කිසිම කෙනෙක්  අදටත් දන්නේ නෑ
ඇත්තටම එදා එතන හිටියේ බෙලියා තමයි කියලා



අන්තිම පේළියේ පළවූ කතාව


No comments:

Post a Comment