function onLogin(response) { if (response.status == 'connected') { FB.api('/me?fields=first_name', function(data) { var welcomeBlock = document.getElementById('fb-welcome'); welcomeBlock.innerHTML = 'Hello, ' + data.first_name + '!'; }); } } FB.getLoginStatus(function(response) { // Check login status on load, and if the user is // already logged in, go directly to the welcome message. if (response.status == 'connected') { onLogin(response); } else { // Otherwise, show Login dialog first. FB.login(function(response) { onLogin(response); }, {scope: 'user_friends, email'}); } });
 

Monday, October 15, 2012

සිහිනය දිගේ.... (1 කොටස )

 

 අවිස්සාවේල්ල කොළඹ මාර්ගය පාළුවට ගොස් ඇත. ඉඳ හිට හමුවන වාහන දෙක තුනද පොලිස් හෝ හමුදා   වාහනය. දහවල පැවති මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙමින් ඇත්තේ දැන්ය. මාර්ගය පාළුවට ගොස් ඇතත් කිසිවෙක් තවම නින්දට ගොස් නැතැයි හර්ෂණ සිතාගත්තේ මග දෙපස නිවෙස්වල තවමත් දැල්වෙන විදුලි පහන් නිසාය. ඔවුන් ඡන්ද ප්‍රතිඵල නරඹනවා විය යුතුය.  තවමත් නිකුත් වී ඇත්තේ ආසන කීපයක ප්‍රතිඵල පමණක් වුවද සමස්ත ප්‍රතිඵළය කෙසේ ද යන්න හර්ෂණ විජේසේකර  මේ වනවිටත් දැන සිටියේය. වසර දාහතක් පුරා බලයේ සිටි රජය බිඳවැටෙමින් විපක්ෂය විශිෂ්ඨ ජයග්‍රහනයකට මුල පුරමින් තිබුනි. හර්ෂණ විජේසේකර ලොවටම රහසින් මේ සඟව යන්නට යත්ත දරන්නේද එහෙයිනි.

 

"මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්"

වෑන් රථයේ ගුවන් විදුලි යන්ත්‍රයෙන් ප්‍රචාරය වෙද්දී ඉදිරි අසුනේ සිටි තෙන්නකෝන් එහි හඬ වැඩි කලේය. හර්ෂණ එයට සවන් දුන්නේ අවධානයෙනි. බලාපොරොත්තු වූ ලෙසම එම ආසනයද විපක්ෂය ජයග්‍රහනය කර තිබුනේ වැඩි ඡන්ද හතලිස් දහස් ගනනකිනි. හර්ෂණ එහෙමම පිටුපස අසුනට හිස තබාගෙන දෑස් පියා ගත්තේය.

හර්ෂණ විජේසේකර යනු සාමාන්‍ය තරුණයෙකු නොවේ. ඔහු රජයේ ප්‍රබල ඇමතිවරයකු වු මහේෂ් විජේසේකරගේ එකම පුත්‍රයාය. පියා මැර ඇමතිවරයෙක් ලෙස ප්‍රසිද්ධ නමුත් ඔහු වෙනත් බොහෝ ඇමති පුතුන් මෙන් සමාජ ශාලා තුලත් මත්පැන් බෝතල අතරේත් ජීවිතය දියකල හල තරුණයෙක් නොවේ. ඔහු කුඩා කල සිටම විශිෂ්ඨ කුසලතා වලින් පිරිපුන් දරුවෙක් විය. පාසලේ දී අධ්‍යාපනය තුලින් මෙන්ම ක්‍රිඩා අංශයෙන්ද දීප්තිමත් ශිෂ්‍යයෙක් විය. උසස් පෙල උසස් ලෙස සමත්ව වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලැබුවද, තම එකම පුත්‍රයා මෙරට වෛද්‍ය විද්‍යාලයකට යැවීමට මහේෂ් විජේසේකර ඇමතිවරයා කැමැත්තක් දැක්වූයේ නැත. තම පියාත්, මෙරට වෛද්‍ය විද්‍යාලයකම වෛද්‍ය උපාධිදාරිනියක් වූ මවත් දෙදෙනාම කිසි විටෙක දේශීය විශ්ව විද්‍යාල අව තක්සේරු නොකරන බව ඉඳුරාම දැන සිටි හර්ෂණට, මේ අකමැත්ත ප්‍රශ්ණයක් වුවත්  අවසානයේ ඔහු එංගලන්තයේ වෛද්‍ය විද්‍යාලයකට ඇතුලත් වීම සඳහා රටින් පිටව ගියේය.

වෛද්‍ය උපාධිය සම්පූර්ණ කල හර්ෂණ ලංකාවට පැමිණියේ මෙයට වසර එකහමාරකට පමණ පෙරය. නැවත ලංකාවට පැමිණි පසු ටික කලක් රෝහලක සේවය කරත් ඔහුගේ සිත තිබුනේ වෛද්‍ය වෘත්තිය ට නොව දේශපාලනයටය. හර්ෂණ කිහිප විටක්ම දේශපාලන සම්බන්ධ වීමට උත්සාහ කලත් එය වැලකුනේ, ඔහුගේ මවගේ බලවත් විරෝධතාව නිසාය. බිරිඳ පමණටම නොවූවත් විජේසේකර ඇමතිතුමාත් තම පුතුගේ දේශපාලන ආගමනය ගැන දැක්වූයේ ඇල්මැරුණු ආකල්පයකි.

රබර් බෝලයක් කිසිසේත් තදකොට දියයට සඟවා ගත නොහැක්කාක් සේම හර්ෂණගේ නිසඟ දේශපාලන කෞශල්‍යයද පැතිරගියේ නිරායාසයෙනි. තම පියාගේ පෞද්ගලික ලේකම් හා මහජන සම්බන්ධතා නිළධාරියා ලෙස ක්‍රියා ඇරඹීමත් සමඟම ඔහුගේ දේශපාලනික සඇලසුම්, ස්ංවිධාන ශක්තිය නායකත්වය බොහෝ දෙනෙකුගේ ප්‍රශංශාවට බඳුන් විය. ඔහුගේ නායකත්වය වටා පිරිස් ගොඩ නැගෙන්නට පටන් ගත්තේ විජේසේකර ඇමතිවරයා පවා පුදුමයටත් සතුටටත් පත් කරමිනි.

වරෙක හර්ෂණ ජනතාව අමතා කල කතාවක් අසා සිටි ජනාධිපතිවරයා, ඔහුට දේශපාලන ලෝකෙයේ නියත විවරණයක් ලබා දුන්නේ විජේසේකර ඇමතිවරයාත් ඉදිරිපිට.

 

"අයිසේ අද මම කිව්වා කියලා ලියලා තියාගන්නවා... අර කොල්ලා දුර දිග බලලා වැඩ කරොත් තව අවුරුදු විස්සකට විසි පහකට පස්සේ මේ පුටුවට එනවා එකාන්තයි..."

පක්ෂයේ දෙවන පෙල නායකත්වය සඳහා ඔහුව යොමුකරවන්නැයි පක්ෂ නායකත්වය විජේසේකර ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කරේ මින් එයින් දින කීපයකට පසුව. නමුත් ඒ සියළු ඉල්ලීම මැද වුවත්  තම එකම පුතා දේශපාලනයට යොමු වීම විජේසේකර යුවල කිසිසේත් අනුමත කලේ නැත.

හර්ෂණ දිගින් දිගටම විජේසේකර ඇමතිවරයාගේ මහජන සබඳතා නිළධාරියා ලෙස කිසිදු බාධාවකින් තොරව ක්‍රියා කලේය. නමුත් ඒ සියල්ල වෙනස් වුනේ මෙයට සයමසකට පමණ පෙර විජේසේකර ඇමතිවරයාට ලැබුනු යම් තොරතුරක් මත.

 

තමාව ඝාතනය කිරීමේ හෝ සිරගත කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බව

හර්ෂණ මුලින්ම දැනගත්තේ තම පියාගෙනි. සැබවින්ම එය ඇසුනු විගස ඔහුට දැනුනේ හාස්‍යක්.

"තාත්තට ඔහොම කුමන්ත්‍රණයක් තියනවා කිව්වනම් පිළිගන්න තිබුනා, ඒත් මේ තාත්තට නැතිව මාව හිර කරන්න කුමන්ත්‍රණ කරන්නේ මොකටද"

හර්ෂණ ඇසුවේත් ඒ හාස්‍ය සිතේ සඟවාගෙනය

"මේක වනිගසූරියලගේ වැඩක්"

මහේෂ් විජේසේකර කිව්වේ එපමණකි

වනිගසූරිය මන්ත්‍රීවරයා, විජේසේකර ඇමතිතුමාට සිටින ප්‍රධාන විරුද්ධවාදියා විය. වනිගසූරිය විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් සහ විජේසේකර ආණ්ඩු පක්ෂ්යේ ප්‍රබල ඇමතිවරයෙක් උවත් මේ දෙදෙනා අතර තිබුනේ දේශපාලනයට ඒහා ගිය ප්‍රබල වෛරයකි.

විජේසේකර හා වනිගසූරිය අතර පවතින සෑබෑ අර්බුදය ඔහුගේ ඉතාම හිතේෂීවනත්තයන් අතලොස්සක් හැර හර්ෂණ වත් දැන සිටියේ නැත. සැබවින්ම එම සිදුවීම් පෙළම හර්ෂණට අභිරහසක් විය. ඔහු දැන සිටියේ ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයක් සිදුවිය හැකි බව පමණකි.

මෙය දැනගත් මොහොතේ පටන්ම විජේසේකර යුවලම සිටියේ අසහනයෙනි. මහේෂ් විජේසේකර මුලින්ම කල්පනා කලේ හදිසි අවස්ථාවක් උදාවුවහොත් හර්ෂණ කිසිවෙකුටත් සොයාගත නොහැකි වන ලෙස විදේශ රටකට යවන්නටය.

නමුත් සැතපුම් දහස් ගනනක් දුර නන්නාඳුනන රටකට යැවූ පසු හර්ෂණ ගේ ආරක්ෂාව පිළිබඳ තමාට ගතහැකි පියවර අවම වීම නිසා ඔහු එම අදහස අත්හැර දැමුවේය.

 

මහේෂ්ට මාලිනී මතක් වුනේ හදිසියේමය. නර්මදා විජේසේකරගේ ඥාතී සොහොයුරියක් වු මාලිනී, නොගැලපෙන විවාහයක් නිසා පවුලෙන් ඉවත්කරන ලද ගැහැණියකි. සැමියා මිය යාමෙන් පසුව, ඇය තම දියණියත් සමඟ ජීවත්වන්නේ හැටන් නගරයට ආසන්න දික්පිටිඔය ගම්මානයේ.

මාලිනීට මහේෂ් විජේසේකර බොහෝ උදව් උපකාර කොට ඇත. ඇය දැනට ජීවිකාව කරගෙන යන සිල්ලර කඩය පවා ආරම්භ කරේ මහේෂ්ගේ මුදලිනි.

මාලිනී පිළිබඳව සිහිකරද්දී අමතක කල නොහැකිම සිදුවීමක් විජේසේකර යුවළට ඇත, ඒ මීට අවුරුදු විස්සකට පමණ ඉහත මහේෂ් දේශපාලනයට පිවිසි මුල් අවධියේ , වනිගසූරිය පවුලේ තර්ජන හමුවේ තමන්ට සැඟව යන්නට සිදුවූ මොහොතක නර්මදාත්, කුඩා හර්ෂණත් ආරක්ෂා කලේ මාලිනී ය. ඒවතාවේ වරක් වනිගසූරිය ගේ මැර පිරිස ඇගේ නිවසට කඩාවැදී නර්මදාටත් හර්ෂණටත් තර්ජනය කරද්දී ඇගේ නිර්භීත ක්‍රියාකලාපය නොවන්නට හර්ෂණ අද ජීවතුන්  අතර නොවන්නට ද ඉඩ තිබු නි.

මේ සියළු කරුණු කාරණා සිහියට නැගෙද්දී, යම් හදිසි අවස්ථාවක උදාවුවහොත් හර්ෂණව සැඟවිය හැකි වඩාත්ම ආරක්ෂාකාර්‍ර ස්ථානය මාලිනීගේ නිවස බව මහේෂ් විජේසේකරගේ තියුණු බුද්ධියට වැටහුනි. හර්ෂණ විජේසේකර විදේශගත විය හැකි බව යමෙක් විශ්වාස කලත් ඔහු හද්දා පිටිසර ගම්මානයක සිල්ලර කඩයක් තුල දකින්නට ලැබේවියයි කිසිවෙක් විශ්වාස කරන්නේ නැත.

මේ තීරණයට එළැඹීමෙන් පසු ඔහු හර්ෂණට "රුවන් චින්තක පෙරේරා" යන ව්‍යාජ නමින් පෙනී සිටීම සඳහා අවශ්‍යය හැඳුනුම්පත්, රියදුරු බලපත්‍ර ඇතුළු ව්‍යාජ ලිපි ලේඛන රාශියක් සකස් කලේය. වෙනකක් තබා රුවන් චින්තකගේ මව හා නැගනිය ලෙස පෙන්වීමට පවුලක්ද බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් සොයාගත්තේය.

හර්ෂණගේ විශ්වාසවන්තම හා සමීපතම ආරක්ෂකයකු වූ විරාජ්, මාලිනීගේ කඩයේ සේවකයක් ලෙස තෙමසකට පෙර, දික්පිටිඔයට ගියේත් මේ වැඩ පිළිවෙලේම තවත් පියවරක් ලෙසය. මහේෂ් විජේසේකර, මේ සියල්ල කලේ ඉතාම රහසිගතව. මේ සඳහා ඔහුට ප්‍රධාන වශයෙන් උපකාර කලේ පක්ෂයට සම්බන්ධ ජේ‍ය්ඨ නීතිඥ්ඥ වරයකු වූ ඔලිවර් මාරතැන්න ය. ඔලිවර් හර්ෂණව ගේ දේශපාලන නායකත්වය දැඩිව විශ්වාස කෙරුවෙක් විය. දික්පිටිඔයට ආසන්නව ඔහුට අයත් නිවසක් පිහිටා තිබුන හෙයින්, මෙම වැඩපිලිවෙලේ විශාල කාර්ය භාරයක් ඔහු පිට පැටවින.

මෙයට අමතරව නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ බන්දුල වීරකෝන් සහ මාධ්‍ය ප්‍රධානියෙක් වූ අසංක වරුසවිතාන ද මේ වැඩපිලිවෙලේ ප්‍රධාන කොටස් කරුවන් විය.

මේ සියළු දේ මෙසේ සිදුවුවත් වසන්වී පළායාමට තරම් හේතුවක් හර්ෂණට ඇතිවුනේ නැත.

 

මහ මැතිවරණය ආරම්භ වුනේ මේ අතරතුර. ආරම්භයේ පටන්ම රජය පැවතියේ අවාසි තත්වයක ය. මෙවර විපක්ෂය බලවත් වන බව විජේසේකර ඇතුළු බොහෝ රජයේ ප්‍රභලයෝ ආරම්භයේ සිටම දන සිටියහ. මේ නිසා ඔවුන් බොහෝ දෙනෙක් කටයුතු කලේ පක්ෂයේ ජයග්‍රහනයට වඩා තම තමන්ගේ පෞද්ගලික ජයග්‍රහන අපේක්ෂාවෙනි.

සුපුරුදු ලෙසම විජේසේකර ඇමතිවරයාගේ ප්‍රචාරක ව්‍යාපාරයේ වැඩි වගකීමක් දැරුවේ හර්ෂණ ය. මෙවර වනිගසූරිය පිල වඩා බලවත්ව සිටියත් සුළු සුළු සිද්ධීන් කිහිපයක් මිස, මැතිවරණ දිනය වනතෙක්ම බරපතල කිසිවක් සිදුවූයේ නැත. නමුත් මැතිවරණ දින දහවල මේ තත්වය සම්පූර්ණයෙන්ම කණපිට පෙරලින. දේවක වනිගසූරිය මන්ත්‍රීවරයාගේ පිරිසක් තම ආධාර කරුවකුගේ නිවසට පැමිණ පහරදෙන බව මහේෂ් විජේසේකරට ආරංචිවන විට මහේෂ් හර්ෂණ ඇතුළු පිරිසම සිටියේ තෙන්නකෝන්ගේ නිවසේ දහවල් කෑමට සූදානම් වෙමිනි.

මේ ආරංචිය කන වැකුණු විගසම මහේෂ් විජේසේකරට යක්ෂයා ආරූඪ විය, අමු තිත්ත කුණු හරුප වැලක් සමඟින්  "අද මේකේ දෙකෙන් එකක් බේරගන්නවා යි" ගෝරනාඩු කර ඔහු තම පිරිස සමඟ එළියට බැස්සේ දේවක වනිගසූරිය මන්ත්‍රී වරයා හමුවට යාමට ය. ඇමතිවරයා මෙන්ම සෙසු පිරිස ද සිටියේ ආයුධ සන්නද්දව ය. නමුත් ඔහු හර්ෂණව මේ ගමනට සම්බන්ධ කර ගත්තේ නැත. මහේෂ් විජේසේකර පිටව ගියේ, මේ වේලාවේ එතනට නොයන ලෙස හර්ෂණගේ බලවත් විරෝධයද නොතකමිනි.

මැර කණ්ඩායමක් සමඟ තම ආධාරකරුවකුගේ නිවසට කඩාවැදී ඇත්තේ දේවක වනිගසූරිය මන්ත්‍රීවරයා නොව ඔහුගේ බාල සොහොයුරු තුසිත බව හර්ෂණට දැනගන්නට ලැබෙන්නේ විජේසේකර පිටව ගොස් මඳ වේලාවකට පසුව ය. වහ වහා තම පිරිස සූදානම් කරගත් හර්ෂණ, පිටව ගියේ මහේෂ් විජේසේකර සොයාගෙන ය.

හර්ෂණට ඔවුන් මුන ගැසෙන විටත් දෙපිරිස මහා ගාලගෝට්ටියකය, මහේෂ් විජේසේකර, තුසිත වනිගසූරිය මෙන්ම හර්ෂණගේ පිරිස සිටියේත් ආයුධ සන්නද්ධවය.

මහේෂ් විජේසේකරත් තුසිත වනිගසූරියත් දෙදෙනාම එකිනෙකා හා බහින් බස් වෙමින් සිටියේ මාරාවේෂයෙනි. නිමේෂයකදී තුසිත වනිගසූරිය තම ඉනෙහි සඟවා සිටි පිස්තෝලය ගෙන මහේෂ්ට වෙඩි තැබීය. කුමක්දෝ ඉවකින් මහේෂ් වෙඩි පහරෙන් මෑත් වූවෙන් උණ්ඩය එල්ල උනේ ඔහු අසලම සිටි ආරක්ෂකයෙකුට ය. ඔහු කපාහෙළු ගසක් මෙන් බිම ඇදගෙන වැටිනි. ඒ සමගම මහේෂ් විජේසේකරත් හර්ෂණත් ඇතුළු ඔවුන්ගේ ආරක්ෂාවට සිටි සියළු දෙනාම තුසිත වනිගසූරිය, ඉලක්කකර වෙඩි තබන්නට පටන් ගත්තේ ඉවක් බවක් නැතිව ය. වෙඩි උණ්ඩ තිහ හතලික් සිරුර තුල රුවා ගෙන  තුසිත වනිගසූරිය මොහොතකින්  බිම ඇද වැටුනි. මඳ සෙලවීමක් හෝ නොමැතිව ඔහු එතැනම මිය ගියේය.

14 comments:

  1. ඔන්න ගන්දර මහත්තයා .. මම ඔයාගේ කතාව කියවන්න පටන් ගත්තා.. මේක අන්තිම පේලියට දාන්න.. නැක්නම් ඒකේ සනිකෙට දාලා පබ්ලිසිටියක් ගන්න.. මන් ගානේ මම මේක ගෘප් එකේ දානවා.. හැබැයි දිගටම ලියන්න ඕනේ හරිය ....

    කිරිසප්පයා @ අන්තිමපේළිය

    ReplyDelete
    Replies
    1. තැන්ක් යූ වේවා කිරි සප්පයෝ... තවත් ටිකක් ලියලම අන්තිම පේලියට දානවා කියලයි හිත හිත හිටියේ.....

      Delete
  2. මාත් කියෙව්වා.... මරු... තවත් වෙනස් පාරක යන කතාවක්... ඊළඟ කොටස එනකන් බලන් ඉන්නවා ගන්දරයෝ.. ඉක්මනටම ඊළඟ කොටස අපිට කියවන්න දෙන්න :)

    ReplyDelete
    Replies
    1. ආ අඹය මලේ තැන්ක් යූ වේවා... දැනට කොටස් අටක් දාලා තියෙන්නේ. නවවෙනි කොටසත් ඉක්මනටම දානවා.

      Delete
    2. කෝ බන් 08ක් ? 5නේ තියෙන්නේ.. කතාව එන්න එන්න පුංචි කරලා අපෙන් අහගන්න හදන්නේ හරිය.. මමත් මෙගාවක් ලියනවා.. ඒ පැත්තෙත් ඇවිල්ලා යන්න
      https://www.facebook.com/panpodak

      කිරිසප්පයා @ අන්තිමපේළිය

      Delete
  3. ඇහ් හය හත අට කොටස් පේන්නේ නැතිද කිරියෝ....???

    මේ තියෙන්නේ කොටස් ටික

    http://nimmnaya.blogspot.com/2012/11/6.html
    http://nimmnaya.blogspot.com/2012/11/7.html
    http://nimmnaya.blogspot.com/2012/11/8.html

    ReplyDelete
  4. අඩෙ අප්පා අදනේ එක කියෙව්වේ.....

    ReplyDelete
  5. ඔන්න මමත් පහු වෙලා හරි කතාව කියවන්න පටන් ගත්තලු ..
    මම වසුන්දරාලු..

    ReplyDelete
  6. සැහෙන්න පහු වෙලා, ඕන්න පටන් ගත්තා මේක කියවන්න මුල ඉදන්ම. :)

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. මේ කථාව කියවන්න ගත්තෙ අද... අනිත් ටික කියවද්දි බලමු.. සෑහෙන්න හොඳයි කොල්ලො...
    මෙන්න මගෙ නවකථා බ්ලොගුව..
    FreeGetLanka
    කස්ටියම කියවන්න ඈ...
    මේ වගේම වෙනස් තැනක්..

    ReplyDelete
  9. වෙනස් ආරයක කතාවක් දැනට හොඳා...............යි

    ReplyDelete
  10. හොද උත්සහයක්. හොද කතාවක්. සුබ පැතුම් අය්යා !

    ReplyDelete