function onLogin(response) { if (response.status == 'connected') { FB.api('/me?fields=first_name', function(data) { var welcomeBlock = document.getElementById('fb-welcome'); welcomeBlock.innerHTML = 'Hello, ' + data.first_name + '!'; }); } } FB.getLoginStatus(function(response) { // Check login status on load, and if the user is // already logged in, go directly to the welcome message. if (response.status == 'connected') { onLogin(response); } else { // Otherwise, show Login dialog first. FB.login(function(response) { onLogin(response); }, {scope: 'user_friends, email'}); } });
 

Friday, December 7, 2012

සිහිනය දිගේ.... (10 කොටස )

 දහවල් දොළහට පමණ හර්ෂණ යළිත් දිල්මිගේ නිවසට ගියේය. දිල්මිගේ මව නන්දාවතී හාමිනේ ඒ වන විටත් සිටියේ උයා පිහා පාර්සල් සාදා අවසන්ව, හර්ෂණ එනතෙක් බලාගෙනය. නිවසට ගිය හර්ෂණ කෑම පාර්සල් ගත් සැනෙකින් නැවතත් අනෙක් පැත්තට හැරුනේ පාසල් නිමවන වේලාවට පෙර එතනට යාමට අවශ්‍ය නිසා. තරමක් වේගයෙන් පැමිණියත් හර්ෂණ පාසල අසලට ළඟාවුනේ පාසල නිමවී විනාඩි දහයකට පමණ පසුව.

 

හර්ෂණ එනු දුටුවෙන් දිල්මි පාර මාරුවෙමින් පැමිණ රථයට ගොඩවූවාය.
"අම්මේ කෑම සුවඳ...." දිල්මි කීවේ පිටුපස අසුන උඩ තිබූ කෑම පාර්සල් වලට ඉව අල්ලන අතරෙනි. සැබෑවකි උණු උණුවේම පාර්ස්ල් කර නිසාදෝ කෑමවල සුවඳ රථය පුරාම පැතිරී තිබුණි.
"අක්කා ඉන්නේ කොහේද මිස්"
හර්ෂණ් ඇසුවේ රථය පණ ගන්වමින්. නමුත් ඔහුට රථය ඉදිරියට ගන්නට ලැබුනේ නැත. කොහේදෝ සිට දිව ආ බණ්ඩාරගේ ත්‍රී වීලරයේ එල්ලුනේය.

"ආ සුදු මාත්තියා... දවල්ට මොකුත් කන්න පිනට යමා...ක්"

එවර නම් හර්ෂණට ඇත්තටම තරහ ගියේය.
"මේ පලයන් යන්න කුණුහරුප අහගන්නේ නැතුව"
හර්ෂණ දිල්මි සිටින බවවත් නොතකා කෑගැසුවේ ඔහුව එළවා ගන්නා අදහසිනි. නමුත් හර්ෂණ ගේ ගෝරනාඩුවට මෙල්ලවුනේ ඔහු නෙවේ, එවර ඔහු හර්ෂණව අතහැර දිල්මි දෙසට හැරුනේය.
"අනේ සීදේවි සුදු නෝනා.... මට බඩ ගින්නට කන්න දෙයක්"
 දිල්මිට දුක සිතුනාය. කෑම පාර්සලයක් ළඟ තබාගෙන බඩගින්නට කන්නට දෙයක් ඉල්ලන කෙනෙකුට යමක් නොදී සිටින්නටය බැරිය.
අම්මා සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවක ගනනටම කෑම එවන්නේ නැත. බොහෝ විට කෑම පැකට්ටුවක් දෙකක් වැඩිපුර දමන්නේ, හදිසියේ අමුත්තකු ආවොත් යැයි සිතමිනි. දිල්මි සිතූ ලෙසම පාර්සලය තුල කෑම පැකට් හතරක් විය. ඇය ඉන් එකක් සිඟන්නාට දුන්නේ අනුකම්පාවෙනි. හර්ෂණ මුවෙන් නොබැන බලාසිටියේය.
කෑම පැකට්ටුව අතට ගත් සිඟන්නා දිල්මිට මුව නොසෑහෙන සේ ස්තූති කරමින් පින් දෙන්නට පටන් ගත්තේය.
"අනේ මේ සුදු නෝනෙගේ සියළු බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධ වෙලා කරන කියන රැකි රක්ෂාවල් සර්වප්‍රකාරයෙන් සාර්ථකවෙලා නිදුක් නිරෝගී සැප සම්පත් ඇතුව යාන වාහන ලැබිලා, දවසක ජනාධිපති ආරියාවම වෙන්න වාසනාව ලැබේවා....."
හර්ෂණට සිනහ යන්නට ආවෙන් ත්‍රීවිලරයේ එල්ලී තොරතෝංචියක් නොමැතිව පින් දෙමින් සිටි බණ්ඩාරගේ ද නොතකා ඔහු රථය ඉදිරියට ගත්තේය. බණ්ඩාරගේ කියූ කතාවලට දිල්මිද සිටියේ සිනහසෙමිනි.
"මොකක්ද අර මිනිහා අර අන්තිමට කිව්වේ ජනාධිපති ආරියාවම වෙන්න කියලා"

දිල්මි සිනහසෙමින් ඇසුවේ හර්ෂණගෙනි

"ඌට පිස්සු නේ...  ඌ දන්න ලොකුම කෙනා ජනාධිපති ආර්යාව වෙන්න ඇති...... , උදේ මම රුපියල් පහක් දුන්නා කියලා මට බැන්නා නොසෑහෙන්න... ටවුන් එකේ තව මිනිස්සු කීප දෙනෙකුටම බැනලා"

"මම කෑම පැකට් එකක් දීපු පිනට ජනාධිපති ආර්යාව වෙන්න.... නරකම නෑ දිල්මි කිවේ සිනහව අතරින්ම.

"ඔව් ඉතින් ගොඩක් දෙනෙක් දැන් ජනාධිපති වෙන්නේ බත් පැකට් දීලා තමයි" හර්ෂණ කියාගත්තේ තමන්ටමය.

කෑම පැකට්ටුව අල්ලද්දී එය හරි හැටී ගැට ගැසී නොතිබූ නිසාදෝ හොදි ස්වල්පයක් දිල්මිගේ අතේ ගෑවුනේය. දිල්මි ත්‍රීවිලරයේ පිටුපසට එබුනේ අත පිහිදාගන්නට රෙදි කැබැල්ලක් සොයාගන්නා අදහසින්. එහි ඇති පත්තර තොගය ඇය දුටුවේ ඒ මොහොතේ.

"මේ පත්තර ගොඩක් මොනවද රුවන්" දිල්මි ඇසුවේ කුතුහලයෙන්
"ඔය මම කම්මැලි වෙලාවට කියවන්න කියලා ගත්ත පත්තර මිස්" හර්ෂණ කිව්වේ වැඩි ගණනකට නැතිව
දිල්මි පත්තර එකින් එක අවුස්සා බැලුවාය දවසේ සෑම පුවත් පතක්ම පාහේ එතැන තිබුනි.

"මෙච්චර පත්තර ගොඩක්..... ඔයා මේ ඔක්කොම කියවනවද...?
දිල්මි ඇසුවේ සැබවින්ම විස්මයෙන්. 

 ඇයට ඔහුගේ මේ කියවීමේ පුරුද්ද ගැන දැනුනේ පුදුමයක්. ඇය පත්තරයක් අතට ගන්නේ වෙන කරන්නම දෙයක් නැතිනම් පමණි. බොහෝ විට මේවායේ ඇත්තේ මිනීමැරුම් දූෂණ වංචා ගැනය නැතිනම් දේශපාලන කතාය. මෙවා කියවන්නට දිල්මි කොහෙත්ම අකමැතිය.

මේධාගේ නිවස පිහිටා තිබුනේ නගරයට ආසන්නව පිහිටි තරමක් උස් බිමකය. නිවසට යායුතු වූයේ පියගැට පෙළක ආධාරයෙන් වූ බැවින් නිවස අසලටම වාහනයක් ගෙනයාමට නොහැකිය. ත්‍රීරෝද රිය පියගැට පෙළ අද්දර නවතා දිල්මිත් හර්ෂණත් නිවසට යද්දී, මේධාට සාලයේ සෝපාව උඩම නින්දගොස් තිබිණි. ඇය ඇහැරුනේ දිල්මිගේ හඬටය.

"මේ ගෙවල් දොරවල් හායි ගාලා ඇරලා දාගෙන නිදි ද...."
දිල්මි ඇසුවේ ගෙට ඇතුල්වෙන ගමන්

"ටීවී බලබල හිටියේ දන්නෙම නැතුව නින්ද ගිහිල්ලා..."යි කියමින් මේධා නැගී සිටියාය.

දිල්මිට පිටුපසින් සිටගෙන හර්ෂණ බලාසිටියේ මෙධා දෙසය. ඇය සැරසී සිටියේ සැහැල්ලු රෑ ඇඳුමකිනි. දෙමසක් පමණක් වුවත් ඇගේ කුස තරමක් නෙරාවිත් තිබුණි. දිල්මි තරම් නැති වුවත් මේධාත් රූමත්යැයි හර්ෂණට සිතුනේය.

දිල්මිට පිටුපසින් සිටි හර්ෂණ දුටු මේධා
"මේ මාලිනී නැන්දගේ පුතාදැයි ඇසුවේ" ඔහුට ලෙංගතු සිනහවකින් සංග්‍රහ කරමින්.

මේධාත් දිල්මීත් හර්ෂණත් තිදෙනාම කෑම කෑවේ එකටය. ඒ අතරතුර මේධා කිහිපවරක්ම මාලීනීගේ සහ තනුජාගේ තොරතුරු හර්ෂණගෙන් විමසුවාය. මේධාත් තනුජාත් දෙදෙනාම පාසල් වියේ සිටම මිතුරියන්ය.

දවල් කෑමෙන් පසු අක්කාටත් නංගීටත් නිදහසේ කතාබහ කරන්නට ඉඩදී හර්ෂණ මිදුලට ආවේ අවට සිරි නරඹන්නටය. සවස් කාලය වූ බැවින් පරිසරය සෙමින් සීතල වන්නට පටන්ගෙන් තිබුනි. නිවස උස් බිමක පිහිටි හෙයින් නගරයත් ඊට එපිටින්  පිහිටි කඳු වළල්ලත් පැහැදිලිව පෙනේ. ඈතින් පෙනෙන කඳු අතර තරමක් උස්වූ කන්ද ශ්‍රී පාදයදැයි හඳුනාගැනීමට ඔහු අසීරු උත්සාහයක යෙදුනේය.

මේ පරිසරයේ සුන්දරත්වය අද ඔහුට පෙනෙන්නේ වඩ වඩාත් සුන්දරවය. සියල්ල අතහැර දමා දිල්මි සමඟ මෙවන් තැනක නිවසක් තනාගෙන ජීවත්වන්නට අද ඔහුට සිතේ. හර්ෂණට මෙයට සති කිහිපයකට පෙර ජිවීතයේ තිබූ වැදගත්ම දේ දේශපාලනය හා තම පක්ෂයයි. මාස කිහිපයකට පෙර සිටම පක්ෂය පරාජය වන බැව් දැන සිටියත් කුමන හෝ හාස්කමකින්වත් පක්ෂය ජයග්‍රහනය කරාවියැයි ඡන්ද දිනය වනතෙක්ම ඔහු සිතාගෙන සිටියේය. නමුත් මැතිවරණ කොට්ටාස එකින් එක පරාජය වෙද්දී ඔහුට දැනුනේ දරාගත නොහැකි වේදානවකි. ඒ මොහොතේ පටන්ම ඔහු කල්පනා කරේ නැවතත් පක්ෂය බලයේ පිහිටුවන ආකාරය ගැනය. බලය ලබා ගැනීමත් හරියට අබිං කෑමක් වැනිය. නැතිවූ කලට ඉන්නට බැරිය. දේශපාලකයන් ජීවත්වන්නේ තම පක්ෂය බලයේ සිටින කාලයේ පමණි අනෙක් කාලවල ඔවුන් සිටින්නේ මලවුන් ගානටය.

 හර්ෂණට අද පක්ෂය, දේශපාලනය, පවුල මේ සියල්ල අමතකය, දැන් දිවා රෑ නොමැතිව ඔහුගේ සිත වෙහෙසෙන්නේ පක්ෂය දිනවන්නට නොව දිල්මිව දිනාගන්නටය. ඒ වෙනුවෙන් ඔහුට කැපකිරීමට සිදුවන්නේ කුමක් වුවද, දිල්මි වෙනුවෙන් අද ඔහු නොපැකිළිව එය කැප කරනු ඇත.

දිල්මි සිටියේ කුස්සියේ තබා තිබූ කුඩා බංකු පූටුවක වාඩි වී මේධා සමඟ කතාකරමිනි. හර්ෂණ ඈත කඳුවළල්ල දෙස බලමින් කල්පනා කරමින් සිටින ආකාරය දිල්මිට හොඳින් පෙනේ. මේධා සිටියේ සවසට බොන්නට තේ සාදමින්ය. 

"ඇති යන්තම් දෙවනි ඔය යෝජනාවටවත් කැමති උනා..." 

මේධා කීවේ කේක් ගෙඩියක් කෑලි වලට කපන අතරතුරේ.

දිල්මිත් මේධාත් කතාකරමින් සිටියේ තම අනෙක් සොහොයුරිය ගැනය. කෞෂි, දිල්මි හෝ මේධා තරම් හැඩ වැඩ නැතත් බලන්නට එන එන සියළු මනාලයන්ට අකමැති වුනේ ඔවුන්ගේ කුමක් හෝ සුළු වැරැද්දක් උළුප්පවා පෙන්වමින්. නමුත් අවසානයේ බලන්නට පැමිණි විමලසේන මුදලාලිගේ ව්‍යාපාරික මිතුරකුගේ පුතකුට, කෞෂි කැමැත්ත දුන්නේ මනාලයන් සොයා හෙම්බත්ව සිටි සියල්ලන්ටම අස්වැසිල්ලක් ගෙන දෙමින්.

"දෙවියන්ගේ පිහිටෙන් ඒ පැත්තෙනුත් කැමතියි කිව්වොත් වැඩිකල් නොගිහින්ම දෙවනිගේ වැඩත් ඉවරකරලා දාන්න පුළුවන්."
 
දිල්මි හිස සැලුවා මිස කිසිවක් නොකීවාය. ඇය සිටියේ හර්ෂණ දෙස බලාගෙනය. ඔහු සිටින්නේ විශාල කල්පනාවකය. මේ තරම් කල්පනා කරන්නේ කවුරුන් ගැනදැයි ඇය මොහොතකට සිතුවාය. ඇය වාඩිවී සිටි තැනින් නැගිට කුස්සියේ දොර සමීපයට ගියේ ඔහුව වඩාත් හොඳින් බලාගන්නටය. 

මේධාගේ නිවසේ කුස්සිය අද්දරම ඇත්තේ විශාල අඹ ගසකි. එහි තරමක උසින් පැසුනු අඹ වල්ලක් එල්ලෙමින් තිබෙනු දිල්මිට පෙනුණි.
ගැහැණුන්ගේ සිත් පුදුමාකාරය, එය වටහා ගැනීම තරම් දුෂ්කර කාර්යක් පිරිමියෙකුට තවත් නැත.  අඹ ගස දෙස බලාසිටි දිල්මිගේ ගැහැනු සිත ඇයටද නොදැනීම ඉස්සර විය.


"අක්කේ... අඹ නැතිද....."

දිල්මි අඹ ගස යට සිට කෑ ගසා ඇසුවේ කුස්සියේ සිටි මේධාගෙනි.

"කඩපුව නම් නැහැ චූටී..."
ඇය කීවේ දොරකඩ අසලට පැමිණ

"අපරාදේ අක්කේ ෂෝක් අඹ වල්ලක් තියනවා මෙන්න මෙතන"
ඇය ගස දෙසට ඇඟිල්ල දිගුකරමින් පෙන්වූයේ මේධාට.

"දැන් මොකටද ලමයෝ අඹ, මේ තේ බොන්න හදන වෙලාවේ."

"ෂෝක් අඹ ටික අක්කේ මට  දැක්කම කන්න ආසා හිතුනා..."

"ඔය අඹ තවම අමුයි නේ..."

මේධා පැවසුවේ දිල්මී පෙන්වූ අඹ වල්ල ගැන විමසිලිමත් වෙමින්.

"ම්ම්ම් ඔය ගානට ඉදිලා කන්න ආසයි මම..."
දිල්මිගේ හඬ වෙනදාට වඩා සුරතල්ය.

"මොකද නංගිටත් මට වගේ ආසාවක් ඇවිත්ද...."
මේධා ගෙට ගියේ දිල්මිව ආදරේට කොනිත්තමින්

තවත් ටික වේලාවක් අඹ ගස යට කරකැවෙමින් සිටි දිල්මි ගෙට ආවාය. හර්ෂණ මේ සියල්ල බලාගෙනය. දිල්මිට අඹ කඩාදී ඇය ඉදිරිපිට මොහොතකට වීරයෙක් වන්නට හර්ෂණට සිතුනි. තමා අඹ කඩා දුන් විට ඇය පුදුමයට පත්වනු ඇත. හර්ෂණ දෙවරක් සිතුවේ නැත. අසල තාප්පයකට නැගගත් ඔහු ඊළඟට අඹ ගසේය. අඹ කඩාගෙන ඔහු පහලට බැස්සේ, දිල්මි පෙනෙන්නට සිටී දැයි විපරම් කරමිනි.

ඔහු නොදැක්කාට දිල්මි නිවස තුල සිටියේ ඔහු දෙස බලාගෙනමය. තමන්ට අඹ කඩාදෙන්නට ගසට නගින හර්ෂණ දෙස ඇය බලා සිටියේ ඇතුළු හදේ සිනහා මල් පිපෙද්දීය.

5 comments:

  1. එල! කොටස් අතරෙ ඩිලේ එක තමා ටිකක් වැඩි :(
    -අමුතු-

    ReplyDelete
  2. වැඩ වැඩ බං අමුතුවෝ.... යාන්තම් ලියාගෙන එද්දී මහන්සියට නින්ද යනවා..... :D සතියකට එකක්වත් දාන්න ට්‍රයි කරනවා පුළුවන් තරම්

    ReplyDelete
  3. කෝ මේක දැම්මා කියලා කොහෙන්වත් දැක්කෙත් නෑ.. අළුත් කොටසක් දාලද බලන්න ආව නිසයි දැක්කේ...
    ආපහු එකක් ලිව්වම අපිව දැනුවත් කරනු!

    ReplyDelete
  4. කොල්ලා නම් මරු වගේ..... ;)

    ReplyDelete