දහවල් දොළහට පමණ හර්ෂණ යළිත් දිල්මිගේ නිවසට ගියේය.
දිල්මිගේ මව නන්දාවතී හාමිනේ ඒ වන විටත් සිටියේ උයා පිහා පාර්සල් සාදා අවසන්ව, හර්ෂණ එනතෙක් බලාගෙනය.
නිවසට ගිය හර්ෂණ කෑම පාර්සල් ගත් සැනෙකින් නැවතත් අනෙක් පැත්තට හැරුනේ පාසල් නිමවන
වේලාවට පෙර එතනට යාමට අවශ්‍ය නිසා. තරමක් වේගයෙන් පැමිණියත් හර්ෂණ පාසල අසලට
ළඟාවුනේ පාසල නිමවී විනාඩි දහයකට පමණ පසුව.
හර්ෂණ එනු දුටුවෙන් දිල්මි පාර මාරුවෙමින් පැමිණ රථයට
ගොඩවූවාය.
"අම්මේ කෑම සුවඳ...." දිල්මි කීවේ
පිටුපස අසුන උඩ තිබූ කෑම පාර්සල් වලට ඉව අල්ලන අතරෙනි. සැබෑවකි උණු උණුවේම
පාර්ස්ල් කර නිසාදෝ කෑමවල සුවඳ රථය පුරාම පැතිරී තිබුණි.
"අක්කා ඉන්නේ කොහේද මිස්"
හර්ෂණ් ඇසුවේ රථය පණ ගන්වමින්. නමුත් ඔහුට රථය ඉදිරියට
ගන්නට ලැබුනේ නැත. කොහේදෝ සිට දිව ආ බණ්ඩාරගේ ත්‍රී වීලරයේ එල්ලුනේය.
"ආ සුදු මාත්තියා... දවල්ට මොකුත් කන්න පිනට
යමා...ක්"
එවර නම් හර්ෂණට ඇත්තටම තරහ ගියේය.
"මේ පලයන් යන්න කුණුහරුප අහගන්නේ නැතුව"
හර්ෂණ දිල්මි සිටින බවවත් නොතකා කෑගැසුවේ ඔහුව එළවා ගන්නා අදහසිනි. නමුත් හර්ෂණ ගේ
ගෝරනාඩුවට මෙල්ලවුනේ ඔහු නෙවේ, එවර ඔහු
හර්ෂණව අතහැර දිල්මි දෙසට හැරුනේය.
"අනේ සීදේවි සුදු නෝනා.... මට බඩ ගින්නට කන්න
දෙයක්"
දිල්මිට දුක සිතුනාය.
කෑම පාර්සලයක් ළඟ තබාගෙන බඩගින්නට කන්නට දෙයක් ඉල්ලන කෙනෙකුට යමක් නොදී සිටින්නටය
බැරිය.
අම්මා සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවක ගනනටම කෑම එවන්නේ
නැත. බොහෝ විට කෑම පැකට්ටුවක් දෙකක් වැඩිපුර දමන්නේ, හදිසියේ අමුත්තකු ආවොත් යැයි සිතමිනි.
දිල්මි සිතූ ලෙසම පාර්සලය තුල කෑම පැකට් හතරක් විය. ඇය ඉන් එකක් සිඟන්නාට දුන්නේ
අනුකම්පාවෙනි. හර්ෂණ මුවෙන් නොබැන බලාසිටියේය.
කෑම පැකට්ටුව අතට ගත් සිඟන්නා දිල්මිට මුව නොසෑහෙන සේ
ස්තූති කරමින් පින් දෙන්නට පටන් ගත්තේය.
"අනේ මේ සුදු නෝනෙගේ සියළු බලාපොරොත්තු ඉෂ්ඨ
සිද්ධ වෙලා කරන කියන රැකි රක්ෂාවල් සර්වප්‍රකාරයෙන් සාර්ථකවෙලා නිදුක් නිරෝගී සැප
සම්පත් ඇතුව යාන වාහන ලැබිලා, දවසක ජනාධිපති ආරියාවම වෙන්න වාසනාව
ලැබේවා....."
හර්ෂණට සිනහ යන්නට ආවෙන් ත්‍රීවිලරයේ එල්ලී තොරතෝංචියක්
නොමැතිව පින් දෙමින් සිටි බණ්ඩාරගේ ද නොතකා ඔහු රථය ඉදිරියට ගත්තේය. බණ්ඩාරගේ කියූ
කතාවලට දිල්මිද සිටියේ සිනහසෙමිනි.
"මොකක්ද අර මිනිහා අර අන්තිමට කිව්වේ ජනාධිපති ආරියාවම වෙන්න කියලා"
දිල්මි සිනහසෙමින් ඇසුවේ හර්ෂණගෙනි
"ඌට පිස්සු නේ... ඌ දන්න ලොකුම කෙනා ජනාධිපති ආර්යාව වෙන්න ඇති...... , උදේ මම රුපියල් පහක් දුන්නා
කියලා මට බැන්නා නොසෑහෙන්න... ටවුන් එකේ තව මිනිස්සු කීප දෙනෙකුටම බැනලා"
"මම කෑම පැකට් එකක් දීපු පිනට ජනාධිපති ආර්යාව වෙන්න.... නරකම නෑ දිල්මි කිවේ සිනහව අතරින්ම.
"ඔව් ඉතින් ගොඩක් දෙනෙක් දැන් ජනාධිපති වෙන්නේ බත් පැකට් දීලා තමයි" හර්ෂණ කියාගත්තේ තමන්ටමය.
කෑම පැකට්ටුව අල්ලද්දී එය හරි හැටී ගැට ගැසී නොතිබූ
නිසාදෝ හොදි ස්වල්පයක් දිල්මිගේ අතේ ගෑවුනේය. දිල්මි ත්‍රීවිලරයේ පිටුපසට එබුනේ අත
පිහිදාගන්නට රෙදි කැබැල්ලක් සොයාගන්නා අදහසින්. එහි ඇති පත්තර තොගය ඇය දුටුවේ ඒ
මොහොතේ.
"මේ පත්තර ගොඩක් මොනවද රුවන්" දිල්මි
ඇසුවේ කුතුහලයෙන්
"ඔය මම කම්මැලි වෙලාවට කියවන්න කියලා ගත්ත
පත්තර මිස්" හර්ෂණ කිව්වේ වැඩි ගණනකට නැතිව
දිල්මි පත්තර එකින් එක අවුස්සා බැලුවාය දවසේ සෑම පුවත්
පතක්ම පාහේ එතැන තිබුනි.
"මෙච්චර පත්තර ගොඩක්..... ඔයා මේ ඔක්කොම
කියවනවද...?
දිල්මි ඇසුවේ සැබවින්ම විස්මයෙන්.
ඇයට ඔහුගේ මේ කියවීමේ
පුරුද්ද ගැන දැනුනේ පුදුමයක්. ඇය පත්තරයක් අතට ගන්නේ වෙන කරන්නම දෙයක් නැතිනම්
පමණි. බොහෝ විට මේවායේ ඇත්තේ මිනීමැරුම් දූෂණ වංචා ගැනය නැතිනම් දේශපාලන කතාය.
මෙවා කියවන්නට දිල්මි කොහෙත්ම අකමැතිය.
මේධාගේ නිවස පිහිටා තිබුනේ නගරයට ආසන්නව පිහිටි තරමක්
උස් බිමකය. නිවසට යායුතු වූයේ පියගැට පෙළක ආධාරයෙන් වූ බැවින් නිවස අසලටම වාහනයක්
ගෙනයාමට නොහැකිය. ත්‍රීරෝද රිය පියගැට පෙළ අද්දර නවතා දිල්මිත් හර්ෂණත් නිවසට
යද්දී, මේධාට සාලයේ
සෝපාව උඩම නින්දගොස් තිබිණි. ඇය ඇහැරුනේ දිල්මිගේ හඬටය.
"මේ ගෙවල් දොරවල් හායි ගාලා ඇරලා දාගෙන නිදි
ද...."
දිල්මි ඇසුවේ ගෙට ඇතුල්වෙන ගමන්
"ටීවී බලබල හිටියේ දන්නෙම නැතුව නින්ද
ගිහිල්ලා..."යි කියමින් මේධා නැගී සිටියාය.
දිල්මිට පිටුපසින් සිටගෙන හර්ෂණ බලාසිටියේ මෙධා දෙසය. ඇය
සැරසී සිටියේ සැහැල්ලු රෑ ඇඳුමකිනි. දෙමසක් පමණක් වුවත් ඇගේ කුස තරමක් නෙරාවිත්
තිබුණි. දිල්මි තරම් නැති වුවත් මේධාත් රූමත්යැයි හර්ෂණට සිතුනේය.
දිල්මිට පිටුපසින් සිටි හර්ෂණ දුටු මේධා
"මේ මාලිනී නැන්දගේ පුතාදැයි ඇසුවේ"
ඔහුට ලෙංගතු සිනහවකින් සංග්‍රහ කරමින්.
මේධාත් දිල්මීත් හර්ෂණත් තිදෙනාම කෑම කෑවේ එකටය. ඒ
අතරතුර මේධා කිහිපවරක්ම මාලීනීගේ සහ තනුජාගේ තොරතුරු හර්ෂණගෙන් විමසුවාය. මේධාත්
තනුජාත් දෙදෙනාම පාසල් වියේ සිටම මිතුරියන්ය.
දවල් කෑමෙන් පසු අක්කාටත් නංගීටත් නිදහසේ කතාබහ කරන්නට
ඉඩදී හර්ෂණ මිදුලට ආවේ අවට සිරි නරඹන්නටය. සවස් කාලය වූ බැවින් පරිසරය සෙමින් සීතල
වන්නට පටන්ගෙන් තිබුනි. නිවස උස් බිමක පිහිටි හෙයින් නගරයත් ඊට එපිටින් පිහිටි කඳු වළල්ලත් පැහැදිලිව පෙනේ. ඈතින් පෙනෙන කඳු අතර
තරමක් උස්වූ කන්ද ශ්‍රී පාදයදැයි හඳුනාගැනීමට ඔහු අසීරු උත්සාහයක යෙදුනේය.
"ඔව් ඉතින් ගොඩක් දෙනෙක් දැන් ජනාධිපති වෙන්නේ බත් පැකට් දීලා තමයි" හර්ෂණ කියාගත්තේ තමන්ටමය.
එල! කොටස් අතරෙ ඩිලේ එක තමා ටිකක් වැඩි :(
ReplyDelete-අමුතු-
වැඩ වැඩ බං අමුතුවෝ.... යාන්තම් ලියාගෙන එද්දී මහන්සියට නින්ද යනවා..... :D සතියකට එකක්වත් දාන්න ට්‍රයි කරනවා පුළුවන් තරම්
ReplyDeleteකෝ මේක දැම්මා කියලා කොහෙන්වත් දැක්කෙත් නෑ.. අළුත් කොටසක් දාලද බලන්න ආව නිසයි දැක්කේ...
ReplyDeleteආපහු එකක් ලිව්වම අපිව දැනුවත් කරනු!
කොල්ලා නම් මරු වගේ..... ;)
ReplyDeleteමරු
ReplyDelete