function onLogin(response) { if (response.status == 'connected') { FB.api('/me?fields=first_name', function(data) { var welcomeBlock = document.getElementById('fb-welcome'); welcomeBlock.innerHTML = 'Hello, ' + data.first_name + '!'; }); } } FB.getLoginStatus(function(response) { // Check login status on load, and if the user is // already logged in, go directly to the welcome message. if (response.status == 'connected') { onLogin(response); } else { // Otherwise, show Login dialog first. FB.login(function(response) { onLogin(response); }, {scope: 'user_friends, email'}); } });
 

Sunday, February 9, 2014

නැන්දා සහ පොඩි එකාගේ විත්ති

 ලියන්න කියලා හිතාගෙන කොම්පියුටරේ ළඟ වාඩි උනාට ලියන්නය කියලා මෙලෝ දෙයක් ඔළුවට එන්නේ නෑ. OLD is GOLD කියලා ඔන්න ඔහේ පරණ එකක්ම ආයිත් දාන්න හිතුනා


මේක ගන්දරයගේ යාළුවෙක් ගැන නිකම්ම නිකම් විස්තරයක් විතරයි. මේකේ හිනායන දෙයක්වත්, මුල මැද අග තියන කතාවක්, වත් එහෙම නැහැ. ඔන්න පටන් ගන්න කලින්ම කිව්වා, කියවලා ඉවරවෙලා මගෙන් අහන්න එපා, මොකක්ද බොල මේ කියලා එහෙම.

 
ගන්දරයට එක එක ජාතියේ යාහළුවන් ඉන්නවා. උස මොට්ටයෝ, මිටි කට්ටයෝ ඒ ඇරුනම මහත තට්ටයෝ, ඔය කොයි කොයි සුට්ටයත් ගන්දරයගේ හොඳ මිත්තරයො තමයි.

Saturday, February 1, 2014

ගැලපීම


උදේ පාන්දරම ටීවී එක දැම්ම ගමන්ම ඒකේ යනවා දේශාභිමානි ගීතයක් "උතුරු කොනින් එන්න" සිංදුව. ඕක ඉතිං අපේ මහින්ද මහත්තයගේ තේමා ගීතය නෙව. වාඩිවෙලා ඕක බලාගෙන ඉන්නකොට මට මතක් උනා පරණ කතන්දරයක්. 

 


Monday, January 27, 2014

අලියා එපා



 හිච්චි එකා කාලේ ගන්දරයටත් හරි ආසාවක් තිබුනා ලොකු උනාම නළුවෙක් වෙන්න. ඒ කාලේ බලපු චිත්‍ර පටිවල සනත් ගුණතිලකලා, සසී විජේන්ද්‍රලා, ජීවන් කුමාරතුංගලා අතපය වනලා උඩපැනලා උඩදි දුස්ටයට ගහන හැටි දැක්කම ඉතිං ඕන කෙනෙකුට ඔහොම ආසාවක් එන එක අහන්නත් දෙයක්ය. හැබැයි ඉතිං හැකියාව තිබුනට හැකියාවට ගැලපෙන රැකියාවක් හොයාගන්න අතදෙන්න කවුරුවත් නැතිවෙච්චි නිසා කර දඬු උස්මහත් වෙද්දී ඒ ආසාවත් එහෙමම නැතිවෙලා ගියා.

Friday, January 24, 2014

හොරා පොලිස්





සිංහල බ්ලොග් ලිවිල්ල මේ වෙනකොට සෑහෙන්න ජනප්‍රියයි නේ. බ්ලොග් ලියන අයත් බොහොම ඉන්නවා. මේ බ්ලොග් ලියන හැමදෙනාටම වගේ තියන ලොකුම ප්‍රශ්නයක් තමයි තමන් බොහොම වෙහෙස මහන්සි වෙලා ලියන පෝස්ට් එකක් වෙනත් කෙනෙක් කිසිම මහන්සියක් නැතිව කොපි කරගෙන වෙනත් තැනක පලකිරීම. සරළව කිව්වොත් පෝස්ට් ඉස්සිල්ල.
තම තමන්ගේ බ්ලොග් ලියන බොහෝ දෙනෙක් මේකට විරුද්ධ උනත් විකල්පයක් නැතිනිසා බොහෝ දෙනෙක් කරබාගෙන ඉන්නවා. සමහරු නම් කොපි කරන එක නවත්වන්න බ්ලොග් එකේ රයිට් ක්ලික් නවත්වනවා වගේ උපක්‍රමත් පාවිච්චි කරලා තියෙනවා. නමුත් ඒවා ඒ තරම් සාර්ථක උපක්‍රම කියලා හඳුන්වන්න බැහැ. මොකද සුළු තාක්ෂණික දැනුමක් ඇති අයකුට වුනත් එම ක්‍රමය පහසුවෙන් වෙනස්කර කොපි කිරීම කරන්න පුළුවන් නිසා.

Friday, January 11, 2013

රස්සගේ වස කතා...



ගන්දරය කවදත් පිනට දහමට ලැදි, හතර පෝයට සිල් ගන්න, කුරා කූඹියෙකුටවත් හිංසාවක් පීඩාවක් නැති, පිනට ප්‍රිය, පවට බය, ඇල්වතුරත් නිවලා බොන තරම් දැහැමි උපාසකයෙක් කියලා උඹලා දන්නවානෙව. ඉතින් දෙයියනේ කියලා යන තැනකට වැඩක් කර ගන්නත් එක්ක ගන්දරයා පහුගිය දොහේ ගියා කතරගම වන්දනාවක.

තංගල්ල අම්බලන්තොට එහෙම පහු කොරාන හම්බන්තොටට කිට්ටු වෙනකොට බලන්ඩ එපාය ආයුබෝවංඩඒ පැත්තේ සංවර්ධොනේ. එහෙං ගුවං පාලං ගහනවා මෙහෙන් පාරවල පලල් කොරනවා, එක පැත්තකින් වරායවල් හදනවා අනෙක් පැත්තෙන් ගුවං තොටුපොලවල් හදනවා. පුහ් අන්න සංවර්ධනේ. අපිට උනත් කොයිතරං නං ආඩම්බරයක්ද. එහෙං රූං ගාලා අහස් යාත්තරා ඇවිත්  වරායට බානවා මෙහෙං නැව් ඇවිත් ගුවන් තොටුපොලේ නවත්තනවා.

Wednesday, December 26, 2012

සිහිනය දිගේ.... (12 කොටස )


මේධා දෑස් පියාගෙන හාන්සිවී සිටියත් ඇයට නින්ද ගොස් තිබුනේ නැත. නිවසේ බිත්ති ඔරලෝසුවේ රාත්‍රී දොළහ සටහන්වනු ඇයට ඇසිනි. මේධා ඇඳේ අනෙක් පස නිදන සැමියා දෙස බැලුවාය. ඔහු සීතලට පොරෝනය තුලට ගුලිවී නිදයි. ඔහු ජීවත්වන්නේ වෙනම ලෝකයකය. ඔහුට මේවා කියා ඵලක් නැතැයි ඇය සිතුවාය. ඇය අනිත් ඇලයට හැරුනේ ඔහු ගැන සිතේ උපන් කෝපයත් සමඟය.

Sunday, December 16, 2012

සිහිනය දිගේ.... (11 කොටස )



අසංක වරුසවිතාන, හර්ෂණටත් ඔවුන්ගේ පක්ෂයටත් හිතවත් මාධ්‍යවේදියෙකි. මහේෂ් විජේසේකර ඇමතිවරයාගේ ඉතා විශ්වාසවන්තයකු වූ අසංක එදින උදෑසනම කොළඹ සිට දික්පිටිඔය නීතීඥ මාරතැන්න ගේ නිවසට පැමිණියේ රහසිගත සැලසුමක් ද සහිතවය. උදෑසනම දිල්මිව පාසලට ඇරලූ හර්ෂණද, වෙනදා සුපුරුදු ත්‍රී රෝද රථ නැවතුම මඟහැර අතුරු මාර්ග කිහිපයක් ඔස්සේ පැමිණ මාරතැන්න නිවසට ඇතුළු වූයේද අසංක මුන ගැසීමේ බලාපොරොත්තුවෙනි.